Cherreads

Chapter 32 - 32

සුදු මහත්තයා ...අප්පච්චෙගෙ පැංචො...බයියන් ඉන්නෙ නැකිටින් නැද්ද ..

අග්නි ගියා ....මං දන්නවා එයා කෙලිම්ම යන්න ඇත්තෙ දේවාලෙට ....අම්මලා අද යනවාලු...."ලූ" ඒත් යන එකක් ගැන මට තවමත් කිව්වෙ නෑ...මගෙ අග්නියා හෙනම චීත්තෙ....ඕකොම අහන් ඉන්නවා ....

මං තදිම්ම නින්ද ගියපු අග්නිගෙ පුතාව මගෙ පුතාව...අපේ පුතාව ලගට ගත්තා ...අනෙ මගෙ වස්තුව ...එයාගෙ මූන තිබුන විදිහමයි.....එයා අග්නිගෙ.....

"එයා අග්නිගෙ"ඒ වචන මගෙ පපුවට මහා අමුත්තක් ගෙනාවා ...අද රෑ ගැන මතක් වෙනකොට මගෙ බඩ ඇතුලෙ සමනල්ලු පියාබන්න ගත්තා...

ලැජ්ජාවක්ද ....

බයක්ද ....

ආසාවක් ද.....????

මං හිතන්නෙ මට ඔය හැගීම් තුනම තිබුනා ...මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට රමනයක් ගැන මතක් වෙනකොට ,හිතනකොට පලවෙනි තත්පර ගාන ඇතුලෙ අමූතු ලැජ්ජාවක් දැනෙනවා.....වේදනාවක් දැනෙයි කියලා බයක් නොවෙන බයක් දැනෙනවා වගේම ඔය හැගීම් දෙකම අස්සෙන් ආසාව කියන දේ හිමීට පන ගහනවා ...

මං මනුස්සයෙක් ....අටුවාටිකා නැතුව කියනවා නම්....සෘගාරෙට ආදරේ කරන ආදරේට වෙව්ලන්න .....හෙලුව වැහෙන්න දාඩිය දාන්න අවසානෙදි අවසානම දාතුවත් පිට උනාම "සංසාරෙම එපා උනා"කියන හැගීම විදින්න ....

අවංකවම පිරිමින්ට "සංසාරෙම එපා උනා " කියන හැගීම දැනෙන්නෙ සුරතාන්තයක් උපරිම වින්දම....

මම කල්පනා කෙරුවා ....මගෙ අග්නි කියනවා හැම දාම නැති උනත් කෙම්මුරේදි එයාට යටවෙන්නලු.....කෙම්මුරේදි එයාට යට වෙන්න කියලා...යට වෙන්න.....?මම.කවදාවත් යට වෙලා නෑ...යටකරගත්තා මිසක්....ජීවිතේ පලවෙනි පාරට මට යකෙක්ට යට වෙන්න වෙනවා....ඒක හරියටම ලෙහලා බැලුවොත්....මම අග්නිගෙ බිරිද වෙනවද...??

මගෙ සර්වාංගෙම පුරාවටම හිරිගඩු පිපිලා ගියා ...ඒ කියන්නෙ මට තව දුරටත් අර සංසාරෙම එපා උනා කියන හැගීම විදින්න වෙන්නෙ නෑ....ඔව් ඉතින් අග්නි මට යටවෙයිද . ...

මම එක එක දේවල් හිතුවා...හිතට දැනෙන ඔලුවෙ ඇදෙන චිත්ත රූප අනුව සමහර වෙලාවට මගෙ ඇගෙ හිරිගඩු පිපුනා.....හැම ලබ්බම දැනගතන් නොදන්නවා වගේ බිබික්කම් තියරි දාගන මොකූත් නොදන්න ජීවිතේට බ්ලූ එකක් නොබලපු ශුද්දවත් චරිතයක් මට කවදාවත් රග දක්කන්න බැරි උනා....මගෙ ඔලුවට එක එක දේවල් මැවෙන්න ගත්තා....අග්නි මෙහෙම කරයිද...නෑ මට ඕනෙ මෙහෙම ඉන්න.....සාමාන්‍ය මනුස්සයෙක් යටි හිතින් ප්‍රාර්තනා කරන උපරිම සතුටෙ චිත්ත රූප මවන ගමන් මම අද රෑ ගැන හිතුවා ...

වෙලාවකට මගෙ මූනම රතු උනා...යටි බඩ ඇතුලෙන් සමනල්ලු පියාඹන්න ගත්තා ...

මම එහෙම්ම මගෙ බැනියම් කර ඇතුලෙන් ඇස් යවලා අග්නිගෙ දත් පාරවල් දිහා බැලුවා ...

සෘංගාරය පිරිලා...

ඇත්ත ....මගෙ අග්නි කියන එක ඇත්තටම ඇත්ත ...අග්නිට මාව අධිමාත්‍රාවක් වෙනකොට ...මට මගෙ අග්නිව අධි මාත්‍රාවක් උනා.....හැඩි දැඩි පපුව අස්සෙ ගොජ ගොජ ගාලා උතුරන්න හදන ආදර කල්දේරමට මට පැනලා ගිලෙන්න හිතුනා ....

අග්නි පැංචා .....

මං අග්නිගෙ ලේ වලින් පන ගහන මගෙ පැටියගෙ කම්මුලක් හිමීට අතගෑවා ....ඒ එක්කම මට ඈනුමක් ගියා . ..

බඩගිනී ....

මටම මිමිනුනා ...එයාම කිව්වා ඇගට හයිය ගන්න හොදට කන්න කියලා ...කොලුවා තව හෝරා ගානකට වත් නැගිටින්නෙ නැති බව එයාම ස්තීර කරලා යනකොට මට එයා නැගිටලා අඩයි කියන දේ හිතන්න නැති වෙනකොට මම එහෙම්ම ඇදෙන් බැස්සා....

අප්පච්චි ....

මගෙ පුතා...

බඩ ගිනීනෙ....දවල්ට ඉව්වද.....

මම එහෙම්ම කුසියට ගියා අප්පච්චි ලිපේ තිබුන හොද්දක් කූරු ගානගමන් උන්නා.....හැම කෙම්මුරේකදී ම අපේ ගෙදර ඉදුනෙම එලවලු වර්ග විතරයි ...අම්මා නම් හැමදාම කෑවෙ එලවලු විතරයි කන්න බැරි කමක් නෙවෙ ...අම්මා වරම ගත්තු දා ඉදන් එලවලු වලට හුරු උනා....ඒක එක එකාගෙන් එක එකාට වෙනස්...සමහරුන්ට නන් මොන ජරහන්තෙ ගිල්ලත් කිසිම කිල්ලක් නැති උනා....

ලිපේ තිබුන මැටි හට්ටියෙන් ආව ලූනු තෙම්පරාදු වෙන සුවදට ඉව අල්ලපු මම ගිහින් බෙල්ල දැම්මා....

පොලොස් කුට්ටි.....ගෙදර ගහෙන් කඩපුවද කොහෙද...අපේ ගෙදර අම්මා අතින් වලදක් රත් උනෙ කලාතුරකින් වෙනකොට අප්පච්චි තමයි වැඩින්හරියක්ම ඉව්වෙ....තැපැල් කන්තෝරුවෙ තැපැල් මාස්ටර් විදිහට වැඩකරපු අප්පච්චි පැන්ශන් ගත්තට පස්සෙ අම්මා ලිපට නිවාඩු දුන්නද කොහෙද .....ඒ කොහොම උනත්....අම්මලා උයනවා වගේ නෙවෙ...අප්පච්චිලා උයනකොට හරි රසයි.....

අප්පච්චි මිරිස් කරලක් වත් බදින්ඩ බැරි වේවි නේ....

බඩ ගින්න වැඩි කමටම මම තවත් නොයිද මගෙ විනිවිද පේන සුදු පාටන වීදුරු පිගානට ඇට වෙන් වෙන්න උයපු සුදු බත් හැදි දෙකතුනක් බෙදාගන අනිත් හට්ටි වලට බෙල්ල දැම්මා....

ආන් අර එහා කුස්සියෙ ඊයෙ රෑ උයපු හාල්මැස්සො වගයක් තිබුනා...පොරනේ ගාව ඇනේ එල්ලලා ඇති පෙරේදා බැදපු මිරිස් උරයක් ...කරවල කෑල්ලකුත් ඇති ඒක එලියට ව්සික් කරපල්ලා මයෙ පුතා ....අස්න් අර එහා පැත්තෙ ටකරන් වහලට වැලි පාරක් වැදුනා ....

චා.....ස්ස්....ගාන සද්දෙත් එක්ක තෙම්පරාදුවට අප්පච්චි අර පොලොස් කුට්ටි ටික හලනකොට මන් ඊයෙ රෑ උයලා ඉතිරි උන වේලුන හාල්මැස්සන් හට්ටියට බෙල්ල දැම්මා....

හොද්ෆ්හ සේරම මැටි ඇතිලියටම කරවආ ගිහින් ..ඒ උනාට ඒක ඊයෙටත් වඩා රසම අද....සෝයාමීට් එකක් උනත් රස පහුවදාට.....මං පොල්කටු හැන්ද දාලා හට්ටියෙ තිබුන මාලුඉරිස් කරල ගත්තා ....දෙකට පලලා දාපු මාලු මිරිස් කරලට හරියටම ලුනු අල්ලලා ඇත්තෙ ඇද...එහෙම්ම කර වෙලා ගියපු අල කෑලි දෙකක් දාගන මන් මිරිස් උරෙන් මිරිස් අහුරක් අරන් කරවල කෑලි දෙක තුන එලියට විසික් කෙරුවා...

මගෙ පුතා ....ඉදල්ලා...

මං පුටුවක වත් ඉදගන්නෙ නැතිව පහල කුසියට බහින පඩිය උඩ ඉදගන්නකොට අප්පච්චි ඇවිත් මට මේ දැන් ලිපෙන් බාපු පොලොස් කුට්ටි දෙක තුනක් බෙදනකොට පෙරේත කමට එකක් කටේ දාගන මං කට පුච්ච ගත්තා ...

අප්පච්චි ...

ම්ම්ම්...

අප්පච්චි ලා කොහෙ හරි යනවැයි?

ම්ම්ම්...

කොහෙ....

හලාවත ....

මුන්නේශ්වරම් .....

ම්ම්ම්...

