Cherreads

Chapter 75 - 75

කම්මුල් පාර කාපු අග්නි තවමත් ඒ විදිහටම උන්නා ...තරහා ගිය පාර මං කෑ ගැහුවෙ

මගෙ ඇස් දෙකට නොපෙනී පලයන් කියලා වෙනකොට අග්නි රවාගන වගෙ මගෙ දිහා බලන් උන්න...

"දැන් එතකොට උඹ මට වඩා ඔය බඩෙ ඉන්න එකා ලොකුයි...."

අග්..නි...

අග්නි වෙනස් උනා ...අග්නිගෙ ඇස් සම්පූරන වෙනස් වෙලා ගියා මං අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ මැනිකෙ....මට මේ වගෙ එකෙක් දීපන් ....දරුවව පරිස්සම් නොකෙරුවොත් මාවත් මරනවා කියපු අග්නි අනිත් පාර එයාට වඩා බඩේ ඉන්න එකා ලොකුයිද අහන ගමන් මගෙ දිහා බලලා දත් මිටිකෑවා..... 

" ඒ කියන්නෙ උඹට මට වඩා ඇස් දෙකට නොදැකපු එකාව ලොකුයි...."

අග්...නි....ඇයි අග්නි.....ඇයි කියපන්...උඹට මොකක්ද වෙලා තියෙන්නෙ අග්නි....ඇස් දෙකට නොදැකපු එකා කියන්නෙ මේ ඉන්නෙ උඹගෙ දරුවා ....මේ ඉන්නෙ මගෙ දරුවා ....එතකොට මේ ඉන්නෙ අපි දෙන්නගෙම දරුවා එගෙම උනාම මට මේ දරුවා වටින් නැද්ද අග්නි...

එයාට වඩා ඇස් දෙකට නොදැක දරුවා ලොකුයි කියන ගමන් ළඟ තිබුන පොල්කටු හැන්ද අරන් දෙකට කඩපු අග්නිට මමත් කෑ ගැහුවා ...මගෙ දරුවා උඹෙ දරුවා අපේ දරුවා ගාපු මන් දරුවව වටින් නැද්ද කියලා අහන ගමන් කෑ ගහනවා එක්කම අග්නි ඊලග තත්පරේදි අග්නි මගෙ හුස්මක් තරම් දුරක් තියලා ලගට ආව වගේම අනිත් පාර කෙලිම්ම මගෙ බඩට අත තිබ්බා .....

"වටිනවා.....බොහෝම හොදට වටිනවා ....ඒත් බඩේ එකාට වඩා මට උඹව වටිනවා ...උඹට ඒක තේරෙනවද මගෙ මැනිකෙ...."

ආ....ව්....හ්...අග්....නී....අග්...නීහ්....

"මට උඹ ඇරෙන්න වෙන කවුරුත් ඕන් නෑ...මට උඹගෙ ආදරේ වෙන කා එක්කවත් බෙදා ගන්න හිතන්නවත් බෑ....මට...මට...උඹ අඩනවා බලන්නවත් ....උඹ වේදනා විදිනවා බලන්නවත් මගෙ ආදරේ ඌට යනවා වත් බලන්න බෑ මගෙ ශිවන් ....උඹට ඒක තේරෙනවද .....ම්ම්ම්...උඹට ඒක තේරෙනවද ..."

අ...ග්නි.....අග්....නී...උඹ...යි මට...රිදවන්නෙ...අග්...නී...අග්.....නී.....අග්....නී.....හ්හ්හ්

මගෙ බඩ උඩ තිබුන අග්නිගෙ අත් දෙක එන්න එන්න ගිනියම් වෙන්න ගත්තා .....අග්නිගෙ අත මගෙ බඩට එන්න එන්න තද වෙන්න ගන්නකොට මං වේදනාවෙන් ඇඹරෙන ගමන් මගෙ බඩ උඩ තිබුන අග්නිගෙ අත අයින් කරන්න හැදුවා .....අග්නිට ඕන දරුවා නැති කරන්න....අග්නිට ඕනා බඩෙ ඉන්න නොදරුවව මරලා දාන්න...

මාව බෙදා ගන්න බැහැයි කියපු අග්නි දත් මිටි කාගන ඉන්නකොට මේ ඉන්නෙ මගෙ අග්නි නෙවෙ මේ ඉන්නෙ මගෙ අග්නි නෙවෙමයි කියලා මගෙ හිත දෙවනි සැරේටත් පපුවට තදිම්ම දැනෙනකොට මං මගෙ ඇගට තියන උපරිම හයිය අරන් අග්නිගෙ වේශෙන් ඉන්න මොකාද කියන්න නොදන්න එකාව තල්ලු කරලා දාලා කුසියෙන් ගෙට යන්න හැරුනා විතරයි ඒකා මාව ආයම අල්ල ගත්තා ...මං අග්නිට යටගිරියෙ බෙරිහන් දුන්නා .....

අනෙ ...අග්....නී.....හ්හ්හ්.....අග්නීහ්....

"අග්නී....තවත් කොහෙද අග්නිලා ඉන්නෙ?තවත් කොහෙ යකො අග්නිලා ඉන්නෙ....කියපන්...තව වාහෙලා තොට ඉන්නවද ...???"

තව වාහෙලා .....තව වාහෙලා නෙවෙ ...උඹ මගෙ අග්නි නෙවෙ...උ...ඹ...මගෙ....ආහ්....ආහ්....ව් .....අග්...අග්..නීහ්....අනේ....අග්.....නී.....

