Cherreads

සදාතන ප්‍රේම්සිළු | Eternal Embers

INKOFNEEV
7
chs / week
The average realized release rate over the past 30 days is 7 chs / week.
--
NOT RATINGS
995
Views
Synopsis
A shadowed vow, a celestial echo, a mortal heart. Reborn destiny clashes with ancient flames, soul fires of forbidden love...
VIEW MORE

Chapter 1 - 1 - චෙන් නිකාය

⚠️ කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම, pdf කිරීම, කුමන ආකරයකින් හෝ පිටපත් කිරීම තහනම්.

මංකල්පිත කතාවකි....

(වචන ගැන හිතන්න එපා කියවන් යන්න. ඉස්සරහට ඒවා පැහැදිලි වෙනවා. මන් චැප්ටර් එකේ අන්තිමටත් තේරුම් දාල තියෙනවා. ඒවා ඇත්තම වචන ලමයි)

ජීශියෝ කඳු මුදුන් පරදන සුන්දරත්වයක් මුලු ශෙන් යෝ ගුවා භූමියේම සොයන්නට නැහැ. සිරිත් සේම සාමකාමී එම කඳු මුදුන් සිත් කලුයි. වචනාර්ථයෙන්ම සෑම බිම් අඟලක්ම තියෙන්නෙ එකිනෙක පරයා නොගිය සුන්දරත්වයක්. වචනයේ පරිසමාප්තියෙන්ම ෂෙන් යෝ ගුවා රාජධානිය දිව්‍යමය ආශිර්වාද ලත් භූමියක්.

ජීශියෝ කඳු මුදුන් දරා සිටි මනුලොව අහසට හිරු නඟින හෝරාව වන විට ලාම්පු එකිනෙක නිවී යන්න පටන් අරන්. චෙන් පෙලපතේ නවකයන් දෙදෙනෙකු හිරුට කලින්ම තම දෛනික වතාවත් ආරම්භ කරලා.

ජිශියෝවෙ සෑම කන්දකම වගේ ලස්සන දිය ඇලි දකින්න ලැබෙනවා. සුදෝ සුදු සේද ලෙස පේන මේඝ වලා කඳු පංති අතරින් පියඹන්නේ නිකම් චෙන් වැසියෝ වලාකුලු වල ඇවිද යනවා වැනි මායවක් මවමින්.

ඉතින් චෙන් ආශ්‍රමය කියන්නෙම ධ්‍යානවේදය හදාරන කාගෙත් සිහිනයක්.

කොයි තරම් චෙන් ආශ්‍රමයේ ලස්සන දකින්න ඕනෙ කලත් ඕනෙම කෙනෙක්ට ආශ්‍රමයට ආවට ගියාට ප්‍රවේශ වෙන්. බෑ. එයට ප්‍රභල ධ්‍යානවේදියෙක්ට වුණත් මුලින්ම චෙන් ගුරුතුමා නැත්නම් ෂීෆුගෙ අවසරය ලබා ගන්න ඕනේ. තවත් ධ්‍යානවේදියෙක්ටත් චෙන් ආශ්‍රමය ප්‍රවේශය හදාගන්න ඒ තරම් අපහසු නම් සමාන්‍ය මිනිස්සුන්ට, අසුරයින්ට හීනෙන්වත් ආශ්‍රමයට පැමිණීමට හිතන්නටවත් නොහැකි.

චෙන් නිකායේ නවකයෙක් වීමත් ලේසි දෙයක් නෙවේ. චෙන් ධ්‍යානවේදීන් ආධ්‍යාත්මික දියුණුවේත් සටන් කලාවෙත් නිපුණයින් විදිහට ප්‍රසිද්ද ධ්‍යානවේදි නිකායක් නිසා ඔවුන්ගේ නම රැක ගන්න ගොඩාක් පරිස්සම් වෙනවා. ඒ නිසාම චෙන් නිකායට ගන්නේ කුලවත් කාර්‍යශූර නිර්භීත අය විතරයි.

