Cherreads

Chapter 54 - 54

මං හෙල්මන්ට් එකත් අතේ තියාගන බලන් උන්නා....දැන් එයි....දැන් එලියට එයි කියලා ....ඒත් නෑ..ඒත් නෑ.....

උඹ එහෙමයි නේ අග්නි.....හා ....හා...හා....

බයික් එක ස්ටාර්ට් කරපු මම එයාට ඇහෙන්න රේස් කෙරුවා .....එක දිගට....මට ඕනා උනේම එයාව ගෙන්න ගන්න ....මට ඕමා උනේම එයාව එලියට ගෙන්නගන අම්මගෙ ඇස්වලට හොරෙන් ඒ කම්මුලට හාදුවක් තියන්න....ඒ පපුවට තුරුල් වෙන්න ....අග්නි ...අනෙ මං ආදරෙයි කියන්න.....ඒත්....එයා නෙවෙ ආවෙ .....

මට දුක තරහව දෙකම එකට එනකොට මං ගේ පැත්ත බලලා ආයම දේවාලෙ දිහා බැලුවා ....

අග්නි....උඹට එන්න බෑනෙ ...හරි අග්නි එන්න එපා ...නෑවිදිම්ම ඉදපන් ....මං ඉන්නෙ දුකෙන් වේදනාවෙන්.....හේතුවක් නොකියම මග ඇර ඇර ය්ස්න උඹ මට රිදවනවා නොසෑහෙන්න ..මං දන්නෙ නෑ.....මට ආපිට ගෙදර එන්න පුලුවන් වෙයිද කියන්න...කඩවර පූජා කෙසේවෙතත් මගෙ මල බත නම් උයන්ඩ වේවි...මගදි මට මොකක් හරි වෙලා මැරුනොතින් ....එකට වගකියන්න ඕනා උඹයි අග්නි.....උඹ විතරමයි අග්නි.....මට උඹත් එපා.....

උඹේ ආදරෙත් එපා.....මට උඹවත් එපා....මේ සම්බන්දෙ මේ ඔක්කොම අදින් ඉවරයි අග්නි.....ඉවරයි...

මන් එන්න ආවා....

වයස තිහකුත් ඉවර වෙන්න එන...දරුවෙකුත් ඉන්න අප්පච්චියෙක් උනමම අවසානෙදි අවුරුදු දාසයේ දාහතේ එකෙක් ගානට වැටිලා එයාට බැනලා ඇඩූ කදුලිම්ම එන්න ආවා....

*

*

අම්මා මේ කන්කුන් මිටියයි...

මහත්තයා කෙකටිය සාරන එහෙම ගන්නවද. ...

මම ඔලුව කැසුවා.....අඩ අඩම ගෙදරින් ආව මට ඊලග පාර අඩාගන්න වෙලා මදි උනා....අලුතෙන් ගත්තු ඵෝන් එකට පරන එකේ තිබ්බ ඒවා ඔක්කෝම දාගන සමරවීරගෙ මග ඇරුන කෝල් වලටත් කන පිරෙන්න බැනුම් අහන් ආයම කතා කරගන මූන ගන්න දෙයක් නැති කාර් එකේ මූනත් තහඩුව බලලා...

මේවා හදන්න ඕනා මල්ලි...මේවා හදන්න ඕනා මල්ලි...මේ කෑල්ල එහෙම් පිටිම්ම ගිහින් මල්ලි....හොද වැදිල්ලක් වැදිලා තියනවා.....මේ කෑලි මෙහෙ නෑ...පංචිකාවත්තටත් ඇවිල්ලා නෑ...කම්පැනිත් නෑ...මේක ගෙන්නන්න වෙනවා මල්ලි...ෆුල් ජෙනුයින් මල්ලි ...ගාන සැර උනාට ආය පරිස්සම් නෙ මල්ලි.....කියලා අවසානෙදි මෙච්චරක් දැනට වියදම් වෙලා තියනවා තව මෙච්චර වත් යයි ඔක්කොම කෙරිලා එනකොට මේ ගානවත් යයි කියනකොට සත්තයි මට වකුගඩු දෙකම විකුනන්න හිතුනා...ඇගේ තියන දේවල් වික්කත් මදි.....

මෙච්චර වෙලා අග්නි නැහැ කියලා අඩන්න ගත්තු මට ඊලග තත්පරේදි ඉබේම ඇඩෙන්න ආවා....

බලන් ගියහම ජීව්ත් වෙනවා කියලා අරන්නෙත් මහ පොලවෙ මැරි මැරි ඉන්න එකනෙ....වෙනසකට තියෙන්නෙ මැරුනම අඩි පහක් හයක් පොලව යටට යන එක.....මේවට මම ගෙවන්න එපැයි දෙයියනේ ...යකෙක් උන්නට සල්ලි මිටියකින් වත් ගහන්න ඒ යකා පැත්ත පලාතෙ නෑ ..වෙන උන්ට හම්බෙන යක්කු තමා එහෙම උදව් කරන්නෙ අපිට හම්බෙන උන් දන්නෙ ගහන්න.....මරන්න..මරනවා කියන්න....වෙන වෙන ඒවට....

මම අග්නිත් එක්ක තිබුන තරහටම බැන බැනම හෙල්මන්ට් එකත් අතේ පටලවන් එලවලු මාර්කට් එකට ඇවිත් අම්මා දුන්න ලිස්ට් එකේ තිබුන එලවලු තෝරන්න ගත්තා ...

එතන උනන් වයසක උන්දා පලා මිටිවලින් වැහිලා උන්නා...මුලු කටටම තිබුනෙ දත් දෙකක් වෙනකොට බුලත් කාලම කට රතුම රතුපාට වෙලා තිබුනා..

කංකුන්.....මුකුනුවැන්න....සාරනයි....තව මොනවද....කතුරු මුරුංගා කොලයි....

මම ලියලා තිබුන එකෙන් මිටි දෙක දෙක...සමහර ඒවලින් තුන තුන ගත්තා වෙන මොකටත් නෙවෙ වෙදගෙදරට වැඩට එන සමහරක් අයට බත් එකක් ගේන්න බැරි උන දාකට අම්මා දෙපාරක් නොහිතා අම්මගෙ කන බත් එක හරි දෙනවා...

ගෝවා....පුංචි එකාට කැරට් අල බෝංචි වට්ට්ක්කා.... දඹල....තිබුන හැම එලවලුවක්ම අරන් අවසානෙදි පොළෙන් එලියට එන්න එනවා එක්ක මට හදිස්සියෙ උලුදු වඩ බදින මනුස්සයව දැකලා මගෙ කකුල් නැවතුනා...

අග්නි.....

මට එයාව මතක් උනා....එයා ආසයි තෙල් ජාති වලට.....පරිප්පු වඩ අස්සට දාන උම්මල කඩ කෑල්ලට.....අග්නියා විතරක් නෙවෙයි...චූටි අග්නියත් ආසයි එක්කා දයියා දයියා ගගා ඒවමයි ඉල්ලුවෙ....ඒකත් අග්නියා වගේමයි...

ඒත් ඕන් නෑ....ඒ උනාට මොකටද....ඌට බැරි උනා මාව බලන්න එන්න...ඌට බැරි උනා නාඩා ඉදින් මම ඉන්නවා කියන්න...ඌට බැරි උනා පරිස්සමින් ගිහින් වරෙන් මැනික කියන්න.....මං බලන් ඉන්නවා...ඔක්මනින් වරෙන් මැනික කියන්න...

මම වඩ කාරයා දිහා බලලා හිත ගලක් කරගත්තා .....එයා ආස දේ ඇස් පනාපිට පෙනි පෙනි මම එන්න ආවා....ආදරේට දුක හිතුන මම එතන පහු කරන් එන්න ආවා...

ඒත්...

ඒත්...මට අඩි දෙක තුනක් වත් එන්න බැරි උනා..මට එයාව මතක් උනා...එයා මගෙ ගාවට නාව හේතුව ලොකූ කරන් අඩන්න හදන මට එයා ආස දේ දාලා එන්න බැරි උනා.....මාව බලන්න නාව වරදට මම එයා එක්ක තරහ උනාට...මට උඹව එපා කිව්වට....මම මේක නවත්තන්නවා කිව්වට...මට අග්නිව එපා කිව්වට ....

දෙයියනේ මට පුලුවන්ද අග්නි නැතුව ඉන්න....?

මම ආයම ආවා.....උලුදු වඩ මල්ලක්.....පරිප්පු වඩ මල්ලක් එක්ක කොල්ලට සමෝසා දෙක තුනක් ගත්තා .....ඒකා වටෙ කාලා මැද ඔක්කෝම කුප්පමේනියට දානවා....

ගත්තු බඩු මලු දෙපැත්තෙ එල්ල ගත්තු මම එන්න ආවා....

තව පැය කීයද...මම යනවා....එයා දැන් වත් ඇවිල්ලා ඉන්නවා නම්.....

අනේ අග්නී....ඇවිත් ඉන්නකො....අනෙ...අග්නී.....

මම එන මගට හිතින් සිය දහස් වාරයක් මගෙ අග්නිට එන්න කිව්වා ....

අග්නි....අනේ ඉන්න දිහාවකින් ඇවිත් ඉදින් මගෙ අග්නි.....අනෙ මං උඹ එක්ක තරහා ගන්නෙ නෑ මගෙ අග්නි.....මට උඹව දාලා යන්න හිතන්නවත් බෑ මගෙ අග්නි...අනේ....මාව පොඩි එකෙක් ගානට වැටිලා...මෙච්චර මෝරපු මාව උඹ හන්දා නොදරුවෙක් වෙලා අග්නී.....

මට තව දුරටත් ඇස්ලේටර් එක මිරිකගන්න බැරි උනා.....අවංකවම මට මොන මගුලක් වත් හිතා ගන්න බැරි උනා ....මගෙ පපුව කඩා වැටෙන්න ආවා ...

ඇත්ත ....අග්නි මට පිස්සු හදවලා..මාව උම්මන්තකයෙක් ගානට වැටිලා....මං නිකන් ඕලෙවල් කරන එකෙක් ගානට වැටිලා අඩන්න ගත්තා ...මට තේරෙන්නෙ නෑ මේ පිස්සුව පාලුව කාන්සි මොන තරම් බරයිද කියලා...මගෙ හදවත පාලුවෙලා...

මං තත්පර ගානක් යනකන් පාරෙ අයිනට වෙලා උන්නා....මට ගෙදර යාගන්න බෑ....ගෙදර ගිහින් අම්මගෙ ප්‍රශ්න වලට උත්තර දීලා බේරුමක් නැති වෙන හන්දා මං පාරෙ විනාඩි ගානක් යනකන් මං පාරෙ අයින ඉදලා රතුම රතු උන ඇස් දෙක පිහදගන ආපහු ගෙදර එන්න ආවා .....

අප්පුච්චියේ...අප්...අපු...ච්ච්....යො....

ඔය ඔය වැටෙයි.....වැටෙයි අප්පා...යෝහ්...මයෙ පුතා...

මං ගෙදර ආවා....එන ඒමටම වැට කඩුල්ලෙන් ඇතුලට දානවා එක්කම වෙරලු ගහ යට කෝම්පිට්ටු හද හද උන්න පුංචි එකා වැලි නාගන බයික් එක ඉස්සරහට පනිනකොට අප්පච්චිට එකව අල්ලගන්න බැරි වෙද්දි මම බයික් එක අනිත් අතට කැපුව....අඩලා හිත කාන්සාවෙන් උන්නට මට බයික් එක වාවගන්න බැරි වෙනකොට මාව බයික් එකත් එක්කම වැටුනා.....

අප්පු...ච්චියේ ...අග්ගියේ....ඇතුනා.....ඇතුනා....අප්පුච්චියා....තුත්තා ...න්...තුප්ප....මේනි...යෝ...අම්මියේ....හ්..ම්හු ....ම්හු....ඇතු...නනෙ....

මයෙ පුතා.....මයෙ පුතා....

අප්පච්චි ...

උඹලගෙ කකුල....

නෑ .නෑ අප්පච්චි මම හොදින් ...මම...හොදින්...සුදු පුතා අප්පච්චි හොදින්....මේ ..අප්පච්චිට ඌයියා නෑ....මේ...

ඌයි...යා ..නෑත....අප්පු...ම්හ්...ම්හ්....ඈ......අග්....යේ ...හ්හ්....

මගෙ නිඛිලා ගමටම අඩ ගගහා අප්පච්චි වැටුනා ගෑවා . .....අනේ ඒකගෙ පොඩි හිත බය හිත බය වෙලා තිබුන තරම කොයි තරම්ද කියනව නම් බැරු බැරි ගාතෙ වැටිල උන්න මාව උස්සන්න හදනකොට මම අප්පච්චිට ඌයියා නෑ කිව්වා විතරයි කොල්ලට දුක හිතිලා අග්නිට අඩ අඩම අඩගහන්න ගත්තා ...

කෝ..කෝ.....මේ...අප්පච්චි ඉන්නවනෙ..මගෙ පුතා.....අප්පච්චිගෙ වස්තුවා ........

බයික් එකට යට උන කකුල ලාවට වේදනා දෙනකොට මම අප්පච්චිගෙ උදව්වෙන් නැගිට ගත්තා ....ගෝවා ගෙඩිය රෝල් වෙලා ගිහින් වෙන තැනක තියනකොට කොල්ලට ගත්තු වට්ටකා බෑව වැලි උඩ තිබුනා..... ඒ ඔක්කොමත් දාපු මම අඩ අඩ අග්ගියේ....අප්පුච්චියා වැටුනා ගගා ගමටම අඩගන කොල්ලව වඩාගන හැම අපලෙකිම්ම බේරුන වඩ මල්ල හොයාගන ලමයවත් අරන් ගෙට එනකොට අප්පච්චි එලවලු ඇහිද ඇහිද කුසියට ගියා....