චටාස් ...!!!

"මේක....උඹ මට දීපු කම්මුල් පාරට .....උඹයි මමයි දැන් සමානයි. ..."

කම්මුල් පාරක් ...යටි තොල පුපුරන්නම වැදුන කම්මුල් පාර එක්ක මාව විසි වෙලා ගියත් මං මගෙ බඩ අත් දෙකෙම්ම අල්ල ගත්තා ...ඒකව ගැහෙනවා ....තරහව කොයි තරම්ද කියනවා නම් ඒ ඇස් නැවතුනේම නූපන් දරුවා ගාව වෙනකොට මන් ගුටි කාගන උනත් අත් වලින් වහගත්තා ....

ඌ ලගට එනවා ...අග්නිගෙ රූපෙන් ඉන්න අශුද්දයා ආයමත් එනවා ....

"උඹට දැන් මට වඩා ඔය බඩේ ඉන්න එකා ලොකු උනා ....ඌව හැදුවෙ මම නම්....ඌව නැති කරන්නත් අයිතිය මට තියනවා ....ඌව හදන්නත් හේතුවක් මට තිබුනා නම්....ඌව නැති කරන්නත් හේතුවක් මට තියනවා...ඌව මං හැදුවෙ උඹට ආදරේ හින්දා ....හැබැයි මං ඌව නැති කරන්නෙත් මට උඹව ඌ එක්ක බෙදා ගන්න බැරි හන්දා .....මම තියා ගන්ඩ අකමැති එකාව උඹ තියාගන්නෙ කොහොමද කියපන්.....??"

උඹට ඕනෙ මේ දරුවව නැති කරන්න....උඹට ඕනෙ වරදක් නොකරපු දරුවව නැති කරන්න....කල්පයක් තිස්සෙ බලාපොරොත්තු තියන් හදපු දරුවව නැති කරන්න හදන උඹ කොහොමද යකෝ මගෙ අග්නි වෙන්නෙ.....උඹ කොහොමද යකෝ මගෙ අග්නිගෙ දේවල් වලට අත තියන්නෙ...උඹ කොහොමද යකෝ අග්නිගෙ දේවල් වල තීරන ගන්නෙ.....

ඒ මගෙ කටහඩ....ඒ වේදනාව පිරුන මගෙ කටහඩ...ළඟ ඉන්න එකා අග්නි නෙවෙ කියන එක ජීවිතේටත් වඩා විශ්වාස වෙල යන මොහොතක අග්නිව මොන් පරික්ශාවකට අහුවෙලාද දන්නෙ නැති මම බෙරිහන් දුන්නා....අග්නි ඉන්නෙ මගෙ දරුවා ගාව මත්ක් වෙනකොට ඊට් වඩාම්ට බය හිතුනා....ඒත් අග්නිගෙ දරුවෙක් මේත් අග්නිගෙ දරුවෙක් ....උන් නිඛිල්ව පව් මරලා දන්න හැදුවා වෙනමොකටවත් නෙවෙ අර වෙසගනව කරේ ගහන්න....අග්නිගෙයි කියන්න සලකුනක් ඉතිරි නොකර අග්නිව යට කරගන්න...

කුවන්න.....උඹ කුවන්නා...මං දන්නවා...අනිවාර්යයෙන්ම උඹ කුවන්නා...එහෙම නැති නම්....එහෙමත් නැති නම්.....උඹ අග්නිගෙ වේසේන් ආව වෙන එකියක්...

මම පස්සෙන් පස්සට ගියා...පස්සෙන් පස්සට යන ගමන් ඒ ඉන්නෙ අග්නි නෙවෙ. ඒ ඉන්නෙ අග්නි නෙවෙ උඹ කුවන්නා. .එක්කො අග්නිගෙ වේසෙන් ආව වෙන එකියක් කියනකොට මගෙ ඉස්සරහා උන්න අග්නිගෙ වේසේ උන්න එකා හිනා වෙන්න ගත්තා .ඇස් රතු කරන් කට කොනින් හිනා උනේම මගෙ අග්නි වගෙම වෙනකොට පස්සෙන් පස්සට ගියපු මම අත පත ගාලා පිහියක් අතට ගත්තා....ඒකා තව හිනා උනා....ඒකා තව තව හිනා වෙනකොට අදත් අර මූසලම මූසල සද්දෙ ඇහෙන්න ගත්තා....අදත් එදා වගේම අර කාර් ශීට් එකේ තිබුන ගෝනියෙන් ආව සින්දුව ඇහෙන්න ගත්තා....

" ඉතින් මගෙ මැනිකෙ ....උඹ තාමත් හිතනවද.....මට උඹව වටින් නෑ කියලා .....උඹ තවමත් හිතනවද ....මට උඹ ඇරෙන්න වෙන දේවල් වටින් නෑ කියලා .....නෑ...නෑ..මගෙ ශිවන් ....නෑ...මං උඹට ආදරෙයිනෙ... .මං...උඹට ආදරෙයිනෙ...මගෙ මැනිකෙ.....මම කොහොමද උඹ අඩනවා බලන් ඉන්නෙ .....මම..මම කොහොමද ....උඹ....වේදනා විදිනවා බලන් ඉන්නෙ...."

නවත් ..තපන් ....නවත්තපන්.....කාලකන්නියා....න්...නවත්තපන්.....උඹ මගෙ අග්නි.....ආඅහ්....ව්ව්.....අග්නී.....උඹ මගෙ අග්නි විදිහට කතා කෙරුවට....උඹ කවදාවත් මගෙ අග්නි...නෙවෙ....උඹ කවමදාකවත්...කවම....දාකවත්...මගෙ...අග්නි...නෙවෙ.....ඒ වගෙම....උඹ හිතම දේවත්...ඹ ප්‍රාර්තනා කරන දේවත්.....කවදාවත් වෙන්නෙ නෑ කුවන්නා...."

ආයමත්...ආයමත් ඌ මගෙ අග්නි වගේ මාව රවට්ටන්න හැදුවා....ඌ මට ආදරෙයි කිව්වා....ඌ මට ආදර්‍යි කිය කිය කෙරුවෙ උගෙ ඇස් වලින් මගෙ අතේ තිබුන පිහිය පාලනේ කරන්න හදපු එක....මමම මට ඇනගන්න හදපු එක.....මගෙ අත් දෙක කවුරු හරි අල්ලන් ඉන්නවා වගේ දැනෙන තරමට ඌ ඇස් වලින් මගෙ අත් පාලනේ කරන්න ගත්තා .....

ඌ මට ආදරෙයි....ඌ මට ආදරෙයි කියන වාරයක් ගානෙම කෙරුවෙ අතේ තිබුන පිහිය මගෙ යටි බඩ දිහාවට අරන් යන්න හදපු එක වෙනකොට මම මගෙ ඇගේම හයිය දාලා පිහිය අයින් කරන්න හැදුවා...

මට පන නෑ....අනේ මගෙ ඇගේ පන කියන නාමයක් නෑ.....වමනේ දාල දාලා උන්ගෙන් තැලිලා...අග්නිගෙන් තැලිලා උන්න මට ඇගේ පන කියන නාමයක් නැති වෙනකොට ඌ හිනා වෙන්න ගත්තා....හිනා වෙවී අත්පුඩි ගහන්න ගත්තා..... ...

අග්නී.....හ්හ්.....අනේ...අග්නී...හ්....

මම කෑ ගැහුවා...පිහි තලේට අත කපාගන යනකොට මම කෑ ගැහුවා.....මම බෙරිහන් දුන්නා...අග්නී.....අනේ මගෙ අග්නි....ඉන්න තැනකින් වරෙන් ගගා කෑ ගහනකොට දෙවනි වතාවටත් කම්මුල් පාරක් වැදුනා විතරක් නෙවෙ මගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලගත්තු ඒකා මගෙ මුලු මූනම බිත්තියේ ඇතිල්ලුවා...නිකන් නෙවෙ හිනා වෙවී..මගෙ මූන බිත්තියට ගගහා ඇතිල්ලුවා..අතුල්ල අතුල්ල කෑ ගැහුවා ....අග්නි එන්නෙ නෑ මමයි අග්නි මමයි අග්නී ගගා මම උඹට ආදරෙයි මගෙ මැනිකෙ ගගා පුලුවන් තරම් මාව රිදෙව්වා ....

"උඹට මං ආදරෙයිනෙ මැනිකෙ....ම්ම්....ඉතින් කියපන්කො....මං කොහොමද උඹව රිදවන්නෙ ....ආ...කියපන් මගෙ ශිවන්.....මං මොන හිතකින්ද උඹව රිදවන්නෙ .....

ඒකා හිනා වේවි මගෙන් අහනවා මාව රිදවන්නෙ කොහොමද අහ අහා කෙරුවෙම මාව බිත්තියට තද කරපු එක වෙනකොට මං අග්නිගෙ වේසෙන් උන්න ඒකව මං කොහොම හරි අල්ලලා තල්ලු කෙරුවා ...

බිත්තියට සීරුන මූන පුරාවටම ලේ බින්දු මතු වෙලා තිබුනා .....හුස්ම ගන්න වේගෙ අනුව මගෙ පපුවත් වේගෙන් උස්පහත් උනා.....යටි බඩ උඩ තිබුන අත්වල උඩ හම බිත්තියෙ ඇතිල්ලිලාම උඩ හම ගිහින් තියනකොට මගෙ මූන අත් උහුලන්න බැරි තරම් දැවිල්ල ගන්න කොට මං ඇස්වල කදුලු පිරිලා තිබුනා උනත් මම වේදනාව යට කරන් වේදනාවට වඩා උඩින් තිබුන තරහව පිට දැම්මා.....

උඹ මට ආදරෙයි කිව්වා ....නේ.....

මාව වෙව්ලුවා ...අග්නිට ආය ආය අඩගහන්නවත් මට හයියක් නැති උනේ මගෙ හිත කිව්වෙම අග්නිව මොකක් හරි උගුලකට උන් කොටු කරලා කියලා වෙන එක වෙද්දි කෙලින් ඉන්න පන නැති උනත් සින්ක් එකෙ ගැට්ට අල්ලගන ඒකා දිහා බැලුවා .. බලාගන උගෙන් උඹ මට ආදරෙයි කිව්වා නේද අහ අහ උ ගාවට ගියා ....

අග්නී...උඹ මගෙ අග්නි කිව්වා .....එහෙමනෙ.....උඹයි මගෙ අග්නි කිව්වා ....

"ඔව්...මං උඹගෙ අග්නි.....උඹට විශ්වාස නැද්ද මැනිකෙ....."

විස්වාස කරන්න...මට උඹව විශ්වාස කරන්න හේතු දීපන් .....උඹයි මගෙ අග්නි කියන්න ඔප්පු කරලා පෙන්නපන්....පෙන්නපන් ...උඹ ඔප්පු කෙරුවොත් .....උඹ ඉල්ලන විදිහටම ඔය අත් වලිම්ම උඹට එපාය කියන දරුවව මරලා දාන්න පුලුවන් ...

මං කෑ ගැහුවා ....විශ්වාස කරන්නත් ඒ ඉන්නෙ අග්නිමයි කියලා ඔප්පු කරවපම්.කියපු මම ඒ ඉන්නෙ මගෙ අග්නිමයි කියලා ඔප්පු කෙරුවොතින් උගෙ අත්වලිම්ම දරුවව මරපන් කියනකොට ඌ මගෙ අග්නිගෙ පුංචිම දේ පවා කොපි කරන් උන්නා.....මගෙ අග්නි වගේම ඇස් හීනි කෙරුවා .....ඇහිබැම ඇකිලුවා ...ම්ම්.....

"ඔප්පු කරවන්න.....මට උඹ මාව අවිස්වාස කරන්න හේතු දීපන් මැනිකෙ...."

උඹ මගෙ අග්නි නෙවෙ කියන්න මට ඕනාවටත් වඩා සාක්කි තියනකොට මං මොන දේටද ඒවා උඹට කියන්නෙ....උඹයි මගෙ අග්නි ගගා මැරෙන්න හදනවා නම් ....මට කියපන්....මට ඔප්පු කරපන්...

මං ආයම කෑ ගැහුවා .. ...

"උඹ චන්ඩ වෙලා...ඔට බඩෙ ඉන්න එකා උඹව චන්ඩ කරනවා ...ඌට ඔනා ඉපදෙන්නත් කලියෙන් මාව උඹව වෙන් කරන්න.....ඌ ඉෆ්‍රිත් කෙනෙක්.....ඌත් ඉෆ්‍රිත් කෙනෙක්...මේලෝකෙ කොහෙද ආදරේ අදුනන යක්කු ඉන්නෙ.....මගෙ මැනිකෙ.....මගෙ මැනිකෙ...මට උඹව නැති කර ගන්න බෑ ශිවන් ....මට...උඹව නැති කර ගන්න බෑ ...මට උඹව උදුර ගන්න දෙන්න බෑ...මේ කාටවත් උඹගෙයි මගෙයි මැදට එන්න දෙන්න බෑ...මං උඹට ආදරෙයි මැනිකෙ.....මං උඹට ආදරෙයි .... ..අපි...අපි මේකව මෙතනිම්ම ඉවර කරමු....උඹ විදවන්න ඕන නෑ මැනිකෙ..."

මං බලන් උන්නා මං දත්මිටි කකා බලන් උන්නා....අඩලා හිත දුර්වල කරගන්නවට වඩා මැරුනත් අඩන්නෙ නැතුව අග්නිගෙ ශිවන් විදිහට යක්කෙක්ට අයිති උන හයිය හිතක් තියන එකෙක් විදිහට මැරෙන්න හිත හදාගත්තු මං මගෙ අතේ පිට අල්ල පුරාවටම මතු උන ලේ බින්දු දිහා බැලුවා ...

ඈතින් ඇහෙන මූසල සද්දෙ ඇග හිරිගඩු පිපෙනකොට මං හිනා උනා.....ගහපු කම්මුල් පාරවල් වලට යටි තොල් උඩු තොල් විතරක් නෙවෙයි වීදුරු මහ පවා තුවාල වෙලා තියනකොට මගෙ දත් සම්පූරනම ලෙේ පාට වෙලා තිබුනා ..කතා කරන වාරයක් ගානෙ කටට ලේ රහ දැනුනා.....කෙල ගිලින වාරයක් ගානෙම කටට ලේ රහ දැනුනා.....

මූසල සිංදු සද්දෙ අදෝනාවක් වෙනකොට ඒක ග්‍රැමඵෝන් එකක් කියන එක මම අදුන ගත්තා...ඇගම හිරි ගඩු පිපෙන යක්කු අරක්ගත්තු ග්‍රැම ෆෝන් එකක් කියලා හිතෙනකොට මම අග්නි වගෙ උන්න අග්නිගෙ දරුවව මාව මරන්න ආව යක්ශ ආත්මෙ ගාවට ලන් උනා....

උඹ මට ආදරෙයිද අග්නි .....

මම ඒකගෙ මුන දිහා බලලා උඹ මට ආදරෙයිද අග්නි අහනකොට ඒකා ඔව් කියන්න ඔලුව හෙලෙව්වා...හැබැයි මම හිනා උනා....හිනා වෙලා ආදරයක් ගෑවිලා වත් නැති වෛරය පලිගැනීම විතරක් පිරුන ඇස් දිහා බැලුවා ....

උඹ මට ආදරෙයි ද මගෙ අග්නී....

මං ඒකගෙ වටේ කැරකුනා....නොන්ඩි ගගහම ඒකගෙ වටේ කැරකෙන ගමන් මට ආදරෙයි ද කියලා ආයමත් ඇහුවා....ආයමත් අහනකොට ඒකා ඔව් කියන්න ඔලුව වැනුවා....

.බෑ....මට උඹගෙ වචන වලිම්ම අහන්න ඕනා.....උඹ මගෙ අග්නි නම්...මට උඹගෙ වචනවලින්ම අහන්න ඕනා.....උඹ මගෙ අග්නි නම්.....උඹ මට ආදරෙයි කියන හැටි උඹගෙම කටින් කිව්වොත්....මම පිලිගන්නවා....උඹයි මගෙ අග්නි කියලා ...එහෙම උනොත්...මම මේ දරාගන ඉන්න වේදනාව මෙනිම්ම අයින් කරන්න උඹට සම්පූරනම අයිතිය දෙනවා...

" එහෙම නැති උනෝතින්..."

මම උන්නෙ ඒකගෙ ඇස් දෙක දිහා බලාගන....මම ඒකට බල කෙරුවා මට ආදරෙයි කියන්න කියලා .....මම ඒකට බල කෙරුවා ඔලුව හොලවන්නෙ නැතිව ඒකගෙ වචන වලින්ම මට ආදරෙයි කියලා කියන්න කියලා.....අවසානෙදි ඒකා අහන් ඉදලා මගෙ.මූනට ලන් වෙලා එහෙම නැති උනොත් කියනකොට මම අඩියක් පස්සට ගියා....මොකද ඒකගෙ හුස්ම පවා මම අපුල කෙරුවා...

එහෙම නැති උනෝතින්...උඹ නෙවෙයි මගෙ අග්නි.....

එහෙම නැති උනෝතින් මම ප්‍රාර්තා කරනවා.....මගෙ අග්නිගෙ හැම හීනයක්ම යතාර්තයක් වෙනදාක....උඹ අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න ඕනයි කියලා .....මම ප්‍රාර්තනා කරනවා...උඹ නොවිදිනා දුක් විදින්න ඕනය කියලා .....ඉතින්...අග්නි....උඹ මගෙ අග්නි නම්....කියපන්....මට ආදරෙයි කියලා උඹගෙ වචන වලිම්ම කියලා මට ඔප්පු කරපන්....ඔප්පු කරලා මාව මේ වේදනාවෙන් බේරපන්....උඹ කියනවා වගේම මේකා උඹව මාව වෙන් කරන්න හදනවා නම්..ඒකව නැති කරපන්....හැබැයි....උඹ අග්නි නම්....උඹ මගෙ අග්නි නම් විතරක් ....නැත්තන් ....උඹ මට අත තියන්ඩ හිතන්ඩවත් එපා...

මම තර්ජනේ කෙරුවා.....මම දත්මිටි කෑවා...එකා බලන් ඉදලා බලන් ඉදලා අවසානෙදි ඇස් දෙක හීනි කරලා මගෙ ගාවට ආයම අන් උනා....

." මම උඹට ආදරෙයි මගෙ ශිවන් ..."

ඌ මට ආදරෙයි කිව්වා....හැබැයි මගෙ මූන වෙනස් උනා...මගෙ මූනට හිනාවක් ඇදුනා...පුපුරපු තොල් වේදනා දිදි ආයම තුවාල අලුත් කෙරුවා උනත් මම හිනා උනා...මම කෑ ගහලම හිනා උනා....ඒකා මා දිහා බලන් උන්නා...අග්නිගෙ වේශෙන් උන්න ඌ බලන් උන්නා...මම හිනා උනා...උමතුවෙන් හිනා උනා...උමතුවෙ න් කෑ ගැහුවා....

උඹ.මට ආදරෙයි කිව්වා.....

" ඔව්...මම උඹට ආදරෙයි ...."

ඒකා ආය ආයම මට ආදරෙයි කිව්වා....නෑ.මේ ඉන්නෙ මගෙ අග්නි නෙවෙ.....මේ ඉන්නෙ මගෙ අග්නි නෙවෙ....

උඹ මගෙ අග්නි නෙවෙ.....උඹ අසමත්....උඹ ඒ පරික්ශාවෙන් අසමත්.....උඹ කොහොමද අග්නිගෙ අඹුවට අත තියන්නෙ ....කුවන්නා...කුවන්නා....කුවන්නා.....උඹ කොහොමද යකො මට අත තියන්නෙ...උඹ ඔය වේශෙන් නෙවෙ....උඹ මොන වේශෙන් ආවා උනත්....උඹට කවදාවත් බෑ මගෙ අග්නි වෙන්න.....උඹ කුවන්නා.....සුහපැතුම්....උඹ ඒ පරික්ශාවෙන් ඉහලිම්ම අසමත්....මහෙ ගාවදි සිල් බිදගත්තු අග්නිගෙ ආදරේ ගැන දන්න මම මිසක් ...උඹ වෙන්නෙ කොහොමද ????

කල්පයක් බලන් උන්නෙ එකම හීනයක් වෙනුවෙන් වෙච්ච මගෙ අග්නිගෙ ආදරේ ගැන දන්නෙ මම මිසක් උඹ වෙන්නෙ කොහොමද ....???

උඹට පුලුවන් අග්නිගෙ රූපෙ ගන්න....ඒත්....උඹට බෑ කවදාවත් අග්නි වෙන්න....උඹට බෑ කවදාවත් කලපයක් යනකන් මාව ප්‍රාර්තනා කරපු මගෙ අග්නි වෙන්න....

ගිහින් කියපන් උඹගෙ දෝනියැන්දට...ඒකගෙ හිරිඔතප් බින්දෙ මම බව ....මගෙ අග්නිගෙන් මාව වෙන් කරන්න හදන මගෙ වාහෙගෙ කර බලෙන් එල්ලෙන්න බලන් ඉන්න උඹගෙ වෙසගනට ගිහින් කියපන් .....ගෑනියෙක් උනත් ඒකි නෙවෙයි අග්නිගෙ නමින් වදන්නෙ පිරිමියෙක් උන මම විතරක්ම බව....

කුවන්නා ...කුවන්නා...උඹ මගෙ අග්නිලු....මට ආදරෙයිලු ..මම වේදනා විදිනවා බලන්ඩ බැරි හින්දා නැති කරමුලු...

වේදනා විදිනවා බලන්ඩ බැරි නම්.....ඇයි උඹට බැරි උනේ හෝරා තුනහතරක් යනකන් මගෙ කකුල් මැදින් ඈත් වෙන්ඩ.....??

හාමත් වෙච්ච කොටියෙක්...දවස් ගානක් තිස්සෙ බඩගින්නෙ උන්න කොටියෙක් ගොදුරක් දැක්කම උමතු වෙනවා හා සමානවම මාව තලනකොට ඒ වේදනාව උඹට දැනුන් නැද්ද....

කුවන්නා.....උඹ මෙතනදිත් අසමත්....උඹ මෙතනදිත් පරාජිතයි.....ගිහින් කියපන් උඹගෙ දෝනියන්දට...ඒකි පයින් ගැහුවෙ මැනිකකට කියලා වගේම...මම ඒ මැනික අල්ල ගත්තෙ...අඩි හයක් පොලව යටට ගිහිනුත්.....අතාරින්න නෙවෙ බව...

මම කෑගැහුවා.....අතට අහු උන ව්දුරුවක් පොඩි පට්ටම් කරපු මම කුවන්නෙගෙ මූනට කාරලම කෙල ගැහුවා .. .ඒකිව වෙව්ලනවා.....තරහව දරාගන්නම බැරි තැන ඒකිගෙ ඇස් වලින් ගිනි පිටවෙනකොට ඒකි ළඟ තිබුන කිනිස්ස ඇදලා ගත්තා .....ඇදලා අරන් මාගාවට එනවත් එක්කම පිට පිට හෙන පුපුරනවා හා සමාන තරහව පිරුන....තරහව ඉහ වහගියපු කටහඩක් ඇහෙනවා එක්කම ඒකිව අඩි දෙක තුනක් පස්සට විසික් වෙලා ගියා...

" කුවන්නා.....!!!"

අග්නි...අග්නි අමරේන්ද්‍රන් ....!!!

එක අතකින් නින්ද ගියපු නිඛිල්වත් වඩාගන උන්න අග්නි ආවෙ වටම අලු කරන තරම් තරහවකින් වෙනකොට අග්නිගෙ වේශෙන් උන්න කුවන්නව මතු.වෙන්න ගත්තා උනත්....ඒ උන්නෙ කුවන්නා වෙනුවට වෙන ගෑනියෙක් ....කුවන්නගෙ කීමට අග්නිගෙ රූපෙ ගත්තු තව එකියක් වෙනකොට අග්නි එන ඒමටම බැලුවෙ ලේ පෙරාගන උන්න මා දිහා වෙනකොට ඇදන් උන්න සලුවෙ පටි අස්සෙ තිබුන ඉර එලියටත් වඩා දිලිසෙන අසිපතක් ඇදලා එලියට ගත්තා...

මම දැකලා නෑ....

මම මගෙ ජීවිතේට දැකලා නෑ.....අග්නිගෙ තරහව මෙ තරම් දුරකට යනවා මම මගෙ ජීවිතේ කොතනකවත් දැකලා නැතිවෙනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.....හරියටම මාව උනත් එක අසිපත් පාරකින් දෙකඩකරන්න පුලුවන් තරහවකින් වෙනකොට මට භෛර්වගෙ වචන මතක් උනා.....මාව උනත් මරලා දාවි කියන වචන මතක් උනා .....මගෙ නිඛිල් පන නැති බෝනික්කෙක් හා සමානව එයාගෙ අතේ නිදාගන ඉන්නකොට එයා ගින්දර පිටවෙන ඇස් වලින් මා දිහා බලාගන ඉදලා එහෙම්ම මගෙ බඩ දිහා බැලුවා ....

"එයා ඉන්නවද ??නැද්ද ...??"

අග්නි එච්චරයි ඇහුවෙ ....අනෙ මට දැනුන් නෑ...සැරින් සැරේම බඩ කැලති බඩට දැනෙන නොදැනෙන ගානට තිබුන බර ගතිය දැනෙන් නැති වෙනකොට මං අත තියලා බලලා හුස්ම හිර කරගන අග්නි දිහා බැලුවා විතරයි අග්නි අපි ගාව උන්න තරහවෙන් පුපුරන කුවන්නගෙ පන්දම් කාරි දිහා බැලුවා ...

අඩියක් දෙකක් පස්සට ගියා උනත් ඒකි උන්නෙ ආව වැඩේ ඉවර කරලා යන්නම වෙනකොට අතට තද කරන් උන්න කිනිස්ස අරන් ඒකි අග්නිගෙ දිහවට එනවත් එක්කම මං මැදට පැන්නා...

ආ.....හ්හ්.......ව්ව්........!!!!!!

ලේ පාරක් ....නිඛිල්ගෙ මූනම රතු කරන් වගේම මගෙ කද හරිය තෙමාගන ගියපු ලේ පාරක් එක්ක තවමත් ගැහෙන කදින් වෙන් උන අතක්...

අග්...නී...

මං අග්නි දිහා බැලුවා .....කිනිස්ස අත මිටමොලව ගත්තු කුවන්නගෙ යකින්නගෙ අත තිබුනෙ බිම වෙනකොට අග්නි මගෙ දිහා බැලුවා .....හැබැයි ඒ බලනවත් එක්කම එයාගෙ අතේ තිබුන අසිපත මට හිතාගන්න බැරි තරම් වේගෙකි එහා මෙහා එහා මෙහා යනකොට ලෙ පාරවල් වලින් මුලු කුස්සියේම බිත්ති රතු පාට වෙලා ගියා ....මගෙ ඇගට පන නැති උනා.....මෙච්චර වෙලාම අමාරුවෙන් උන්න මාව කැරකෙන්න ගත්තා ..... පපුව පුපුරන්න ආවා .....වැදුන පාරවල් වලට මට හුස්ම ගන්න පන නැති උනා....ඒ එක්කම මට අග්නිගෙ මූන බොද වෙලා යනවා දැනුනා....ආයමත් අර මූසල සංගීත සද්දෙ ඇහෙනවා එක්කම මගෙ ලග උන්න අග්නි හිනා උනා.....අසිපතක් ළඟ තියබ් උන්න අග්නි හිනා උනා....නිකන් නෙවෙ කෑ ගහලා හිනා උනා.....කෑලි කැපිලා ගියපු කුවන්නගෙ සහකාරිගෙ සර්වාංගෙ ආයම එකට එක එකට එක පෑස්සෙන්න ගන්නවා එක්කම අග්නි අසිපත මගෙ දිහාවට දික් කෙරුවා ....මං පස්සෙන් පස්සට ගියා...

මේ ඉන්නෙත් අග්නි නෙවෙ .. 

අනේ මේ ඉන්නෙත් අග්නි නෙවෙ.....

අග්නිගෙ අතෙ උන්න මගෙ නිඛිල්ගෙ බෙල්ල කදින් වෙන් වෙලා බිමට වැටෙනකොට මං කෑ ගැහුවා ....මං බෙරිහන් දුන්නා...

ඒකි කපලා තියෙන්නෙ මගෙ නිඛිල්ගෙ බෙල්ල.....ඒකි දෙකඩ වෙන් කරලා තියෙන්නෙ මගෙ දරුවගෙ බෙල්ල .....ඒ විතරක් නෙවෙ මං ඇදන් උන්න ඇදුම් පවා උකු දියරෙකින් තෙත් වෙලා යනවා දැනෙනවා එක්කම මං එහෙම්ම මගෙ බඩ දිහා බැලුවා ....

ලේ...

උකුම උකු ලේ...

යටි බඩ තෙමාගන පහලට ගලන්නෙ උකුම උකු ලේ වෙනකොට අග්නිගෙ වේසෙන් උන්න ඒකි අග්නිගෙ දරුවො දෙන්නවම මගෙ ඇස් පනාපිටම මරලා දානකොට මම බ්ම තිබුන මගෙ නොදරුවගෙ බෙල්ල දිහා බලාගන අත් දෙකෙම්ම ඔලුව වහන් කෑ ගහනකොට මගෙ ඉස්සරහ හිටපු ඒකා ඌ පරාදද කියලා මගෙන් අහනකොට මං ලමයගෙ බෙල්ල බදාගන කෑ ගහලා ඇඩුවා ....

"ඉතින්....මං තවමත් පරාදද...?"

අග්....නී...!!!!!!!

"මැනිකෙ...ශිවන් ...ශිවන් .....දරුවෝ..."

අනේ ...අග්....අග්...නීහ්...අග්නි....මගෙ ....මගෙ....පුතා ...මගෙ ...දරුවා ....අග්...නි.....

"ඇයි මේ...ඇයි මගෙ ශිවන් ..."

මගෙ පපුව ගැහෙනවා .....මගෙ පපුව අම්බානෙක ගැහෙනවා....මගෙ සර්වාංගෙ පුරාවටම වේදනා දෙනවා.....ආයම කුස්සියෙ පුටුව උඩ....මං ආයම කුසියෙ පුටුව උඩ...

බිත්ති ආයම තිබුන පාටම වෙනකොට මං පිස්සුවෙන් වගෙ මගෙ දරුවා කිය කිය කෑ ගහන්න ගත්තා

නිඛිල් ...නිඛි...ල්....මගෙ ....මගෙ .....

දරු....වා....අනෙ....

"ශිවන් ....මැනිකෙ .මැනිකෙ...."

අහකට පලයන්....අහ....කට....අහකට පලයන් ....උඹ මගෙ අග්නි....නෙවෙ ...උඹ....මගෙ නංගි ...නෙ ..වෙ...අනෙ...

මම දිව්වා ....මගෙ ලගට ආව අග්නිව තල්ලු කරලා දාලා මම දිව්වා ....මම වැටි වැටි දිව්වා .....මගෙ නිඛිල්ව හොයන් දිව්වා ....

නිඛිල්.....අනෙ මගෙ රත්තරන් ....මගෙ සුදු පුතෙ... .

මං දිව්වා .....

අනෙ කොල්ලා ඉන්නවා සූප්පුවක් කටේ ගහන් කොට්ටා ගොඩකින් වටවෙලා මගෙ නොදරුවා ඉන්නවා ....මං ඉන්න තත්වෙ වත් නොබලා මෙට්ටෙට පැන්නා.....

මගෙ පුතේ අනෙ අප්පච්චි ට පෙන්පන්...අප්පච්චිට පෙන්නපන්.....

මං ලමයගෙ බෙල්ල අත ගගා මං අඩ අඩ හුස්ම ගන්නවද බලනකොට අග්නිත් කඩාගන බිදගන මගෙ ගාවට එනකොට මං ලමයව අරන් බිත්තියක් මුල්ලට බඩ ගෑවා....

"ශිවන්....."

එපා....එපා....උඹ එන්න් එපා ...උඹ ..අග්නි නෙවෙ . .උඹ මගෙ අග්..නි නෙවෙ ....

"මගෙ මැනිකෙ ...ශිවන් ...මං උඹෙ අග්නි ...මං උඹගෙ අග්නි රත්තරන් .....මං උඹගෙ අග්නි.....".

න්න්...නෑ....උඹ අග්නිගෙ රූපෙ හොරකන් කරපු යක්ශයෙක් ...උඹ මගෙ අග්නි නෙවෙ...අග්නී.....අනේ අග්නී.....හ්හ්...අග්නි....අනේ වරෙන් මගෙ අග්නී...

මං දරුවව අත් දෙකෙම්ම තුරුල් කරන් ලමයගෙ බෙල්ල අත ගගා මං අග්නී ගගා ඇඩුවා වගේම අග්නි මන් ඉන්නෙ බය වෙලා කියන එක දැනන් හිමින් හිමින් මං ඉන්න තැනට ආවා....

"මගෙ ශිවන් ...මං උඹගෙ අග්නි...මං උඹගෙ අග්නි...අපෙ පුතාගෙ අග්ගියා මැනිකෙ....මගෙ ශිවන් ....මන් උඹගෙ අග්නි....."..

හිමින් හිමින් මගෙ ලගට ආව ඇවිත් මාව තුරුල් කරගන්න හැදුවා ....ඒත් මං අග්නිව තල්ලු කෙරුවා ...

න්න්...නෑ....උඹ මගෙ අග්නි නෙවෙ.....උඹ....උඹ...කුවන්නා....මගෙ හීනවලට ඇවිදින් මාව නොමරා මරන උඹ කුවන්නා.....අනෙ....අග්නී....මාව බේර ගනින්...අග්නී.....භෛරව් ...අනෙ...මගෙ අග්නිව එක්ක වරෙන් භෛරව් ....

"ශිවන්....මමයි උඹෙ අග්නි.....මමයි....වෙන උන් නෙවෙ යකො...මමයි....මමයි.....උඹට කොහොමද මං ඒක ඔප්පු කරන්න ඕනෙ කියපන්....මං උඹව මරලා දානවා මට කියපන් ....."

අග්නි කෑ ගැහුවා මම එයා අග්නි නෙවෙ නෙවෙ කියනකොට එයා මාව මරන්න හැදුවා වගේම මං ලමයව කිටි කිටියට තද කරන් ගුලිවෙනකොට එයා මගෙන් ඇහුවා කොහොමද ඔප්පු කරන්න ඕනෙ ඇහුවා ....

උඹ මගෙ අග්නිද . .....?

"ඔව්.....මමයි උඹගෙ අග්නි....."

උඹ මට ආදරෙයිද??

"උඹ ඒක ඕනාවටත් වඩා දන්නවා ශිවන් ..."

න්න්...නෑ...මට ආදරෙයිද කියපන්....මට ආදරෙයිද කියපන්...මට ආදරෙයිද කියපන්...මට ඒක කියපන්.....

"ඔව්...යකෝ..ඔව්....තෝ ඔය ලමයව අඩව අඩව මාවත් ආවේස කරවනවා"

අග්නි අත මිට මොලවලම බිත්තියට ගැහුවා . ගහපු පාරට බිත්තිය තවත් පැත්තක් පුපුරන් යනකොට මං නින්දෙන් අඩන නිඛිල්ව තුරුල් කරන් අග්නි දිහා බැලුවා ....

එහෙනම් මට...අදරෙයි ...කියපන්....අග්..නී.....මට උඹගෙ වචනවලින්...ආදරෙයි කියපන් අග්නී...

මන් අග්නිට මට ආදරෙයි කියන්න කියනකොට එයා මාව ලගට ඇදලා ගත්තා ...

"මං උඹට මැරෙන්න තරම් ආදරෙයි මගෙ ශිවන් ...ඇහුනද..මන් උඹට මැරෙන්න තරම් ආදරෙයි යකෝ...."

මම බලාපොරොත්තු උන වචන ටික....මං උඹට ආදරෙයි නෙවෙ මං උඹට මැරෙන්න තරම් ආදරෙයි කියන වචන එක්ක මන් එහෙම්ම අග්බිගෙ ඇගට කඩා වැටුනා ....ආයමත් හීනයක් මාව නොමරා මරනකොට භෛරව් කියන්න එපා කියපු දේ තවත් හංගන් ඉන්න බැරි තැන මං මගෙ අග්නිට කියනොකට හීනයක් උනත් මගෙ පිට අල්ල ඇත්තටම රතු වෙලා තියන හැටි මං දැක්කා

අග්නි....මාව බේර ගනින් මගෙ අග්නි....මාව....අනේ....බේර ගනින්....උන් මාව ...අපිව....මරන්න එනවා අග්නි.....

"නාඩා ඉදින් මගෙ ශිවන් ....අද රෑට වඩා....හෙට දවස උඹට සැනසීමක් දැනේවි....ඒක ස්‍තීරයි...."

ජොබික්කා නිදහාස් ...

(පියුමි ❤️ .....)

(සෙනාරි ❤️....)

අග්ගියට තවත් ලස්සන කවර්ස් දෙකක් හම්බුනානේ❤️❤️❤️🥺🥺🥺 ස්තූතියි ඔය දෙන්නටම .....❤️❤️❤️😘

ආයම හෙට එන්නාම්ම්...

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters