Cherreads

Chapter 40 - 40

මම ඉක්මනට මර ලතෝනි ගහන මනුස්සයා ගාවට දිව්වා.....එකගෙ පිට කොන්ද රතු වෙලා...ලින් ගැට්ට වැදුන පාරට තඩිස්සි වෙලා....කෑගන මනුස්සයා උන්නෙ මුනින් අතට වෙනකොට මම ඒකගෙ පිට මැදට ඇගිලි තිය තිය බැලුවා.....ආයම ඇගිලි තද කෙරුවා...මහා ලොකුවට දැනුම නැති උනත් දෙයියනේ කියලා මුල් පඩි නැගගන්න මට පුලුවන් වෙනකොට මම ඒකගෙ මස තැලිලද ඇට බිදිලද කියලා බලන්න අල්ලනකොට අරූ සක්වල ගල හෙලවෙන්න හූ තිබ්බා....

මගෙ ....අම්මෝ...හ්හ්හ්හ්...අනේ....බුදු....සන්තෝ.....හෙමින්...හෙමින්...අල්ලපියාව් .....හෙමී..න්න්.....අනේ.දෙයි....යා....හ්හ්...

මම කොන්ද මැද අත ගගා තද කර කර කොතනද වැඩි පුර රිදෙන්නෙ කොතනද වැඩි පුර රිදෙන්නෙ ගගා අහනකොට මූට කියන්න තැනක් නැති උනා....

කොහෙද උඹලගෙ වැඩු පුරන රිදෙන්නෙ...මෙතන....

ආඅ...ව්හ්....අම්මා....ඔව්....අයියො....මට..බෑ...කැක්කුමයි....කැක්කුමයි.....

මෙතන...මෙතන....

මගෙ...සර්වාංගෙම ...කැක්කුමයි....අප්පා...අයියො....ඉහින් ..බහින ලෙඩක් තිබුන් නෑ...අයියෝ.....හ්.....

"ම්ම්...ඇත්තට....උඹට ඉහින් බහින ලෙඩක් තිබුන් නෑ හැබැයි....උඹ ලෙඩ හැදෙන තැනට වැඩ සිද්ද කරගත්තා ...ඒකයි උනෙ...."

දෙයියනේ...අග්නී....

" ඇයි උඹට අමාරුද.....අම්මා අප්පා ඇරුනම...මට උඹ දිහා වෙන උන් බලනවටත් ඊරිසියයි ශිවන්...ඇස් ගලවන්ඩ තරම් කේන්තියි.....මුගෙ ඇට බිදිලා නෑ....තෙල් ගාලා පහතට අත තදකරලා අතගාපන්...ඇගේම බර අතට දීපන්....හරි....අන්න එහෙමයි තෙල් සාත්තුව ...උඹගෙ පිට පලනවා හුරතලේට අතුල්ලන්ඩ ගත්තොතින්...."

දෙයියනෙගෙ පිහිටයි ..මේකගෙ ඇට බිදිලා නෑ ....ඒක මටත් දැනුනා..මගෙ අග්නිත් කිව්වා...හැබැයි මට දන්න සාත්තරේ වත් සැනසීමෙන් කරන්න බැරි වෙනවා....අග්නි පිටිපස්සෙන් ඉදන් පුපුරන පිපිරිලි වල හැටියට අවංකවම මට බය හිතුනා..එයාගෙ කටහඩ අස්සෙ තෙතමනයක් ගෑවිලා වත් නෑ.....හෙමින් හෙමින් හුරතලේට අත ගෑවොත් මගෙත් පිට පලනවා කිව්වා....

පිට පුරාවටම තිබුන එක එක කුඩු ...දූවිලි කුනු අයින් කරන්න මම කපු පුලුන් අරගන ඒකගෙ පිට පිහ දැම්මා..මොකට කියනවද මූ හත් දොහකින් නාලා නැද්දො මන්දා....පිට පිහදපු පුලුන් කුට්ටිය කලු උනා...

"ගනින් තෙල් ඩිංගක් අතට.....දෙයියනෙ බුදුනෙ කියලා සාත්තුව පටන් ගනින්....ඔව්වා ආවට ගියාට බෑ...හෙද කමෙ එක්ක දෙයියො බුදුන්ගෙ පිහිටත් ඉලලා දෙයියන්ගෙම පිහිටයි කියාලා අත බර කරලා අතුල්ලපන් උඩ ඉදන් පහලට .. .."

එයා මගෙ පිටිපස්සෙන් ඉදන් එකින් එක කියනකොට මම එයාගෙ වචන වලට කීකරු උනා...එයා අරහෙම මෙහෙම කරන්න අතන මෙතන තද කරන්න ගගා කනට කොදුරනකොට මම අතට තෙල් අරන් දෙයියො බුදුන් සිහි කරලා අත තද කරලා උඩ ඉදන් පහලට අත ගානකොට මගෙ අග්නිට මගෙ අතේ හයිය මදියි කියලා දැනුන තැන එයා අතගැහුවා විතරයි අරූ මැරුන් නැති ටික විතරක්ම උනා... ...

.අග්නී ..අනේ මෙකා මැරෙයි අග්නී...

මට අග්නිව නවත්තන්න ඕන කම තිබුනත් වෙද ගෙදර අම්මගෙ සහෙට එන අනිත් උන්දැල ඉන්නකොට මට මොකුත් කියා ගන්න බැරි වෙන්කොට අග්නියා අර මිනිහගෙ ඇට කටු ගැල වෙන්න ඇතිල්ලුවද මන්දා....

"දැන් හරි ..මේකට වරුවක් අතගාවගන්ඩනේ ආසාව තිබ්බෙ...ඔන්න මං වරුවෙන් අත ගාන්ඩ ඕන එක හෝරාවෙන් අත ගෑවා...මේකට තව දෙදෝහකින් එන්ඩ කියාපිය...ගාන්ඩ තෙල් මොකුත් නෑ...තැල්මට වේදනාව යන්ඩ ගුලි තියනවා ඇල්මැරුන වතුර එක්ක බොන්ඩ කියාපන්....තිව ඔය කොන්ද වක ගහලා ඉන්ඩ එපාය කියපන්...බුදියනකොට ඇදන් වල අරහෙ මෙහෙ නැතිව තනි කට්ට පොලවෙ බුදියගන්ඩ කියපන්...ඇරත් මේකට සෙමද කොහෙද බඩ පුක ඈරුවට මුගෙ ඇග සෙම ගුහාවක්....කැහි කුයිලෙ නහයට ගහනවා....කොන්ද හොද උනාම ඒක බලමුකො....දැන් මම කියන්ඩ කියපුවා තිදොල් නොවි අකුරක් නෑර කියලා ...වෙද ගාස්තුව කීයද ඇහුවොත් ...උඹෙ ගාන නොකියා...උන්ට දෙන ගානක් දෙන්ඩය කියපන්.....මොකද උඹගෙ අම්මා ගාස්තුව ගන්නෙ මෙ වැඩ කරන උන්ගෙ පඩි නඩි වලට මිසක්කා වෙන දේකට නෙවෙ..හිත සතුටින් දෙන දෙයක් නම්.එහෙමයි..නැතුව උඹට බෑ සාත්තරෙට මිලක් කියන්ඩ...තේරුනාද...."

මම නෙවෙ මීක් ගෑවෙ...මෙතන උන්නෙ වෙනස්ම අග්නිකෙනෙක්...මගෙ ආදරනීය අග්නිවත්.....පොල්බෑවට රන්ඩු වෙන අග්නිවත්...මගෙ පුංචි එකාගෙ අග්ගියවත්....කොටිම්ම පිස්සු හැදෙන තරමට ආදරනීය වෙන ආදරනීය අග්නි නම් නෙවෙ...මෙතන උන්නෙ වෙනත්ම ජාතියෙ අග්නියෙක් වෙනකොට එයා මට අරක කරන්ඩ...මේක කරන්ඩ කියනකොට මම වයින් කරපු බෝනික්කා වගේ එයා කියපු එකක් නෑර කියනකොට ලෙඩාව උස්සන් ආව උන් හරි යටහත් පහත්ව අහගන උන්නා...

" මැනිකෙ...කියාපන් ඕකට...ඉහින් බහින රෝග නැති තැන එක එක බොරු මවලා කට වරද්දගන්ඩ එපය කියලා...."

අනේ...අග්නී....

එයා මට අනිනවා.....එයා බෙහෙත් කෙරුවා උනත් ඒ මිනිහව කන්ඩ බලාගන උන්නෙ...මට බය හිතුනා වැටකඩුල්ල පනින්න කලින් ඒකව ආයම උස්සලා පොලවෙ ගගාවි කියලා...ඒක හන්දා අග්නි කිව්වෙ මොනවද....අන්න ඒ හැම දේම මම අකුරක් වත් අඩු නොකර කිව්වා....කට වරද්දවගන්ඩ එප කියන එක සිය පාරකට වඩා කියලා ඒකව මම පිටත් කරනකොට මගෙ වම් කම්මුලට අග්නිගෙ සීතල හුස්මක් වැදුනා...

" අන්න ඒ බය තියාගනින් ශිවන්....ආදරෙන් උන්නට...විහිලුවක් තහලුවක් කෙරුවට අමතක කරන එපා මම යකෙක් කියලා...උඹලගෙ උන් කියනවනේ...කැලේ මාරු උනාට කොටියගෙත් මොකක්ද මාරු වෙන්නෙ නෑ කියලා ...අන්න ඒ වගේ තමයි මේ අග්නිත්...උඹගෙ ඇගට අත තියන්නෙ මොකාද...මං පන්න පන්න පලිගන්නවා....ඒක මගෙ හැටි ....ආයා ආය අහන්ඩ එපා ...."

මට.දෙන්ඩ උත්තර නැති උනා....එයා ආයම යන්න යන හැටි විතරක් ගහකොල හෙළවෙන විදිහෙන් හොයාගත්තු මම අනිත් අය එක්ක බෙහෙත් අඹරන්න...සාම්බ්‍රානි කොටන්න ඉගන ගත්තා..මං බලාගත්තා.....පූසා පස්සෙ ගියපු චුට්ටන් ආයම ආවෙ හෝරා දෙක තුනකුත් පහු වෙලා වෙනකොට සාම්බ්‍රානි කැට දැකලා ඒකගෙ මූන ඇකිලිලා ගියා ..

මේ ගෝනියම කුඩු කරන්ඩ ඕනද දැන්...

නැතුව ...කුඩු කරපන්...උඹට මාසෙ අන්තීමට අම්මා ගානක් මිටමොලවනවනේ....

ඔව්..ඔව්...ඒක හරි...ඒ උනාට මේ සියුමැලි අත් දෙකය ඔව්වා බර වැඩි නැත්ද අප්පා.....

සියුමැලි කියන්නෙ ...උඹ ගෑනියෙක් නෙවෙනෙ...පිරිමින්ට තියෙන්ඩ ඕනා ගොර හැඩි අත්.....

ඔව්වා බොරු කතා...දැන් අපේ ලොක්කක්කට තියෙන්නෙ සියුමැලි අත්ද...ඒකිගෙ අත් දෙක කිඹුල් හමක් වගෙ...ඇවිදිනකොට දහ දෙනෙක්ට ගහගන්ඩ වගේ ...

හා...හා....ඇති ...උඹටත් කාට හරි ඇදයක් කියන්ඩ තියනව නම් කන්ඩ ඕනෙත් නෑනෙ...කොටපන් ඕක...ඔච්චරම තමා කරන්ඩ දන්නෙ ඒකත් කරන්නෙ හොරට ...

