Cherreads

Chapter 81 - 81

ආ....ව්හ්...

මම දෙකට නැවුනා...

යටි බඩ හරහා වැදුන පාරත් එක්ක අම්මා හිනා වෙවි එහා මෙහා යනකොට මම බඩ අල්ල්න් දෙකට නැවුනා ....ඇග ඇතුලෙ හුස්ම ගන්න පවා හයියක් නැතිවෙනකොට මම අම්මා දිහා බලන් උන්නා....ඇයි මෙහෙම කරන්නෙවත් නාහම මම ඒ මූන දිහා බලන් උන්නා...

තරහව කොයිතරම්ද කියනව නම්.ඒ මූන කලුවෙලා....

..පලිගැනීමෙ චේතනාව....පපුවෙ උතුරන වෛරය කොයිතරම්ද කියනවා නම් ඒ මූන කලු වෙලා ගිහින් තිබුනා...

..දුක වේදනාව.....හිත් රිදීම් බලාපොරොත්තු ඇස් පනාපිටම නැත්තටම නැතිවෙලා යනකොට දැනෙන හැගීම්....ඒ ඔක්කෝටම වඩා.....කට පුරාවටම අම්මා කියලා කතා කරපු පුතෙක්ගෙ පලවෙනිම ආදර වන්තිය වෙච්ච ඒ ගෑනු පරානෙයි මේ හැම දේම කෙරුවෙ කියලා හිතෙනකොට මට අම්මෙ කියාගන අඩාගන ගිහින් තුරුල් වෙන්නවත් තැනක් නෑනේද කියලා හිතුනා...

දෙයියනෙග් පිහිටෙන් අප්පච්චිව සමරවීර ලව්වා ඒ අපායෙන් පිටකරවගත්තා උනත් මගෙ කොලුවට බැරි උනා මෙතනින් ගොඩ යන්න...මෙගොඩින් එගොඩට යන්න අඩියක් දෙකක් තියලම ඒදන්ඩ කඩල ගියා.....

අම්මයො මේ හැම දේටම මුල...යක්ශ පරානයක් නොවුනත්...ඉපදිලා තියෙන්නෙ පලිගන්න බලාගන....දෛවය කොයො තරම් නම් සරදම් කරනවද කියනවා නම්.....මම ඉපදිලා තියෙනෙත් ආයම මාව මරපු කෙනාගෙ අත්දෙක උඩට වෙනකොට අග්නි ස්වකැමැත්තෙම්ම අම්මා ගාව හිරවෙලා තිබුනා...

අම්මා.....

මගෙ පපුවට පුදුමාකාර තරන් බරයි...මේ හැම දේම කරන්නෙ අම්මනෙ කියන එක මතක් වෙනකොට මගෙ පපුවට පුදුමාකාර බරක් දැනුනා....හැම දේම....හැම දේම.....හැමදේම...කෙරුවෙ අම්මා.....එදා සාරන්‍යා ගෙ මලකද වලදාලා එනකොටත් මම පිට්ටනිය ගාවදිත් මම එදා කෑගැහුවා.....මට වරම ගන්න දියන් මේ මොන වේදනාවක්ද කියලා.....ඒත් ...එදා මම දැනන් උන්නෙ නෑ....පහු පහු වෙනකොට ....පහු පහු වෙනකොට කියන්නෙ.....අවසානම තත්පරේ වෙනකම්ම මම දැනන් උන්නෙ නෑ....අන්තීම තත්පරේ දැනගත්තු මට වෙන්න ඕනා දේවල් වෙලා ඉවරයි....මට නැතිවෙන්න ඕනා දේවල් නැතිවෙලා ඉවරයි...

උඹ...මාව...මෙතන...මැරු....වත් .....මම...යනවා....ක්ක්...කුවන්...නා.....මම....ය්..යනවා...මොකද....උඹ...මට....මොක...ක්ක්..කෙරුවත්...මම...මැරෙන....දවස අද නෙවෙ.....වේදනාව....ව්..විතරයි.....

දනගහන් යටි බඩ අල්ලන් උන්න මම ජනෙල් ග්‍රීල් වල එල්ලීගන නැගිටලා මගෙ වටේ පිස්සුවෙන් වගේ උමතුවෙන් වගේ එහා මෙහා කැරකෙන කුවන්නා....අවංකවම මට දැන් අම්මා කියන්න හිතක් නෑ.....මූනිච්චාවට මයෙ පුතා කියලා කතා කෙරුවා උනත්..මට දැන් අම්මා කියන්න හිතක් ඇත්තෙම නෑ....ගුරුකම් සාත්තරෙ වෙදකම් ඉගැන්නුවෙ නැති එකම හේතුව මම දැන ගන්නකොට මගෙ හිතින් හැම දේම හේදිලා ගියා....ඉතින්....හැම වේදනාවටම මුල එයා කියන එක දැන දැන මම මොකටද අම්මා කියන්නෙ.....???

මයෙ පුතා.....උඹ හදන්නෙ නිස්කාරනෙව් මැරිලා යන්න....ම්ම්ම්

නිස් ..කාරනෙ....නිස්...කාරනේ...අම්ම...ම නෙවෙද....ඔය අත් දෙකෙන් මාව මරන්න බලන් ඉන්නෙ....අම්මම නෙවෙද...ගෙවෙන හැම තත්පරේ ගානෙම මාව මරන්න හේතු හෙව්වෙ...එදා...කිරිබත් එක ගිල්ලට හෙන ඉල්ල ඉල්ල අම්මා කෑගැහුවට....අම්මා ඔය අත් දෙකෙම්ම කන්න දීපුවල වහ යවන්න නෙවෙද උන් විරේක ගෙනත් දුන්නෙ.....