ඔහේලා කිව්වෙ වත් නෑනෙ....

අම්මා අප්පච්චි යන බව දන්නවා උනත් මම නොදන්න ගානට අප්පච්චිගෙන් කොහෙ හරි යනවද අහනකොට බත් ගෙඩියක් බැදගන යන්නද කොහෙදෝ අප්පච්චි කෙසෙල් කොලයක් තවන ගමන් හූ මිටි තිබ්බා ...මං ඇගිලි තුඩුවලින් අනපු බත් කට එක හක්කක තියාගන කල්පනා කෙරුවා ....අග්නි එක්ක තනිව්‍ර්න්න ආසාවක් ඉහට ගහනකොට අම්මලා දැන්ම යනවද කීයටද යන්නෙ කිය කිය පන්න පන්න අහන්න ගියෝතින් මං ගැන සැකයක් ඇතිවෙයි කියලා මං සද්ද නොකර උන්නා...

අර කොලුවා ගියාට ඒකට ආපිට එන්ඩ වෙයිදෝ කියලා මට සැකයි ....

කව්ද අප්පච්චි .....

බැදපු මිරිස් කරලක් ඉස්සරහා දත් වලින් හපාගත්තු මං බත් ගෙඩියක් ඔතන අප්පච්චි දිහා බලගන කව්ද අහනකොට අප්පච්චි පපුව පිරෙන්ඩ හුස්මක් ගත්තා ....

කෙලීගෙ මලයා.....ඒකගෙ ඵෝන් එක නැති උන දේට වඩා තවත් මොකාක් හරි පල හිලව්වක් උගෙ හිතේ තිබ්බා කියලමයි මට උගෙ මූනෙන් පෙනුනෙ ....මූනත් එක්ක මැලිවෙලා ගිහිල්ලා..කොහෙද ඌට උඹලගෙ අම්මා එනකන් වත් ටිකක් ඉන්ඩ බැරි උනානෙ හදිස්සිය ඉහට ගැහුවනෙ ....

මං කටට ගත්තු බත් කට හපන් නැතිව තියාගන උන්නා....හදිස්සියක් උනොත් ඌට කතා කරන්ඩ මගෙ ගාව වත් ඵෝන් එකක් නෑ...මගෙ එකෙත් කෑලි හැලෙනවා ...මටයි කියලා කතා කරන්ඩ විශේශ එකෙක් නැති උනාට ඔෆිස් එකේ මූසල ලොක්කා ඇතුගලයා බෙරිහන් දෙන්නෙ ඔය ඵෝන් එකට හන්දා මට ඵෝන් එකක් නොගෙනත් බෑ....ඔක්කොමත් හොදයි මට ඒකගෙ මූන දැක්කම සමතලා වෙන්ඩ ගහන්නමයි හිතෙන්නෙ ...

මට ආරාද්‍ය ව මතක් උනා...ඇත්තටම යන්න යන මොහොතෙවත් මට උගෙන් අහන්න බැරි උනා උඹ හොදින්ද කියලා ...යන්න යන මොහොතේ වත් මට කියන්න් බැරි උනා උඹ නතර වෙයන් කියලා .....

උක්කුවා ආරාද්‍යට ආදරේ කෙරුවා හෝ නැතා මං හිතන්නෙ ආරාද්‍ය උක්කුවට ආදරේ කරලා තියනවා .....

ඒකා අඩන්න ඇති.....උක්කුවව හොයන් යන්න ඇති .නැත්තන් මොකටද එයාට මේක මේතරම් ඔලුවට වද දෙන්නෙ...

ආරාද්‍යට නැති උනේ ඵෝන් එකම විතරක් නෙවෙ වෙන්න ඇති ....උක්කුවගෙ හැම මතකයක්ම ඒ ඵෝන් එකේ ඇති ...උකුවගෙ හැම වචනයක්ම ඒකෙ ඇති ...කිරි මහත්තයා කියලා විසල් ට කිව්වා උනත් ..ඒක වදින්න ඇත්තෙ ආරාද්‍යගෙ හදවතට.....කිරි මහත්තයො මං උඹට ආදරෙයි කියලා කිව්වෙ විසල්ට උනත් ඒ මැසේජ් එක ආවෙ ආරාද්‍යයි ඒ මැසේජ් එකේ හැගීම් දැක්කෙ....එහෙම බලන් ගියහම උක්කුවට ආදරෙ කරලා තියෙන්නෙ ආරාද්‍ය මිසක්.....විසල් නෙවෙ.

මගෙ පපුවට මහා වේදනාවක් දැනුනා....අග්නි කියන්නෙම මුරන්ඩු කම් කරලා තව තව වැරදි කරන්ඩ එපා කියලා...ඒත් එයා ගාව මම සමහර අවස්තාවලදි අසරනයි .....මම නොදකින හුගක් දේවල්.එයා දකිනකොට මම ඒ දෙ නොදකිනකොට මම අසරනයි ...මම දෙයියෙක් නෙවෙ කියපු සැනින් හැම දේම මගෙ ඔලුවට යන්න.....

ආරාද්‍ය ...උඹ මේ තරම් උක්කුවට ආදරේ කෙරුවද.....

මගෙ ඇස් කදුලු වලින් තෙත් උනා....උක්කුවව ලයිට් කනුවෙ වදින එක ඇරුනම ඉන් එහා මෙලෝම දෙයක් මතක නැති මට උක්කුවව වැදුන ලයිට් කනුවට පවා ඒ වේදනාව දැනෙන්න ඇති හිතුනා.....

අවංකවම මට ආරද්‍ය ගෙ හදවත දැනුනා.....ඒකා අඩන්න ඇති ..ඌයි ආදරේ කෙරුවෙ කියන්න ඇති...යන්න එපා ආයම එන්න කියන්න ඇති....විසල්ට වඩා ඌ ආදරේ දෙන්නම් කියන්න ඇති ....ඌට පුලුවන් ඒ කිරිමහත්තයට ආයම පන දෙන්න කියන්න ඇති ...

උක්කුවට උනත් ඒකගෙ වේදනාව ඇහෙන්න ඇති ...ඒකගෙ කදුලු පේන්න ඇති...මෙච්චර කල් කිරි මහත්තයෙක් නොවී කිරිමහත්තයෙක් උන ඒකගෙ පපුවෙ කැක්කුම දැනෙන්නඇති...

මැනික් පුතා ඒකා නැතුව උඩ බුරනව දකින්න ඇති.....අත්තම්මත් ඌට හොරෙන් නිවන් ගිය බව ඌ දන්නෙ නැතිව යන්න ඇති...උක්කු පුතා..අතපය හොලවන ගානෙ රුපියල් පන්සීයක් ඉල්ලපු උක්කු පුතා ඒකගෙ පන ගියපු මල මිනියගාව ඌම තනි රකින්න ඇති....

මිනිස්සු එනවා යනවා බලන් ඉන්න ඇති...ඔලුවට උඩින් ඇවිලෙන මිනිපහන නිවෙන්න නොදී නන්නාදුනන උන් පවා තෙල් වක්කරන්න ඇති....මගුලකට කෙසේ වෙතත් මරනෙකට එන්නෙම අලුත් මූනු හන්දම ඌත් තක්බීර් වෙලා ඉන්න ඇති .....

ඒ කොහොම කව්වත් ...බණ ඉවර උනාම ඒකගෙ මිනියෙ ගුන දොස් මගින් නවතින්න ඇති.....මෙච්චර කල් හැංගු හොරාවට ආදරේ දුන්න ඒකගෙ කිරි මහත්තයා නොවුන කිරිමහත්තයා දැකලා ආයම ඒකගෙ පන යන්න එන්න ඇති.....

ආයෙ ඉපදී වරෙන් ළගටම

හුගක් උන් කියනවා ඇහුනා...

පෙලක් උන් නම් නිවන් සුව බන්

කියලා කියනවා වගේ ඇහුනා...

පෙට්ටිය කර තියපු උන් ටික

දැකලා මිනියෙත් පපුව ගැහුනා.....

හන්දියෙ කුඩුකාරයොයි කියු

උන්ගෙ කර පිට මිනිය තිවුනා....

ළඟින් හිටි මගෙ ගිඩම් කට්ටිය

මිනිය බලලා හෙමින් හැරුණා...

තවත් සමහරු සොහොන ගාවට

ඇවිත් මගක්දි වගේ හැරුණා...

හිතේ කොහේවත් හිටපු නැති උන්

මිනිය ගාවම තනිව රඳුණා....

අනේ බන් මම සොහොන ගාවදි

දෙවනි පාරට ආය මැරුණා...

(මතක බණ කාව්‍ය සංග්‍රහය..අශාන් අරවින්ද)

මා පුතා.....

අම්මා.....

උක්කුවා මගෙ කෑම පිරිය උදුර ගත්තා...ආරද්‍යගෙ නොමල විරහව මගෙ බඩගින්න වහල දැම්මා.....ඒකගෙ ඇස්වලින් වැටුන කදුලු මටත් නොදැනිම මගෙ ඇස් වලිනුත් වැටිලා තියනකොට හොද්දෙ ලුනු රසට වඩා කදුලු ලුනු රස දිවට දැනුනා ....

මට හුස්මක් පිට උනා ..අම්මා මට කතා කරනකොට මම උන්නෙ ඉතුරු බත් කටවල් දෙක තුන කොස් ගහ යට ගහපු ලෑල්ල උඩට දාන ගමන්...ගෙදර හතර මායමක බල්ලෙක් බලලෙක් වත් නැති එකේ ගස්වලට වහන්ඩ එන කාක්කන්ට....කුරුල්ලන්ට ගස් දිගෙ බඩගාන කූඹීන්ට මේ ලෑල්ල උඩ හැමදාම බත් පිඩක් එක්ක හරහට පලපු ලබු කැට බාගෙට වතුර පුරවලා තිබුනා....උන්ට කන්ඩ දෙන්ඩ ඕනා අපි ....උන්ට පුලුවන්ද උයාගන කන්න...

මං බලාගන කොස් කද දිගේ යන කළු කූඹි රෑන උන්ගෙ ඇහැට පේන්නෙ නැති අඩු වලින් බත් ඇටේ ගානෙ උස්සන් යනවා.....

මේ මහ පොලව උන්ටත් අයිති...මේ මුලු ලෝකෙම අපි කාටත් අයිතියි.....ඒත්...මගෙ අග්නිලාට...??

පලවෙනි වතාවට....ජීවිතෙ පලවෙනිම වතාවට මට අග්නිලාගෙ පැත්ත ගන්න හිතුනා....හොද යක්කු...නරක යක්කු කියලා වෙන් කෙරුවත්...යක්කු යක්කුම නේධ් හිතුනා උනත්...මේ ලෝකෙ මගෙ අග්නිටත් අයිතියි හිතුනා....

මගෙ පැංචගෙ "අග්ගියා..."..මේ මහපොලව අපි හැමෝටම අයිතියිද මගෙ අග්නි?

සුලු දේටත් ගැස්සෙන අපිව බය නොකර අපිව ලෙඩ නොකර....අපේ පිහිටට උන්නා නම්....අපි හැමෝටම මේ මහපොලව උරුමයි නේද මගෙ අග්නි ....

සම්මත ලෝකෙ අසම්මත ආදර කතා ඕන තරම් පැල දානවා.....

එක අත්තක එක ජාතියෙ කුරුල්ලො වහනවා....

එකම පාට මල් අස්සෙන් දේදුන පාට මලුත් අතරින් පතර පිපෙනවා....

සූරිය කාන්ත මල හැමදාම ඉර දිහාවට හැරුනත්....ඔය අස්සෙන් ඉරට පිටුපාලා තවත් සූරියකාන්ත මලක් දිහා බලන් ඉන්න මලකුත් ඇති නේද මගෙ අග්නී....

උඹ කෙල්ලෙක් මම කොල්ලෙක් කියන ආදර කතා බොහොමයි....

උඹ කෙල්ලෙක්....මාත් කෙල්ලෙක්.....ඒ ජාතියෙ කතාත් නැතුවම නොවේමයි.....

උඹත් කොල්ලෙක්..මාත් කොල්ලෙක්...අපි දෙන්නා කුරුල්ලො දෙන්නෙක්මයි.....

උඹ යකෙක්...මම මනුස්සයෙක්.....එහෙම කතාවක් තිබුනට කමක් නෑමයි නේද මගෙ අග්නි...

දේදුනු පාටට පවා මහපොලව උරුමයි නම්.....කලු සුදු මුහුන් වෙලා එන පාටටත් මහ පොලව උරුමයි නේද...

ගසක කිණිත්තක් නොඹිදින

පොළව කොනිත්තා නොරිද

මකුළු දැල වත් නොකඩන මිනිස්සුන් වෙමූ....

"සියවසක් කියන්නෙ එක මොහොතකට ඉතින්...

සීරුවෙන් ඇවිද යමු අපි ජීවිතේ මතින්.....

(මාණික්කාවත..)

මම බත් ටික ලෑල්ලට දාලා වෙනදා පුරුද්දටම අදත් අවසානම බත් පිඩ ලෑල්ලට නොදා ආයම මගෙ කටට ඔබාගන එලියෙ තිබුන ටැප් එකෙන් පිගාන හෝදන් ඒ ඉදුල් වතුර එකත් මහපොලවට හලලා ඉදුල් වතුරෙන් පවා බඩ පුරවගන්න කෙනෙක් ඉන්නවා නම් පුරවගනිල්ලා කියලා හිතින් ප්‍රාර්තනා කරලා ආයම පාරක් පිගාන හෝදන් පිගානෙම්ම වතුර බීලා ආයම කුසියට ආවා..

ඇයි අම්මා...

ලගඋඹලගෙ අප්පච්චි මමයි මුන්නේශ්වරම් යන්ඩ කියලා ....උඹට පුලුවන් නෙ කොලුවා එක්ක තනියෙන් ඉන්ඩ...

පුලුවන් අම්මා....ඕක මොකක්ද ....

ඕක මොකක්ද නෙවෙ මගෙ පුතා ....අද බදාදා...අපි එනකොට අගහරුවාදා තරම් වත් වේවි....උඹලා අමතක වෙලා සෙනසුරාදා එහෙම පුලුටු ගිලිනවා නෙවෙ....තේරුනාද...පහන් පැලේ පහන තියපන්....උඹලා වැඩට යන්නෙ නෑනෙ මේ ටිකේ....කවුරු හරි කසාය ගන්ඩ ආවොතින් දීපල්ලා....මෝර ගුලි ඉල්ලන් ආවොත් ආන්....අර එහා කෑල්ලෙ මෝර ගුලි තියනවා.....සාම්බ්‍රානි ඉලන් ආවොත් පැකට් නෑය කියපන් කිරලා තමා දෙන්ඩ තියෙන්නෙ කියපාන්...තේරුනාද උඹලට....

තේරුනා අම්මා....

ම්ම්ම්ම්...යන්ඩ කලියෙන් මං ආරක්සාවක් කරලා යන්නේ....උඹලා තනි පන්ගලමෙ හන්දා ගොටුවක් හැදුවා...ඒකට ඔය කන බොන ඒවයින් ටිකක් දාපල්ලා...පොඩි එකා කකා බිබී මිදුල පුරා ඇවිදිනවනෙ.....කෙල හලාවි නොදරුවට...

අම්මා මට කරන්ඩ ඕන දේ එපාදේ එකින් එක එකින් එක කියන ගමන් බඩු ලැහැස්ති කරනකොට මං දැනගත්තා අම්මා අග්නිගෙ පහන ආයම අව්ලලා නෑ කියලා ...ඒ නොකියා කියන්නෙ ඉතින් අපි දෙන්නා වෙනුවෙන් අම්මා රැකවල් දේවදූතයෙක් තියලා යනව කියන එක...අම්මා නොදන්නවා උනාට ඒකා දැනටමත් මටයි නිඛිල්ටයි රැකවල් කරන් ඉන්නෙ කියන එක මතක් වෙනකොට මට හිත ඇතුලෙන් මහ අමූතු හැගීමක් දැනුනා ....ඒක නිකන් කෙල්ලො කොල්ලො ගෙවල් වලට හොරෙන් ආදරේ කරන කාලෙ දැනුන හැගින හා සමාන දෙයක් වෙනකොට අම්මා බඩු අස් කරන පස්සෙන් මමත් එහා මෙහා වෙවි මගෙ යක් ප්‍රෙමවන්තයව හෙව්වා ...

අම්මා....

කෝ ඔය පෙනඩෝල් කාර්ඩ් එකත් දාපල්ලා....

මං අම්මගෙ ඇදුම් බෑග් එකට එබි එබි ඉන්නකොට එයා පෙනඩෝල් කාර්ඩ් එකක් දීලා ඒකත් දාන්න කිව්වා....

අම්මා එනකොට මොනවා හරි අරන් එන්ඩ ...

යෝ....හ්...උඹලා තාමත් කන්ඩ මොනවා හරි ගේනකන් බලන් ඉන්නවද ....අර පොඩි එකා කිව්වා නම් කමක් නෑ....හුම් හුම්...උඹලා මෙහෙන් කන්ඩ ඉල්ලනවා එහෙන් තව එකෙක් පැනි වලලු ඉල්ලනවා උඹලා ඔකෝමල්ලම පගාවට තමා වැඩ ...මොනා කරන්ඩද....උඹලා කොච්චර වයසට ගියා උනත් මං උඹලගෙ අම්මනෙ....

"අග්නියා..."මට මතක් උනේම මගෙ අග්නිව....කාටද කියන එක වහලා කිව්වා උනත් අම්මා අනිවාර්යයෙන්ම කියන්න ඇත්තෙ අග්නි ගැන.....මට අම්මා ගැන දුක හිතුනා ..පව් කියලා හිතුනා ....කොච්චර වයසට ගියා උනත් මං උඹලගෙ අම්මනේ කියනකොට මගෙ පපුවත් එක්ක මොකක්ද උනා.....

අම්මා.....

මෝ මොකටද ....යෝහ්.....සල්ලි තියනවා අප්පා....මේක තියා ගනිල්ලා....

කමක් නෑ..

කමක් නෑ නෙවේ මේක තියාගනින්.....උඹලා ගාව දැන් සල්ලිත් නෑනෙ....මගෙ පුතා....උඹලා අරකව හැන්දෑවෙ නාවනවා නෙවෙ...ඒකට සෙම....කූල් ජාති ගිල්ලවනවා නෙවෙ....තේරුනාද .....

එහා නෙහා වෙවී උන්න අම්මා දිහා බලන් උන්න මං කාමරේට ගිහින් වොලට් එකෙන් පහේ කොලයක් ගෙනත් අතට තියනකොට අම්මා ඒකම ආයම මගෙ අතට ගුලි කෙරුවා ....

අම්මා අප්පච්චි යන්න යන්නෙ....මුලින් මුලින් එක එක මගුල් හිතට වැටිලා අම්මා අප්පච්චි යනකන් මග බලන් උන්නා උනත්....අම්මා අප්පච්චි සතියකට නැහැ කියන එක මතක් වෙනකොට මට වේදනාවක් වගේම පාලුවක් දැනුනා .....වෙද ගෙදරට බෙහෙත් ගන්ඩ ආව උන් එකා දෙන්නා හිස් වෙලා යනකොට මං බලාගන අග්නියා අර යකා ගහලා උන්න එකා ගාවට වෙලා බලන් උන්නා...

අම්මා...අර මනුස්සයට මොකද කරන්නෙ අම්මා...

ඒකව කතරගමට අරන් යන්ඩ කියලා කිව්වා ....ඒකගෙ ඇගෙ එක යකෙක් නෙවෙ මයෙ පුතා....ඒකගෙ සරුවාංග කූඩුව යක්කුන්ගෙ අම්බලමක් ....ඒකව අද මෙල්ල කර කර ඉන්ඩ ගියෝතින් සුනංගු වෙනවා ....දෙයියන්ගෙ පිහිටයි කියලා මං ඒකට තෙල් මතුරලා නූලක් දැම්මුවා....තව ටිකකින් ඕකව අරන් යන්ඩ ඒවි....

"සුදු මැනික..."

මාව සීතල වෙලා ගියා .....සිය පාරකට වඩා මගෙ පුතා උඹලා දෙන්නා පරිස්සමින් කියපු අම්මා අප්පච්චි යන්ඩ යනකොට ඔරලෝසුවෙ පැය කට්ට පහ පැන්නා විතරයි .....ගස් බැදලා උන්න මුරකාරයව කතරගම යනකොට තෙල් හැන්ද හින්දා වැඩ වරද්දගත්තු එකිත් යනකොට මග යන්ඩ පන නැතුව උන්නා විතරක් නෙවෙ යන්ඩ ගිහින් ආයම මගෙ න් සමාවත් ගත්තා ....

අම්මා අප්පච්චි ගියාටත් පස්සෙ මම දොරකොඩ ගාවට වෙලා පාර දිහා බලන් ඉන්නකොට යකාගෙ ප්‍රේම වන්තයා ඇවිදින් මගෙ බද වටේ එයාගෙ සීතල අත් යවනකොට මාව සීතල වෙලා ගියා ...

අග්නී.....

" ආන් ..මගෙ පොඩි අග්නියා නැගිටලා....අනේ මැනිකෙ ඒකට මොනවා හරි හදලා දියල්ලා ..පව්.....ඇබිත්තන් කට ඇර ඇරම ඇනූම් යවනවා...පව් මගෙ නොදරුවා ....".....

මම අහන් උන්නා.....මම වචනයක් වත් නොකියම අහන් උන්නා....ඒ වචන හරි පරිස්සමින් ...මගෙ ශිවන් ..මගෙ මැනිකෙ ...මගෙ පැංචා.....මගෙ පැටියා .... දැන්...මගෙ පොඩි අග්නියා...ඒ ආදරේ ගැඹුර දෙවියනෙ ...මේක මගෙ අග්නිගෙ ආදරනීයම පැත්ත ...ආදරේ උතුරන්න පිටාර ගලන්න තියන පැත්ත .....

මම උඹව මරනවා...මට උඹගෙ බෙල්ල කඩන්න හිතෙනවා...මම උඹව පොලවෙ ගහනවා....මේක...මේක මගෙ අග්නිගෙ නපුරුම පැත්ත....මගෙ මැනිකෙ කියලා තුරුල් කර ගන්න ඒ අත් වලිම්ම අග්නි මාව පොලවෙ ගැහුවා....ආදරෙන් හාදු තියන කම්මුල්ම ලේ පාට වෙන්න ගහනවා....බෙල්ලකඩන්න බැරි තැන හුස්ම යනකම්ම මිරිකන් ඉදලා නූලෙන් අතාරිනවා.....මේක...මෙක මගෙ අග්නිගෙ නපුරුම පැත්ත.....

මම අග්නි දිහා බැලුවා.....ඒ ඇස් වල ආදරේ උතුරන්න තරන් .කාත් කවුරුත් නැති ගෙදර අද අග්නියි මායි තනි වෙනකොට අද රෑ ගැන මතක් කර කර අග්නි මාව නැති කෙරුවා .....

අනේ නිකන් ඉන්නකො අග්නී ....

" ඇයි .....අනේනිකන් ඉදපන් බන් ..කව්ද දන්නෙ නෑ යට කර ගත්තම තව තද කරගන්නෙ ..."

වැඩේමයි ....

" වැඩේමයි කියන්නෙ...අනේ මැනිකෙ ..අක්කර බාගයක් තරම් පුකක් තිබුනට වැඩක් නෑ ගම්මිරිස් ඇට දෙකක් තියන් නම්, මට කට අරිනවටත් පාඩුයි.....අම්මත් නැති එකේ තෙල් සාත්තුවක් වත් දෙන්ඩද ....මේන් මේ ගානට වත් තිබුනා නම්....."

අග්නීහ් ....!!!මොන වනචර කමක්ද අග්නි ඕක...මොන වනචර කමක්ද.....

පුංචි එකාට කිරි එක හදලා මම නිවෙනකන් බෝතලේ හොලව හොලව ඉන්නකොට පැන්ට්‍රිය උඩ ඉදන් උන්න අග්නියා පුලුවන් තරන් නොහොබිනා කතා කියලා සූප්පුවෙ මුදුන පෙන්නලා මෙන්න මේතරම් වත් වෙනවා නම් කියනකොට මම කෑ ගැහුවා ...

" වනචර කමක්ද කියන්නෙ...ඇත්තනෙ බම්...මේ බලපන්..මටත් ඔයිට වඩා තියනවා...."

ඔව්....මට වඩා තියනවා කියලා මටත් පේනවා...කොහෙන් හරි සක්කරවට්ටමක් එල්ලන් ඉන්ඩ ඇති....නැත්තන් ඔහොම වෙන්නෙ නෑනෙ....කාගෙත් අනංගයා වගේ වට කරන් ඉන්ඩ ඇති . ..වනචර යක්සයා උඹ....

"ඔව්....අත් සාත්තුව හොදයි අපේ ගෑනුන්ගෙ.....එහෙ විතරක් නෙවෙ...තව තැන් ලොකුයි....ඕනා නම් අල්ලලා බලන්ඩ පුලුවන් ....මොකද මේ අපිට කියලා හැගීම් දැනීම් නැතුව නෙවේනේ....උඹ හිතුවද මට ලාදුරු කියලා .....අනෙ පලයන් බන් යන්ඩ.....අපිත් ආසයි උඹලගෙ උන් වගේ අහු මුලුවල රිංගන් ආයි ඌයි ගාන්ඩ....ඔව්වා දැකපුවාම අපිටත් එක එක මගුල් හිතෙනවනෙ ...."

අග්නීහ්හ්හ්හ් .....උඹ මහ වනචර යකෙක් .....උඹ මහ කමකට නැති යකෙක් අග්නි ...උඹ මහා සාතන් කෙනෙක් අග්නී.....

මම ආයම කෑ ගැහුවා ....අග්නියා කටේ නොගෑවි කුනු හර්ප කතා කියනකොට මම ආයම මැරෙන්ඩ හැදුවා...කිව්වත් වගෙ මට තියෙන්නෙ ගම්මිරිස් ඇටයක් ....ඇත්තටම අග්නියට වෙන ලොකු එකක් හම්බ උනෝතින් ....හිටපියකො...එහෙම උනෝතින් මම ඔය වෙරලු ගහ මුලිම්ම කපලා දානවා....ආවා මෙතන ලොකු ඒවා හොයාගන....

මම එන්න ආවා....අග්නියා දිහා හැරිලා වත් නොබලාපු මම එන්න ආවා....ඒ උනත් ඒකා මාව කුසියෙන් එලියට යන්න කලිම්ම අල්ලගත්තා ....

"කොහෙද ඉතින් මේ පුක කඩාගත්තු කඩියා වගෙ දුවන්නෙ....."

අතෑරපන් අග්නි ....

"මගෙ කොට මගුලට තරහා ගියහම හරි ලස්සනයිනෙ...උඹගෙ අතට කුඩයක් දුන්නා නම්...හත්තක් ඇවිදිනවා වගේ.....ඒ උනාට මැනිකෙ වැඩෙ කියන්නෙ හතුත් පාන්දර නැගිටගන්නවනෙ"

අග්නි...අතෑරපන්....උඹ මෙතන එක එකියන්ගෙ මගුල් බලලා.....වනචර කතා කිය කිය....

" බෑ..මං අතාරින් නෑ....ඇයි....උඹ මොනවා කරන්නද....."

අතෑරපන් අග්නීහ්හ්.....උඹට දැන් උඹලගෙ ගෑනු හොදයි කිව්වා නේ.....ආ...මොන මගුලටද මාව අල්ලන් ඉන්නෙ.....

"ආ..ගෑනු හොදයි කිව්වට ....ගෑනුන්ගෙ ගම්මිරිස් හොදයි කිව්වෙ නෑනෙ මගෙ කොට බිබික්කමෝ...ඇරත්...ගම්මිරි පොඩි උනාට සැරයි...අනික...අම්මලා එන්නත් සතියක් යන එකේ...උඹලගෙ අග්නියට කරන්න වැඩ කොච්චර තියනවද ...ම්ම්ම්ම්....පිටි මෝලියක් උනත් ලොකු වෙන්නෙ අත්දෙකෙන් මිරිකනකොට නෙ... මිරික මිරික පොලවෙ ගහනකොට ...."

දෙයියන්ගෙ නාමෙට අග්නීහ්....මාව ඇතෑරපන් වනචරයෝ .ආ ....ආ ..ඒ...ව්ව්....හ්...

නහය යකෝ...

" ඉතින් උඹනෙ දැන් අතාරින්ඩ කිව්වෙ...."

උඹ මහ පිස්සු හුත්තෙක් අග්නි ....

මම බැන්නා....නිකන් නෙවෙ පිස්සු හුත්තෙක් කියලම බැන්නා...මාව අත් දෙකෙම්ම බදාගන නොහොබිනා කම් කියපු අග්නියාගෙ අත් වලින් බේරෙන්න දගල දගල.උන්න මම මාව අතරින්න කියනකොට ඒකා හිතක් පපුවක් නැති එකා වගේ හිටපු ගමන් මාව අතෑරියා ....අතෑරපු පාරට මාව ගිහින් බිත්තියෙ වදිනකොට මගෙ මූනෙ අච්චුව බිත්තියෙ හිටියා.....

"හාකො....අපි....ඉතින් පිස්සු හුත්තොනෙ....ම්ම්ම්...ම්ම්....හා...හා.....එහෙනම් ඔය හොද එකෙක් හොයාගන ඉදින්කො ....."

අග්නි.....අග්නී...යන්න.....එපා....

මොන මගුලක්ද මන්දා...මේ අග්නියා ලමිස්සියෙක් වගේ...පොඩ්ඩ බැරි වෙනකොට එක වචනයක් අල්ලන් තරහා වෙනවා...මම ලමයගෙ කිරි බොතලේ අතෙ තියාගන බලාගන උන්නා ..අග්නියා යන යාමට පාපිස්සකට පයිම් ගහන් ගියා වගේම අර හඩු පාපිස්ස ඇවිත් මගෙ ඔලුව උඩට වැටුනා...මූ නම් හිතලමයි කරන්නෙ...හිතලමයි මට වද දෙන්නෙ...වරෙන්කො...වරෙන්කො.....

ඔලුවට වැටුන පාපිස්ස අල්ලා විසික් කරපු මම කිරි බෝතලේ අරන් කාමරේට ගියා.....

මගෙ හිච්චි අග්නියා නැගිටලා...මීක් ගාන්නෙ නැතුව බලන් ඉන්නව....වෙනදට නම් එකා ඇහැරුනාම අම්මියේ...ගගා ඇඩුවා උනත් එයා අද සූප්පුව ගහන් ඔහේ උන්නා...

සුදු පුතා.....අප්පච්චි ගෙ පැටියා...නැකිට්ටද ...

......

නිඛිල්.....මගෙ පුතා නැගිට්ටද.....

මොකුත් නොකියම මා දිහා බලන් උන්න පුංචි එකාගෙ ඔලුව අත ගාපු මම ඒ චූටි මුනට හාදුවක් තිබ්බා...හාදුවක් තියලා මම කොල්ලව අරන් මගෙ උකුල උඩුන් ඉන්දවගත්තා .....

අප්පුච්චියේ....

ඕ...

කෝත....

කව්ද....

කෝත අප්පුච්චියෙ....

කව්ද ඉතින් ....

අප්පුච්චියා...

මේ ඉන්නෙ...ඒ ඉන්නෙ ඉතින් මගෙ පුතාගෙ අප්පච්චි නෙ....

ම්හුක්....නානෙ.....තව ඉන්නවනේ.....අප්පුච්චියෙක්....ඉන්නවනේ .....

තව කොහෙද ඉන්නෙ...තව නෑ.....උඹට ඉන්නෙ මං විතරයි ....

ම්හුක් ....නා.....නකො....ඉන්නවනේ.....හ්හ්හ්හ්....අප්පුච්චියේ ...හ්හ්...

අග්ගියෙ ....හ්හ්.....

නිඛිල්...

පුංචි එකා අප්පුච්චියා කෝ අහනවා....මං දන්නවා.....එයා ඔය අහන්නෙ අග්නි ගැන.... .ඒකත් එක්ක තිබුන තරහටම මම තව අප්පච්චි ලා නෑකියනකොට කොල්ලා තව අප්පච්චි කෙනෙක් ඉන්නවා යකෝ කියලා බෙරිහන් දුන්නා...මූත් යකෙක් වෙලාවත්ද ...???

අග්නියා ගියා ගෑනු හොයාගන..මගෙ පුතා මේක බොන්න.....ආය ඕකා එන්නෙ නෑ....කෝ....අප්පච්චිගෙ හොද පුතානෙ.....

"උඹට විසප්පුවද බන් ලමයට බොරු උගන්නන්නෙ ...උඹ දැක්කද...? මැරෙන්ඩ ගහන්නෙ බොරු උගන්නනවට"

මට කට උත්තර නැති උනා ....මම කොල්ලට අග්නියා ගියා ගෑනු හොයා ගියා කියනකොට අග්නියා ඇවිත් මගෙ කනක් අනිත් පැත්ත හැරෙව්වා ...

"සුදු පුතා ....අප්පච්චි ගෙ සුදු මහත්තයා ....කුක්කු බොනවද ...."

උකුලෙ ඉදගන සූප්පු බෝතලේ උර උර උන්න ලමයා දිහා මගෙ උරහිසට උඩින් බෙල්ල දාලා බලපු එයා කුක්කු බොනවද අහනකොට ඒකා හිනා උනා....හැබැයි එ හිනාව වෙනස්. ...අප්පච්චි උන මට ඒ හිනාව අදුනගන්න ...ඒ හිනාව වෙනස් කියන එක පපුවට දැනෙන්න තත්පරයක් ගියෙ නෑ ....මගෙ නිඛිල්ට තිබුනෙ පිරුන හිනාවක් ...හරියටම එයාගෙ අප්පච්චි උන මට වගෙ.....මගෙ නිඛිල්ට තිබුනෙ හිනාවෙනකොට ඇස් පවා චූටි වෙන ඇසුත් හිනාවෙන හිනාවක්.....ඒත්....ඒත්....දැන් ඒ හිනාව නෑ.....ඒ හිනාව නෑ.....

මන් අග්නි දිහා බැලුවා ....දෙයියනෙ ඒ හිනාව.....ඒක....අග්නිගෙ වගේ ..කට කොනින් හිනාවෙන හිනාව... ..මගෙ නිඛිල්....එයාගෙ හිනාව සම්පූරනම අග්නි වගෙ වෙලා....

අග්නී.....

"ම්න්...."

එයාගෙ ....හිනාව....

"ඉතින් මගෙ වගෙ වෙන්නෙ නැතුව වෙන උන් වගෙ වෙන්ඩද ...සතුටු වෙයන් වෙන යක්කුන්ගෙ වගෙ උල් දත් මතු නොවුන එකට....."

අග්නීහ් ....

කැහ් ....කැහ් ....අ..අප්පුච්චි....කැහ්....කැහ්....

"හරියට පොවපිය ඕක.. සක බඹරෙ වගෙ කැරකෙන්නෙ..."

මං ගුටි කෑවා....එයා දිහා බලන්න ගිහින් ලමයගෙ කිරි එක පිට උගුරෙ යනකොට කොල්ලට කැස්ස ඇල්ලුවා මගෙ පිට පුපුරන්න පාරක් වැදුන .....

කෝ එන්න මගෙ පුතා .....

ගුටිය කාපු මං අග්නි දිහාවත් නොබලාම ලමයව තුරුල් කරන් ඇදේ දිගෑදෙනකොට අග්නියා මා දිහා බලන් ඉදලා මට එහාපැත්තෙන් දිගෑදිලා ලමයව අපි දෙන්නටම මැදි කරගන ආයම මොනවා හරි අහන්න කට ගන්නකොටම මම ඇස් වහගත්තා ....ගහලා තව මගුලක් අහන්න හදනවා ...උඹ වරෙන්කො රෑට...

"සුදු මැනික..."

.......

"මගෙ ශිවන් ....."

......

"මගෙ අධීර..."

.......

එයා කතා කරනවා.....කිරි බෝතලේම බිව්ව පොඩි එකාට අපි දෙන්නා මැදම ආයමත් නින්ද යනකොට මමත් නිදි වගෙ හොරට ඉන්නකො එයාගෙ ඇගිලි මගෙ හිස කෙස් අස්සෙන් ගියා වගේම එයා මගෙ කනට කොදුරන්න ගත්තා ඒත් මම නෙවෙ ඇස් ඇරියෙ ..

"මැනිකෙ...අග්නිගෙ අඹුව ....."

ශික්කෙ...මාව රතු වෙන්න ආවා ....අග්නිගෙ අඹුව....අග්නිගෙ අඹුව....අග්නිගෙ....අඹුව...මම මගෙ හිතින් අග්නිගෙ අඹුවගෙ කියන එක මගෙ හිතින් දෙතුන් පාරක්ම කියනකොට මගෙ බඩ ඇතුලෙන් සමනල්ලු පියාඹනවා වගේ හැගීමක් දැනෙන්න ගත්තා....

" මගෙ ශිවන්.....මං දන්නවා උඹලා නිදි නෑ කියලා.....මං ගැහුවෙ ඉතින් අරකට පිට උගුරෙ ගියහම අනේ ඒකටමනෙ වේදනාව....පොඩි පපුවට අමාරුයිනෙ මැනිකේ..."

මම අහන් උන්නා....අග්නි මගෙ ඔලුව අත ගගා කියවනවා.....මාව ඉඹිනවා.....ඒත් මම නෙවෙ ඇස් ඇරියෙ ....

" මගෙ ශිවන්....නැගිටපල්ල....අන්දකාර වැටෙන්ඩ ලගයි .... ...ගිහින් ඇගපත හෝදගනින්....පහන තියන්ඩ ඕනා ....ගොම්මන පහු වෙන්ඩ ලගයි ශිවන්..."

මම ඇස් දෙක ඇරියා....එයා උන්නෙ මගෙ දිහ බලාගන...ගොම්මන ලගයි...එයා ඔය හදිස්සි කරන්නෙ මොකටද කියන්න මම දන්නවා...මම නැගිට්ටා ....නැගිටලා ඇදේ ඉදගත්තා .....

" නාන්ඩ එපා....ඇග හෝදන් පහන තියපන් උඹට අසනීප වෙයි මෙවෙලෙ නාලා...."

එයා මට නාන්න එපා කියලා මාව පිටත් කරන ගමං පුංචි එකාව අත්දෙකෙම්ම තුරුල් කරගත්තා වගේම මම එහෙම්ම බාතෲම් එකට ගියා...

ගොම්මන ලගයි ....හද පායන් එයි ...රාහු ඇවිත් හද ගිලගනී...ඊට පස්සෙ ....???

මගෙ ඔලුව අස්සෙ ආයමත් එක එක දේවල් එක එක රූප මැවෙන්න ගත්තා ....ගාන්න පුලුවන් හැම දේම ඇගේ උලපු මම ඇගපත හෝදන් කාමර්‍රෙට එනකොට එයා උන්නා...එයාගෙ ඇස් දෙක තිබුනෙ මගෙ ගාව...උකුල් ඇට ගාවින් නැවතිලා තිබුන තුවාය ගාව ....වතුර බින්දු හිටපු එයාගෙ දත් පාරවල්.ඉලිප්පිලා පෙනුන ඇත් දල පාට පපුව ගාව ....

"මගෙ ශිවන් ...."

එයා ඇදේ ඉදම්ම මිමිනුවා....මම ඇදුමක් දාගන එයා දිහා බලලා පහන් පැල ගාවට ගියා....ගිහින් අලුතෙන් ආයම හන්දුන් කූරු දෙකතුනක් ඇවිලුවා...හදුන් කූරෙ සුවද දුමාරෙ උඩ හුලගෙ යනකොට මම පහන පත්තු කරලා පහන් දැල්ල දිහා බලාගන අත්දෙක වැදන් ඇස් දෙක පියගන්නකොට මගෙ පස්සෙන් තව කවුරු හරි ඉන්නවා කියන එක මට දැනුනා.....

මම හැරිල බැලුවා.....

අග්නී.....

නෑ...අග්නි නෙවෙ....එහෙනම්...එහෙනම්....තව කව්ද......?

හිතට ගැස්මක් වගේම පපුවත් ටිකක් වේගෙන් ගැහෙන්න ගත්තා වටපිටාවම ටිකෙන් ටික කලුවර කරන් ඇවිදින් හද පායන්න අහසට මග පාදනකොට මම රාහුව හෙව්වා.....එයා ඇවිදින් හද ගිල ගනීවි...මගෙ සර්වාංගෙම හිරිගඩු පිපුනා.....යක්කු ගස් නගින වෙලේක වෙරලු ගහෙ අතු දෙක තුනක් බලන් ඉන්නකොට බර වෙලා ගියා වගේම මම බුදු ගුන සිහිකරන් ආයම පහන් පැලේ උන්න බුදු හාමුදුරුවො දිහා බලාගන අත් දෙක වැදගන ඉදලා එන්න හැරෙනකොටම මං දැක්කා දේවාලෙ තිරේ හෙල්ලෙනවා....

අග්නි වෙන්න ඇති ....දේවාලෙට ගියා නම්...ඒ අග්නිම විතරයි....

මෙච්චර වෙලාම තිබුන ගොම්මන යන්න ගියා....බුදුන් ගාව උන්න මම රන් තැටියක් වගේ පායන් එන හද දිහා බැලුවා ....

චන්ද්‍රහනයක් වෙන්නෙ පුර පසලොස්වකක් වෙන්න ඕනා...ඒත් අද පුර පසලොස්වකක් නෙවෙ....සූර්‍යග්‍රහනයක් වෙන්න...අමාවකක් වෙන්න ඕනා ...ඒත් අමාවකක් නෙවෙ .

මම මේ ඉන්නෙ මොන ළෝකෙකද දෙයියනෙ...?හොදට උන්න ලමයගෙ පන ගියා .....මගෙ පුංචි එකා ආයම ඉපදුනා .....දැන් ඉන්නෙ නිඛිල් උනට එයා අග්නි පැටියෙක් වගෙ ....

ලෝකෙ පාලනෙ කරන්නෙ දැන් යක්කුද . ....?

මං ඈත පායපු හද දිහා බලාගන කල්පනා කරලා ..වෙන්න තියෙන්නෙ මොකක්ද ඒකට මූන දෙන්න බලාගන ගෙට හැරුනා .....විදින්න තියන වේදනාව විදින්න බලාගන මං ගෙට එන්න ආවා....

"මැනිකෙ ...."

දෙයියනෙ අග්නී...

මම බය උනා ..... එයා දොරකොඩ ගාව ඉදන් මැනිකෙ කියන කොට බයවෙලා උන්න මම තවත් බය උනා....එයා මාව ඇදලා ගත්තා .....ලගට ඇදලා අරන් එයාගෙ ඇගට හේත්තු කර ගත්තා ....

"මගෙ ශිවන් .....මෙන්න මේක අරන් ගිහින් පත්තු කරපන්.....මුලිම්ම.....හදුන් කූර නිවේවි...ඊට පස්සෙ.....පහන් දැල්ල අඩු වෙවි....පහන් දැල්ල....අඩුවෙනකොට මං එන්නම්...උඹට මම කියනකන් මාව අල්ලන්නෙ නැතිව ඉදින්...අනේ මැනිකෙ ..මාව තරහා ගස්සවලා ....මැරුම් කන්න නම් එපා ...උඹට වේදනා දැනේවි ....ඒත්.....අනේ මැනිකෙ....උඹ යන්න නම් හදන්ඩ එපා ...රැලෙ යන වෘකයෙක් දේනුවක් එක්ක ඉන්නකොට එකි.දාලා යන්ඩ හැදුවොතින් මොකද වෙන්නෙ.....සිංහයෙක් දේනුවක් එක්ක ඉන්නකොට ඒකි යන්ඩ හැදුවොත් මොකද වෙන්නෙ.....ඒකට තරහ යාවි.....වැහුන හද මතුවෙනකන් ඉවසපන් මගෙ ශිවන් ....උඹට වගේම මටත් දරන්නම අමාරු තත්පර ගාන ඒක....."

එයා මගෙ අතට සුවද කූරක් දුන්නා ....ඇබිත්තන් මැටි පහනක් දුන්නා ...එයා ඒ දෙකම මගෙ අත උඩින් තියලා මාව එක අතකින් තුරුල් කරන් උලුවැස්ස ගාවින් නැවිලා අහසෙ පායපු හද දිහා බැලුවා .....

" මගෙ ශිවන් .....වෙලාව ආවම කවදාවත් වෙන්න බැහැයි කියන දේවල් පවා සිද්ද වෙනවා ...උඹ මගෙ පන ශිවන් .....මං උඹට වහ වැටිලා ....උඹව දාලා යන්ඩ බෑමයි කියන තැනට මාව ඇලිලා මගෙ ශිවන් ....හරියටම ගත්තොත්....මාත් උඹට වැහුන යක්ශ ආත්මයක් ...සංසාරෙ පුරාවටම ප්‍රාර්තනා කෙරුවට....මාත් උඹට ඇල්ම බැල්ම දාන් ඉන්න යක්ශ ආත්මයක් .....උවෙන් ගැලවිලා යන්න හිතන්නවත් බැරි පරපෝශිතයෙක් .....වෙන උන්ට යක්කු වැහුනම යන්ඩ යන්ඩ ගගා තොවිල්නැටුවට.....උඹට අරක් ගත්තු මට කවදාවත් යන්න බෑ ශිවන් ...උඹ තනිකරම අමෘතයක්....අධිමාත්‍රාවක් .....උමතුවක්.....යකෙක්ව පිස්සුවට්ටන්ඩ තරම් ....උඹ මෝහනයක් ශිවන් .....මං උඹට ආදරෙයි ...මන් උඹට පන ඇරලා ආදරෙයි ....තොයිල පිට තොයිල් කෝටියක් නැටුවත් ..යක් බෙර සීයක් පැලුවත් දුම්මල වරම අතට අරන් හති වැටෙනකන් නැටුවත් ...මේ යකාට ආතුරයව දාල යන්ඩ හිතන්ඩවත් බෑ ශිවන් ..."

එයා අතුරු දහන් උනා.....ආයම වචනයක් කියන්නත් කලින් අග්නි අතුරු දහන් උනා....

මං අතේ තිබුන පහනයි....සුවද කූරයි අරන් කාමරේට ගියා ....පුංචි එකා ඇද උඩ උන් නෑ....එයාව තොටිල්ලෙන් තියලා කොට්ට වලින් වටකරලා පොරවලා තිබුන ...අග්නිගෙ පැටියා .....

මං එහෙම්ම ඇද දිගා බැලුවා සූප්පු බෝතලෙන් හැලුන කිරි ඇද රෙද්දෙ තියනකොට මං ඇද රෙද්ද ගලවලා ලා පාට ඇද රෙද්දක් දාලා ඇදුමක් ඇදගන එයා දුන්න පහන වගේම සුවද කූර පත්තු කරලා මුලු කාමරේ ලයිට් නිවලා පහන් එලිය අඩුවෙනකන් මන් බලන් උන්නා ...එයා එයි කියලා .....

තත්පරෙන් තත්පරේ ගෙවුනා....සුවද කූරෙ සුවද ටිකින් ටික මුලු කාමරේම වහගන්නකොට මං ඒ සුවදට ඉව ඇල්ලුවා ...මීට කලින් කවදාවත් නාව සුවදක් මුලු කාමරෙම වහගන්න කොට මම මනමාලයා කාමරේට එනකන් බලන් ඉන්න මනමාලි වගෙ බලන් උන්නා වගේම හද ඇවිදින් වලාකුලකින් වැහිලා යනකොට සුවද කූර පත්තු වෙලා අවසානෙදි අලු වෙලා ගියා ...මෙච්චර වෙලාම හොදට ඇවිලුන පහන් දල්ල හිමින් අඩු උනා ....

ලබ් ..ඩබ් .....

ලබ්....ඩබ් .....

ලබ් ....ඩබ් ...

ලබ්...ඩබ් ....

උදෙ ඉදන් සංසර්ගයක් ගැන රූප මවා ගත්තු මගෙ පපුව ගැහෙන්න ගත්තා ....වලාකුල වහගත්තු හද ටිකින් ටික එලි බහිනකොට මම බලාගන මම වහපු දොරේ අගුල කැරකෙනවා....හිස් මුදුනෙන් පටන් ගත්තු හිරියක් කරන්ට් එකක් වැදුනා හා සමානවම මාව වෙව්ලලා යනකොට "කිරීස්....." සද්දයක් එක්ක ලාවට දොර ඇරෙනකොට මම කොට්ටයක් අරන් පපුවට තද කරන් මූනත් වහගත්තා ....

අනේ මට බයයිනෙ ....

මම මුන හංගගත්තා .....මට බය හිතුනා ...උදේ ගහපු මනෝ පාරවල් වගෙ නෙවෙ එයා කියපු වචන එක්ක මට දැන් මෙතනින් පැනලා දුවන්න හිතුනා....දොර ඇරුනා...ඒක මට දැනුනා මම ආයම කොට්ටෙ දාරෙට උඩින් ඇස් දෙක දැම්මා...

බාගෙට ඇරුන දොර ආයම වැහුනා....ඒත් ....ඒත් අග්නි නෑ....

අ...ග්....නී...

.....

අනේ..දෙයියනේ.....ඒ අග්නි නෙවෙද...

මම බලන් උන්නා...පහන් දැල්ලෙ එලිය චුට්ට චුට්ට අඩුවෙනකොට වලාකුල ගිල ගත්තු හද ආයමත් එලි බහිනකොට මට අඩි සද්දයක් ඇහුනා ..හැබැයි පෙනුන් නෑ...මං දන්නවා.....මං දන්නවා...දැන් මෙතන කවුරු හරි ඉන්නවා...

අ ..ග්නී.....මේ....ඔයා..නේ...ද...මගෙ...අග්..නී....

මම ගොත ගැහුවා....ඇදන් උන්න දුහුල් නිදන කමිසෙ බොත්තම් පේලිය මම තදින් මිරිකගන මේ ඔයානේද ඇහුවා.....ඒත් සද්දයක් නෑ.....මේ ඔයානේද ඇහුවත් ඒත් සද්දයක් න්ෑ....

මම පස්සෙන් පස්සට ගිහින් යන්න එන්න තැනක් නැතිව ඇද විට්ටමට හේත්තු වෙලා බයේ බලාගන ඉන්නකොට ඇදේ කකුල් හරිය වැටෙන තැන මෙට්ටෙ පහත් උනා....හරියටම එතනට කවුරු හරි නැග්ගා කියන්න...ඒ එක්කම මුහුදු රැල්ලක් ගහනවා හා සමානවම.....රෙද්දක් ඇතුලෙ සර්පයෙක් දගලනවා හා සමානවම මම පොරවන් උන්න බෙඩ් ශීට් එක දැගලුවා වගේම කවුරු හරි ඇතුලට රිංග ගත්තා හා සමානවම රූපයක් නැති කෙනාගෙ සර්වාංගෙට උඩින් ඇද රෙද්ද හිටින කොට මම ඒ රූපෙ මවා ගන්න හැදුවා උනත් ඊලග තත්පරේදි අයිස් හා සමාන සීතලම සීතල අත් දෙකක් ඇවිදින් මගෙ වලලුකරෙන් පහලට අදිනකොට මම හූතිබ්බා.....

අනේ...අනෙ.....අම්...මා.....අප්...අග් ...නී....අ ...ග් ....භ්භ්භ්.....

"මගෙ කොට මගුල..."

මට හුස්ම හිර උනා.....කකුල් දෙකෙන් පහලට ඇදපු පාර මාව ඇදේ දිගා උනා වගේම අග්නිද කියලා නොදැන කෑ ගහනකොට එයා මගෙ කට මිරිකලා කනට කෙදිරුවා....

අ..ග්නී.....මේ...ඔයා...අනේ....අ..ග්නී...මට..මට...බයයි.මගෙ....අග්නී.....පේ...න්න....එන්න...කෝ....අග්..නී.

ඒඋනෙ මගෙ අග්නි.....එයා ඇස් වලින් වහන් වෙල ඇවිදිල්ලා.....මම උන්නෙ එයාගෙ හැඩි දැඩි සර්වාංගෙට යටින් වෙනකොට බෙඩ් ශීට් එක එයාගෙ ඇගේ හැඩේට ඉස්සිල තිබුනා....

මම එයාට පෙන්න එන්න කිව්වා.....ඒත් එයා නෙවෙ ආවෙ....මම එයාව අත පත ගාන්න හැදුවා....ඒත් එය නෙවෙ අත පත ගාන්න දුන්නෙ....එයා කලින් කිව්වා ...එයා කියනකන් අල්ලන්න එපාය කියලා ....ඒත්....ඒත් මම කොහොමද ...මම කොහොමද දෙයියනේ එයාව අල්ලන්නෙ නැතිව ඉන්නෙ...

අනෙ...අග්නී .....අග්නී....එක පාරක්...එකම එක...පාරක්...මට...මූන පෙන්නන්න මගෙ අග්නී....බයටම මගෙ පපුව පැලිලා මැරෙයි...මං බයයි.....අනෙ මන් උඹේ ආදරේට බයයි...

මම එයාගෙ අත් දෙක අස්සෙ ඉදන් එකම එක පාරක් පේන්නෙ එන්න කියනකොට ඇස් වලට පෙන්නෙන නොපෙනෙන විනිවිද ජායාවක් වගේ ඒයාගෙ මූන මතු උනා වගේම එයා ඈත අහසෙ පායලා තිබුන හද දිහා බලලා මාදිහා බැලුවා...

" මගෙ....ශිවන්....."

එයා මිමිනුවා....එකම එක පාරකට පෙනෙන නොපෙනෙන ගානට එයාගෙ මූන පෙන්නපු මගෙ අග්නි.....ඇස්වල රතු අදුන් තවරන් උන්න මගෙ අග්නි.....ඇස් දෙක දිහා කෙලින් බලන්න පවා බය හිතෙන....හිතන්නෙ බලන්නෙ නැතිව කියන දේකින් යක්ශාරූඪ වෙන මගෙ අග්නි....එයාගෙ සීතල කටහඩ මගෙ කන් පෙති උඩ තැවරෙනකොට එයාව අල්ලන්න අවසර නැති මම ඇද රෙද්ද අතින් තද කරන් රූපයක් නැතිව හෙලවෙන බෙඩ් ශීට් එක දිහා බලන් උන්නා...

හාදුවක් ...

මගෙ ශිවන් කියනවත් එක්කම සීතල කටහඩේ සීතල මරාගන හාදුවක්....ආදරනීයම හාදුවක් මග් නලල උඩ ඉපදෙනකොට මට ඉබේටම ඇස් පිය උනා.....

මට අග්නිව දැනෙනවා.....හැබැයි පේන් න.....

මම හුස්ම ඉහලට අල්ලන් උන්නා.....බඩ ඇතුලෙන් සමනල්ලු රෑන් රෑන් පියාබන කොට නලල උඩ ඉපදුන හාදුව කම්මුල් තෙමන්න ගත්තා.....වම් කම්මුල...දකුනු කම්මුල උඩින් අග්නිගෙ උනුසුම් හාදු මල් පිපෙන්න ගන්නකොට මම ඉවසගන උන්නා...ඒ හැම හාදුවක්ම උනුසුම්.....මෘදුයි ....ඒ සුවද...අග්නි ගාව සුවදයි ....සුවද කූරෙන් ආව සුවදටත් වඩා සුවදයි.....

හාදුවක් ....හාදුවක්....හාදුවක් ...නෑ...හාදු වැස්සක්....මගෙ මුලු මූනම වහගන්නකොට අවසානෙදි එයා මග ඇර් ඇර උන්න දෙතොලම අග්නි සිප ගන්න පටන් ගත්තා .....මාව මෝහනේ උනා කිව්වොතින් හරි.....මටත් නොදැනිම මගෙ කටින් කෙදිරියක් පිටවෙනකොට මටත් හොරාවට මගෙ ඇදුම් එකින් එක ගැලවිලා මාව සම්පූරනම නිරුවත් වෙලා ගියා...

දෙයියනෙ....මම අමු නිරුවතින්.....මට දැනෙනවා.....අග්නිගෙ සර්වාංගෙම තිබුන හැම රෝම ජූප ගහක් ගානෙම මහෙ නිරුවත් පපුවට දැනෙනවා....අග්නි මාව එක පාරම යටකරගත්තා .....

අනේ මාව මැරේවි....

මගෙ හිත කෑ ගැහුවා ....අග්නි උන්නෙත් නිරුවතින්....එයාගෙ හාදුවමට පුලුවන් උන් හිටි තැන් අමතක කරන්න.....මංමුලා කරන්න....මටත් නොදැනෙන්න මාව නිරුවත් කරපු අග්නිත් මා එක්කම නිරුවත් වෙලා තිබුනා ....මාව යටකරගත්තු අග්නිගෙ ඉනෙන් පහල තවමත් පන ගැහුන් නැති බාගෙට පනගහපු පිරිමි ඇග මගෙ කලවා වලට වදිනවා එක්කම මගෙ හිත කිව්වෙ එකම දෙයයි....." අනේ මාව මැරේවි"කියන එක විතරක් වෙනකොට ආයමත් මගෙ බෙල්ල ගාවට පහත් උන අග්නිට මම කතා කෙරුවා .....

අනෙ ...අග්නී..මට බයයිනෙ.....

හැබැයි මට උත්තරයක් ලැබුන් නෑ.....ඒවෙනුවට අග්නි කෙරුවෙ මගෙ සර්වාංගෙම එකම එක රෝම කූපයක් වත් මගාරින් නැතිව අග්නිගෙ කෙල වලින්.....අග්නිගෙ සුවදින්.....නාවපු එක වෙනකොට මෝහිනීට පිරිමි මෝහනේ වෙන්නා හා සමානවම මාත් අග්නිට මෝහනේ වෙලා ඇද රෙදි මිරිකගන යටි තොල හපා ගත්තා ....

අනේ....අග්නීහ්...

මට කෑ ගැස්සුනා .. ...අග්නිගෙ හුස්ම එන්න එන්න ඉහල පහල වෙන වේගෙ වැඩිවෙනකොට රාහු ඇවිදින් හද ගිලගන්න ලගයි කියලා මගෙ අග්නිගෙ කන් වලට කෙදිරුවද කොහෙදෝ අග්නිගෙ ආලිංගන හින්දම ගම්මිරිස් ඇට කිය කිය ලැජ්ජා කරපු තනපුඩු රතු පාට වෙන්නම ඉදුනු කෝපි ඇට හා සමානව උඩට ඉලිප්පිලා තිබුනා....

සෘංගාරය විදින්න පුලුවන් එකෙත් උපරීමෙටම විදින්න පුලුවන් කමක් තිබුනත් අල්ලන්න තහනම් උන ඇස්වලට නොපෙනන ස්පර්ශයන් විතරක් දැනෙන මගෙ අග්නි එන්න එන්න උනුසුම් වෙන්න ගත්තා ....සමහර සිප ගැනීම් මගෙ ඇස්වල කදුලු නාලිකා පාදවන්න ගත්තා ...දෙපරැන්ද මැද තියන හැගීම්.උත්සන්න කරවන එකම තැන අග්නිගෙ කෙලවලින් නෑවිලා යනකොට මට දරන්නම බැරිතැන මගෙම අතක් හපා ගත්තා ....

අනේ දෙවියනෙ...මේක බාගෙට මැරෙන සුරතාන්තයක් ...

අනේහ් ..අග්.....නීහ්....

සංසාරෙත්... එක්ක.....එපා.....වෙනවා...

මාව වෙව්ලුවා ...මාව දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ වෙව්ලුවා ...මටදැනුනා බෙල්ල දෙපැත්තෙ නහර වැල් ඉලිප්පිලා කෙන්ඩයක් පවා පෙරලිලා යනවා ....

ආදරේට වෙව්ලනවා .....අහලා තියනවද ...

සංසාරෙම එපා වෙනවා අහලා තියනවද....හති වැටෙනකන් ගෑනු කලවා මැද උඩ පනින හැම ආදරනීයම මිනිහෙක්....වචන පරිස්සමෙන්....මන් කිව්වෙ ආදරනීයම මිනිහෙක් කියලා.....හැමදාම ආදරේට වෙව්ලලා ගිහින් අවසානෙදි මැරුන මලකදක් වගෙ තත්පර ගානක් ඉදලා "සංසාරෙතෙක්ක එපා උනා"කියන වචන ටිකම එලියට දානවා නම්.....ඒ ගෑනි මිනිහව ගෙනියන්න පුලුවන් උපරිම තැනට ගෙනිච්චා ....අහන් ඉන්න උන්ට සංසාරෙත් එක්ක එපා උනා කියන්නෙ වචනයක් උනාට මං වගේ එකෙක්ට....ආදරෙත් එක්ක වෙව්ලන උන්ට සංසාරෙත් එක්ක එපා උනා කියන්නෙ එක ගහලා දෙක ගහන්ඩ පනක් නෑ වගෙ....

අග්...නී...අනේ....මගෙ....අග්....නීහ්.....මාව...මාව...තුරුල්...කර...ගනින්....අග්...නීහ්...

මන් වෙව්ල වෙව්ල එයාට මාව තුරුලු කරගන්න කිව්වා .....අමුසින්හලෙන් කියනවා නම් ...විශ්ව දන්ඩට යටින් එල්ලු අහවල් දෙක සම්පූරනම හිදිලා ගියා වගේ දැනුනා...සර්වාංගෙම තිබුන දේවල් එලියට විද්දවනකොට මන් දරාගන්න බැරිම තැන කොන්දෙන් පවා ඉස්සිලා යටි තොල් හපාගන කෙසෙල් ගහක් වගෙ කඩන් වැටුනා

මං අග්නිට මාව තුරුල් ලර ගන්න කිව්වා ...

.

රන්තැටියක් වගෙ කහපාටින් දිලිසුන හද අග්නිගෙ ඇස්වල පාටට හැරෙන්ඩ ලංවෙන හන්දමද කොහෙද අග්නි වෙව්ල වෙව්ල උන්න් මාව යට කරගන මගෙ බෙල්ල ගාවින් මූන ඔබා ගත්තා කියන එක මට දැනුනා.....මට අග්නිව දැනුනා ....මට අග්නිගෙ ඇගේ තිබුන රෝම කූපයක් ගානෙම දැනුනා.....මට අඩන්ඩ වෙයි කියන දේ පපුවට ඕනාවටත් වඩා අග්නිගෙ කලවයන් මැදින් දැනෙන උනුසුම දැනෙන්න දුන්නා.....

අග්නි නොසන් සුන් උනා....හද දැක්කම නොසන්සුන් වෙනවෘකයෙක් හා සමානවම .....අග්නි වෙනස් උනා.....ඒ ඇග එන්න එන්නම ගිනියම් වෙනකොට මෙච්චර වෙලාම එයාව අල්ලන්න තහනම් වාරනදාපු අග්නි මගෙ අත් දෙක අරන් මට නොපෙනන එයාගෙ උරහිස් උඩින් තියාගන මෙච්චර වෙලාම එකට පූට්ටු කරන් උන්න මගෙ කලවයන් එයාම කකුල් වලින් ඈත් කරවගන මගෙ කන ගාවට පහත් උනා.....

"උඹට මන් මැරෙන්ඩ තරම් ආදරෙයි මගෙ ශිවන් .....තව හුස්මක දුරයි තියෙන්නෙ....උඹ පැනලා ගියෝතින් ....උඹත් ඉවරයි ...මාත්...ඉවරයි...මං....උඹට.....පපුව....පැලෙන්....න.....ආ.....ද.....රෙ...යි....."

අනේ.....හ්....අග්...අග්....නීහ්.......!

පාටපු හද ලේම ලේ පාට වෙනකොට දාපු ඇදරෙද්දත් අනිවාර්යයෙන්ම ලේ පාට වෙන්න ඇති.....

මන් උඹට මැරෙන්ඩ තරම් ආදරෙයි මගෙ ශිවන් කියපු අග්නි හද ලේ පාට වෙනවත් එක්කම කියපු වචනයක් වචනයක් ගානේ හෙමින් හෙමින් ඇතුල් වෙන්න,අරන් අවසානෙදි මන් උඹට පපුව පැලෙන්ඩ තරම් ආදරෙයි කියන වචනෙ දත් මිටි කාගන අකුරෙන් අකුර ඇද ඇද කියන ගමන් අග්නිගෙන් සම්පූරනම ශිවන්ව පුරවනකොට මගෙ ඇස්වල තිබුන කදුලු වේල්ල කඩාගන ගියා ....

මං කෑ ගගපු කෑ ගැහිල්ල සක්වල ගලටත් එහා ඇහෙන්න ඇති...මට දැනුන වේදනාව දරුප්‍රසූතියකටත් වඩා අන්ත උනා .....දැනුන වේදනාවට යටි බඩ පුපුරන් යයි කියලා හිතෙනකොට මගෙ ඇග උඩ උන්න අග්නිව පෙරලන් දුවන්ඩවත් මට හයියක් නැහැයි හිතුනා .....

මෙච්චර වෙලාවම ආදරේට වෙව්ලපු මාව ඊලග තත්පරේදි වේදනාවට වෙව්ලනකොට යටි බඩ ඇතුලෙන් වෙන පෙරලිය මොකක්ද කියන්න මට තේරුම් ගන්න තියා අග්නී හ් කියන්නවත් පනක් නැති උනා...

හද ලේම ලේ පාටයි.....එයා කල් යල් බලලා එයාගෙ පතිවත බිදගත්තා....ඇස්වලින් වැටෙන්නෙ කදුලු කැටද ලෝදියද හොයන්න බැරි වෙනකොට මන් ඒ උරහිස් වල එල්ලීගන ඉකි ගැහුවා..මට වේදනාවයි දෙයියනේ..... ....ඇදේ ලී පටි පුපුරලා යන සද්දෙ පවා මගෙ කන්වලට ඇහුනා....

තත්පරයි...දෙකයි....තුනයි....ගිනියම් උන හුස්ම තවත් ගිනියම් වෙනකොට අග්නි ඇගේම බර එයාගෙ දනහිස් වලට දීලා එක අතකින් බිත්තිය අල්ල ගත්තා .....එයාට ඇද විට්ටමෙ හයිය ගැන සැකයි නම්...අනෙ දෙවියනේ..

අග්.....නීහ්....මාව.....

"මැරෙන්නෙ නෑ...මරන්නත් බෑ...සක්කරයගෙ පුතා වයිමා විතරනෙවෙ ...සක්කරයා පවා ඒකගෙ පුටුවෙන් බැහැලා ආවත්.....අග්නිගෙ ශිවන්ව....අග්නිගෙන් උදුර ගන්න ඒකට නෙවෙ...ඒ කාටත් බෑ .....උඹ මගෙ ....උඹ මගෙ.....උඹ මගෙ කියන්නෙ උඹ මගෙම විතරයි.....මගෙ ශිවන්.....උඹ...අග්නිගෙ අමරේන්ද්‍රන් ගෙ නමට ලියවෙලා ඉවරයි මගෙ ශිවන් ...උඹට මන් ලෝභයි....උඹට මන් ආදරෙයි .....මැරෙන්ඩ තරම් වේදනාව දැනේවි ....ඒත් ඉවසපන්.....ගින්දර වගෙ ධාතු යටි බඩ බිත්ති පුච්චනකන්.....උඹෙ අග්නිගෙ ආදරේ ඉවසපන් ...කල්පයක් තිස්සෙ උඹ වෙනුවෙන් බලන් උන්න අග්නිව දරාගනින් මගෙ ශිවන්...ආදරේට වෙව්ල්ලා වැටෙන තැන වෙනකන් ඉවසපන් ....."

එයා මන් කියන්න ගිය දේ මගින් නවත්තලා එයාව මගෙන් කාටත් උදුරගන්න බෑ කියන ගමන් හෙමින් හෙමින් උස්පහත් වෙන්න ගත්තා .....කල්පයක් මන් වෙනුවෙන් බලන්උන්න අග්නිව දරා ගන්න කියපු අග්නි ඉස්සරහට පස්සට වෙන්න ගත්තා.....

මගෙ අග්නි ඉස්සරහට පස්සට වෙනවා ...පන නැති කලවයන් ඒ ඉන,වටේ ඔතා ගන්නවත් පන නැතිව දෙපැත්තට වැටිලා තියනකොට එයා එක අතකින් මගෙ වේදනා දෙන කලවයන් පරි මැද්දා...

අග්නි පැද්දෙනවා ....මගෙ පපුව ගැහෙනවා .....පුපුරලා යන තරමට ගැහෙනවා .....මගෙ අග්නි ඉස්සරහට පස්සට යන වාරයක් ගානෙම මාව පරඩැලක් වගෙ ඉස්සරහට පස්සට යනකොට මන් අහසෙ පායපු හද දිහා වගේම කන්නාඩි මේසෙ කන්නාඩියෙන් අපි දිහා බැලුවා .....ඉස්සරහට පිටිපස්සට විසික් වෙන මාව වගේම එහා මෙහා වෙන ඇද රෙද්දක් කදුලු අස්සෙන් පේනකොට අග්නිගෙ උනුසුම මගෙ කලවයන් මැදින් යටි බඩ ඇතුල් බිත්ති රත් කරනකොට අග්නි මට ආයම පාරක් මම උඹට ආදරෙයි මගෙ ශිවන් කිව්වත් මට ආදරෙයි කියා ගන්න බැරි උනා.....මගෙ කට පන නැති උනා...

වේදනාවෙ තරම කොච්චරද කියන්න මට මේලෝකෙ වචන පවා මදිවෙද්දි ඒ උරහිස් උඩ පැටලිලා තිබුන අත් දෙකම පහලට කඩන් වැටෙනකොට වැහුන ඇස් පියන් වලින් අග්නිගෙ වේදනාත්මක ආදරේ වෙනුවෙන් කදුලු වැටුනා.....රාහු ගිලපු හද එලියට දැම්මා....පුපුරපු ඇදන් පටිවලටත් කට උත්තර නැතිව ඇද කකුල් හතර හතර පැත්තට කඩාගන ඇද මෙට්ට පිටින් බිම වැටුනා...

උතුරන්න ඇදරේ පපුවෙ හිරකරන් මං වෙනුවෙන් බලන් ඉදලා කල්පෙකට පස්සෙ ලා පාට ඇද රෙදි රතු පාට කරගන යකෙක් වේදානවෙන් සිල් බිදගත්තා....

*

*

*

*

*

*

ජොබියා නිදහාස්...!!!!

යකො ...අතට යකෙක් ගැහුවා වගෙ.....වචන හයදයි යකෝ...🥺

කායියයිව මැරෙන්ඩ එන්නෙ.....මගෙ පුතාත....මගෙ පුතාත....මාන්සි හැදිලා...ම්හුක්...🥺

ජාපියව් කොමඩ් එකාක්.....

ම්හුක්...පුම්චි පැතියත සත්තිය නෑ...

ආය....හෙච...මේ ලමයා බයියන්ඩ යන්නෙ...ඔය ලමයිනුත්....බයි....යන්..ඩෝ....

Ferdeesha ❤️💚😘 ..

More Chapters