මම ඒකගෙ හොර මූන දිහා බල බල බෙහෙත් මුල් වගයක් කපන්ඩ ගත්තා ....සාම්බ්‍රානි ...මෝර ගුලි...කැහි පැනි....ඉස් හොරි වදේට මූනෙ කුරුලෑවලට බඩේ කොරේට....වගේ පොඩි පොඩි ලෙඩ වලට බෙහෙත් දුන්නට අම්මා නැතුව ලොකුදේවල් වලට අපි අත නොගහා උන්නා ඒවල හරිම කිරුම් මිනුම් දන්නෙ අම්මා විතරක්ම වෙනකොට සමහරු මදන මෝදක ගන්ඩ ඇවිත් උන්නා ....පුලුවාන් තරම් සිගරට් උරවල උරවලා පුරුශ ශක්තිය හිදුනාම ගෑනු එනවා හූල්ලගන .....අවසානෙදි ඒකගෙ ජීවිත කාලෙම බීපු බෙහෙත් වලට වඩා ඒකට් ආයම ගුලි තොගයක් ගිලින්ඩ වෙන්වා...ඇයි ඉතින් සිංහල වෙදකම කරන්ඩ ගන්නකොට ඉංග්‍රිසි බෙහෙත් වගේ නෙවෙ.....යට ගහලා තියන හැම ලෙඩක්ම උඩට ගහනවනෙ.....ඒකනෙ සිංහල බෙහෙත් ගන්ඩ එන උන්ට සෙම හැදෙන්නෙ...අරිශ්ට ගහන්නෙ ...

මිනිස්සු එකා දෙන්නා..එකා....දෙන්නා.ඇවිත් ඇවිත් යන්ඩ ගියා.....දහය පහු වෙනකොට රනවරා මුට්ටි කොල කැද මුට්ටි හිස් වෙලා යනකොට කොලකැද රනවරා කටේ නොගහන චුට්ටන් විතරක් ඌට බොන්ඩ කියලා තැඹිලි ගෙඩියක් කඩාගන බීලා ඒකෙ ලොදෙත් කාලා කහටත් කාලා දත් ඇන්දෙම කහට බන්දන් උන්නා....තිසා හාම්ට වත් නැතුව ඇති එහෙම දත් කූට්ටමක්....

අයියෙ ...අයියෙ .....

මම උන්නෙ සුදු හදුන් පෙති කිර කිර...කුරුලෑ ආවාම සුදුබ්හදුන් පෙති ගානවනෙ....සුදු හදුන් ග්‍රෑම් සීය...පනහ....දෙසිය පනහා...ඔය වගේ පොඩි පොඩි පැකට් ගෙදරම හදනකොට අනිත් මිනිස්සු කන බොන කන් මම සුදු හදුන් පෙති කිර කිර පැකට් වලට දානකොට වැට කඩුල්ල ගාවින් ආව කටහඩත් එක්ක ඔලුව උස්සලා බැලුවා...

අද හරි ..මේකිටත් අද කොන්ද නැතිව තමා යන්න වෙන්නෙ....දැහැමිනියා...මුන්ට අද වැඩ නැද්ද.....මම මොකටත් කියලා අපේ කාමරේ පැත්ත බැලුවා...අග්නි ඉන්නවද කියලා....ඇරුන ජනෙල් පියන් ගාවින් කිසිම හෝඩුවාවක් හම්බුනෙ නැතිකොට මම වටේම විපරන් කරලා බැලුවා....සැනසිමයි...අග්නි නෑ...

මම කෙල්ල දිහා බලලා ඇයි අහලා ඒකි එනවත් එක්කම මීට තත්පර අරිකාලකට උඩදි දැනුන අර සැනසීම එකාම එක දශමෙකින් කුඩි පට්ටම් වෙලා ගියා....

දෙයියනේ අග්නී.....

අග්නි ඉන්නවා...එකට ඇකිලුන ඇහිබැම රවාගත්තු මූන.....වහලෙ උඩ මුදුන් උලුකැට පේලිය උඩ ඉදගන කෙල්ල දිහා බලන් උන්නා....මට බය හිතුනා මේකා උලු කැටේකින්වත් දැහැමිනියට කෙලලා අරීවි කියලා ....

අයියෙ...

කියන්ඩ දැහැමිනි...අද වැඩ නෑ...දේවාලයක් දැම්මා දැම්මා කිව්වට අපි ට එන්ඩ වත් බැරි උනා....

" ඇත්තට හරි පව්....ඇයි උඹ ගිහින් ආවේස වෙලා පිනට නටන්ඩ වෙන්ඩ ඇතිනෙ....?"

මම මට දැනෙන හැගීම අමුතුවෙන් කියන්න ඕන නැතිව ඇති ....දැහැමිනි එනවා එක්කම අග්නි ලගට ආවා...මෙතනින් පස්සෙ මම හරි පරිස්සම් උනා...මගෙ එකම එක වචනෙකින් එක්කො දැහැමිනි...නැත්තන් මම.....

වෙදහාමිනෙ නැන්දා නැති හන්දා අද ලොකු අම්මට ඉහ ගහන්ඩ බෑ..මෙහෙන් හැරිලා එන ඔක්කෝම එහෙ නවතින්නෙ.....

" අහපන් ඒකිගෙ ලොකු අම්මා වැඩ කරන්නෙ කාගෙ වරමින්ද කියලා...."

දැහැමිනි ලොකු අම්මා කා ගාවද වැඩ කරන්නෙ....

කාලි මෑනියන්ට....

"මේකිගෙ කෙරුවාව තමා කෙරුවාව...මේකිට අද කිලිදවසක්...ඒකිගෙ ලොකු අම්මට කිව්වෙ නැද්ද දන්නෙ නෑ මේකිට අද කිලි දවසක් කියලා "

අග්නි පිටිපස්සෙන් ඉදන් මුනු මුනු ගාන්න ගත්තා ....ඒකිගෙ කෙරුවාව තමා කෙරුවාව ගානකොට මට අග්නිව දැනුනා...එයා දැහැමිනී එක්ක තරහෙන්...අග්නිගෙ හුස්මෙන්ම තේරුනා දැහැමිනීට මාස් ශුද්ධිය හැදිලා කියලා ....දෙයියන්ට මිනිස්සුන්ගෙ දාඩිය කුයිලෙ පවා අරහන් කියලා තියනව එහෙම එකෙ මේකි දේවාලෙ අස්සෙ රිංගනවද....අපේ අම්මා එදාට පහන තියවන්නෙත් අප්පච්චි මම ලව්වා...දෙවියන්ට මේ කුයිල අරහන් උනාට යක්ශ පෙරේතයන්ට මේ කිලි මනාප වෙනවා ...

"මැනිකෙ...ඕකිව පිටත් කරන්ඩ කලියෙන් අගුරු කෑල්ලක් අතට දීපන් ...එලදෙන...බලපන් මද්දහනටත් කිට්ටුයි මේකි මේ අහවල් එකක් කරනවද ?ආව කාරනාව අහලා ඉක්මනට පිටමං කරපන් ...මං උඹ එක්ක ජීවත් උනාට අනිත් උන්ට වහ වැටෙන්ඩ පුලුවන් ...."

එයා බනිනවා ....එයාගෙ තරහව සාදාරනයි...ඒ තරහව...ඇත්තටම සාදාරනයි....ගෑනුන්ට කිල්ලට අහු වෙනවා කියපුවාම සමහර මිනිස්සු හිනා වෙනවා . හිනා වෙන එකේ වගේම නොවෙන එකෙ දෙපැත්තක් තියනවා ....මිනිස්සු කිලි කිලි කියලා වචනෙට කිව්වට මිනිස්සුන්ට හරියටම කිල්ල කියන්නෙ මොකක්ද තේරුමක් නෑ...ප්‍රධාන කිලි වර්ග තුනක් තියනවා ...

මළ කිල්ල

කොටහළු කිල්ල

වැදූ ගෙයි කිල්ල...

මේ තුන ප්‍රදාන කිලිවලට වගේම තවත් අනු කිලි තුනක් තියනවා

මාසික ඔසප් කිල්ල

ආහාර නිසා ඇතිවෙන කිල්ල

සොහොන් කිල්ල...

ගෑනුන්ට මාස් ඔසප් කාලෙ පටන් ගත්තම දේවාල කෝවිල්‍ යන්ඩ අකැලයි.....ඒ දවස් වලට ගෙදර ගුප්ත විද්‍යා ආරක්ශා කරන එක අදුන බලන එක අලුතින් යන්ත්‍ර දාන එක අකැපයි....දෙවියො මේ කුයිලෙට අකමැති උනත් යක්කු පෙරේතයො මෙ කුයිලෙට මනාපයි...උන් කරන්නෙ මේ කිලි කුයිලෙන් උන් උන්ගෙ බඩගින්න නිමා ගන්නවා ...උන්ගෙ පස්සෙන් එනවා....ඒ හන්දා තමයි කියන්නෙ ඉරමුදුන් වෙන වෙලේ...ගොම්මන් මැදියම් සමයන් වලදි හතරමං හන්දි තුන්මන් හන්දි වල තනියෙන් යන්ඩ එපා කියන්නෙ ...මොකද යක්කු මෙහෙම කිලිවලට මනාප වෙන්නත් හේතුවක් තියනවා කියලා සමහර මන්තර වලත් තියනවා...

දැන් කාලෙ වගේ සනීපාරක්ෂක තුවා ඒ කාලෙ තිබුන් නෑ...ඇන්දෙ රෙදි කඩක්....මේ රෙදි කඩට කිලි කඩ කියල තමයි කියන්නෙ.....යක්කුන්ට සමහර වෙලාවල් වලදි බිලි පූජා පුලුටු පූජා තියනකොට මේ ලේ ගෑවුන රෙදි කෑලිත් තියලා තියන්වලු....එහෙම තියන්නෙ වෙන මොකටත් නෙවෙ යක්කු පෙරෙතයො ගෙන්නගන උන්ගෙන් වැඩ ගන්න...මේවා තියෙන්නෙ මන්තර සාහිත්‍යයෙ...ගෑනුන්ට එහෙම වෙද්දි පිරිමින්ටත් කිල්ලක් අහු උනා....ඒ ගැන කියනවා නන් පිරිමි ස්වයං වින්දනේදි කිල්ලට අහුවෙනවා හැබැයි මේක සුලු කිල්ලක් කියලා කියන්නෙ....ඒත් මේක සමහර ගුරුකම් එහෙම සුලුවෙන් තකන්නෙ නෑ...ගුරුකම් ශිල්පයෙ තියනවා ලාංකේශ්වර උතුම් මහා රාවණා රජ්ජුරුවංගෙ කාලෙ ඉදන් පැවත එන ගොඩාක් බලගතු ගුරුකම් වර්ගයක්..."ගුරුළු ගුරුකම්"කියලා මේක කෙරුවොත් ටක්කෙට්ටම ඒකට අදාල හොද හරි නරක හරි අනිවාර්යයෙන්ම වෙනවා...තව එකක් තියනවා "රිදදි" ගුරුකම් කියලා ....මේ ගුරුකමත් හුගාක් බලගතු ගුරුකමක්....මේ දෙකේම පිරිමි කිල්ල ගැන කියවෙනවා ...ගුරුකම් කරන්න කලින් පිරිමි කිසිම ලිංගික ක්‍රියාවක් කරන් නැතිව පේ වෙන්ඩ ඕනෙ...ඒ වගේම ගුරුකම් කරාට පස්සෙත් කාල සීමාවක් තියනව ඒකෙන් වැලකිලා ඉන්ඩ ඕනෙ..ගුරුලු ගුරුකමේදී ඇදුරා හරියටම පේ උනේ නැති නම් මැරිලා යන්න පවා ඉඩ තියනවා ....ඉතින් ඔහොමයි ගුරුකම් වල විස්තර ඒකයි මගෙ අග්නි කොයි වෙලෙත් මාව මරන්ඩ හදන්නෙ....ඒකයි එයා එදා මගෙන් පිටවුන පිට පැනපු එක ධාතුවක් පවා ගිලගත්තෙ...

මං දැහැමිනී දිහා බැලුවා ..මේකි කිලිපිටින් වැඩ කරලා උන්ගෙ ලොකු අම්මටත් වස් වද්දන්ඩ තමයි.....

දැහැමිනී ඔයා ආවෙ....

අනේ අයියෙ මට සීනක්කාරන් කැට දෙක තුනක් තියනවා නම් දෙන්ඩකො ....ගෙඩදර සීනක්කාරන් ඉවරයි .....

දැහැමිනි සීනක්කාරන් ඉල්ලනවා..මං මොකටත් අග්නි දිහා බැලුවා...තිබුනා හෝ නැතා එයාගෙන් නාහා දීලා මට මෙතන මැරුම් කනවට වඩා හොදයි එයාගෙන් අහන එක.....එයා එදා ලුනු දෙන්න එපා කියපු දා ඉදලා මම හරි බය උනා ...නොහිතා මනුස්සකමට දෙන දේවල් වලට උනත් අද ඉන්න මිනිස්සු ගුරුකම් කරලා ආපිට දෙනවා....ඉතින් කොහොමද විස්වාස කරන්නෙ ....

අග්නි දිහා බලපු මම එයාගෙන් උත්තරයක් හෙව්වා තත්පර ගානක් දෙකක් උන්න එයා අවසානෙදි ඔලුව වනනකොට මම උරේකට සීනක්කාරන් කැට දෙක තුනක් දාලා දුන්නා....

මේක මේ ඇස් වහක් පුච්චන්ඩද ...

ඔව් අයියෙ .....ඇස්වහ කට වහ දෙකටම...

ම්ම්ම්...

ඒකි සීනක්කාරන් උරේ ගත්තා .....සීනක්කාරන් වලින් ඇස් වහ කට වහා පුච්චනවා නම් ඒ කැටේ මුලු සර්වාංගෙම අතුල්ලලා දුම් කබලට දාන්න ඕනා...අවසානෙදි අගුරු උඩ පිච්චි යන සීනක්කාරම ඇහැක හැඩේට පිච්චුනෝතින් ඇස්වහා...කටක හැඩේට පිච්චුනෝතින් කට වහ .....

පුංචි එකා නිදිද අයියෙ . අනේ..කොලු පැටියව දැක්කෙත් නෑ...ආවෙත් හදිස්සියෙ...ලමයට විස්කෝතුවක් වත් ගේන්ඩ බැරි උනා..පව් අප්පා...කො දැන් පැටියා නිදිද .මට ඒකගෙ මූන දැක්කම.....මතක් වෙන්නෙම.."

එයා නිදි....

" ඔන්න ඔන්න...මේකි මගෙන් දැන් නම් මැරුම් කන්ඩ හදන්නෙ.....මේකිට මේ පුදුම දරු කැක්කුමක් තමා ඉහට ගහන්නෙ ...ඔය තරම්ම ලමයිට ආසා නම් වාහෙ කෙනෙක් එක්ක හදා ගන්ඩ කියපන්කො...."

මම දැහැමිනිගෙ කතාව මගින් නවත්තන්ඩම උත්තර දුන්නා..මොකද මට පිටිපස්සෙන් ඉන්න බෝම්බෙට ළමයා ගැන මං ගැන අහනවා හොයනවා කියන්නෙ ඇගෙන් ඇටයක් යනවා වගේ...කොටිම්ම එයා කැමති නැ මගෙ නිඛිල්ට අපේ නිඛිල්ට එයාගෙ පුතාට අම්ම නෑ කියනවට...එයා කියන්නෙම අප්පච්චි ලා දෙන්නෙක් ඇති කියලා වෙද්දි දැහැමිනී හැරෙන්නම පොල් පැලේ කන්ඩ බව දන්න අග්නි පිටිපස්සෙන් නහින කොට මම.වචන ඉක්මන් කරලා ඒකොගෙ අතට අගුරු කෑල්ලකුත් දීලා පිට කෙරුවා ...

" අපරාදෙ ඕකිට.අගුරු දුන්නෙ...අර කොප්පකොල වැවිලා තියන වැට ගාව ඉන්න පෙරේත හැත්තට මේකිව අල්ල ගන්ඩ දෙන්ඩ තිබුනේ..මෝඩ මූසලී...."

මම නෙවෙ මීක් ගෑවෙ..ඔව්වට හොද නරක කියන්න ගියොත් මටත් වෙන්නෙ දත් නැතුව බත් කන්න වෙන එක හන්දා මම පාඩුවෙ උන්නා...ඒ එක්කම නිදි කරලා තියපු පුංචි එකාගෙ කට හඩ ඇරපු ජනෙල් පියන් වලින් එලියට පැන්නා...

අප්පුච්චියේ.....හ්හ්..පුතා...ව....පුතා....ව...

ඕ...ඕ....ඕ...මේ එනවො.....

මම එලියෙ ඉදම්ම කෑ ගැහුවා...

තු...ත්තා.....න්න්න්...පුතාව...

යෝ.....හ්..මං තැඹිලි බොනවා.....

අමන්ජියේ...හ්හ්....අමන්...ජියෝ.....ව්...පුතාව.....ගන්..න....අමන්ජියෝ...ව්....

යෝ...ඉතින් දැන් දැන් කතා කරන්ඩ පටන් ගන්න මගෙ පොඩි එකා නැගිට්ටම ගමටම අඩගහනකොට මම අත්දෙක පිහිදන ගමන් ගෙට දිව්වා....අනේ එයා ඉන්නව...නැගිටලා තොටිල්ලෙ වැට අල්ලන් හිටගන එහාට මෙහාට යනවා අප්පුච්චියෙ ...ගානවා....ආය චුට්ටන්ට....ඔක්කෝටම කෑ ගහනවා....

සුදු පුතා.....

අප්පුච්චියා...කෝ....අප්පුච්චියා...කෝ.....

එයා හොයන්නෙ අග්නිව.....එයා කතා කරලා තියෙන්නෙ අග්නිට . ....

මගෙ පුතාට අප්පච්චි නෙවෙද ඕනෙ...

අප්පච්චි...තමානෙ.....

අග්ගියවත් ඕනෙද ...ම්ම්ම්...

අග්ගියවත් ..ඕනේත ..ඔව්...ඕනෙත....ඕනෙත ..තුත්තන්වත් ...ඕනෙත...අග්ගියත.....

මට හිනා ගියා....අග්නිව ඕනෙද අහපුඑයා චුට්ටන්වත් අග්නිට ඕනද අහනකොට මම කොල්ලව වඩා ගත්තා ...කලින් පාර කිරි එකක් හදවන්නම් කිව්වට හදන්ඩ බැරි උන හන්දා මෙ පාර නම් කන්න දෙන්න වෙනවා...මං ලමයව වඩාගන එන්න හැරෙනවා එක්කම අග්නි ආවා.....

මෙයාව ගන්න අනෙ...මං දවල්ට උයන්නත් ඕනා...

" අදත් පොල් ගාන්න ඕනෙද අනෙ...."

හ්ම්....එපැයිනෙ.....ඔයාට ගලා දෙන්න බැරිද ඒයි..අදට විතරක් ....

" උඹ මගෙන් පොල් ගාවගන්නවා මැනිකෙ...අනිත් උන් දැක්කම මට ලැජ්ජයිනෙ....එහෙනම් හිරමනෙ මෙතනට ගෙනත් දියන් ..උන් මට විහිලු කරාවිනෙ . .."

මෙතනින් පස්සෙ උන්නෙ ආයම අර ආදරනීය අග්නි ...අප්පච්චි කෙනෙක් වෙන අග්නි ..මගෙ අග්නි...ඊයේ ඒයි අනේ කියනකොට ලැජ්ජ උන අපි දෙන්නා අද ලැජ්ජා නොවී උන්නා....එයාට පොල් ගාන්ඩ බෑ ලැජ්ජයි කිව්වා.....ආයම හිරමනෙ ඇතුලට ගෙනත් දෙන්න කිව්වා .....වෙද ගෙදර මෙතනින් පස්සෙ අම්මා.නැති හන්දම වහලා දානකොට චුට්ටන් තැඹිලි වල්ලකුත් බාගන යන්න යනවා මම ජනෙල් තිර අස්සෙන් දැක්ක..

" අර ඇටයා තැඹිලි වල්ලම අරන් යනවා.....ඕකට කොච්චර කෑවත් ඇගකුත් නෑනෙ මැනිකෙ ....දියවැඩියාවද ඌට....".

අනෙ අග්නි...එයා පොඩි එකෙක් අනෙ....

" පොඩි ඇටයෙක්...."

පොදි...ඇතයෙක්.....කව්ත...අප්පුච්චියෙ...පොදි...ඇතයා....

" උඹ"

ම්හුක්....නානෙ.....හ්...පුතා ..නකෙක් නේ...නේ අප්පුච්චියෝ.....පුතා ..පුතා .....

ඔන්න ඔන්න පටන් ගත්තා ...යෝ....හ්...අග්නීහ්.....

ආයමත් යුද්දෙ.....අග්නියා ආයමත් පටන් ගත්තා ....පොල් ගෙඩියකුත් දීලා හිරමනෙත් උස්සන් නහයෙන් අඩ අඩ කාමරෙට ගියපු අග්නියට මන් තවත් පොල් බෑවක් දුන්නා ....

"තවත් බෑවක්....යෝහ් ...මෙන්න මේ මගුලෙන් නොගා දත් වලින් හපමුකො මැනිකෙ...."

පිස්සුද අග්නි ...දත්වකින් හපලා මං කකුලෙන් පාගලා කිරි ගන්ඩද...සමපෝශ ඕනා නම් ගාපන් නැත්තන් නෑ...

"පොල් නොදා හදපන්....මට පොල් කෑවම බඩට හරිනෑ"

අනෙ බොරු නොකියා ඕක ගාපන් අග්නි .....මං මෙතන ඔක්කොම කරන්ඩ ඕනා...

"පො...තනිකඩව උන්න නම් හොදයි කියලා හිතෙන්නෙ දැන් තමා "

එහෙනම් පලයන් ඇයි ඉන්නෙ...

"අද ඉදලා හෙට උදෙම්ම යන්නම්....මං අද ගියොත් උඹ පව්නෙ මැනිකෙන්."

උකුල උඩ ඉදන් උන්න ලමයවත් අරන් මං ගස්සගන එන්න ආවා ...මේකගෙ බොරුව....අද යන්න බැරි හේතුව වෙන මොනාද ඉතින් ...

සුදු පුතා .....කුක්කු පිටි හදන්නද...

ම්ම්ම්...

කුක්කු පිටි...මගෙ පුතාට බඩගිනී නේත....

ම්හුක් ..නානෙ ....මගෙ...පුතා නෙවෙන.....අප්පුච්චියෙ 

එහෙනම්...උඹ මගෙ පුතා නෙවෙනම් කාගෙද ...චුට්‍ටන්ගෙද...අමන්දියගෙද....ම්ම්

නානේ ...අග්ගියගෙනෙ...

යෝහ් .....උඹත් අග්ගියටම හරියනවා ...

ම්ම්ම්....

"මගෙ මැනිකෙ...."

අනෙ....අග්නි..කොල්ලට තාම නින්ද ගියෙ නෑනෙ.....

මම උන්නෙ මෙට්ටෙ උඩ....අග්නි හැමදාම වගෙ එයාගෙ පැත්තෙ... පුංචි එකාට සෙල්ලම් බඩුවක් එක්ක කියවලා තෙහෙට්ටු වෙලා ඇස් බර වෙන ගම්න් තිබුනා .....අග්නියා ලව්වා පොල් ගාවපු මට සිද්ද උනෙ අතින් මිරිකනවා වෙනුවට බ්ලෙන්ඩර් කරන්න ...ඒ මදිවට ආයම පොල් ගාන්න ..මගෙ දොන්ත අග්නියා හැම පොල්බෑවෙම මැද උලලලා වටේ තියලා තිබ්බා ...කොහොමෙන් කොහොම හරි අපෙ කුසිය ඇතුලෙ ආයමත් අග්නිගෙ ආදරේ පිරෙන්න ගත්තා .....

අග්නී....

"ම්න්...."

කෑවට පස්සෙ මට වත් ලමයටවත් ඇගක් පතක් හෝදන්නෙ නැතිව මෙට්ටෙ පැත්ත පලාතට අඩිය ගහන්න නොදුන්න අග්නි අපි දෙන්නවම නෑව්වා....පුංචි එකාව ඇග හේදුවා.....ඇගහෝදවපු සනීපෙටම සෙල්ලම් බඩු එක්ක උන්න කොල්ලට නින්ද යාගන එනකොට අග්නි හොරා වගේ මගෙ ඇගට නගිනකොට මම මිමිනුවා.....

බරයිනෙ .....

" ඉතින්...බරයි නේන්නම්...."

එයා මගෙ ඔලුව අත ගෑවා....මූන පිරෙන්නම හාදු තිබ්බා...අවසානෙදි එයා මගෙ ඇගෙන් බැහැපු අග්නි මාව එයාගෙ අත උඩට අරගත්තා....ඉතින් මං දන්න තරමට අම්මගෙ උකුල....අප්පච්චි ගෙ උරහිස වගේම සනීපම තැන අග්නිගෙ පපුව මැද වෙබකොට මම මගෙ කම්මුලක් හේත්තු කරන් අග්නිට හේත්තු උනා. ....

අග්නී.....

"ම්න්..."

මං ආදරෙයි.....

" දන්නවා ඒක..."

එතකොට මට ...මට නැද්ද....

".මම කටින් කියන්නෙ ඇයි මැනිකෙ...ඒක උඹගෙහිත දන්නවනේ...ඇයි...ඔය ගැහෙන පපුව එක පාරක් වත් උඹලට කියල නැද්ද මගෙ අග්නි මට ආදරෙයි කියලා .....ඇරත් මම ඒක නොකියා ඉදල නෑනෙ නේද ..ම්ම්ම්"

කියලා තියනවා....ඒත්

" එහෙනම්.....අහන්නෙ....."

ඒත්...මට ඕනෙ ආයම කටින් කියවගන්නනෙ...

මම එයා දිහා බලන් උන්නා...මම එයාට ආදරෙයි .....මම මගෙ අග්නිට පැලෙන්ම ආදරෙයි...මට එයා ලව්වා ආදරෙයි කියවගන්න ඕනා උනා....මම මහ බොලද උනා.....ඇත්ත..මම වෙලාවකට මගෙ අග්නි ගාව බොලද උනා....

" මං උඹට පන ඇරලා ආදරෙයි මගෙ ශිවන් ...ඒත්.....මම ආදරේ කියලා කියන්නෙ මොකක්ද කියලා...මේ තාක් දන්නෙ නෑ....මම විතරක් නෙවෙ මැනිකේ ..මේ ලෝකෙ මොනම එකෙක් වත්...ආදර්‍රෙ කියන්නෙ මොකක්ද කොයන්න හරියටම දන්නෙ නෑ...නැත්තන් ...කාලි මොන හිතකින්ද දරුවෙක් දෙකඩ කරන්නෙ...උඹලා ඔය පැල් බැදගන කවි කතා ලියන සමහර කතා රූප අස්සෙත් තිබුනෙ දුකක් විතරක්ම වෙන්නෙ කොහොමද ....එහෙම බැලුවම අදරෙ කියන්නෙ මොකක්ද කියන්න මේ කවුරුත් දන්නෙ නෑ මගෙ ශිවන්....මම උඹට ආදරේ නම්...රිදෙන බව දැන දැන ඇයි මං උඹව තලන්නෙ මගෙ ශිවන් ....ආහ්හරේ ගාවදි...සමහර වෙලාවට යක්කුත් අසරනයි මැනිකෙ"

ම්ම්ම්...

මට දෙන්න උත්තරයක් තිබුන් නෑ....එයා කිව්වා හරි.....අපි ලියන සමහර කවි කතා අස්සෙ කොහොමද දුකක් තියෙන්නෙ....මට සාජහන්ගෙ මුම්ටාස් මතක් උනා.....

අගබිසව උනත් සාජහන්ටන්තව බිසෝවරු හයක් උන්නා.....ඇත්තටම ගෑනු කැමති හැමදාමත් තනි මලක් වෙලා සුවද බෙදන්න මිසක්...මල් පොකුරක එකක් වෙන්න නෙවෙ..ගෑනු නෙවෙ....පිරිමි අපිත් එහෙමයි ...එහෙව් එකෙ....මුම්ටාස්ට ගෑනු හයක් එක්ක සාජාහන්ව බෙදා ගන්න උනා කියන්නෙ...ගෑනු හයක් උන්නා ....සාජහන් වෙනුවෙන් මුම්ටහස්ට ඉවරයක් නැතිවම ලමයිවැදුවා.....දාහතර වෙනි ළමයා වදනකොට මුම්ටාස් දාහතර එක්කම ඇස් පියා ගත්තා ....දරාගන්න ඒ ගෑනිට කොහෙද හයියක්.....දාහතරක් .....දෙයියනේ ..

දාහතරක් කියන්නෙ සුලු ගානක්ද...ඒකට ආයම අගබිසවක් ඕන් නෑ කිව්වලු...මුම්ටාස් නමට කිරිගරුඬ මාලිගාවක් පවා හැදුවා...ඒ උනත්....ඒකිගෙ මලගමේ ඌශ්නේ යන්න කලියෙන් මුම්ටහාස්ගෙ නංගිව සාජාහන් ආයම බැන්දා.....එහෙම බැලුවම....ආදරේ ගැන පැල් බැදන් කවි ලියපු ටජ් මහලත් අමු දුකක් නේද හිතෙනවා....

හිතත් තලමින් ගතත් තලමින්

දුක දුන්න හැටි මැවී පෙණුනා

ලොවට රහසින් ටජ් මහල යට

මගෙ කදුලැලි හුගක් තිබුනා....

ළඟ ඉන්නකම්ම දස වද දි දි

මැරිලා ගියහම කදුලු හලනා

සාජහන් ලට රැවටිච්ච

මුම්ටහාස් ලා හැම තැනම හිටියා

සාජහන් නුඹ අදරේ ගැන

" දන්න ලබ්බක් නැහැයි" හිතුණා...

(මුම්ටාස් විසින් සාජහන් වෙතට-උපුටාගැනීමකි)

මගෙ අග්නිත් සාජහන් කෙනෙක් වෙයිද...

මම අග්නි දිහා බැලුවා...ආදරේ ගැන එයත් දන්නෙ නැති උනත් මට මුම්ටාස් කෙන්ක් වෙන්න හීනෙකින් වත් බැරි බව දන්න හන්දම මම මහෙ අග්නි දිහා බැලුවා....

අග්නී....

"ම්න්..."

උඹ ආදරේ ගැන දන්නෙ නැහැයි කිව්වා....ඒක ඇත්ත...මමත් ආදරේ ගැන දන්නෙ නෑ.....ඒත් මට මේක කියපන් මගෙ අග්නි...උඹ කවදාවත් සාජහන් කෙනෙක් වෙන්නෙ නෑනේද මගෙ අග්නී....මට...මට නම්..බෑ...අනේ..මට නම්..බෑ....

" මට මොකටද උඹ ඉද්දි තව උන්.....සාජහන්ලා.මේ ලෝකෙ හැම තැනම උන්නට...අග්නිලා ඉන්නෙ එකම එකයිනෙ....ඒ උඹගෙ අග්නි විතරමයි....මගෙ කොට මගුල....මට උඹ හොදටම ඇති...."

මම ඒ පපුවට හේත්තු උනා....සත්තයි මට පුදුමාකාර නිදහසක් දැනුනා...මගෙ අග්නි...මගෙ අග්නී...මගෙ මගෙ..මගෙ විතරක්ම උන අග්නි...!!!!

අග්නී.....ඇයි අග්නි මගෙ අප්පච්චි අත්තම්මව බලාගන නැත්තෙ ....

සෑහෙන්න වෙලාවකට පස්සෙ මම ආයම කතා කෙරුවා.....එයා මගින් නවත්තපු කතාව මම ආයම එලියට ඇදල ගන්නකොට එයා මා දිහා බලන් උන්නා....

" උඹලගෙ අප්පච්චිව උන් පවුලෙන් පන්න ගත්තා ..."

මට බරම බර හුස්මක් පිට උනා...මගෙ අප්පච්චිව පවුලෙන් පන්න ගත්තා කියනකොට අවංකවම මට අප්පච්චි ගැන දුක හිතුනා...මට ඇයි මගෙ අප්පච්චිව එලවගත්ත හේතුව දැනගන්න ඕනා උනා...

ඇයි අග්නි අප්පච්චිව එලවගත්තෙ..

" උඹලගෙ අප්පච්චි උන්දගෙ දරුවෙක් නෙවෙ හන්දා .....උඹලගෙ අප්පච්චිව හදාගන්ඩ ගත්තු එකෙක් හන්දා ....එවුන් උඹලගෙ අප්පච්චි නමට උන්දා ලියපු අඩින්පහ හය පවා උදුර ගත්තා ...ඒ උනත් උන්දා මැරෙනකම්ම හොරෙන් හොරෙන් බැලුවෙ උඹලගෙ අප්පච්චි තමා.....උඹ හම්බෙලා ටික දොහයි ..උන්දා මැරිලා ගියා...තට්ට තනියම අර පාලුවට ගියපු කටු මැටි ගේ අස්සෙ....වේලක් දෙවේලක් හරි උන්දගෙ බඩගින්න නිව්ව එකේ ගුන තියන්ඩ තමයි උන්දා උඹට බැල්ම දාන් ඉන්නෙ...ඒක හන්දා ඔයදුන්න දේ සිහිබුද්දියෙන් කියවපන්...."

එයා වෙච්ච දේ වැල් වටාරම් අදින් නැතුව කෙටියෙන් කියනකොට මම අහන් උන්නා....ආයමීක් ගෑවෙ නෑ.....එයා මගෙ ඔලුව අත ගානවා....කම්මුලකට හාදුවක් තියනවා....හෝරාවෙන් හෝරාව ගෙවිලා යනකොට ගොම්මනත් ලන් වෙනවා.....ඇස් දෙක ඇරන් ඉන්න බැරි තරමට ඇස් පියන් බර වෙනකොට මට මගෙ අග්නිගෙ මූන වත් හරියට නොපෙනන තරමට ඇස් බොද වෙලා යනකොට එයා ඒ සීතල ඇගිලින්වලින් මගෙ ඇස් පියන් වහලා කනට කෙදිරුවා ....

" නිදියපන් මැනිකෙ...ගහ උඩ වහපු බස්සා අඩලා අඩ හෝරාවකින් මං උඹලා ගාවට එන්නම්...එතකන් නිදියපන් ..තවම ගොම්මන උනෙ නෑ...යක්කු ගස් නගින වෙලාව කිට්ටුයි ...එන යක්කු මේ ගේ පහු කරන් යනවා....කොහෙන් කොහෙන් යනවද කියලා බලාගන්ඩ මං යන්ඩ ඕනා.....උඹලා නිදිය ගනිල්ලා ...බස්සා අඩලා අඩහෝරාවකින් මං එන්නම්.....ඊට කලියෙන් උඹට ඇහැරුනොත් මෙට්ටෙන් එහා මෙහා නොගිහින් මං එනකන් ඉදපන්...."

මගෙ අග්නි යන්න ගියා.....එයාගෙ මූන නොපෙනන තරමට මගෙ ඇස් වල දැලක් බැදුනා උනත් එයාගෙ සීතල කටහඩ මගෙ කම්මුල් වල වදිනකොට මම අහන් උන්නා.....මෙච්චර වෙලා නොතිබුන එයාගෙ සුවද ආයමත් මගෙ නාස් කුහර වලට දැනෙනකොට එයා මාව ළමයා ගාවට කිට්ටු කරලා ගියා වගේම එයාගෙ අඩි සද්දෙ....දොර ඇරිලා වැහෙන සද්දෙ හීනෙන් වගේ ඇහෙනකොට මට හොදටම නින්ද ගියා ...

ජොබී...නිදහා.....ස්...

ආයම කොටසකින් එන්නාම්...

මම

Ferdeesha ❤️💚😘 .....

ආ...ආ...ජොබී...අලුතින්.කතාවක් දැම්මා....ජැක්කෙ නැති අය ඉන්නවා නම්..කියවන්ඩෝ...

(ජො.මු.ක.හ.කැ)😂👉👈

More Chapters