පින් අයිති වෙයි...මට අම්මෙක් නෑ.....

මට අම්මෙක් නෑ...

මට අම්මෙක් නෑ...යකො....මට අම්මෙක් නෑ....තවය්ජ් බොරුවට මූනිච්චාවට රගපාන්නෙ නැතුව ඉදපන් කුවන්නා.....හිතක් පපුවක් නැතුව නොදරුවෙක් පවා මරලා දැම්මෙ උඹගෙ දෝනියැන්දා...ඒකිට කරගන්න බැරිව ගිය දේවල් මම කරගත්තු හින්දද.....???

තවම ඉපදිලාවත් නැති උඹේ දෝනියැන්දා හන්දා කරුමෙට හරි උඹග් බඩින් වදාපු කිරිපොවාපු මට මයෙ පුතා කිය කිය කතා කරපු මට මෙහෙම කරන්න උඹ හොත හදාගත්තෙ කොහොමද කියපන් කුවන්නා.....උඹට....එක දශමෙකින් වත් හොතින් නැද්ද....දැන් වත්...මේ පලිගහන එක නවත්තන්න ඕනා ...කියලා.....

උඹ වෙදකම් කෙරුවා..හෙදකම් කෙරුවා...හූනියම් නොකර මන්තර සාත්තර හැම දේම කෙරුවා.....එ ඒකි හින්දා...ඒකිට පින් එකතු කරලා...හැබැයි...උඹ ගෙදරම උන්න.මට වෙන උන් ලව්වා ගුරු කම් කෙරුවා...අවසානෙදි උඹගෙම අත් වලින් පවා මිරිස් ඇඹරුවා....තඹ තහඩු පුච්චන්න ගත්තා....වෙන මොකුත් ඕන් නෑ.....අම්මියෙ....අම්මියේ...ගගා...පස්ස පාරෙ ආව අර හය හතර නොදන්න නොදරුවව මරාගත්තා...ඉබ්බෙක් බන්දලා උඹ මගෙ ගෑනි මරාගත්තා....බඩ දරු ගෑනිව පවා මරාගත්තා...ඒ ඔක්කොටම එකම හේතුව..උඹගෙ දෝනියැන්දා ...අර වෙසගනට නොලැබුන දේවල් මට ලැබෙනකොට දරාගන්න බැරි ඊරිසියාව හන්දා....

වෙසගන.....උඹගෙ දෝනියැන්දා....අමු වෙසගන.....

චටාස්...!!....

කට වහපිය....කට....වහපිය...මම....උඹව කොහොමත්...මරනවා....පව් කරන බව දැන දැන තමයි යකො...එව්වට හරියන්ඩ..මං...පින් කෙරුවෙ...හිතේ ඇති.....ගිහින්...නටලා..නටලා...වරම...අරන්....අරකට ඕන කරන..දේ අරන් දෙන්න...නේ....හිතේ...ඇති.....මේ කෙම්මුර ගෙවුනම...ඔය බඩේ එකාව වදාගන්න නේ.....එව්වා.....කොහෙද.....එව්වා....කොහෙද....එක පාරකුත්...මරලා දාපු මට....ආය ආයාම මරන එක...මහ දෙයක් නෙවෙයි...යකො....

අග්නිගෙ....වස්තුව...හහ්...හහ්...හා...අග්නිගෙ....වස්තුවලු...අග්නිගෙ වස්තුව...අග්නිගෙ අඹුවලු.....අඹුව.....හහ්...උඹ කොහොමද යකො...අග්නිගෙ වස්තුව වෙන්නෙ....උඹකොහොමද..යකො....ඒකගෙ අඹුව වෙන්නෙ.....එතන ඉන්න ඕනා මගෙ එකි....ඒකා එක්ක පෑහෙන්න ඕනා මගෙ එකී.....ඒකගෙ අඹුව වෙන්න ඕනා...මගෙ එකී...

කුවන්න කෑගැහුවා අග්නිගෙ වස්තුව .අග්නිගෙ අඹුව කියන වචනයක් ...වචනයක් පාසාම....මගෙ කන් අඩි පුපුරන්න තරම් වේගෙන් ගැහුවා...ඒත්...මම නෙවෙ ඇඩුවෙ...මම නෙවෙ එපා කියලා වත් කෑගැහුවෙ....ගහන ගහන පාරක් ඉවසන් උන්නා මිසක්කා මම නෙවෙ....අනේ මාව අතෑරපන් කිව්වෙ...

....මරපන්.....මරපන්.....ම්ම්..මරපන්....පුලුවන් ...න්න්...නම්...මරලා දාපන්....උඹට පුලුවන්...නම්...මරලා..දාපන්.....උඹට මටවත්...හම්බෙන්න ඉන්න එකාවත් මරන්න වෙන්නෙ නෑ...ඒක ස්තීරයි....ඒක....ඉර හදටත් වඩා....ස්තීරයි....ඒක....ඉර...හදටත්.....වඩා....ස්තීරයි...මොකද.....උඹ කිව්ව වගේම...මමයි....අග්නිගෙ....අඹුව....මම....යි....අග්නිගෙ....වස්තුව...යකො.....මම.....විතරයි.....ඒකගෙ ගාවින් ඉදගන්නෙ.....කුවන්නා.....ඒකා එක්ක පෑහෙන්න පුලුවන් එකම...එකෙක් ඉන්නවා නම්.....ඒ එකම එකයි.....ඒ එකම එකයි....ඒ වෙනකවුරුත් නෙවෙ.....අග්නි අමරේන්ද්‍රන් ආව ඉදගන්න පුලූවන් එකම එකෙක් ඉන්නවා නම්....ඒ මම විතරයි....!!!උඹ ඉස්සරහා ඉන්න මමම විතරයි කුවන්නා.....

මගෙ ඇස් දෙක ගින්දර උනා.....ඇස් කොන්වල ලේ නහර පවා ඉලිප්පුනා.....කුවන්නා නොදන්න මගෙ නලලෙ සලකුන ගින්දර වගේ මාවත් පුච්චගන නලලෙන් මතුවෙනකොට ඒකිට ඒක දරාගන්න බැරිව ගියා...

කුවන්නා....එහෙනම්...හොදට බලපන්....බලපන් මගෙ මුන දිහා....ඇස් දෙක ඇරලා...හොදටම බලපන්....උඹ මගෙ පුතාව මැරුවා ..

මාව මරන්න හදනවා..ඒත්....ඒත් උඹ පරාදයි...හොදට බලපන්.....

.උඹගෙ වෙසගනට ද ඒ තැන...නැත්තන්...මටද කියලා.....ඇස්දෙක ඇරලා හොදටම බලපන් කුවන්නා.....

අග්නි මාව සලකුනු කෙරුවා...

අග්නි නිඛිල්ව සලකුනු කෙරුවා....

මමයි අග්නිගෙ වස්තුව කියන්න...අග්නි මට මුද්‍රා තිබ්බා.....

නිඛිලුයි අග්නිගෙ පුතා කියන්න...අග්නි නිඛිල්ට මුද්‍රා තිබ්බා....

ඒ වගේම මම...එදා අධීර මහේන්ද්‍රන් වෙච්ච මම...අද ශිවන් වෙච්ච මම....උඹගෙ ඔලුවට අත ගහලා වදන් දෙනවා කුවන්නා.....උඹට අඩන්න කදුලු මදිවෙන්න රිදෙන්න හිතක් නැතිවෙන්න මම විදපු වේදනාවට එහා වේදනා විදින්න වෙන්න දවසක් උදාවෙන්න ප්‍රාර්තනා කරනවා කියල අනිවාර්යයෙන්ම මම ප්‍රාර්තනා කරනවා...මේ මාගෙ වචනයයි කුවන්නා....මේ මගෙ ප්‍රාර්තනාවයි.....!!!!!

ඒ වගෙම....අග්නිගෙ තැන...එදත්...අදත්...හෙටත්.....සදහටමත්....මට.....මට....මට කියන්නෙ...මට විතරමයි කුවන්නා.....!!!!!

ඇස් දෙක රතු කරන් කෑ ගහපු මම මගෙ නලලෙ තිබුන මුද්‍රාව දැකලා තරහෙන් පුපුරන උමතුවෙන් කෑ ගහන කුවන්නව පැත්තකට තල්ලු කරලා බිත්ති අල්ල අල්ල ඇවිදින් එලියට පැන්නා....

කුවන්නාකෑ ගහනවා...යන්න දෙන්නෙ නෑමයි ගගා පලිගහනවා...පොලවට අත් ගහනවා...

ඒ අස්සෙන් මගෙ කන ගාවින් තවතව ගෑනු කටහඩවල් ගනින්න බැරි ගානක් ඇහෙනවා...උන් හැනෝම කියන්නෙ එකම දෙයයි.....ස්ක්න්ධ කුමාර අඩවියට යන්ඩ කියලා විතරමයි....

"උඹ දවසම පේ වෙයන්...එපා කිසිම කිල්ලකට අහුවෙන්න....

එපා කිසිම පරික්ශාවකට අහුවෙන්න...

ඉක්මන් කරපන්....හෙට බර දවසක්.....පලයන් ...ඉල්ලපන් කඩවරට උඹගෙ හයියට එන්ඩ කියලා.....

අඩගහපන් කඩවරට.....ඒකි එක්ක හැප්පෙන්ඩ උඹට හයිය දෙන්ඩ කියලා.....

පලයන් ...අධීර ...පලයන්...පලයන්....අධීර....පලයන්..වැහි පිට වැහි දාහක් වැස්සත්....හෙන පිට හෙන ගැහුවත්....නහයට උඩින් වතුර පාරවල් ගකන්න ආවත් පලයන්....උඹ පලයන්...

කාවඩි නටපන්...ගින්දර පාගපන්...පැහෙන කිරි කල හතම ඔලුවෙ හලාගන හංගපු වරම එලියට අරගන....වස්තියපු ඔක්කොගෙම වස් කැපෙන්න වැඩ කරපන්..."

මගෙ ඔලුව පුපුරලා යන්න ආවා... .

මගෙ සර්වාංගෙම හිරි වැටිලා ගියා...

මම මනුස්සයෙක්ද...??

මගෙ හිත මගෙම්ම අහනවා....

මනුස්ස පරානෙකට නම් මෙච්චර දරාගන්න බෑ....මනුස්සපරානෙකට නම් මෙච්චර දේවල් ඉවසන්න බෑ...