උදෙන්ම දවස පටන් ගත්ත නවක ධ්‍යානවේදීනට නම් මේ තව එක සාමාන්‍ය උදෑසනක්. විශාල සීනුව නාද වෙනකොට අවදි වෙන නවකයෝ මුලු ආශ්‍රමය පිරිසිදු කරලා ධ්‍යාන වඩන්න පටන්ගන්නවා. එතන ඉදන් එයාලගෙ මුලු දවසම ගෙවෙන්නෙ හරිම ඒකාකාරී විදිහකට.

වසර දහස් ගණනකට පසු උදා වුණ සන්සුන් ලොකයක ඉපදුන ජින්ගේ දවස ගෙවෙන්නෙත් අනිත් නවකයන් වගේම සාමාන්‍ය විදිහට. චෙන් ජින් චෙන් නිකායේ පුහුණු වන තවත් එක නවක ධ්‍යානවේදියෙක්. නීතිගරුක ඉතාම හොඳ හික්මීමක් තියෙන ජින් හැමදෙයක් දිහාම කුතුහලය පිරි විචාරාත්මක ඇස් දෙකෙන් බලන කෙනෙක් විදිහට හැමෝම අතර ප්‍රසිද්ධයි.

පරක්කු වෙලා පාඩම් ශාලාවට එන එක ගැන ෂිෆුගෙ කිසිම ප්‍රසාදයක් නෑ. ෂිෆුගේ අප්‍රසාදයට ලක් වෙන්න අකැමති නිසාම

චෙන් නවකයෝ පාඩම් ශාලාවට යන්නගත්තේ කලබලෙන් අඩි ඉක්මන් කරලා. හැබැයි කවුරු කොහොම කලබල වුණත් ජින්ට නම් පොඩ්ඩක්වත් හදිස්සි පාටක් නෑ. එයා යන්නෙ එයාගේ සුපුරුදු සන්සුන් ගමනෙන්. ඒත්.....

" සාමාවෙන්න ජින්! මම ඔයාව දැක්කෙ නෑ."

කොච්චර කලබලෙන්ද කියනවා නම් ජින්ගේ යාලුවෙ වුණ චෙන් හෙන්ග් නතර වුණේ ජින්වයි එයාලගෙ අනිත් යාලුව වුණ චෙන් චාන්වයි දෙන්නවම පෙරලගෙන.

"බලන්න හෙන්ග් ඔයා හින්දා දැන් මගේ ඇඳුම් සේරම දැන් පොඩි වෙලානේ."

ඔය නාහෙන් අඩන්නෙ හෙන්ග් හින්දා අගතියට පත් වුණ අනිත් මිත්‍රයා චාන්.

"ඔයා මඟහරස් කරන් හිටියේ නැත්නම් අපි කවුරුත් මෙතන ඇදගෙන වැටෙන්නෙ නෑ. අනිත් එක ඇඳුම් අපිලිවෙල වෙලා තියෙන්නෙ ඔයාගෙ විතරක් නෙවේ නේ. නැද්ද ජින්!" මේ රණ්ඩුව දැන් පටන්ගත්තොත් දැන්ම ඉවර වෙන සේයාවක් නැති නිසාම ජින්,

"දෙදෙනාම නවත්තන්න. අපි ඇත්තටම ප්‍රමාදයි!"

"ජින්! ජින්! ෂිෆූ අපට බැන්නත් කවදාවත් එයා ඔයාට බනින් නැ. එයටත් අපටම බැන්නොත් මිසක්" ඒ චාන්.

"සමයං"

හේතුවක් හරියටම දන්නෙ නැති වුණත් පුංචි කාලෙ ඉදන්ම ෂිෆු එයාට විශේෂයෙන් සලකනවා කියලා ජින් දැනගෙන හිටියේ. එහෙම වුණත් ෂිෆුගෙ කැමැත්තෙන් කවදාවත් ජින් අයුතු ප්‍රයෝජන අරගෙනත් නෑ.

අතරමඟ වෙච්ච කලබගෑනියයි යාලුවෝ දෙන්නා එන මඟ දිගට දාගත්ත පුංචි පුංචි රණ්ඩුයි නිසා අන්තිමට වුණේ තුන් දෙනාම විනාඩි ගාණක් පාඩමට පරක්කු වුණ එක. ඒත් ඒ විනාඩි ගාණක් ෂිෆුගෙන් කන් පිරෙන්න අහගන්න නම් හොඳටෝම ඇති.

"බොහොම හොඳයි පැමිණෙන වෙලාව. හරි වෙලාවට වැඩ කිරීම චෙන් නිකායේ මූලික රීතියක් කියලා තුන්දෙනාම දන්නවා නේද? ජින් ඔයා මීට කලින් නෙහෙම වගකීමක් නැතුව හැසිරිලා නැහැ. වැරදි ආශ්‍රයන් ඔයාව වගකීම්ක් නැති මිනිහෙක් කරනවා."

ෂිෆූ කෑගැහුවට මොකද ඒ වෙලාවෙත් චාන් නම් ජින් දිහා බලන් හිටියේ 'මන් කලින්ම කිව්වෙ නැද්ද' බැල්මෙන්. ඒත් ජින් රවලා බලපු නිසා ඒ බැල්ම එහෙම්ම චාන්ට අකුලගන්න වුණා.

"සමාවෙන්න ෂිෆූ, අතරමඟ දි අපි වැටුණා. එයයි ප්‍රමාද වුණේ." හෙන්ග් ෂිෆූට උත්තර බැන්දා.

ඒ වුණත් හෙන්ග්ට චාන්ගේ මුණේ තිබ්බ 'උඹ නම් බූරුවෙක්!' පෙනුමයි ජින්ගේ ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙන මූණයි දැක්ක ගමන් එයා ඔක්කොම අවුල් කරගත්තා කියලා ගොනාට වගේ තේරුණා.

"වැටුණා!!??? මෙය ධ්‍යානවේදී ආශ්‍රමයක් මිසක්කා නාඩගම් මඩුවක් නෙවෙයි! මට පේන්නෙ දැන් කාටවත් චෙන් නීති රිතී ගැන තැකීමක් නෑ කියලා" ෂිෆූ ජින්ට දුන්නේ විනිවිද යන බැල්මක්.

"හෙන්ග්! චන්! බලන්න ඔබ දෙදෙනාගෙ ඇඳුම්. කිසිම පිලිවලක් නැහැ." ෂිෆූගේ දෙනෙත් යොමුව තිබුණේ කඳු ගැටයෙන් පහල වූ මනරම් දර්ශනයට වූණත් එයාගේ ඇස් වල 'මුන් දෙන්නව හදන්න බෑ' කියලා පැහැදිලව සටහන්ව තිබුණා.

හෙන්ග් සහ චන් ෂිෆූගේ අප්‍රසාදයට ලක් එන එක හරිම සුලභ දෙයක්. ඒත් ජින් මෙහෙම ලෙහෙසියෙන් ෂිෆුගේ අප්‍රසාදයට ලක් වෙන කෙනෙක් නෙවේ. මේ නිසාම අනිත් නවකයෝ ශාලාව තුල 'හ්ම්' ශබ්දයක් නැතුව ඉඳගෙන හිටියත් එයලටත් මේ සිදුවීම යම් ආකාරයක විනෝදයක්. මේ මුළු වෙලාවෙම මොනම විදිහකින්වත් ප්‍රතිචාරයක් නොදක්වා සිටිය එකම පුද්ගලයා ජින්.

"දඬුවමක් විදිහට තුන්දෙනාම පුස්තකාල ශාලාවේ සේරම පොත් අස් කරන්න ඕනෙ. දැන් ඉඳගන්න පුළුවන්." ඒ ෂිෆූගේ අවසන් නිවේදනය.

ජින්ට නම් මෙය ඇත්තෙන්ම දඬුවමක් කියන්නත් බෑ. පුස්තකාල ශාලව චෙන් ආශ්‍රමයේ ජින්ගේ ප්‍රියතම ස්ථාන කිහිපයෙන් එකක්. ඒත් අනිත් දෙදෙනාට නම් පුස්තකාල ශාලාව තරම් කම්මැලි ස්ථානයක් මුලු ලෝකයේම නැ.

විෂයන් ගණනාවකට අදාල පොත් දහස් ගණනක් තියෙන චෙන් පුස්තකාල ශාලාව පුංචි තැනක් නොවේ. ඉතින් දඬුවම කොහොමවත්ම පහසු නැහැ.

"අන්තිම ෂෙන්-මෝ සටනට පසු දේව නියමාධර්මයන් ගැන කිසිම තැකීමක් නොකර ජින් ලොං අඳුරු මාර්ග පිලවෙතකට යොමු වෙන්න ගත්තා. මේකෙන් මනුෂ්‍ය ලෝකේ වැසියන්ට වුණේ ලොකු පීඩාවක්. මේ නිසා දේව සභාවට සිදු වුණා ජින් ලොංට මරණ දඬුවම ලබා දෙන්න. ඔහුගේ සහයකයින් කොයිතරම් බලවත්ද කියනවා නම් ජින් ලොංගේ මරණයට විරෝධතාවයක් විදිහට විශාල ලේ ගැලීමක් ටියෑන් වල ඇති වුණා. ඒ කාලය ඉතාම අඳුරු කාලයක්."

(ෂෙන්-මෝ සටන කියන්නෙ සුර අසුර යුද්දය කියන එක. ජින් ලොං කියන්නෙ ස්වර්ණමය මකරා. මේක මකර වංශයේ title name එකක්. ටියෑන් කියන්නෙ දිව්‍ය ලෝකය නැත්නම් සුරලොව)

"ෂිෆූ!"

ඒ හඬට සියලුම නවකයින්ගේ අවධානය ලැබුණේ නිරායාසයෙන්.

පැනය යොමු වුණේ මේ තරම් වෙලාවක් නිහඬව එකම ඉරියව්වෙන් පාඩම අහගෙන හිටපු ජින්ගෙන්.

"ජින් ලොං නිසයි අවසන් ෂෙන්-මෝ සටන ෂෙන්වරුන් ජය ගත්තේ. අනෙත් අතට ජින් ලොං අධ්‍යාත්මික සංවර්ධනයේ ඉහලින්ම සිටි අයෙක්, ඉතින් ඒ වගේ කෙනෙක් අඳුරු මාර්ගයට යොමු වන්නේ කොහොමද?"

(ෂෙන්වරුන් කියන්නෙ සුර වංශිකයෝ කියන එක)

ජින්ගේ ප්‍රශ්නය සාදාරණයි. ජින් ලොං කියන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙවේ. අසහාය ස්වර්ණමය මකර වංශිකයා. මකර වංශිකයෙක්ට ලඟා වෙන්න පුලුවන් ඉහලම අධ්‍යාත්මික දියුණුවට ලඟා වූණ කෙනා. දේව සත්වයෙක් වූණ එහෙම කෙනෙක් ඒ තරම් පහසුවෙන් අඳුරු මාර්ගයක් තෝරාගන්නෙ ඇයි?

"ජින් ඕනෑම කෙනෙක් අඳුරු මාර්ගයට යොමු වෙන්න පුලුවන්. එහි පුදුම වෙන්න දෙයක් නෑ. බලය ඕනෑම කෙනෙක් අන්ධ කරනවා."

ෂිෆූගේ ප්‍රකාශයත් සත්‍යයක්. බැලු බැල්මට පිලිගන්න පුලුවන්. නමුත් එය ජින් ගේ විචාරාත්මක බුද්ධියට සෑහිමකට පත්වෙන්න පුලුවන් උත්තරයක් වුණේ නෑ.

"හොඳයි අද දවසට මෙපමණයි. ජින්, චාන්, හෙන්ග් ඔබ තිදෙනාට දවස් තුනක් ලැබෙනවා දඬුවම නිමා කරන්න." එ විදිහට උපදෙස් දීපු ෂිෆූ නවකයන්ගේ උදෑසන අධ්‍යයන කටයුතු අවසන් කලා.

.

.

.

.

ධ්‍ යුලිඑන් ඇල්ල සුදුම සුදු තනි ජේඩ් වලින් හඳපු තිර රෙද්දක් වගේ. ඒ තරම් ලස්සන දිය ඇල්ලක් මුලු ආශ්‍රමයටම නැතුව ඇති.

මෙහි විවේක කාලය ගත කරන එක චෙන් නවකයන්ගේ වගේම ජේෂ්ඨයින්ගේද පොදු සිරිතක්. එය ජින්ටත් පොදුයි. එකම වෙනස ජින් අන් අය වගේ වතුරට බැහැලා ක්‍රීඩා කරන්නෙ නෑ. ඒ වෙනුවට දිය ඇල්ල ගාව පැත්තකින් හිදගෙන ඔහුගෙ මනෝලෝකයක සැරි සැරිසරමින් බටනලා වාදනයට තමා ජින් වඩා ප්‍රිය.

"ජින්, ඔයාට බැරිද අපි වෙනුවට පුස්තකාලය අස් කිරීම භාර ගන්න."

හෙන්ග්ට නම් මේ මොහොතේ ඕනේ කොහොමහරි දඬුවමින් පැන යාමට ක්‍රමයක්.

"මමත් ඔය දෙන්නාගෙ දඬුවමේ හවුල්කාරයෙක්. එ හින්දා මට කරන්න පුළුවන් දෙයක් නෑ."

"ඒක ඔයාට දඬුවමක් වෙන්නෙ කොහොමද ජින්. ඔයාට පුලුවන් නම් ඔයා දවසම ඉන්නේ පුස්තකාලයේ." චන්ගේ ප්‍රකාශයට ලස්සන පිලිතුරු හිනාවක් ජින්ගේ මුහුණේ ඇඳී තිබුණා.

"යමු!" ඉඳගෙන සිටිය තැනින් නැගිට සිටි ජින් මිතුරන් දෙදෙනාට සන් කලේ දැන් හවස් වේගෙන එන නිසා ආපහු ආශ්‍රමයට යන්න.

'ජබොක්!!!'

"චන්!!!!"

ජලයට බැසීමට අකැමති තමන්ගෙ යාලුවෙක්ව වතුරට තල්ලු කිරීම තරම් තවත් විනෝද ක්‍රියාවක් කෙලිලොල් මිත්‍රයෙක්ට තියෙන්න පුලුවන්ද? මෙතන සිද්ද වුණෙත් ඒක.

මේ මොහොතේ ජින්ගෙන් දිස්වන්නෙ අතලොස්සක් පමණක් දකින ඔහුගෙ හුරතල් ස්වරූපයක්.

ඇත්තටම ජින්ට තියෙන්නෙ දකින ඕනෑම කෙනෙක් නිවන සුන්දරත්වයක්. බොහෝ දෙනා කියන්මෙ එයා තරම් සුන්දර කිසිම කෙනෙක් චන් නිකායේ තියා ෂෙන් යෝ ගුවා රාජධානියේම නෑ කියලා. එවගේම ඒ පෙනුමටම ගැලපෙන හුරතල් හැසිරීම් ගණනාවක්ම ජින්ට තිබුණා.

මහ සද්දෙන් හිනා වෙන චන්ට තමන්ගේ හිතේ තියෙන අප්‍රසාදය පේන්නම මුහුණ ඇඹුල් කරගත්ත ජින් මුකුත්ම නොකියා තරහටම හිටියා. මෙහෙම ඉද්දි එයා පුදුම තරම් හුරතල්.

හැබැයි යාලුවගේ විහිලු නම් එතනින් ඉවර වෙන පාටක් නැ. චන් සහ හෙන්ග් ජින්ට වතුර ගහන්න වූණේ එයාට පැනලා යන්නවත් අවස්ථාවක් නොදී.

අන්තිමට කොහොමින් හරි මෙතෙක් වේලා මුහුණ ඇඹුල් කරගෙන හිටිය ජින් සිනා වෙමින් තමගේ යාලුවෝ දෙදෙනාගෙ සෙල්ලමට හවුල් වුණා.

"හෙන්ග්! චන්! ඇති දැන් නවත්තන්න "

"කොහොමවත්ම නැහැ! ඔබ අපි දෙන්නාව නාවපු තරමෙන් අඬක් වත් අපි දෙන්නා ඔයාව නෑව්වේ නෑ ජින්!" ඒක නම් ඉතින් ඇත්තක් නෙවේ.

"ජින්! ජින්! ඔහොම නවතින්න!"

'ජබොක්!' යාලුවෝ දෙන්නාගෙන් බෙරිලා දුවන්න හදපු ජින්ව ආපහු වතුරට පෙරලගන්න හෙන්ග්ගෙන් සාර්ථක උත්සහයක්.

"හෙන්ග් නවත්වන්න! දැන් මේ හොඳටම ඇති නේ!"

"නැ-" හෙන්ග් ට කියලා ඉවර කරන්න ලැබුණේ නැත. ඒ වෙනුවට එයාව ජින්ගෙන් ඉවතට විසිව ගියේ ක්ෂණයකින්.

" එයා කිව්වෙ නවත්තන්න කියලා නේද?!!" ඒ හඬ ආගන්තුකයෙක්ගෙන්. තුන්දෙනාටම මිට කලින් එයාව මුණ ගැහිලා නැහැ. ඒත් ඒ බලවත් අයෙක් කියලා නම් තුන්දෙනාටම තේරුණා.

"ස්තූති ඔබට! ඒත් මගේ යාලුවෝ මට හිරිහැරයක් කලේ නෑ." ජින් වෙච්ච වැරදි වැටහීම නිවැරදි කලා.

"මහත්මයා අපි දැන් යන්න ඕනේ! ජින් අපි යමු!" චන්ට ඕනේ යාලුවෝ දෙදෙනාම එක්කගෙන මේස්ථානයෙන් නික්ම යන්න. ආගන්තුකයා ගැන එයාට හොඳ හැඟීමක් තිබ්බෙ නෑ.

"ජින්!"

ආපසු යාමට සූදානම් වූණ මිතුරන් තුන්දෙනාම ආගන්තුකයාගෙ ආමන්ත්‍රණයක් නිසා නැවතුණා. හෙන්ග්ටයි චන්ටයි නම් තිබ්බේ 'මෙයා කොහොමද ජින්ගෙ නම දන්නේ' කියන ප්‍රශ්නේ විතරයි.

ඒ ප්‍රශ්නේ තිබ්බේ ඒ දෙන්නට විතරක්ම නෙවේ.

"මට ඔයත් එක්ක කතා කරන්න පුලුවන් ද"

ආගන්තුකයාගෙන් ඉල්ලීමක්. මිත්‍රයින් දෙදෙනා ජින් දිහා බලාගෙන හිටියේ 'අප දෙන්නා මොකක්ද කරන්න ඕනේ' කියලා මූණෙන් අහන ගමන්.

"ඔය දෙන්නා යන්න මම එන්නම්"

‍යාලුවෝ දෙන්නා ජින්ට විරුද්ද වුණේ නෑ. එයාල මඟක් දුර ගිහින් ජින් එනකම් බලන් හිටියා.

"ඔයාව මම මිට කලින් ආශ්‍රමයේ දැකලා නැ. ඔය කවුද? මාව දන්නේ කොහොමද? අනික කොහොමද මගේ නම දන්නේ?"

ජින්ට විසඳාගැනීමට ප්‍රශ්න බොහෝමයක්.

ශ්වේත වර්ණයෙන් සැරසී සිටි ආගන්තුකයා කලාතුරකින් මිනිසෙකුට උරුමවෙන ආකාරයේ කඩවසම් අයෙක්. ඔහුගේ ශ්වේත ඇඳුම රිදියෙන් වැඩ දමා තිබුණා. තද නිල් පැහැ උර පටි සහිත ධවල ඇඳුම ඔහුට එකතු කලේ දිව්‍යමය ස්වරූපයක්.

"ඇයි තමන් අකමැති දෙයක් කරන්න ඉඩ දෙන්නේ." ආගන්තුකයා ජින්ට පිලිතුරු දෙනවා වෙනුවට ආපසු ජින්ටම ප්‍රශ්නයක් යොමු කලා.

"එ දෙදෙනා මන් අකැමති දෙයක් කලේ නැහැ."

"මට එහෙම පෙනුනේ නෑ"

"ඔබ-ඔබේ පෙනුම-"

"හ්ම්ම්??"

"මකර වශිකයෙක්?"

"ඇයි ඒ ගැන චකිතයෙන් අහන්නේ?" ජින්ගේ විපක්ෂිත බව දැක්ක ආගන්තුකය ප්‍රශ්න කලා.

"ඒක පුදුමාකාර නැද්ද? ෂෙන්වරුන්ට (සුරයන්/දෙවියන්) සහ මකර වංශිකයන්ට ජිශියෝවට එන්න පුලුවන් වුණත් කවුරුත් එහෙම එන්නෙ නෑ. ආවත් මිනිසුන්ට හමු වන්නෙ නෑ. අනික ඔයා වෙනස්."

"වෙනස්?" ආගන්තුක කටහඬේ තිබුණේ පුදුමයක්.

"ඔව්. ඔයා මකර වංශිකයෙක් වගේ පෙනුනත් මකර වංශිකයෙක්ගේ ගති ඔයාට නැහැ."

"අහංකාරකම?"

"මකරු අහංකාරයි. ඒවගේම සංසුන් සොයා නොබලා ඉක්මනින් තීරණ ගන්නා අය නොවෙයි."

"එසේ නම් මම අසුරයෙක්" ආගන්තුකයාගෙ මුහුණේ විහිලුවක ස්වරූපයක් හෝ තිබුණේ නෑ.

"අසුරයින්ට මෙහි එන්න නොහැකි!" ජින් කිව්වෙ ඍජුව. එයා අසුරයන් පිලිගන්නෙ නෑ කියලා ඒ ප්‍රකාශය ඇතුලේ ඕනෑවට වඩා ගැබ්ව තිබුණා.

"හ්ම්ම්ම්"

එතැන් ඉඳන් තිබ්බේ කෙටි නිහඬ බවක්. දෙන්න්ටම කතා කරන්න දෙයක් ගැන කිසිම අදහසක් නෑ. අන්තිමේදි ජින් තම කටහඬ අවදි කලා.

"ඔයා මකර වංශිකයෙක් නම්, ජින් ලොං ගැන දන්නවා නේද?"

"යුආන්!" ආගන්තුකයා පිලිතුරු දුන්නේ ජින් ගේ දෑස් දෙස ඍජුව බලමින්.

"ආහ්?" ජින්ට අපැහැදිලි ප්‍රශ්නයක්.

"එයාගේ නම! එයා ලොං යුආන්!"

"එහෙනම් ඔයා එයාව දන්නවා?" ජින්ට අවසානෙදි එයාගෙ පැනයන්ට විසඳුමක් දෙන්න හැකි අයෙක් හමු වුණා.

"... ඕනෑවටත් වඩා."

"එයාට වුණේ මොකක්ද? ඇයි ජින් ලොං අඳුරු මාවතක් තෝරගත්තේ? එ තරම් විනාශයක් කලේ ඇයි?"

"කවුද කියන්නෙ?"

"අහ්?"

"යුආන් අඳුරු මාවතක ගමන් ගෙන විනාශයක් කලා කියලා කවුද කියන්නේ?"

"අපගේ ඉගැන්වීම්...."

"විශ්වාස කරනවද?" ආගන්තුකයාගෙන් නැවත ඍජු ප්‍රශ්නයක්.

"නැහැ." ජින්ට එයට පිලිතුරක් දෙන්න දෙපාරක් හිතන්න අවශ්‍යතාවයක් වූයේ නෑ.

"ලිඛිත ඉතිහාසයන් ලියවෙන්නෙ ලියන කෙනාට ඕනේ විදිහට. එය සත්‍යයේ ඍජු පිටපතක් නොවේ. ඉතිහාස ග්‍රන්ථ වල වීරයෙක් දුෂ්ඨයෙක්ටත් දුෂ්ඨයෙක් වීරයෙක්ටත් හරවන්න පුලුවන්. ඔයා බුද්ධිමත්. මන් හිතනවා ඔයා ඇත්ත දකීවි."

ජින්ගෙ ප්‍රශ්න තවත් ව්‍යාකූල කරපු ආගන්තුකයා ආපසු යන්න සැරසුණා.

"ඉන්න! ඔබේ නම!!ඔබ කවුද?!!" ප්‍රමාදයි. ජින් ප්‍රමාදයි. ඔහු දැනටමත් අතුරුදහන්ව ගොස් අවසන්.

ඔව්! අතුරුදන්ව ගොස් අවසන්!

.

.

.

.

- මතු සම්බන්ධයි -

❗️මෙහි භාවිතා වන චීන වචන උච්චාරණයන් ආසන්නතම සුදුසු සහ සිංහල භාෂාවෙන් උච්චාරණය පහසු දෙස දක්වා ඇත.

රෙන් ලෙයි (人类)- මනුෂ්‍ය ලෝකය යන තේරුමින් යුක්තයි. නූතන චීන භාෂාවෙන් 'මානව/මිනිස්' යන අර්ථය ලබා දෙයි.

ජිශියෝ කඳු මුදුන් හි (九霄山) - දිව්‍ය ලෝක නවයේ කඳු මුදුන් (දිව්‍ය ලෝක නවය චීන සාම්ප්‍රදායික සංකල්පයකි.)

චෙන් (宸) - මානව ධ්‍යානවේදී නිකායක. ස්වර්ගීයත්වය අර්ථ දක්වයි.

ෂෙන් යෝ ගුවා (神佑國) - රාජධානියකි. දෙවියන්ගේ ආශිර්වාද ලත් රට යන අර්ථය ලබාදෙයි.

ෂිෆූ (师傅) - ගුරුතුමා

ජින් (璟) - දීප්තිමත් ආලෝකය/දීප්තිමත් ජේඩ් යන අර්ථය ලබාදෙයි.

හෙන්ග් (衡) - සමබරතාවය, ස්ථායීතාවය සහ විනිශ්චය යන අර්ථ දෙයි.

චාන් (詹) - මෙහි දී භාවිතා වන්නෙ පුද්ගල නමක් ලෙසයි. ඒ අනුව ප්‍රඥාවන්ත/දැනුමැති ලෙස අර්ථ දිය හැක.

ෂෙන්-මෝ (神-魔) - සුර සහ අසුර

ජින් ලොං (金龙) - රන් මකරා

ට්‍යන් (天) - දෙව්ලොව

යුලිඑන් (玉帘) - ජේඩ් තිර රෙද්දක් යන අර්ථය දේ.

ලොං (龙) - මකරා. මකර වංශය යන අර්ථය දේ.

යුආන් (渊) - ගැඹුරු පොකුණ යන අදහස දෙයි.