අප්පුච්චියො....

ම්ම්ම්....

මේ...කාතත.....

මොනවද...

මේ.....මේ...

මගෙ පුතාටනෙ.....

මගෙ...පුතාත....නෙ....නේ...අප්පුච්චියෙ ..මගෙ...පුතාතනේ .....

ඒකනෙ....මගෙ පුතාගෙනෙ.....

චූටි ඇස් වල කදුලු පිරිලා..... ...ඒ උනත් අර මල්ලට එබි එබි බල බල මේවා කාගෙද මේවා කාගෙද අහනකොට මේවා කාටද මේ මොනවද අහනකොට මම එයාට මගෙ පුතාටනෙ කියනකොට අනේ ඒ චූටි ඇස් දෙකෙ කදුලු පිටිම්ම හිනා වෙනකොට අනේ ඇත්තටම මට ඒ චූටි මූන අත් දෙකට අරන් මිරිකන්න හිතුනා.....

මගෙ රත්තරන් ....අග්නිගෙ රත්තරන් ...මගෙ පුතා....අග්නිගෙ පුතා....මගෙ වස්තුව....අග්නිගෙ වස්තුව ....මගෙ පන....අග්නිගෙ පන....

මම වඩ මල්ල එක්ක ඔට්ටු වෙවී උන්න කොල්ලව වඩාගන කම්මුල් දෙකටම හාදු තිය තිය දේවාලෙ දිහා බල බල හිමීට මිමිනුවා.....

අග්නී....උඹ කොහෙද මගෙ රත්තරන් ...අනේ....වරෙන්කො...අනේ වරෙන්කො අග්නී.....

මම ලමයව වඩාගන ඉදලා දේවාලෙ දිහා බලන් මිමිනුවා .....

මයෙ පුතා ...කොහෙද උඹලා ඔය මද්දහනෙ යන්නෙ....

මම එන්න ආවා .....මෙච්චර වෙලාම ලමයව වඩාගන දේවාලෙ දිහා බලන් අග්නී අග්නී ගගා මුමුනපු මම ඉවසලා ඉවසලා බැරිම තැන මං එයාට ගත්තු වඩ මල්ලත් අරන් මම යක්කු ගස් නගින වෙලේම පිටිප්ස්සෙන් ගොරකා කැලේට එන්න එනකොටම අම්මා කෑගැහුවා.....ඒත් මම නෙවෙ නැවතුනෙ....මම එන්න ආවා....මට නවතින්න බැරි තරමට පිස්සු හැදෙන්න ආවා...

කොටිම්ම මෝහිනීට උමතුවෙච්ච එකෙක් වගේ මම කජු ගස් අස්සෙන්...ගොරකා කැලෑව අස්සෙන් සෙරෙප්පු දෙකක් වත් නැතිව මම තනකොල වලට....කටු වලට මගෙ කකුල් සීරිලා යන්න දිදී උමතුවෙන් ඉෆ්‍රිත් දෙවොල හොයන් දිව්වා...

අග්නී.....හ්හ්

මම කෑ ගැහුවා...

මාව වැටුනා.....අත පය ඔක්කෝම සීරුනා...

අනෙ.....අග්නී...හ්....ඇයි මගෙ අග්නී.....හ්හ් ඇයි අග්නි මාව දාලා ගියේ...ඇයි අග්නී....මගෙ අතින් උන වරද මොකක්ද.....මගෙ අතින් උන වරද මොකක්ද.....මගෙ අතින් උන වරද.මොකක්ද මගෙ අග්නී.....

මම පද්මාවතී වෙන්නම්....මේ හිතේ කොනක වත් මන්දෝදරී කෙනෙක් නෑ රත්තරන් අග්නි.....උඹට....උඹට මගෙ සර්වාංගෙ දකිනකොට මන්දෝධරී ව මතක් වෙනවා නම් මම .....මම...ඒ හැම දේම නැති කරගන්නම් අග්නි...

මගෙ ඇස්වලින් කදුලු වැටුනා.....සිහින් ඉග....මිනිස්සු ආසම කොකා කෝලා බඩී ශේප් උන්ට.....එක අතකට ගන්න පුලුවන් ඉගකට....මොන කරුමෙටද මන්දා.....මගෙ අග්නිගෙ ඇස් වලට මාවත් ඒ වගෙම පේන්න ගත්තා ...එයා මට මන්දෝධරී කිව්වා.....ඒත්...මගෙ අග්නි කපටියි....මගෙ අග්නිගෙ වචන තෝරගන්න කොට හැම වෙලේම පරිස්සම් වෙන්න උනා.....

මන්දෝදරී...ආසාව...ආදරේ ස්වර තනු එක්ක කැටි ගැහුන වචනෙ අස්සෙ එයා මාව පරික්ශා කෙරුවා .....එයා රාවන් නම්...මම මන්දෝධරී වෙලා එයාගෙ ආදරේට පිටුපාවිද කියලා එයා මගෙන් ප්‍රශ්න නාහා ප්‍රශ්න කෙරුවා ...

අග්නී....මාව මරපන් අග්නී...මට මහන්සී....මට දරන්න බැරි තරම් මහන්සී.....අනේ...මාව ඔහොම පරික්ශා කරන්න එපා මගෙ අග්නී...මට වෙහෙසයි...මට තේරෙන්නෙ නෑ...මම දුර්වලයි.....මම අසරනයි...

උඹ කිව්වා වගේම මම උමතු වෙලා....මාව පිසසු වැටිලා....මම උම්මන්තකයෙක් වෙලා අග්නී....මට සිහියක් නෑ....මට කල්පනාවක් නෑ...මම පොඩි එකෙක් ගානට වැටිලා.....හරියටම අද ඊයෙ ආදරේ කරන්න ගත්තු එකෙක් වගේ...අප්පච්චිකෙනෙක් කියල නෑ....මම...තිහ පනින්න ඉන්න එකෙක් කියලා නෑ....අනේ...මගෙ අග්නී....මම උඹ ගාව නොදරුවෙක්.....කොටිම්ම ආදරේ කරන්න අත් පොත් ගහන එකෙක්...

මම කෑ ගැහුවා....මම ඇඩුවා...මට දැනෙන තනිකම....වේදනාව කියා ගන්න වචන නැති වෙනකොට මම අතේ තිබුන වඩ මල්ල සීසිකඩ යන්න පොලවෙ ගගලා මගෙ කොන්ඩෙන් ඇදන් පිස්සෙක් වගේ කෑගැහුවා.....

එයා හරි.....එයා කිව්වා එයා නැති දවසක් ආවොතින් මට ඉන්න බැරි වේවි කියලා ....

අග්නිගෙ අධි මාත්‍රා ආදරෙ මාව උම්මන්තකයෙක් කරලා දානකොට ඉෆ්‍රිත් දෙවොල හොයන් ආව මට එදා තිබුන කිසිම දෙයක් හොයා ගන්න තියා ඉගියක් වත් නැති වෙනකොට මම අග්නී...අග්නී...අග්නී....ගාලාකෑ ගහල....කෑ.ගහලා අවසානෙදි හෙම්බත් වෙලා නමක් නොදන්න ලොකු ගහක් යට ඇදගන වැටුනා...

මගෙ පපුව ගැහෙනවා....මගෙ පපුව පුපුරන්න වගේ ගැහෙනවා...

නිමක් නැතුවම කදුලු වැටෙනවා...

අග්නී කියන්නවත් පනක් නෑ.....

මාව අරන් ගියපු ඉෆ්‍රිත් දෙවොලට යන පාරක් වත් නෑ.....

මටත් නොදැනිම මගෙ අත බඩ උඩ නවතිනකොට අහේතුවකට වැටෙන්න ඕනා කදුලු දැන් හේතු හොය හොය වැටෙන්න ගත්තා .....

අග්නී....කිව්වත් වගේ...ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දීලා උඹ ගියාද අග්නි....

උඹ මාව දාලා ගියාද....

මාව....උඹගෙ පුංචි පැටියා අපේ පුතාව.....දාලා ගියාද අග්නී...

මට බඩකුත් දීලා ගියාද අග්නී...

මම ඇඩුවා...මම.....අවසානෙදි මූනින් අතට හැරුනා...මට හුස්ම නෑ වගෙ දැනුනා....මගෙ පපුව නෑ වගේ දැනුනා...

තව පැය ගානයි.....මම ආපිට යන්න ඕනා...ඒත්....ඒත් දැන් යන්න හේතුවක් තියනවද.....ඒත්...දැන් යන්න මට එයා ඉන්නවද....

නෑ...එයා නෑ.....

මට යන්න හේතුත් නෑ.....

අඩලා අඩලම මගෙ ඇස් දෙක පුපුරන්න ඔන්න මෙන්න ...ඔලුව හත් කඩකට පැලෙන්න ආවා.....

අග්....නී...

ඇස්වලින් ගින්දර හා සමාන උනු කදුලු බින්දු වැටෙන කොට ඔලුව පුපුරන්න ඔන්න මෙන්න තියනකොට මගෙ ඇස් වැහීගන වැහීගන ආවා.....

ටකස්...ටකස්....ටකස්.....

ටකස්.....ටකස්.....

ටකස්.....

ටකස්.....

පොලව දෙදුරුම් කනවා.....

ටකස්...ටකස්...

පොලව හෙල්ලෙනවා...දෙදුරුම් කනවා....වැහෙන්න ගියපු ඇස් අඩමානෙට ආයම ඇරෙනකොට මොකක් හරි දෙයක්....නැත්තන් කෙනෙක්.....මම ඉන්න දිහාවට වේගෙන් එන හැටි මගෙ බොද උන ඇස්වලට පේනකොට මම ඔහේ උන්නා....

ටකස්....ටකස්....

ඒක ළඟ ලගටම එනවා.....

මම බලන් උන්නා.....එන ඒමට ඒ එන කෙනාගෙ කෙස් හුලගෙ යනවා...

අශ්වයෙක්...

දෙවියනේ අශ්වයෙක්.....

දිලිසෙනවා.....

දේව පාදයක්ද.....මං ඉන්නෙ දේව පාදෙකද.....

වෙන්න බෑ.....

වෙන්න බැරි උනත්....කමක් නෑ....මාව යට කරන් ගියපු දෙන්....මට පයින් ගහන් ගියපු දෙන්....

අග්නි නැති තැන පද්මාවති වෙන්න උනත් බලන් ඉන්න මම ඈතම ඈතින්....

කොහෙන් ආවද.....කොතනින් මතු උනාද කියලා හොයා ගන්න බැරිව අශ්වයා දිහා බලන් ඉදලා ඇස් පියා ගත්තා විතරයි හුලන් කපාගන යන වේගෙන් ආව අශ්වයා මාව නොපාගා මගෙ ඇග උඩින් පැනලා අඩි ගානක් ඈතට දුවන් ගිහින් පස්සෙ ගාත් වලින් හිටගන කෑ ගැහුවා ....

දෙවියනේ ....ඒකගෙ ලස්සන...

යක්කු ගස් නගින වෙල මද්දහන් වෙච්ච ඉරේ එලිය ගස් අස්සෙන් පෙරිලා එනකොට පස්සෙ ගාත් වලින් හිටන් කෑ ගහන අශ්වයව ඒ උර එලියට ඕනාවටත් වඩා දිලිසන්න ගත්තා .....

රත්තරන් පාටයි.....

ඒකා පෙරාපු රත්තරන් වලටත් වඩා දිස්නෙයි....

ගහන අඩියක් පාසාම තනකොල අහුරු පිටින් ගැලවිලා යනකොට වලිගෙ පුරාවටම තිබුන රත්තරන් පාට අශ්ව කෙදි එහා මෙහා ගියා .....

මේකා ඉෆ්‍රිත් දෙවොලෙන් ආව එකෙක්ද....

ඒකා පිඹිනවා....කටින් ෆර්....ෆර්....ගානවා.....ආයමත් මේ පැත්තට දුවන් එන්න කුරුමානම් අල්ල අල්ල කකුල් ගසනවා .....

හරි.....මං හිතුවා හරි . . ඌ එන්න හදන්නෙ.....මං හිතුවා හරියටම හරි....අසරුවෙක් නැතුවම ආව අශ්වයා මාව යටකරගන එන්න හදන්නෙ.....

ටකස්....ටකස්....

ටකස්....ටකස්.....

මට මං හිතපු විදිහ වෙනස් කර ගන්න උනා...මම ඇහිපිල්ලමක් ගහන්න යන කාලෙකට උඩින් හිතුවෙ ඌ එන්න යන්නෙ කියලා උනත් ...මට දැන් ඌ එන විදිහ පේනවා.....ඒ කුරෙ මහ පොලවට වදින වාරයක් ගානෙම....වාරයක් ගානෙම තනකොල අහුරු පිටින් ගැලවිලා යනකොට මාව පෑගුනෝතින් මගෙ බොකු බඩවැල් අනිවාර්යයෙන්ම එලියට එන බව දැනුනා....

මම ආවෙත් නරක වෙලාවක....යක්කු ගස් නගින....ගස් වලින් බඩගාන වෙලාවක....

මගෙ අතේ තිබුනෙත් පුලුටු.....

මම ආවෙත් යකෙක් හොයාගන .....

මාව යක්ශ පරික්ශාවකට අහු වෙලා.....

මෙච්චර වෙලාම අග්නී ගාපු කට හඩ නැත්තටම නැති වෙලා යනකොට මට දකින්න පුලුවන් එකම දේ අර රත්තරන් පාට අශ්වයා එන එක විතරක්ම වෙනකොට මම ඌ එන්න හුස්මක දුරක් තියලා ඇස් පියා ගත්තා ...

මොකද මට නැගිටින්න කාලයක් නෑ...කෑ ගහගන්න විදිහක් නෑ...උදව් ඉල්ලන්න...උදව් කරන්න කෙනෙක් නෑ...

මෝහිනීට අහු වෙන...මෝහීනී ගාව උම්මන්තක වෙන උන්ට වෙන්නෙ මොකක්ද ඒ දේම මට වෙනකොට මම.ඇස් පියා ගත්තා ....

"අභා.....!!!"

ටකස් ....ට...ක....ස්

මාව තනකොල වලින් නෑවුනා.....

මගෙ මූන පුරාවටම වැලි අහුරක් විසික් උනා...සර්වාංගෙම හීතල වෙලා...හිරි වැටිලා යන කටහඩක් එක්ක අශ්ව කුර ආව වේගෙ අඩු කරනකොට මගෙ මූනට වැලි තනකොල අහුරක් විසික් කරන් අර ආව අශ්වයා නැවතුනා....

මම ඇස් ඇරියා ....

ඒකා ඉන්නවා.....

මාව පාගලා නෑ....

හැබැයි ඌ ඉස්සරහා ගාත් උස්සන් පස්සෙ ගාත් වලින් හරි අමාරුවෙන් හිටගන උන්නා...වෙන මොකටත් නෙවෙ.....ඉහලින් ආව කටහඩ හින්දා ඌට ඉස්සරහා කුර පොලවට ගහන්න හයියක් නැති උනා...මොකද ඌ කුර ගැහුවොත් මාව පෑගෙනවා....

"අභා..."

ආයාමත් එ කටහඩ...අභා...ඒකගෙ නම අභා කොහෙද ...ආයමත් ආව ඒ කටහඩ තව මොන මොනවදෝ වචන ගොඩාරියක් තියනකොට ඒකා හරී හිමින් අඩිය බිමට තියලා මාව පාගන් නැතුව වෙන අහකට ගියා...ගිහින් උගෙ පාඩුවෙ බිම ඉව කරන්න ගත්තා

"ඉතින්....අග්නිගෙ අඹු සිගිත්ත..."

භෛරව් .....කාලි භෛරව් .....ඔව්....ඒ කටහඩ එයාගෙ.....ඒ කටහඩ භෛරව්ගෙ.....මම ඉක්මනට හැරුනා...හැබැයි මට ඇස් ඇරගන්න බැරි උනා....එයාව දිලිසනවා.....ඇස් අන්ද වෙලා යන තරමට එයව දිලිසනවා....

න්හ්...භෛ...රව්.....

"දැන් හරි...."

භෛරව්ගෙ දිස්නෙත් එක්ක ඇස් අන්ද වෙන්න ආව මම මූන හංගන් ඉන්නකොට එයා හරි කිව්වා...මම ඒ එක්කම එයා දිහා බැලුවා.....

භෛරව්...අග්නි....අග්නී කෝ භෛරව්....

"......"

මගෙ අග්නී..මගෙ අග්නි කොහෙද භෛරව්.....???

"......."

අනේ...භෛරව් ...මට කියපන්....මට කියපන්කෝ....ඇයි මට මෙහෙම වද දෙන්නෙ....මට ඇයි මේ වගේ රිදවන්නෙ....අනේ...මාව.....මාව

"උමතුවෙන් මැරිලා යාවි..."

භ්...භෛරව්....."

මම භෛරව්ගෙ ඇගේ එල්ලුනා...එයාව හොලව හොලව මගෙ අග්නි කෝ කියලා ඇහුවා....මාව මැරිලා යාවි කියලා කියන්න හැදුවත්...මට කලින් ඒ වචන භෛරව්ගෙ කටින් පිට වෙනකොට මාව ගල් ගැහුනා...මොකද....ඒ හැම වචනයක්ම.සීතලයි...දරදඩුයි.....කටුකයි....කර්කශකයි....වේදනාවයි....

විහිලුවක සේයාවක් ගෑවිලාවත් නෑ.....

භෛරව්...

" අවසානම වතාවට මොනවද එයා කිව්වෙ...මොනවද උඹ ඉල්ලුවෙ....."

....අනේ...භෛරව් .....අනේ...

" අග්නිගෙ අඹු සිගිත්ත.....මම අහන්නෙ ප්‍රශ්නයක්...මම උඹෙන් ඇහුවෙ ප්‍රශ්නයක්.....අඩා වැටෙන්න කලින්....මට උත්තර දීපන්..."

එයා මට සැර කෙරුවා ...කර්කශක කට හඩ ඇතුලෙ තිනුනෙම දැඩි බවක් වෙනකොට එයා මට සැර උනා....

එයා මට අවසානෙදි කිව්වෙ මොනවද....එයාගෙන් මම අවසානෙදි ඉල්ලුවෙ මොනවද....

මගෙ ඇස් වලින් ආය ආයම කදුලු වැටුනා...අනේ දෙවියනෙ...මෙ කදුලු නම් සාපයක්.....

" උඹ නිල් වෙරලු ඉල්ලුවා...හරිනෙ....??උඹගෙන් එයා ඇහුවා...එයා නැතිදාක ඉන්න පුලුවන්ද කියලා .....හරිනෙ.....??"

මම භෛරව් දිහා බැලුවා .....එයා අකුරක් අඩු නැතිවම අකුරක් වැඩි නැතිවම වෙච්ච කෙරිච්ච දේවල් කියනකොට මම කදුලු අස්සෙන් එයා දිහා බැලුවා .

"අග්න්ගෙ අඹු සිගිත්ත ....උඹ කවදාවත් දන්නෙ නැද්ද ...ශිවගෙ කදුලු...අග්නිට අකැප බව.....ම්ම්ම්....උඹ කවදාවත් දැනන් උන්නෙ නැද්ද උඹ දෙයක් ඉල්ලුවොත් ඌ උඹට දෙන්නෙ හොදම දේ බව......??"

අනේ...භෛරව්..අනේ....අනේ....මගෙ....

අගනී...මගෙ අග්නි...

මගෙ ඔලුව කැරකෙන්න ආවා....එයා කියපු වචන එක්ක මට ඔලුව කැරකෙන්න ආවා...එයා කිව්ව අග්නිට නිල් වෙරලු අකැපයි කියලා ....අනේ...දෙවියනේ...මගෙ අග්නී.....

මගෙ පපුව හත් කඩකට පුපුරන්න වගේ...මගෙ පපුව හත් කඩකට නෙවෙ....එකම අංශුවක් වත් ඉතිරි නොවෙන්න පුපුරන්න වගේ...

භෛරව්...මගෙ අග්නි..මගෙ අග්නී...කෝ...භෛරව්....අනේ මගෙ අග්නි කෝ...

"අභා...."

මම භෛරව් ව හෙලෙව්වා...ඒත් එයා නෙවෙ උත්තර දෙන්නෙ....එයා නෙවෙ මට උත්තර දෙන්නෙ.....එයා මගෙන් එ උත්තරෙ හංගන ගමන් එයාගෙ භාශාවෙන් මොන මොනවදෝ කියපු අශ්වයට පස්සෙ නම කියලා කතා කරනකොට අර රත්තරන් පාට අශ්වයා හිමින් හිමින් අපි ගාවට ආවා....

" ශිවන්....මේ ඉන්නෙ...අභා...අග්නිගෙ වෙලඹ...."

අග් ..නිගෙ.....මගෙ...අග්නිගෙ...

"ම්ම්ම්....අභා.....දීප්තිමත්....දිස්නෙයි....කියන නමයි....අභා කියන නමේ තේරුම.....මොකද ....අග්නි දීපතිමත්....දිස්නෙයි.....අග්නි උපන්දාමයි.....අභා ඉපදුනේ....."

එයා අර වෙලඹව අත ගගා කියවනවා.....මගෙ අග්නි අරහෙමලු....මෙහෙමලු...ඒත්....ඒත් මට මොකටද...මට මොකටද දෙවියනේ...ඒදේවල්...එයා මේ දේවල් කියන්නෙ මොකටද....

භෛරව් ....ඇත්ත කියපන්....මට අභාගෙන් නෙවෙ....පඩු අභාගෙන් වත් වැඩක් නෑ...මට කියපන්....මගෙ අග්නිට මොකද උනෙ කියලා .....මට කියපන්....මට කියපන් භෛරව් .....මට කියපන්...

මම කෑ ගැහුවා....මමභෛරව්ව හොලව හොලව කෑගැහුවා .....

".....කියන්නම්.....උඹට දරාගන්න පුලුවන්ද ....."

එයා මා දිහාබලන් උන්නා.....ඇස් කොන් වෙනදටත් වඩා රතු වෙනකොට ....භෛරව්ගෙ මූන තවත් සුදුමැලි උනා.....එයා ඇහුවා....එයා ඇහුවා.දරාගන්න පුලුවන්ද කියලා ....

"අභා කවදාවත් අයාලෙ යන්නෙනෑ...අභා කවදාවත් සෑදලේ හිස් වෙන්නෙ දෙන්නෙ නෑ.....අභා කවදාවත් .....අග්නි නැතිව එන්නෙ නෑ....."

දෙයියනේ...භෛරව් ....මට කියපන් යකො.....මගෙ අග්නිට මොකද උනෙ...

මම කෑ ගැහුවා....භෛරව් මාව වචන වලින් මරනකොට ඉවසන්න බැරිම තැන මම කෑගැහුවා ...මගෙ ඉවසීම පුපුරලා ගියපු තැන මම කෑ ගැහුවා.....

" උඹට සිද්ද වෙනවා මන්ධෝදරී වෙන්න"

චටසාස්ස්...!!!

කම්මු පාරක්...නරයෙක් ගෙන්....යකෙක්ට කම්මුල් පාරක්....

කාලි භෛරව් ...!!!!

මම කෑගැහුවා...අග්නි නැති තැනක ජීවිතයක් ඕන් නෑය කියපු මට ...එයා කිව්වා මන්දෝධරී වෙන්න කියලා ...

අග්නි නැති තැනක.....රතන් සින් වෙනුවෙන් ආදරේ රැකගත්තු පද්මාවති වෙන්න උන්න මට එය කිව්වා මන්දෝධරී වෙන්න කියලා ...

භෛරව් ....උඹ විභීශන උනාද....උඹ විභීශන උනාද....උඹ අග්නිව පාවා. දුන්නද....ආ භෛරව් ...උඹ මගෙ දරුවගෙ අප්පච්චිව උඹේ අප්පට පාවා දුන්නද....නිල් වෙරලු ඉල්ලපු වරදට....උඹගෙම අයියව පාවා දුන්නද...ඒ ඇයි....ඒ ඇයි භෛරව් ...ඒ ඇයි.....අනේ...අයි දෙයියනේ....ඇයි....

මම කෑ ගැහුවා..මම....අඩා වැලපුනා...මම දැනන් උන්නෙ නෑ...අග්නිට නිල් වෙරලු අකැපයි කියලා ...මම දැනන් උන්නෙ නෑ...කාලි ද්‍රෝහි වෙයි කියලා ....මගෙ අග්නි ..අනේ...රත්තරන් අග්නි.....උඹ .....උඹ....මාව දාලා යන්න කලින් ඒකද අග්නි ඇහුවෙ....ඒකද.....

මම මගෙ ඔලුවෙ හිසකෙස් උගුල්ලගන්න හැදුවා....ඇයි එහෙම කෙරුවෙ කිය කොය හේතුව ඇහුවා....

"අග්නිගෙ පුංචි අඹු සිගිත්ත...භීශන ඇයි රාමට රාවනාව පාවා දුන්නෙ....ම්ම්ම්...මොන.හේතුවටද පාව දුන්නෙ...උඹ ඇයි මගෙ දෙවොලට පය ගැහුවේ.....ම්ම්ම්..."

භෛරව් ....මම...මම....

"පුංචි මනාලි....."

මම පස්සෙන් පස්සට ගියා....පස්සෙන් පසට ගියා.....කාලිගෙ ඇස් අමුතුයි .....කාලිගෙ හැසිරීම අමුතුයි .....කාලිගෙ...වචන....ඒ හුස්ම...මෙ හැමදේම වෙනස් වෙනකොට මට හිතුනා..එයා මගෙ අග්නිව...

භෛරව් .....ඇත්ත කියපන්....උඹ මොකක්ද මගෙ අග්නිට කෙරුවෙ.....මොකක්ද...මගෙ අග්නිට කෙරුවෙ....දෙයියන්ගෙ නාමෙට...මට කියපන්...

"පුංචි මනාලි....අහලා තියනවද ...සුරයො පවා....අසරන වෙන තැන්...දුර්වල වෙන තැන් තියනවා කියලා ...ම්ම්.....ඖශධ පවා...මාත්‍රාව ඉක්මවලා ගත්තම විස වෙන බව දැනදැන..අග්නිගෙ පුංචි අඹුව....මොකටද අග්නිට ඔය තරම් ආදරේ දීලා....ඒකව තහනම්.ගස්වල ගෙඩි කඩන්න යැව්වෙ....ම්ම්ම්ම්ම්"

අනේ....භෛරව් ...

"අනික....උඹ දන්නෙ නැද්ද මගෙ පුංචි වස්තුව..... උඹගෙ අග්නිගෙ සලුව උඩින් මගෙ එකක් පෙරෙව්වම....අග්නිගෙන් පස්සෙ උඹගෙ අයිතිය මට බව...ම්ම්ම්ම්ම්"

මට පිස්සු හැදෙන්න ආව....මට සිහි විකල් වෙන්න ආවා.....භෛරව් කියන මෙලෝම දෙයක් නොතේරුන මාව සිහි විකල් වෙන්න එනකොට මම විදින දුකට අනේ දෙවියනේ උඩ ඉන්න තිස්තුන් කෝටිය නෙවෙ...සක්කරයගෙ පුටුව වත් රත් වෙන්නෙ නැද්ද හිතුවා...

භෛරව් ....උඹමයි....උඹමයි මගෙ හෙලුව වැහුවෙ.....උඹමයි...මගෙ ඇගට උඹගෙ ඇදිවත දැම්මෙ...එහෙම එකේ.....ඇයි....ඇයි..දැන්...

"මම ඇදිවත දාන්න කලින් උඹ මගෙ සුවදට ඉව කෙරුවෙම නැද්ද....ඉතින්...උඹ මට බැල්මකින් බලාපොරොත්තුවක් දුන්නෙ නැද්ද....ඉෆ්‍රිත්ට....මෙධිනි....නන්දිනි අයිති උනා වගේ....කාලිට....අග්නිට ශිවන් අයිති වෙන්න බැරිද...ම්ම්"

කාලි...නවත්තපන්.....නවත්තපන් යකො....ඔය බහුබූතෙ...අගක් මුලක් නොතේරෙන ඔය බහුබූතෙ නවත්තපන් කාලි....මගෙ අග්නිට මොකද උනේ කියපන් ....මගෙ අග්නිට මොකද උනේ කියපන් කාලි.....

"පද්මාවතීට වහ වැටුන ඛල්ජි මොකද කෙරුවෙ...ම්ම්ම්....රතන් සින්ගෙ සැනසීම නැති කෙරුවා ...මන්ධෝදරීට වහවැටුන විභීශන මොකද කෙරුවෙ ....රාවනව පාවා දුන්නා....ඔය දෙකටම හේතුව උනේ.....ආදරේ ...."

නෑ.....ඒක බොරු .ඒක බොරු ...මන්දෝධරී ආදරේ කරන්න ඇති ...ඒත් ..ඒත් පද්මාවති නෑ....උඹ මගෙ අග්නිව පාවා දීලා...උඹ මගෙ අග්නිගෙ සැනසීම නැති කරලා....උඹ හිතනවද....මාව...මාවත් අයිති කරගන්න පුලුවන් වෙයි කියලා ...නෑ...නෑ...කාලි....ජීවිතේ අවසානම හුස්ම තියා ....මගෙ මලකදවත් උඹට අයිති නෑ කාලි...කල්පයක් පෙරුම් පිරුවෙ මන්දෝධරී වෙන්න නෙවෙ....

මම ඇඩුවා..මම කෑගැහුවා...පස්සෙන් පස්සට ගියපු මම අවසානෙදි ගස්කදකට වගෙම කාලිගෙ අත් වලට හිරවෙනකොට ඉබාගාතෙ යන අභා සැරින් සැරේම අඩ අඩ එහා මෙහා බලනකොට මම කාලිගෙ හිනාව දැක්කා....

අසික්කිතයි....

උඹ මහ අසික්කිතයි කාලි.....

ඇත්තෙම්ම උඹ අසික්කිතයි.....උඹ ජරාවක්....උඹ පාවා දීලා...උඹ මොකාටද ඒ අසික්කිත වැඩෙ කෙරුවෙ....උඹ මොන යකාටද මගෙ අග්නිව පාවා දුන්නෙ....

"කාටද කියලා මම අමුතුවෙන් කියන්න ඕනද.....පුංචි වස්තුව ...මට උඹව තව තව මහන්සි කරවන්න ඕන්නැ.....මොකද ...මට උඹව මරාගන්න බෑ....අග්නි කිව්වට මැරෙන තරම් ආදරෙයි කියලා....මට බෑනෙ උඹව මරාගන්න...හෙට කෙම්මුර ...බර දවසක්.....අග්නි වෙනුවෙන් බලන් උන්න උඹට පුලුවන් ....හෙට කාලිගෙ වෙන්න...අග්නිට....කෙමුර දෙකක් පහු වෙනකන් උඹ ගාව ඉන්න බෑ....මොකද...මරන්න බැරි උනත්...දඩුවම..නම්....දඩුවමමයි....ඒ වගෙම උඩ සලුව පොරවපු උඹ.....නිකම්ම මට අයිතිය දීලා හමාරයි...ඉතින්...මගෙ පුංචි වස්තුව..."

කාලී...හ්....

චටාස්.....!!

එතනින් පස්සෙ මම වියරු වැටුනා...මම අන්තෙටම වියරු වැටුනා.....මගෙ අග්නිගෙ වෙන්න බලන් උන්න මම අවසානෙදි කාලිගෙ මූන දෙපැත්තට ගහගන ගහගන යනකොට මට මාවම පාලනේ කරගන්න බැරිව මටත් නොදැනිඅ මගෙ නලල.මැදින් ගින්දර පිටවෙනවා හා සමාන ඌශ්නයක් දැනෙන්න ගත්තා ....මම කෑ ගැහුවා....මම වියරු වැටුනා.....මම කෑගැහුවා...අවසානෙදි මාදිහා බලාගන උන්න කාලි එක පාරම අත දිගෑරලා අමු තනකොල යායම ඇවිලීගන යන්න ගින්නක් මැව්වා ....

මේක ෆැන්ටසි එකක්ද....

නෑ....

යතාර්තයක්ද....

ඒත් නෑ....

එහෙනම්...

යතාර්තයට එහා ගියපු උන්මාදයක්....

කාලිගෙ වියරු හිනාව එන්න එන්නම වැඩි වෙනකොට එදා උන්න කාලිමද හොයන්න බැරි වෙන්න ඒ වෙස් මූන ගැලවෙන්න ගත්තා .....

මම සීමාව දන්නවා...මම උඹට ලන් වෙන්නෙ නෑ කියලා මවා පෑමක් කරපු කාලිගෙ වෙස්මූන මගෙ ගාව ගැලවිලා බිමට වැටෙනකොට මම හුස්ම හිරකරන් බලන් උන්නා.....

ඒ හිනාව...

ඒ බැල්ම.....

හෙට කෙම්මුර.....අයියගෙ කියල දැන දැන මගෙ ගාවට එන්න හදන කාලිගෙ මූනට මම කාරලම කෙල ගැහුවා....

අසික්කතයා....උඹ පෙරේතයෙක්.....උඹ ඉෆ්‍රිත්ගෙ උනත්...බඩ වැල නැතිව ආවා උනත්...උඹගෙ හිතට උඹගෙ අම්මගෙ ගතියෙන් අංශුවක් වත් ගිහින් නෑ....අසික්කිතයි උඹ...උඹ අසික්කිතයි.....

"........"

උඹ හිතන් ඉන්නවා නම්....හෙට කෙම්මුරේදි මාව උඹට යට කරගන්න.....මගෙ දරුවා....නෑ....අග්නි අමරේන්ද්‍රන් ගෙ දරුවා...එයා මගෙ අම්මා අප්පච්චි ගාව හැදේවි ...කලපයක් පෙරුම් පුරලා අවසානෙදි .....අමුනන්න තිබුන අවසානම ...අවසානම පබලුව මගෙ අතින් ගිලිහුනත්....කවද හරි...දවසක..මට අමුන්න බැරි.උන ඒ මාලෙ....නිඛිල් සස්මික.අමරේන්ද්‍රන් ...එයා හරි ගස්සවාවි.....

" අමරේන්ද්‍රන් ....."

කාලි හිනා උනා.... ඇවිලෙන අමු තනකොල වල ගින්න එන්න එන්නම වැඩි වෙනකොට මගෙ අග්නි අහපු ජවුහාර් එකේ තේරුමට පන දෙන්න මම බලන් උන්නා....නිඛිල් අග්නිගෙ උන දා ඉදන්....මම එයාට අමරේන්ද්‍රන් කෑල්ල හිතින් එකතු කෙරුවා මිසක්...කටින් නොකියා උන්නා...ඒත්.මම අද ඒ කතාව ඒ විදිහටම කියනකොට කාලිගෙ ඇස් ගැස්සුනා...අර වියරු ඇස් හීනි.උනා...මට ඕනා උනා....කාලි මොන දේ කිව්වත්....මම.මැරුනත් අයිති මගෙ අග්නිට විතරක් කියලා පෙන්නන්න වෙනකොට මම මාව අල්ලන් උන්න අත් දෙක ගසා දාලා කාලී දිහා බලනකොට ගොරකා මලක් පාවෙලා ඇවිත් මගෙ උරහිස උඩට වැටුනා.....

ඔව්...අමරේන්ද්‍රන් .....මගෙ පුතාගෙ අප්පච්චි අග්නි නම්...අග්නි අමරේන්ද්‍රන් නම්....එයාගෙ නමත් අමරේන්ද්‍රන් වෙන්න පුලුවන් නෙ....කාලි....උඹ යකෙක්....උඹ අසුර ආත්මයක්.....උඹ බුදු ගුන දන්නව.....බුදු බන දන්නවා...බුදුන් සරනෙ ගිහින් රහත් උන උන් දන්නවා...උඹ ඉර්දි බලය ගැන.දන්නවා....උඹ සාරාසංඛ්‍ය කල්පලක්ශ්‍යක් පෙරුම් පුරලාබුදු උන සිද්දාර්තයන්ව දන්නවා..දීපංකර බුදුන්ගෙ සමයෙ උන්න සුමේදයන්ව දන්නවා....නියතවිවරන ගත්තු සුමේදයන්ව දන්නවා.....සමහර තැන් වලදි සුරයන්ට වඩා අසුර බලය වැඩී.කියල දන්නවා...පිරිත් පැන් වල බලය ගැන දන්නවා....

ඒ වගේම මම.....හදි හූනියන් පිල්ලි ගැන දන්නවා...යන්ත්‍ර මන්තර විශ්වාස කරනවා...බුදුන්ගෙ කාලෙ පවා යක්කු උන්නා.....ඒක ව්ශ්වාස.කරනවා.....නරකක් තියන නිසාමයි...යහපතකුත් තියෙන්නෙ දන්නවා....හදි හූනියමකට....පිල්ලියකට මනුස්සයෙක්.මරන්න පුලුවන් කියන එක.....උඹලා විතරක් නෙවෙ....කසාවත පොරවගත්තු උත්තමයො පවා දන්නවා....ඒක උඹ මටත් වඩා දන්නවා....

ඒවගේම...මිනිස්සු ඇත්ත හැගීම් ගාවදි ජිවිතේ උනත් දෙනවා කියලා දන්නවා...උඩ කියපු දෙකම දන්න උඹට මේක විශ්වාස කරන්න බැරි කමක් නෑ.....

අග්නි...මාත්‍රාවක්....අධි මාත්‍රාවක් නම්...මම උම්මන්තකයෙක්....

මම අග්නිට වහ වැටුන එකෙක්...අග්නි නැති තැනක.....ශිවන් කෙනෙක් නෑ.....

උඹේ ඇස්වලට මම මන්දෝධරී වෙන්න ඇති ....

ඒත්...මේ ශිවන් කියන්නෙ....පද්මාවතී කෙනෙක්...

ආදරේ වෙනුවෙන් ගින්නට පනින....

මම කෑගැහුවා.....කදුලු පෙර පෙර කෑ ගැහුවා ..නොතේරුන් කමට නිල් වෙරලු ඉල්ලපු මම කෑගැහුවා...නිවාස අඩසියෙ හිර වෙලා වේදනා විදින අග්නි වෙනුවෙන් කරගන්න දෙයක් නැතිව මම කෑගැහුවා.....

ඇවිලෙනගින්න වටේ අග්නිගෙ වෙලඹ කෑගහනකොට එදා පද්මාවති රතන් සින් වෙනුවෙන් ගින්නට පැන්නා හා සමානව මම අග්නි වෙනුවෙන් ගින්නට පනින්න හැදුවා .....මම කියන වචනයක් ගානෙම අහන් උන්න කාලි මගෙ දිහා බලන් උන්නා...හරියටම මම එච්චර දෙයක් කරන්නෙ නෑ කියන්න වගෙ...

මම ඇස් පේන මානෙකවත් නැති ගොරකා කැලේ හන්දා පේන්නෙ නැතිව ගියපු වෙදගෙදර දිහාව බලලා ආපහු කඩවර අප්පච්චි ඉන්න ඊසානෙට් අත් දෙක එකතු කරලා වැන්දා.....

කලාවැවට අධිපති උන කඩවර අප්පච්චි ...

මම හිත අස්සෙන් කෑමොර දුන්නා.....

කාලි උන්නෙ අවසානම මොහොත වෙනකන් මාව විස්වාස කරන්නම බැරි හැගීමකින් වෙනකොට මම කදුලු පෙරන ගමන් ගිහා බැලුවා.....

කාලි භෛරව් ...

කල්පයක් පුරාවටම පෙරුම් පුරාගන ආව අධීර මහේන්ද්‍රන් මමයි.....

අග්නි අමරේන්ද්‍රන් ගෙ.....අධීර මහේන්ද්‍රන් මමයි...

හය හතර නොතේරෙන ඇත් පැටියට රා පොවලා.පොලවෙ ගහලා මරන තැනදිත්...කඩවර දිහා බලලා ජාති ජාතිත් අග්නිවම ඉල්ලුවෙ මමයි....

අධීර මහේන්ද්‍රන් ....ශිවන් ...අග්නි අමරේන්ද්‍රන් ගෙ ශිවන්.....හැමදාටම අයිති අග්නිට මිසක් කාලිට නෙවෙ....!!!

මම.....හැමදාම අයිති....අග්නිට විතරමයි....උඹට මගෙ මල කදවත් කැප නෑ.....කාලි...

මෙන්න මේකයි මගෙ ආදරේ...අධිමාත්‍රාවෙ යතාර්තෙ...!!!!.ඉතින්....රතන් සින් වෙනුවෙන් ජවුහාරෙට පන දීපු පද්මාවතීව මගෙන් බලපන්.....

ශිවන්... එපා.....හ්.....ශි.....ව...න්!!!!!!!!

ජොබී.....බුජි.....

Ferdeesha ❤️💚😘 .....!!

More Chapters