ගෙයි උලුවැස්ස පන්නපු මම මගෙ කාර් එක ගාවට දුවනකොට ගෙයිදොරවල් ඉබේම වැහුනා වගේම වෛරයෙන් උමතු උන කුවන්නා ජනෙල් ග්‍රීල් දිගේ බඩ ගගා ජනෙල් වීදුරු කඩාගන අත් කපාගන අට්න් එලියට දාලා මාව එලියට ගනින්...මාද එලියට ගනින් යකෝ...ගගා ගිරිය පලාගන කෑ ගහනකොට මම නොන්ඩි ගගහම කාර් එකට නැග්ගා....

මයෙ පුතා....ගනින්....මාව ගනින්...මාව ගනින් යකෝ...ශිවන්.....මම උඹට යන්න දෙන්නෙ නෑ...මම උඹට යන්න දෙන්නෙ නෑ.....හ්හ්හ් ...මං උඹවත් මරාගන මැරෙනවා .....යන්න එපාහ්...

මං කාර් එක රිවර්ස් කෙරුවා ..සයිලන්සර් එකෙන් දුම් බෝට්ටුවක් වගේ දුම යනකොට කාර් එක ස්ටාර්ට් කරනවා එක්කම කුවන්නා මොන මොනවදෝ කිය කියෝම කෑගැහුවා...මං දන්නෙ නෑ...මම ඒ වචනයක් වත් දන්නෙ නෑ....කාර් එක ගේට්ටුවෙන් එලියට දාගන්න මම කාර් එක පස්සට රිවවර්ස් කරනවා එක්කම අඹ ගහේ අත්තක් ජර බරාස් ගෑවා....

අඹ අත්ත වැටෙන්න යන්නෙ...

මගෙ කකුල් වලට පණ නෑ...මගෙ කකුල් හයිය නෑ...ක්ල්ච් එක පාගන්න වත් මට හයිය නැති කොට මගෙ කකුල් පවා වෙව්ලන්න ගත්තා....කුවන්න හිනා වෙනවා...අඹගහෙ අතු හෙලවෙනවා...ඉවරයක් නැතුවම හෙළ වෙනවා....

ජරබ...රාස්.....!!!

දඩස්...

තාප්පෙ.....කාර් එක තාප්පෙ වැදුනා...ශීට් බෙල්ට් වත් නොදා උන්න මාව එක පාරක් ඉස්සරහට විසික් වෙලා ආපහු පස්සට ඇදුනා....

අඹ අත්ත කඩාගන වැටුනා...හැබැයි බිමට.....අවසානම තත්පරේදි මම කාර් එක තාප්පෙ වද්දන් හරි එලියට ගත්තා .....

මයෙ....පුතා.....යන්ඩ...එපා....අම්මව...දාලා....යන්න...එපා...හ්.....යන්ඩ.....එපා...මයෙ...පුතා.....මව ගනින්....මාව...ගනි....න්....මයෙ...පුතා....යන්න...එපා....යන්න...එපා....යන්න...එපා....මං උඹගෙ අම්මා.....මං...උඹගෙ....අම්මා...රත්ත....රන් ...පුතේ.....

කුවන්න කෑගහනවා...කාර් එක ගේ පහුකරල එන්න එනවත් එක්කම කුවන්නා මාව කදුලු පෙන්නලා නවත්තන්න හැදුවා....මයෙ පුතේ ගාගා...කිඹුල් කදුලු හල හල අඩන්න ගත්තා...මාව නවත්තන්න පුලුවන් හැම විදිහටම කතා කර කර අඩනවා දැක දැක මම එන්න ආවා....

කාර් එක් ගැස්සෙනවා....යන වෙගෙට වඩා කාර් එක යන්නෙ නැතුව එක තැන ඇදෙනවා වගෙ දැනෙනවා...

බිම් කරුවල....තවමත් බිම් කරුවලයි....හයට කිට්ටු වෙන්න ආවා උනත් තවමත් ඉර පායලා නෑ....අඩුම ගානෙ ඉර පායන්න හිතලා වත් නෑ.....මූසලයි...මූසලම මූසල පාටයි....කුවන්නගෙ අදෝනාවත් එක්ක මම එන්න ආවා උනත් මගෙ කාර් එක හතර වටේම බර වෙනවා දැනෙන්න ගත්තා.....

දඩන්...

වහල උඩට මොකක් හරි වැටුනා...

නෑ...මොකක්වත් වැටුන් නෑ...මොකෙක් හරි නැග්ගා....

." උඹව අල්ලගන්න යන්නෙ.....පලයන්...ඉක්මන් කරපන්....."

අනේ අග්නී.....!!!....

මට කෑ ගැස්සුනා.....ගෙයි උලුවැස්ස පන්නපුවාම කරේ තියන් යන මිනිපෙට්ටියක් බර වෙන්නෙ කොහොමද ඒ හා සමානවම කාර් එක බර වෙන්න ගත්තා....වැට කඩුල්ල පැන්නම මිනිපෙට්ටියෙ බර කලින්ටත් වඩා උරහිස් වලට දැනෙන්නෙ කොහොමද ඒ හා සමානවම කාර් එකේ බර අත්වලට දැනෙන්න ගත්තා. .......

දඩන් ...දඩන්.....

උඹ...කොහෙ...යන්නද......

ඉර එලියවත් නොවැටුන තැන පාර පවා පාලුවට ගිහින් තිබුනා....වෙනදට ඉර එලියටත් කලින් නැගිටින මිනිස්සු අද හැමෝම නිදාගන උන්නා.....

අන්දකාරෙ වැහි අන්දකාරෙකට පෙරලෙනකොට වාහනෙ වහල උඩඉන්න හැත්ත කාර් එකේ එල්ලීගන එන්න එන්නමබර වැඩි කරනකොට වහල තැන් තැන් වලින් ඇතුලට නැවෙන්න ගන්නකොට කොච්චර උනත් හිත බය වෙන තැනදි මම කෑගැහුවා....අග්නී....හ් කිව්වා....අවසානෙදි ගෑනු ඉබේ බඩ වෙන කුනුහර්ප පවා පලන්න ගත්තා...

මම ඇඩුවා...අනේ...අග්නී...මට බයයි කිය කිය කෑ ගැහුවා.....ඒත් නෑ...ඒත් නෑ.....යක්කුන්ගෙන් ගැලවෙන්න මම තවත් යකෙක්ට අඩ ගැහුවා ඒත් නැ....බලු බල්ලෙක් නෑ...

එන්න එන්නම පාර අන්දකාර උනා....කාර් එක වට්වෙට ඉන්න උන් හතර කොනිම්ම කාර් එකට ගහනකොට වීදුරුවල මීදුම පවා බැදි බැදි පාර පවා පෙන්නෙ නැතිවෙන්න ගත්තා... ...

දඩස්....දඩස්...!!!.

උන් ගහනවා....

හතර වටිම්ම එල්ලිලා ඉන්න උන් කාර් ඒකේ වීදුරුවලට පුලුවන් තරන් ගහනකොට මම බුදු බන වලින් යක්කු මෙල්ලකරන්න හැදුවා උනත් ඒ අත් දැක්කම...ඒ අත්වල හැටි දැක්කම මට බුදු බන පවා අමතක වෙලා ගියා....

ශිවන් ...යන්න...එපා.....

මයෙ ...පුතා...අම්මව..ගනින්....අම්මව...දාලා. . යන්න...එපා.....ගනින් ....

මගෙ පුතා .මගෙ....පුතා යන්න.. එපා...

.එපා.....හ්හ්...නවත්තපියව් ....නවත්තපියව් ...ඕක..නවත්තපියව්...

මම කෑගැහුවා ..ස්ටියරින් වීල් එක අතෑරපු මම කන්දෙක වහගන කෑ ගැහුවා....හූ තිබ්බා...මාව පිස්සු වැටෙන්න ආවා...හතර වටිම්ම වටකරගත්තු යක්කු එක්ක පාලු පාරක කාර් එක නවතිනකොට ලේ පෙරෙන අත්...අම්මගෙ කටහඩ...අම්මගෙ අඩන සද්දෙ විතරක් නෙවෙ හූල්ලන සද්ද....දෝන්කාර සද්ද... ඉවසන්න බැරි සීතල එක්ක මම ඔලුව බදාගන කෑගැහුවා ...

..මගෙ ..පුතා. ... යන්න.එපා..මං උඹගෙ....අම්මනෙ...මං ..උඹගෙ....අම්මනෙ.....

අම්මගෙ විලාපෙ...මගෙ පුතා ගගා අම්මා අඩනකොට වාහඒ එල්ලීගන උන්න උන් මාව මරන් කන්න හැදුවා.....ඒත් ඒ හැම දේම මගෙ ඇස් පනා පිට ඇදි ඇදි මැකිලා යනකොට මම නැවතුන කාර් එක ආයම පනගස්සන්න හැදුවා...

මයෙ..... පුතා.....මයෙ....පුතා ... ..මයෙ...පුතා.....

මයෙ....පුතා.....උඹ කොහෙ යන්නද....මයෙ ..පුතා....

අම්මගෙ කටහඩ...අම්මගෙ කටහඩ තනිකරම අදෝනාවක්.....

තනිකරම සර්වාංගෙම හිරිවට්‍ටන එකක්....

අම්මා එහෙන් කොහෙ යන්නද මයෙ පුතා ගගා මාව හිර කරනකොට මම ස්ටියරින් වීල් එලට ඔලුව ගහගත්තා ...

පලයන්.....අහකට...පළය ...න්..කුවන්නා...අහකට පලයන්...පලයන්න්...උඹ...පලයන්....උඹ මගෙ අම්මා නෙවෙ....පලයන්.....

මයෙ....පුතා...මං...අම්මනෙ....මං.....

අම්මනෙ...

කටවහපිය යකෝ....!! කිව්වම කට වහපිය....

මම කාර් එකේ යතුර කරකව කරකව කාර් එක ස්ටාර්ට් කරන්න හැදුවා. .කුවන්නගෙ කටහඩ එන්න එන්නම මාව පිස්සු හදවනකොට මගෙ අතපය වෙව්ලන්න ගත්තා....ඒ කටහඩට මම මටම රිද්දගන්න හැදුවා.....මාව නිකන් තනිකරම මම්මුලාවක පැටලෙනකොට මම.මටම ගහගත්තා.....

මගෙ නලල ගනින්න බැරි තරම් වාරගානක් මගෙ නලල මමම ගහගන්න කොට කුවන්නා හිනා උනා....ලග නැති උනත් ඒ හිනා සද්දෙ ඈත කෙරවලකින් මට ඇහෙනකොට මම මගෙම අත්වලින් බෙල්ල මිරිකගන්නපටන් ගත්තා...

මිර්‍රිකගනින්....මයෙ පුතා...මිරිකගනින්...

උඹට පුලුවන් ....අපිත් එක්ක එකතුවෙන්න...මිරිකගනින් ශිවන්....ගහගනින් ඔලුව ....

මම බෙල්ල.මිරිකගත්තා....වෙලාවකට මගෙ අත් දෙක මටමපාලනේ කරගන්න බැරි උනා.....මිරිකගනින් මගෙ පුතා ගානකොට කුවන්නගෙ හිනා සද්දෙන් මන්මුලා වෙලා උන්න මම මගෙම බෙල්ල මිරික ගත්තා..මගෙ ඔලුව ස්ටියරින් වීල් එලට ගහගත්තා ...

කන් දෙක අස්සෙන් ඇහෙන එක එක හඩවල් මාව සම්පූරනම උන්මන්තකයෙක් කරනකොට මට හොද සිහියට එන්න ඕනා උනත් එන්න බැරි උන...

එක පැත්තකින් ශිවන් මිරිකගනින් බෙල්ල කියනකොට මම බෙල්ල මිරිකගත්තා වගේම තව පැත්තකින් එපා....නවත්තපන්...හොද සිහියට වරෙන් ..හොද සිහියට වරෙන් ගානකොට මම මටවත් පාලනේ කරගන්න බැරි අත් දෙක නවත්තගන්න හැදුවා......

කුවන්නගෙ කටන්හඩ එක්ක මගෙ බෙල්ල තව තව මිරිකිලා යනකොට මගෙ ඇස් වැහෙන්න ආවා...එහෙන් එපා නැගිටපන් ...නැගිටපන් කියනවා...අග්නිගෙ මූන පවා ඇදි ඇදි මැකෙනවා...මගෙ වස්තුව ඇස් ඇරපන් කියනවා...ඒත් එ හැම දේම මායාවල්....ඒ හැම දේම තනිකරම මායාවල් වෙනකොට වැහි අන්දකාර විතරක් තිබුන අහස අඩන්න ගත්තා... 

මයෙ පුතා...අත් දෙකෙම්ම....මිරිකගනින්....උඹව....වැදුවෙ මමයි....

උඹව වැදුවෙ මමයි....

" එපා....ශිවන් එපා...නැගිටපන්.....ඇස් ඇරපන්....ශිවන්....ඇස් ඇරපන්..."

මම.මගෙ බෙල්ල මිරිකගත්තා . පුලුවන් උපරිමෙටම මිරිකගත්තා.....ඇස් වල ලේ නහර ඉලිප්පිලා.....මුලු මූනම සුදු මැලි වෙලා යනකොට මගෙ ඇස් වල කලු ඉන්ංගිරියාව උඩ යාගන ආවා...

බෙල්ල වටේ එතෙන ඇගිලි එන්න එන්නම තද වෙවී යනකොට මගෙ දිව හිමින් හිමින් එලියට එන්න ගත්තා....හරියටම වෙන එකෙක් මගෙ බෙල්ල මිරිකනවා වගේ මට දැනෙනකොට මගෙ කකුල් වෙව්ලන්න ගත්තා ...මගෙ කකුල් ගැහෙන්න ගත්තා එකට එක ඇතිල්ලෙන්න ගත්තා...කුවන්නගෙ හිනා සද්දෙ එන්න එන්නම වැඩින්වෙනකොට මගෙ ඇස් දෙක සම්පූරනම වැහිලා ගියා...

...

අප්පු....ච්චියේ ....අපා....නෙ....අපා

...බයියන්න.....අප්පුච්චියෙ පුතාව..පුතා...ව .. ගන්න...එන්න...ගන්න...එන්න....අප්පුච්චියෙ අපා...බයියන්න...එපා.....ඈ..... අප්පු....ච්චියේ ....

....

අප්පුච්චියෝ.......

....

අප්පුච්චියො.....අපානෙ....බයියන්න...අපානෙ.....බයියන්න...අපානෙ....අග්ගියේ...හ්හ්....!!!

න්....න්...නිඛිල්.....!!!...

මගෙ ඇස් ඇරුනා...බෙල්ල අත්වලට තද වෙලා තද වෙලා මගෙ ඇස් පියවිලා තත්පර ගානක් යනවා එක්කම මහෙ ඇස් දෙක ආයම ඇරුනා .....මගෙ ඇස් දෙක ආයම ඇරුනා ....

නි...ඛි....ල්.....නිඛිල්....මගෙ....ප්ප්...පුතා...නිඛිල්....

නිඛීල්....

අප්පුච්චියෝ.....අපානෙ.....අපානෙ බයියන්න.....අපානෙ....හ්හ්....අපානෙ...බයියන්න.....

මං ඇස් දෙක ඇරියා.....මං සම්පූරනම ඇරියා වැහිලා ගියපු ඇස් දෙක නිඛිල්ගෙ කටහඩ එක්ක ආපහු ඇරෙනකොට මම නිඛිල්ව හෙව්වා...

නිඛි....ල්....න්න්..නිඛිල්.....මගෙ....ප්ප්..පුතා.....

ද් ...දෙයියනෙ....න්න්..නිඛිල්..මගෙ පුතා ඉන්නව....බයියන්න එපා අප්පච්චියේ ගගා එයා අඩනවා...එයා අඩනවා..අඩ අඩ බයියන්න එපා එපා ගානකොට කුවන්නා හන්දා සිහිය විකල් උන මම මගෙ නිඛිල් හින්දා ආයම පන ගහනකොට මගෙ ගාව උන්න නිඛිල්ව අල්ලන්න ගියා විතරයි එයා නැති උනා....එයා සම්පූරනම අතුරුදහන් උනා....

නිඛිල්.....

නිඛිල් ....

මගෙ...පුතේ නිඛි.....ල්....

මගෙ....රත්තරන් පුතේ...මගෙ.....රත්තරන් ...පුතෙ නිඛී...ල්......අප්පච්චි බයියන් නෑ..අප්පච්චි බයියන් නෑ....අප්පච්චියා බයියන්නෙ නෑ මගෙ රත්තරන් ...අප්පච්චියා... පලයව්....අහකට....පලයව්....තොපි එකෙක්‍ටවත්...මාව නවත්තන්න බෑ...මම නොමැරි මැරි මැරි හරි මම යනවා....මම යනවා යකෝ....මම යන එක යනවා.....

හොද සිහිය නැති උන මම ආයම හොද සිහියට එනවත් කාර් එක ආයක ස්ටාර්ට් කරගත්තා වගේම කාරෙකේ දොරවල් වල එල්ලීගන ඉන්න මලපෙරේත හැත්තම විසිවෙලා යන තරන් වේගෙන් කාරෙක හරවලා ආයම පාරට දාගත්තා....

කුවන්නා කෑ ගහනවා .. .වැහිපිට වැහි දාහක් වහිනකොට මම එන්න ආවා...පට්ට පාලු පාරෙ මම මට පුලුවන් වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරගන්න ගත්තා....

..වැහි සීතල....වැහි සීතලටත් වඩා සීතලක් කාර් එක ඇතුලෙ උන්නත් මට දැනෙන කොට මාව ගැහෙන්න ගත්තා....

අප්පච්චියා බයියන්නෙ නෑ මගෙ පුතේ....

මගෙ ඇස් දෙකට කදුලු ඉනුවා...මගෙ ඇස්වලට උනපු කදුලු කම්මුල් දිගේ බේරෙ කොට මම මගෙ ගැහෙන කුසට අත තියා ගත්තා මල දරුවෙක් මගෙ ඇස් ඇරවනකොට අනේ අප්පච්චි හිතට හයිය අරන් යමන් කියලා කුසේ ඉන්න අග්නිගෙ දරුවා හිමින් හිමින් ගැහෙන්න ගත්තා..... 

අප්පච්චි යනව....අප්පච්චි අනිවාර්යයෙන්ම යනවා.. උඹගෙ අප්පච්චි බාගෙට පන ඇද ඇද හරි යන්නම් රත්තරන් .. අනෙ මගෙ ගාව ඉදපන් .. අනේ..මගෙ ගාව ඉදින්...මගෙ තනියට ඉදපන්.....උඹ කෙල්ලෙක්ද...කොල්ලෙක්ද...කියන්නවත් දන්නෙ නෑ ...ඒත්...උඹ අපේ...උඹ මගෙ....අනේ...මම...උඹට.....ආදරෙයි.. උඹගෙ අප්පච්චි උඹට ආදරෙයි... .....මගෙ ගාව ඉදින් ....මගෙ ගාව ඉදපන් මගෙ රත්තරන් ...

මම සැරින් සැරෙ ගැහෙන නොමේරුවත් බර දැනෙන බඩට අත තියාගන කතා කරපු මම ඔලුව උස්සනවා එක්කම පාරෙ කවුරු හරි හිටන් උන්නා.....

මනුස්සයෙක් වෙන්න බෑ....මනුස්සයෙක් වෙන්න බෑ....

ආයමත් මගෙ සර්වාංගෙම හිරිගඩු පිපීගන යනකොට ආය ආයමත් කාර් එක බර වෙන්න ගත්තා...විනාඩි ගානක් හොදට තිබුන කාර් එක ආය ආයම බර වේගන එනකොට කාර් එක දැක දැකම අර මනුස්සයා පාරෙ මැද හිටන් උන්නා වගේම ලයිට් එලිය මූනට වදිනවා එක්කම හිටන් උන්න එකාගෙ බෙල්ල අනිත් අතට හැරුනා ..මම එන ඒමටම ඌව යටකරන් එන්න එනකොට ඌ එක පාරම අතුරුදහන් උනා...

.මයෙ පුතා....උඹ ඔය කොහෙද යන්නෙ මයෙ පුතා.... .

අග්නිගෙ වස්තුව . .....

උඹද අග්නිගෙ වස්‍තුව ......

තොගෙ අප්පට...

මම කුනුහර්පයක් පැලුවා.....

වැස්ස වහින එක එන්න එන්නම තද කෙරුවා අන්දකාර අහසෙ සැරින් සරේම විදුලි කෙටුවා කන් අඩි පුපුරවන් අකුනු ගැහුවා.. .හැප්පිලා තැලිලා තුවාල වෙලා උන්න මගෙ සර්වාංගෙම ඉවසන්න බැරි තරම් වේදනා දෙනකොට කුවන්න නැති උනත් වටේ පියෙ ඉන්න යක්කු කාර් එක හොලව හොලව මයෙපුතා...මයෙ පුතා...මයෙ පුතා ගගා මගෙ සිහිය ආයම මගෙන් නැති කරන්න හදනකොට මම කුනුහර්ප එක පිට එක පලන්න ගත්තා...

ශිවන්......

දොරට ගහනවා...උන් වාහනේ උඩ සන්නි දහ අටම නටනවා.....සැරින් සැරේම පාර පුරාවටම එක එක යකු මතු වෙනකොට මම ඇස් දෙක පියාගන උන්ව යටකරන් එන්න ආවා.....

මායාවල්...ඒ හැම එකක්ම මායාවල්.....

" අග්නිගෙ වස්තුව ...තව චුට්ටයි...තව චූට්ට දුරයි....මේ හෝරාව පන්නපන්....මේ හෝරාව පන්නපන්...කොහෝම හරි බෙන්තර ගග පහු කරපන්.....උන් උඹව අල්ලගන්න ඒවි. ඒත් උඹ නවතින්නෙ නැතුවම පලයන්..."

ආයමත් ඒ කටහඩ.....ආයමත් ඒ කටහඩ.....වටුන් ගොඩින් ඉර පායන් එනකොට සර්වාංගෙම පුරාවටම තැලුම් පාරවල් තිබුන මම නොමැරි මැරි මැරි එන්න එනකොට මාව කිල්ලට අහු කරගන්න කොටහලු උන උන්...කිල්ලට අහු උන ගෑනු පරාන හැම එකෙක්ම මගෙ කාර් එකට අත දානකොට මම හිත හයිය කරගත්තා.....මගෙ හිතට ගැස්සෙන්න නොදී උන්නා.....

ඉර පායන් එනවා...මෙච්චර වෙලාම හිනා වෙවී මාව කන්න හදපු කුවන්න යන්න එපා මයෙ පුතා යන්න එපා...මයෙ පුතා ගගා අඩන්න ගත්තා...මට පිස්සු හැදෙයි ...මට පිස්සු හැදෙයි ගගා කෑ ගගහා අඩන්න ගත්තා 

ගෙදර ඉදන් එවපු පිල්ලි මාව නවත්තන්න හැදුවත් නවත්තගන්න බැරි වෙනකොට මගෙන් අනුකම්පාව ඉල්ල ඉල්ල කුවන්නා අඩන්න ගත්තා...

මගෙන් සමාව ඉල්ල ඉල්ල.අඩන්න ගත්තා.....

මම උඹේ අම්මා....මයෙ පුතා....නැවතියන් ...ශිවන්.....නැවතියන්......

උඹ.මගෙ අම්මා නම්.....උඹ මට මෙහෙම කෙරුවෙ කොහොමද අම්මෙ....??

උඹ මගෙ අම්මා..නම්.....උඹ මට මෙ වගේ වේදනාවක් දුන්නෙ...කොහොමද අම්මෙ.....

අම්මියෙ....අම්මියේ .....ගාන් ...පස්ස පාරෙ ආව...නොදරුවව මරාගත්තෙ කොහොමද ....අම්මෙ....

මගෙ අග්නි හරි....අලුත් කෙස් ගහක් වැවෙන නම්...පරන ඒවා වැටෙන්න ඕනා.....

අලුත් නියපොත්තක් වැවෙන්න නම්...පරන ඒවා වැටෙන්න ඕනා...

කැහ්

...කැහ්.....

වැහිබර අහස අඩලා අඩලා තවත් අඩනකොට මම නහයෙන් කටින් ලේ හලාගන කහින්න ගත්තා.. හිතේ හයියෙන් ආවා උනත් තව දුරටත් ස්ටියරින් වීල් එක අල්ලගන්න ඇගිලි පවා පන නැති වෙනකොට සංසාර ගත ආදරයක් පටන් ගත්ත ස්කන්ධ කුමාර අඩවියට පය ගහන්න ගව්වක් දෙකක් දුර තියනකොට මගෙ ඔලුව මට කෙලින් කරන් ඉන්න බැරිඋනා.....

ඇගට දැනෙන වේදනාව ඉවසගන්න බැරි උනත්....මම ඒත් ඩ්‍රයිව් කෙරුවා...මෙච්චර වෙලාම තිබුන් නැති වාහන එක දෙක ඇවිදින් පාර වහගන්නකොට මට පාර බොදවෙලා පේන්න ගත්තා..... ..

තව චුට්ටයි.....

මගෙ හිත කෑ ගහනවා....

.

අච්චර දුරක් නැහීගන ආව මට කතරගම පේන මානෙදි සර්වාංගෙම පන නැති කරන් එනකොට මගෙ හුස්ම පවා හිර වෙන්න ගත්තා...

න්...ණෑ...නෑ..උඹව...යවන් නෑ....මරාගන මැරෙනවා....ඇරෙන්න.....උඹව යවන්නෙ නෑ...

කදුලු පිරිලා බොද උන ඇස් තව තව පහලට බර වෙනකොට ස්ටියරින් වීල් එකට ඔලුව ගහගත්තු පාරවල් ගින්දම මගෙ ඔලුව කටුව පුපුරලා තරම් වේදනා දෙනකොට ඩ්‍රයිවින් ශීට් එකට එහා පැත්තෙන් ආව කටහඩ එක්ක මම හැරිලා බලනවා එක්කම මගෙ හුස්ම හිරවෙලා යන්න ආවා වගෙම එකි මගෙ බෙල්ල මිරිකන්න අත දික් කෙරුවා ...ඒ එක්කම කාර් එකේ දොරත් කඩාගන මාව එලියට විසික් වෙලා ගියා.....

....

.....

🙄ම්හුක්.....

මම.බුජි

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters