අමාකර ලස්සන නමක්...එච්චරයි එයා කිව්වෙ සල්ලිත් නොගෙනම එයා යන්න ගියා..
එහෙම කොහොමද අපි නයකාරයො වෙන්නද....නෑ නෑ...කඩල ගොට්ටට එහෙම ණය වෙන්න ඕන නෑ....
අයියෙ මේ සල්ලි....
මන් කෑ ගැහුවා...මොකද කඩල කරත්තෙ මනුස්සයා මේ වෙනකොටත් ටිලින් ටිලින් ගගා යන්න ගිහිල්ලා..ඒ කියන්නෙ මේ මනුස්සයා මගෙ ගොට්ටටත් එක්ක සල්ලි දීලා කියන එකනෙ.....
කානුවෙන් ඇහිදන් ආව එකාගෙ කට කවුකචර් එක වගේ .....කුඩ්ඩි කට එහා මෙහා කර කර හෑස් හූස් ගගා ඒකා කඩල කන්නෙ ජීවිතේට කඩල ඇටයක් කාපු නැති එකෙක් වගෙ වෙද්දි මං ඒකගෙ ඔලුවට ඇන්නා
උ...ඌ....යියා....හ්හ් ම්හුක්...
මොකද උඹ....උඹට එක එක හැන්දො දෙන කඩල නම් උගුරෙන් පහලට බහිනවා ගෙදරින් කවන බත් ඇටේ ගිල ගන්ඩ තමයි උඹගෙ උගුරෙ දහ අට වංගු තියෙන්නෙ නේ....
එපා...නෙ...හ්.....අනෙ නටන මාමියෙ...අමාකරයා ගහනවනෙ....දිග හැ....අනෙ..පුතාගෙ...පුතාගෙ...පුතාගෙනෙ....නටන මාමා...දීපියො....මගෙ ගොට්ට...දීපියලකො...
ආ උඹ දැන් එ නටන මාමට කේලනුත් කියන්න ගත්තද කියපන් කියපන් මං බයවෙයි ඔය හැන්දට....හිටපන් උඹට ගෙදර ගිහින් හැදි පෙන්නන්නම්.....නටන මාමා...නටන මාමා උඹගෙ අප්පච්චි නෙ...
අනෙ..අනේ...හ්.....අනේ.....අනේ....අප්..පිච්චියෙ .....විහා...රා....අමාකරයා...අමාකරයා.....අමකරයා කැතයිනෙ. ....අනේ නටන මාමෙ ..අමාකරයව අරන් යමපියව්කො.....අපිට එපානෙ...පුතාට අමාකරයෙක්ව එපානෙ....පුතාට හොද අමාකරයෙක් ගෙනත් දීපි.....යෝ...අනෙ....හ්...කඩල...එක.....
අරකා නහිනවා,
කටත් උල් කරන් ඇස් වල කදුලුත් පුරවන් හෑස් හූස් ගගා කඩල කකා උන්න පොඩි ඇම්ඩගෙන් මං ගොට්ට උදුරගත්තා . උදුරගත්තා කියන්නෙ ඒකගෙ ගොට්ට මං උස්සගත්තා...මේකා කෑ ගහනවා....ඒකගෙ නටන මාමට කෑ ගහනවා.....අප්පච්චි ට අම්මට විතරක් නෙවෙ අවසානෙදි මූ උඩ පැන පැන මං කැතයි මාව එපා නටන එකාට අරන් යන්න ගගා මුලු වැල්ලම හොලවනකොට මුගෙ සිල්ලූඩියෙ සද්දෙටට එක එකා එබිකම් කර කර මූට හිනා වෙනවත් එක්කම මං කඩල ගොට්ට ආපහු ඒකටම දුන්නා...
අපො...ඉදාඉදා...උඹව කානුවකින්ම තමා ඇහිදන් ආවෙ කානු කට....පේනවද කානු පාට...ඊයා .ඔය මූනෙ කානු මඩ ගෑවිලා...
කෝ...කොහෙත...ම්හුක්....න්..නෑනෙ.....ත
නෑ නෙවෙ හැම තැනම....කානු පාට....
ම්...ම්හුක්.....කානු...පාට.....නෑනෙ....අයියෙ....පුතා ලස්ස්නයිනෙ....
ඔව්..ඔව්...පුතා ඇවිත් සංජේදත්නෙ උඹ නිකන් ජොනී ලිවර් වගේ...කැතයා.....
අරකා ආය අඩන්න හදන්නෙ මෙච්චර වෙලා කඩල ගොට්ට කකා උන්න අරකගෙ කඩල කැවිල්ල නවතින්න යන්නෙ....මට කැතයි කියපු පොඩි ඇටයට මාත් කැතයි කිව්වා විතරයි මිනිහගෙ කට බෙරි උනා....බෙරි උනා විතරක් නෙවෙ ඒකා හොරා වගේ චුට්ට චුට්ට මගෙ ලගට ආවා...හැබැයි මං අඩිය අඩිය පස්සට ගියා...ආවා මෙතන දිග හැන්දන්ට කේලම් කියන්න..හිටපන් උඹට මං හැදි පෙන්නනවා...
අමා..කරයො.....සුදු මහත්තයා අයියෙ.....
ඇයි ඇයි ...දැන් මොකද මං කැතයි.....මාව එපා...මාව අරන් යමපියො ගගා අර හැන්දට කෑ ගැහුවනෙ...දැන් මොකද....
කැත නෑනෙ.....පුතාගෙ අයියා කැත නෑනෙ.....පුතාගෙ අයියා ලස්සනයිනෙ...
අපො නෑ...මං කැතයි.....මං වස කැතයි...
නෑනෙ...වස කැත නෑනෙ.....
එහෙනම් කව්ද වස කැත.....ම්ම්ම්..ආ චූටි.....මොකාද කැත.....???
මන් බලාගන උන්නා...මොනර පිහාට්ටක් දීලා මූ අරකට වහ වැටිලා...ඔහොම ගියොත් මූ මාව උගෙ අයියා කමින් කොහොමත් එලවනවා...එහෙම පුලුවන්ද මූ හැදුනෙ මගෙ අත්වල.....දිග හැන්දා මායමා...
කැත....
ඔව්...කව්ද කැත....
ම්ම්ම්..ම්හුක්...කැත...කව්ත.....සුදු මහත්තයා අයියෙ ..ඔව්...කැත කව්ද...
මං දන්නවද ..කව්ද කැත කියලා....හොදට කල්පනා කරලා උත්තරෙ දෙනවකො...මොකාද කැත දැන් මෙතන උන්නෙ....
ඔයා නේ කැතයා... ?
මං අහක බලාගත්තා....මූට අරකා නූලක් පන්නලද මන්දා....මෙච්චර ඇලීගන ඉන්නෙ....අර කතාවක් තියෙන්නෙ බෙන්තර ගගෙන් එහා බලල් පැටියෙක් වත් එපාය් කියලා ...බලල් පැටියෙක් වෙනුවට ඇස් නෑරුන දිවි පැටියෙක්ලුනෙ දීලා තියෙන්නෙ. එ වගෙමෙමයි දිග හැන්දත් මොනර පිහාට්ට කියලා මූට වෙන මොනවහරි දීලද මන්දා ..පේනවද කල්පනා කරලා කරලා මමයි කැත කිව්වා....
ඔව් ඔව්...මමයි කැත...වරෙන්කො උඹ...උඹගෙ ඔක්කොම ඉස්කෝලේ වැඩ ඔය දිග හැන්දටම කියපන්...අයම වරෙන්කො අරක හදන් එන්න කිව්වා..මේක හදන් එන්න කිව්වා ගාන්...පරිප්පු වලින් ගෙයක් අලවන් එන්න කිව්වම උඹ කොහෙවත් මමයි අලවලා දුන්නෙ....දැන් ඔය ඔක්කොම අර පොල්කටු හැන්දටම කියපන් සමනල්
හුම්.....නටන මාමටද.....
ඔව්...ඔව්...නටන මාමට...ගෙදර ගෙනත් තියාගනින් ඔය තරම්ම ආසාව නම්...නැත්තන් උඹ එහෙ ඉදපන් එන්ඩ එපා ගෙදර එහෙම ඉදින්
........
ඔය දිග හැන්දා කියක් දුන්නද කඩල කරත්තෙට....ආ...නිකන් කඩල කන්න ලැජ්ජා නැද්ද චූටි ආ...කීයක් දුන්නද...මොන පාට කොලයක්ද දුන්නෙ...තැඹිලි පාට කොලයක්ද.....දම්පාට එකක්ද මොනරෙක්ද මොකෙක්ද දුන්නෙ.....
මන් අරකගෙන් පාට ඇහුවා...ඒකා නෙවෙ උත්තර දෙන්නෙ....ඒකා නෙවෙ ගාන කියන්නෙ...කඩල ගොට්ටෙ තියන පොල් කෑලි ලෑටි ගගා කූනිස්සො අහුල අහුල උම්මලකඩ කෑලි සූප්පු කර කර ඉන්නවා මිසක ඒකා නෙවෙ ගාන කියන්නෙ වෙනකොට මං ඒකගෙ අතෙ තිබ්බ කඩල ගොට්ට ආය ඉදිරුවා
අනේ...හ්...දීපියලාකො...පුතාගෙ කඩල ඇටෙ දීපියෝව්....
අනෙ හුනෙ නෙවෙ ගාන කියනවා සමනල් ලැජ්ජ නැද්ද මල්ලි පිනට කන්නෙ...මොනපාට කොලයක්ද දුන්නෙ කියනවකො...අප්පච්චි දැනගත්තොතින් කඩල පෙන්නයි...අපි නුවර මිනිස්සු පිනට කන්නෙ නෑ මල්ලි
පුතා පිනට කනවනෙ....ඉතින් මොන පාටවත් දුන්නෙ නෑනෙ....ඔව්නෙ...දුන්නෙ නෑනෙ...දුන්නෙ නෑ තමයි.....
පිනට කාපන් උඹ...මට එපා කානුවා,මොන පාටවත් දුන්නෙ නෑ....එතකොට දිග හැන්දා සල්ලි නැතුවද ඔය කඩල ගත්තෙ....කියනවකො කානුවො..මොන කාක්කෙද මන්දා තමුසෙ....බලනවකො තමුසෙගෙ මූනෙ හැටි කන්කුන් පනුවෙක් වගේ...
හුම්...ඔව්....දුන්නෙ නැතුව තමයි ගත්තෙ...ඔයාටත් ඕනද අමාකරයො කැතයො කානුවා කියන්නෙ ම්හුක්....පුතා කන්කුන් වලට ආස නෑනෙ...කැරට් වලටනෙ ආස...ඔව් අප්පා...පුතා ආස කැරට් වලටනෙ
මෙන්න මෙහෙ වරෙන් උඹව වඩාගන්න...උඹට ලැජ්ජා නෑ චූටි නයට කන්න ලැජ්ජ නැද්ද...උඹගෙ නැට්ටුක් කාරයගෙ නම හැන්ද දිග උනත් ඒකට හැදි මිටෙ තරම් වත් මොලයක් නෑ....වරෙන් යන්න
මං අරකව උකුල් ඇටේ උඩ ඉන්දවගත්තා....ලස්සන නමක් ගාලා මාරු උනෙ එතනම තිබුන ගෙදරට වෙනකොට මං අපේ එකාවත් උස්සගන එතනම තිබුන ගෙදරට ගියා...
ඒක ගෙයක් නෙවෙ තනිකරම දැල්පන්න තොගයක්...සාමාන්‍ය ලයිට් වෙනුවට හතර වටම තිබුනෙ ප්ලෑශර් ලයිට් එලි...ඊටත් තියන වාහන ගොඩ...නුවර පැත්තට මාලු ගෙනියන ෆීසර් ලොරිම පහ හයක් තිබ්බා ඒ හැම සුදු ෆීසර් එකකම හොට දිග මාලු ඇදලා හැන්නදිගෙ ඇනඩ් සන්ස් කියලා ගහලා තිබුනා ..එහෙන් ඒ ලොරි වෙනකොට . ..තව පැත්තක තවත් කැන්ටර් එකක් ...හැන්නදිගෙ අයිස්.....යකො මුන්ට නැති මගුලක් නෑනෙ.....තද නිල්...ක්‍රීම් පාට වගේම තනි සුදු දැල් කදු හැම තැනම..ආය ගෙදරක මිදුලක් කියලා දෙයක් නෑ...කොටින්ම මේ ගෙදර පුරාවටම තිබුනෙම මහ මුහුදෙ කසිංජි සුවද, කසිංජි සුවද අරක් ගත්ත ආම්පන්න වෙනකොට ලාවට වගේ ආව
හොදි රත්කරන සුවදක් ඔය කසිංජි සුවද අස්සෙ කැරකෙන්න ගත්තා.....
මෙහෙත් ජාඩි බදිනවද දන්නෙ නෑ....ජාඩියෙක් වත් දෙයිදෝ...?වහ දැම්මත් කමක් නෑ ජාඩියෙක් දෙනවා නම්...එකෙන් එන ලුනු රහ මුහුවෙච්ච පිලී රහ මහ අමුතුයි ....හිත තදින්ම ඇදිලා යනවා...එහෙව් රහත් එක්ක බත් මුට්ටියක් විතර කන්න පුලුවන් කියන්නෙ විහිලුවට නෙවෙ කියන්න මට දැන් අත්දැකීම් තියනවා.....
අරකවත් එල්ලගන ගස්ස ගස්ස ආවට මොකද මං දන්නෙ නෑ දැන් කතා කරන්න ඕන කාටද කියලා....කනපැලෙන්න දාලා තිබුන කැසට් කරදරේ එහෙන්...ලමයිගෙ කරදරෙ ගෑනුන්ගෙ කචබචෙ පිරිමින්ගෙ කචබචෙ මේ ඔක්කොම මැද මං මොකාද වගේ දිග හැන්දව හෙව්වා.....
උඩට මොකුත් නැති යටට පොඩි පොඩි ජංගි කොට ගහගත්ත ළමයි එහෙන් දුවනවා මෙහෙන් දුවනවා සමහරක් වැටෙනවා උන්ගෙ අම්මලද කොහෙද යටි ගිරියෙන් කෑගහන් ප්ලාස්ටික් බත් පිගන් උස්සන් උන්ගෙ පස්සෙන් දුවනවා....
ඇත්තමයි පසනා මං තෝව අල්ලගත්තොතින් මං තොට ගහන එක ගහනවා.....කිව්වම අහල මෙහාට වර .....
.........බෑ...හ්
බොල පසනා මෙහාට වරකො මේ බත් කට කාකො...ඇයි බ....ල....මූ කියන දේ නම් අහන්නෙම නෑනෙ.....ඇත්තමයි මං අද අල්ලගත්තොත් තොට අඩ අඩ දුවන්න ගහනවා...මෙහාට වර මේක කාපිය...
මට ඇතී...හ්...මට ඇති අප්පා...ඇති යකො...ඇතී...හ්
ඇති...මොනවද ඇති ඇයි රෑට කඩචෝරු ගිලින්ඩද....මෙහෙට වර....
සුදු පප්පෙ.....සුදු පප්පෙ අම්මා ගහනවනෙ...හ්....සුදු පප්පෙ.......අනේ පප්පෙ.....හ්
මගෙ ඔලුව විකාරයි වගේ...ඊටත් මුන් අම්මටත් යකො කියනවනෙ.....අපි එහෙම කිව්ව නම් අප්පච්චි කට අරගන ගලක උලයි....
අර ඇටයා ජංහි කොටෙ උස්ස උස්ස උගෙ සුදු පප්පට බෙරිහන් දිදි එක අහකට දුවනකොට ලංගම බස් එකක් සයිස් විසාල අර ගෑනු මනුස්සයා බිම තිබුන හුලු අත්තකින් පොල් කොලයක් ගලවන් අරූ පස්සෙ දිව්වා...අද අරූටයි උගෙ සුදු පප්පටයි හරි.....
අමාකරයො....ම්හුක්...
මං අපේ එකා දිහා බැලුවා...ඒකගෙ කඩල කෑමත් ආවර වෙලා...කොටින්ම ඌ උන්නෙත් මට හපන් බයවෙලා වෙනකොට දොර ඇරපු කුකුල් කූඩුවකින් කුකුල් පැටව් එලි බහිනා හා සමානවම ළමයි මංගල්ලයක් දිග හැන්දගෙ ගේ පුරා දුවනකොට මාස ගානක්...අවුරුද්දක් විතර කියන්න පුලුවන් තවත් හෙලි වැලි කුක්කෙක් ඉනෙ ගහන් තවත් ගෑනියෙක් එලියට ආවා.....
ඇගෙ නූල් පටක් නැති පොඩි එකාට තිබුනෙම බකුසු මුනක්....එක්කො ඒකගෙ මුන මේ ගෙදර උන් ඉබලා කාලා...ගෑනි ගෙ සර්වාංගෙ ගැන කියනවා නම් නයිටිය උඩින් චීත්තපටක් පටලවගත්ත ඇත් කද ලිහිනියෙක් හා සමානයි...
සීගිරි ගල උගුලන් ඇවිදින් ඉස් මුදුන උඩ තිබ්බා හා සමාන කොන්ඩ ගෙඩිය ....මුක්කන් නහය...පිපිරෙන්න ඔන්න මෙන්න තිබුන කම්මුල වගේම අත්තම්මලා දහ දොලොස් දෙනෙක්ගෙ තරම් විසාල පපුව....දෙතුන් දෙනෙක්ට නැගලා යන්න පුලුවන් තරම් පස්ස....එහෙම් පිටින්ම මේක මාලුම ගිලපු තල්මහෙක් හා සමාන ගෑනු රූපයක් වෙද්දි මං කටත් ඇරන් බලාගන උන්නා....මගෙ අම්මෙ ඒකිගෙ පස්ස උඩ බස් ස්ටෑන්ඩ් එකක් ගහත හැකි.....
මුන්දෑ අර හැන්ද දිගයගෙ මායියද දන්නෙ නෑ...එහෙම බලන් ගියහම මේ ඇගේ සයිස් එකත් එක්ක මුන්දට කොහොමද අක්කෙ කියන්නෙ..ඇරත් අපේ පොඩි ඇටයා හරි...මේකා මාමෙක්..ළමයෙක් ඉන්නවා නම් අයියා කියන්නෙ කොහොමද.....???මේකා මාමෙක් නේන්නම්....දිගහැන්දා මාමා..!
උකුල් ඇටෙන් පහලට රූටන කානු කෑල්ලවත් උස්ස ගත්ත මං කැසට් කරදරෙ අස්සෙ ළමය නලවන අර නිල් තල්මහෙක් සයිස් දිග හැන්දගෙ මායියා ගාවට ගියා...
ඇ...ඇන්ටි...
මන් හිතන්නෙ මගෙ කටෙ කෙලත් හිර උනා...ඒකි හයයි හතරෙ තල්මහෙක්...උන්දෑ ගාව හිටගත්තම මං නිකන් පුලුන් කාරල්ලෙක් වගේ.....කට ඔහෙක් ගියපු රතු පතාමැඩියෙක් වගේ...
ගොත ගහගහා ඇන්ටි කිව්වත් හරි ලමයව නලව නලව සුප්පු බෝතලෙන් කිරි පොව පොව උන්න ගෑනි මගෙ දිහා බැලුවා විතරයි බය උන පාරට මාව අඩියක් පස්සට ගියා.....
........
ඇ...ඇන්ටි හැන්නදිග අංකල් ඉන්නවද...
හැන්නදිග අංකල් කිව්වෙ..කොයි අපෙ අප්පචිවද ඔහෙ ඔය අහන්නෙ.... අප්පච්චි ගෙයි ඕන්...මක්කයිද හදිසි කාරනාවක්ද
න්..නෑ...නෑ...අපෙ මල්ලිටයි මටයි කඩල අරන් දුන්න අර උස සුදු රැවුල වවන් ඉන්නෙ....ඒ අංකල්.....අර...එ....එදා කාවඩියෙ කුක්කුත් නෑ...පිටිත් නෑ කියලා ලියන් උන්නෙ....අපෙ මල්ලිට මොනර පිහාටු දුන්න ඇන්ටිගෙ අංකල්ව අහන්නෙ...ඔයාගෙ කසාද අංකල්ව
මං දන්නෙ නෑ මන් මේ මොනවද කියන්නෙ කියලා....පොල් කොලයක් ගලවන් අර ඇට්ටරයගෙ පස්සෙ දුවපු ගෑනි කොල්ලව තනි අන්ඩෙන් ඇදගන ආවෙ තනිකරම කුනු කරෝල කෑල්ලක් ගානට වෙනකොට අරකා බත් කට කටේ තියාගන පස්සත් අත ගගා මහ පොලවෙ වැලි කන්ඩ හදනකොට මගෙ ඉස්සරහා උන්න නිල් තල්මහ මං කියන්නෙ මොන හරුපෙද කියලා තේරුම් ගන්ඩ බැරිව ඉන්නවත් එක්කම අපි ගාවින් මාලු වෙළඳාම් යන පෙට්ටියක් බැදපු රතු පාට තැපැල් නයින්ටියක් නැවැත්තුවා...ඒකා ගාව මාලු ගද!
ෆයිබර් වලින් හදාපු හතරැහැ පෙට්ටියෙ එක කෙරවලක තේක්ක කොල අහුරක් වගේම තව කෙරවලක මුහුදු වැලි අහුරක් තිබ්බා...මං අනන්තවත් දැකල තියනවා බණ්ඩාරවෙල සුදු අත්තම්මා ගෙදරට ගේන හුරුල්ලන්ග් ඇගෙ පුරාවටම සුදුවැලිතියනවා....සමහර විට මුන් වැලි ගාලා දෙනවා ඇති එතනත් ග්‍රෑම් ගානක් අල්ලනවනෙ
පෙනේද මුන්ගෙ කපටි කම..දැන් ඉතින් අපිට වැලි දාපු මාලු ඕන නෑ කොහොමත් ...
නයින්ටියෙ ආව එකා බුලත් චප්පයක් හප හප ඒකගෙ සාක්කුවට අත් දලා රතුපාට පොඩි නෝට් පොතක් අරන් ඒකෙ තිබුන ගනන් හිලව් දිහා බලන් ඉදලා අපිගාව උන්න හැන්ද දිග මායියා දිහා බලලා කටට ඇගිලි දෙකක් තියලා බුලත් කෙල පාරක් ගහලා අර හපෙ අනිත් හක්කට මාරු කරගන්න ගමන් ඇදන් උන්න සරම් කොනෙන් ඒකගෙ රතු උන කට පිහිද ගත්තා.....
නගෙ ස්කීපර් අයියා කොයි?
ආන් එයැයි අර ගනන් හිලව් වගයක් බලනවා...ඔහෙ අවෙ ණය බේරන්ඩද නැත්තන් හෙට දිහාවෙ මූදට දාන මහබෝට්ටුවෙන් පනිවිඩයක් අරන්ද....
ගොප්ප්රි කඩෙන් මේන් මෙ බිල්පොත දෙන්ඩයි කීවේ...අයියට කතා කරනවයි?
ස්කීපර් අයියලු....ඒ මොන අයියෙක්ද.....ස්කීපර් අයියා නිකන් ස්පයිඩර් මැෑන් අයියා වගේ...ඇරත් මට සීසර් වසන්තවත් මතක් වෙනවා...
අනෙ මන්දා මට තෙරෙන්නෙ නෑ ...ඇරත් අර හැන්ද දිගයගෙ මායියා මට ඒකා කොහෙද කිව්වෙත් නෑ කිව්වා නම් මේ සල්ලි දීලා ගෙදර යන්ඩ තිබ්බා මුන්ගෙ කරච්ච්ලේට මට ඔලුව කැක්කුම වගෙ....ඊටත් මේ මාලු පිලි ගදට කලන්තෙට වගෙ...වැටෙනවා නම් එහාපාරට ගිහින් තමයි
සුදු අරලියා මල.....
පිපුනෙ ඇයි තනිව...
ලෙංගතු ඇසුරකට ....මට දැන් අවසරද...
මගෙ ඔලුවත් එක්ක කැරකෙනව.....එකක් අහරවෙන සින්දු එකක් පටන් ගන්නකොට සුදු අරලිය මල පටන් ගත්තා විතරයි අර බක්ක ගෑනි ලමයවත් උස්සන් අර පොල් ගස් සීයක් විතර හිටවන්න තරම් පුලුවන් පස්ස ගස්ස ගස්ස ඇතුලට ගියා....මගෙ අම්මෙ ඒකෙ විසාල ඇයිද මන්දා...හැන්නදිගට ඕකෙත් වරායක් ගහන්න පුලුවන් ඇති....
චූටි.....
හුම්ම්...ඇයි අමාකරයො...ඇයි.....
අර හැන්දව බලනවකො බබා මේක දීලා යන්ඩ....අප්පච්චි ආවොත් බනි මේ රෑ ගෙවල් ගානෙ ගිහින් කියලා...අනෙ බලනවකො බබා...
හැන්දා නෑනෙ අමාකරයො.....ඔව්නෙ.....හැන්දා නෑනෙ පුතාට පේන්නෙ නෑනෙ හැන්දව...
මීට තත්පරේකට උඩින් කා ගත්ත මායි අපෙ කානු කෑල්ලයි සාමගිවිසුමකට ආවා.....ඇස් කරකව කරකව දිග හැන්දව හොයපුමන් ඒකටත් ඒකව හොයන්න කිය කිය ඇස් කරකවනකොට ඒකා.මගෙ උකුල් ඇටෙන් රූටලා බහිනවත් එක්කම ලිංගික ඇසුරකට අඩගහන බස් අජිත් වෙනුවට ඩේලියා මලින් සුවද ගන්න කියන කින්සිලි මහත්තයා එක්කම දිග හැන්දා එලියට ආවා...නිකන් නෙවෙ වඩු බාස් කෙනෙක් වගේ එකා කන් පෙත්තක් උඩ පෑනක් හිරකරන් එක අතකින් පොතක් අරන්....
කංජි මලයා...
ස්කීපර් අයියා...අයියා කඩෙන් බිල එව්වා....බෝට්ටු තුනයි ගාන දෙකයි හැත්තපහයි...
හැත්තපහයි.....මොන බෝට්ටුවෙන්ද හැත්තපහක බඩු ගත්තෙ...
සුදා යන එකෙන්....සුදාලා බලයිට නෙවෙ අයියා යනවා කියන්නෙ....උන් පොඩි මාලුන්ට යනවා කියන්නෙ.....
තනිකරම ගහගන්ඩ වගෙ....දෙකයි හැත්තපහයිලු....මොකාද හැත්තපහකට විතරක් ගත්තෙ අහ අහ දිග හැන්දා නයින්ටියෙ හැඩල් එකට තට්ටු කරනකොට අර කංජියද මොකාද කියන එකා තවත් මොනවද කිව්වා...උගෙ නම කංජි නම් තව හිරගන කතගනත් ඇති....
ජපන් බසපුලුවන් ඇති හොදටම
ඇරත් ඇයි මේ හොදින් කතා කරන්ඩ තියාගන ගහගන්න හදන්නෙ....කඩ කඩ කතාකරන වෙලාවෙ හිමින් කතා කරපන්කො
මන් බලාගන උන්න කනේ තිබුන පෑන අරගන අර පොතෙ මොන මොනවද ලියාගත්තු අපෙ කානු කෑල්ලගෙ හැන්ද දිග මාමා කොලයක් ඉරලා දුන්නා...යකො චෙක් එකක්නෙ.....
හිච්චා මොකදයි මෙහෙ ම්ම්ම්ම්??
අ..අංකල් මේ කඩල එකෙ සල්ලි දෙන්න
සල්ලි ඕන නෑ ...
සල්ලි එපා කියලා බෑනෙ පිනට කඩල කන්න බෑනෙ .....අපි නුවර මිනිස්සු අංකල් එහෙම නයට කන්නෙ නෑ....අංකල්ගෙ ඇන්ටිට හරි මේක දීලා යන්න ආවෙ...ණය තියාගන අපිට ජීවත් වෙන්න අපෙ අප්පච්චි උගන්නලා නෑ
සල්ලි එපාලු....ඇයි සල්ලි එපා කියලා සල්ලි වලට හිලව් වෙන්ඩ අදත් වහදාපු පාන්ගිල්ලන්ඩ?කව්ද දන්නෙ කඩල ගොට්ටක් කාපු එකට පහුදාට අපෙ අප්පච්චි ට මං කඩල කරත්තයක් කෑව කියලා සල්ලි දෙන්න කිව්වොත්...
සුදු චූටි අපි දකුනෙ මිනිස්සු හරිය.....සල්ලි ගන්ඩ බලන් කන්ඩ දීම් නෑ ආය අපි ළඟ...කඩල ගොට්ටට සල්ලි ගන්ඩ...ඒ හොද වැඩේ....ලැජ්ජ කරන්ඩද හදන්නෙ...කංජියා මට කියපන් ගත්තෙ මොනවද කියලා ....
දකුනෙ මිනිස්සුලු සල්ලි ගන්නෙ නෑලු.....ඒවා දකුනෙ මිනිස්සුන්ටම කියන්න කියනවා මට නම් බෑ කඩල ගොට්ටකට ණය තියන් ඔව්වා පොලි එක්ක ගෙවන්න.....
ආයමත් අර කංජියා එක්ක කියව කියව හාල් මෙච්චරයි පිටි මෙච්චරයි සීනි මෙච්චරයි කුකුල් මස් මෙච්චරයි ඌරු මස් මෙච්චරයි ගගා එකින් එක කියවනකොට සීය අතේ තියන්න ගියපු මාව දිග හැන්දා මාව පැත්තකට කෙරුවා...ඇරත් නිකන් නෙවෙ එකා මට සුදු චූටි කිව්වා.....
සුදු චූටි ඔහෙට මං කිව්වනෙ සල්ලි එපාය කියලා.....ම්ම්ම් කියන දේ තේර්‍ර්න්නෙ නැතැයි ඔහෙට
ඔයාට එපා උනාට මට දෙන්න ඕනා...එක්කො මං ඔයාගෙ ඇන්ටිට දෙන්නම්.....
කංජියා මට ආය ගාන කියපන්..මේ උඩරට හිච්චා මට ගනන් වරද්දනවා....හාල් මිටි කීයද?යන්ඩ මාසයයි එන්ඩ මාසයයි රස්සාව කරන්ඩ මාසයයි...මාස තුනයි...හරියට ගාන කියපන් යන්තුනට අරන් තියන ගාන ඇතිදැයි බලපන්...
පනහෙ මිටි අයියා....
හ්ම්...අරලියද...
ඔව් අයියා...අරලිය එකෙන් කීරි සම්බා
මගෙ ඇසුත් ලොකු උනා...යන්න මාසෙලු...එන්න මාසෙලු....ආය රස්සාව කරන්න මාසෙලු.....එතකොට මාස තුනක් අර ලොකු බෝට්ටු මූදෙ ඉන්නවද...එත් ලගකට ගියොත් එහෙමයි...තව දුර ගියොත්.....???මගෙ අම්මෙ අනේ කුනාටුවක් ආවොතින්....???අනේ එහෙම වෙන්න නම් එපා දෙයියනෙ.....
හාල් පනහෙ මිටි වලින් මෙච්චරයි ...අල ළූනු ලුනු තුනපහ බයිට් වර්ග බිස්කට් නැති ජාතියක් නෑ..ඒකත් සුලු පටු ප්‍රමාන නෙවෙ...ලුනු දාපු ඌරුමස් බැරල් එකයි කියනකොට මගෙ ඇස් දෙක නලලට ගියා....මේ මිනිස්සු මෙහෙම කන හන්දා වෙන්න ඇතිඔය හැටි හයිය හත්තිය....නැත්තන් ඉතින් කොහොම ඔය මූද එක්ක ඔට්ටු වෙන්ඩද...
හ්ම්.....සුදාගෙන් අහපන් ලගට ගියත් ඔය බඩු ඇතිද කියලා ගනන් විතරයි උගෙ බෝට්ටුවෙ බඩු නෑනෙ....ම්ම්ම්
හරි අයියා....
හ්ම්....කිටියට කියපන් දැල් පන්න ටික බෝට්ටු පිටින් රාජසන්ත කරගන්නෙ නැතුව රස්සාව කරන් එන්ඩයි කියලා..ඕකා මට ගියපාරත් කෝටි ගානකට කෙලවලා ඉන්නෙ.....
මාලු රස්සාවට යනවා කියලා මූ අහවල් එකටද ඕස්ට්ර්රෙලියා පයින්ඩ ගියේ....අවුරුදු කීයක් හිරේ උන්නද..මූට මං මේ පාර රස්සාව දෙන්නෙ නෑ උගෙ ගෑනි ළමයි පව් හන්දා දෙන්නෙ....කාලකන්නි ඕස්ට්‍රෙලියන් කාරයො දැල්පන්න ඔක්කොම මාලු පිටින් ගිනිතිබ්බා...හ්ම්..හ්ම්...උඹ යමන්.....
හරි ස්කීපර් අයියා....කියන්නම්.....
හ්ම්....හෙට ස්කීපර්ලට එන්ඩ කියපන් යන්ඩ කලින් පංගු බාගයක් බේරන්ඩ...මලකරදරෙ ගෑනු ටික ලමයි එල්ලන් සැර්න් සැරේම දාහ පන්සිය ඉල්ල ඉල්ල එනවා..පංගුව තිබ්බොත් එහෙමයි නොතිබුනොත් මට සුම්මා ඉරි...තිබ්බා නෑ කියලා නෑනෙ දෙන්ඩ එපැයිනෙ
අයමත් ස්කීපර් ලු..මන්දන්නෙ නෑ...ඒ කංජියා කියන මනුස්සයා එයාට කතා කෙරුවෙත් ස්කීපර් අයියා කියලා ...එතකොට හැන්ද දිගත් තව කාටද මන්දා ස්කිපර් කිව්වා..සමහර විට ඕක ධීවර රස්සාවෙ වචනයක් වෙන්න ඇති...
එහෙනම් අරහෙමයි...මෙහෙමයි ඔහෙක් මෙහෙක් ඇහැක් බැහැක් ගගා කියවපු කංජියා නයින්ටිය හරවන් ආපිට යන්න යනකොට ඇදන් උන්න කලු සරමෙ කොනත් පැත්තකින් උස්සන් අර චෙක් පොත දිහා බලන් උන්න දිග හැන්දා අනිත් පාර මගෙ දිහා බැලුවා...ළමයි ඉන්න අප්පච්චි කෙනෙක් කියලා කියන්නත් බෑ....ඇරත් මේ මනුස්සයා අර නිල් තල්මහෙක් සයිස් ගෑනිව මොකට බැන්දද මන්දා...
අනෙ අම්මො හැන්දව යට වෙනවා ඇති....අලි පොරෙ වගේ ඇති
චිහ්...මොන මගුලද මං මෙ හිතන්නෙ...අලිපොර බැරි නම් කුකුල් පොර ඇල්ලුවත් මට මොකද....
මගෙ කනක් එක පාරටම රතු උනා....දිහ හැන්දගෙ කඩවසම් රූප කාය දිහා බලාගන උන්න මට නොහොබිනා දේවල් හිතෙනවත් එක්කම මාව.රතු වෙන්න ගත්තා ....
සුදු චූටි රතු වෙලා අහවර නම් ඔහෙ ටැග් ගැහෙන කාරානාව කිව්ව නම්....
මාව ගැස්සිලා ගියා....අහක බලන් මූන රතු කරන් උන්න තත්පරේට දෙකට හැන්ද දිගා උන්නෙ මගෙ ළඟ මදිවට ඒකා මට ආයමත් සුදු චූටි ඔහෙ මෙහෙ ගානකොට පස්සෙන් පස්සට ගියපු මං හේත්තු උනෙ දැල්කන්දක් ගාව වෙද්දි සුදුපාට ෆ්ලෑශර් එලිය වැදුන ඒ මූන දිලිසන්න ගත්තා....
අංකල් මං සැරයක් කිව්වනෙ අපි ණය තියාගන්න කැමති නැති මිනිස්සු...රුපියල උනත් ණය වෙන්න කැමති නැති මිනිස්සු...අපෙ මල්ලිටයි මටයි අරන් දුන්න කඩලවල ගාන මේක....
අංකල්...හිච්චත් දැන් මාමලු...දැන් අයියත් අංකල් කියන්න පටන් අරන්ද....ම්ම්...ඔහහෙට මාව එ තරමට වයසයි වගේ පේනවද සුදු චූටි....
අනෙ මේ ඔයා ඔය ඔහෙ ගාන එකයි සුදු චූටි ගාන එක නවත්තනවද අංකල්....මන් මොන වරද කරාටද හැම වෙලේම මට ඔහෙ ඔහෙ මෙහෙ මෙහෙ ගන්නෙ....ඔයා කැමතිද මාත් ඔයාට ඔහෙ ඔහෙ ගානවට ඔය කැමති නම් මාත් ඔහෙ ඔහෙ ගාන්නම්....කැමතිද නෑනෙ...අනික සුදු චූටි කියන්නෙ..... එපා එහෙම කියන්න...අනික ඔයාට අංකල් කියන්නෙ ඇයි අහන්නෙ ඔයාගෙ ඇන්ටිට බබෙකුත් ඉන්නවා.....අංකල්ට අංක්ල නොකියා අයියෙ කියන්ඩද නේද සමනල..ස්...ස්..සමනල්....ක්..චූටි....බබා....අනේ අංකල් මල්ලි නෑනෙ.....සමනල්...
කෝලමක්....හිච්චගෙ කට තනිකරම "මුරුක්කුවක් වගෙ"
ම්..මොකක්...මුරුක්කුවක් වගෙ...සමනල්....චූටි.....මල්ලි කොහෙද ඉන්නෙ...අනෙ අංකල් අප්පච්චි ආවොත් මට මුරුක්කු පෙන්නයි.....ඕකව හොයල දෙන්නකො...
ඔහෙ මුරුක්කු දැකල නැතුවයි...මේන් තියනවා මුරුක්කු....මක්කයි ආය බය වෙන්නෙ...හිච්චා ඔය කොහෙ හරි ඇති.....
අනෙ මට ඕන මුරුක්කුවක් නැ යකො මගෙ මල්ලි හොයා දියන් මාමෙ....ඒකා නැතුව ගෙදර...ආ..ආහ්...අනෙ...ස්..සරම.....!ම්..ම්ම..මාමෙ...ම්..මගෙ...හුස්ම....
මං උන්නෙ අසූ හාරදහට විතර බයවෙලා වෙද්දි කානුකෑල්ලගෙ නටන මාමා ආවෙ රැවුල ගිනිගත්ත ගත්ත වෙලාවෙ සුරුට්ටු අවුලන්න වෙනකොට පිස්සට හැතැප්ම නෑ වගේ කියවන් ගිය මගෙ කට දිහා බලාගන උන්න හැන්ද දිගා අනිත් පාර මගෙ කට මුරුක්කුවක් වගේ කියලා උඩු අතට කැරකුන බෙලිකටුවක් පෙන්නුවා වගේම මට ඕන මුරුක්කුවක් නෑ කියන් එයාවත් තල්ලු කරන් වාශ්ප උන සමනලයව හොයන් යන්න හදනවත් එක්කම කකුල පැටලුන මාව අර දැල් ගොඩ උඩට වැටෙනවත් එක්කම නොවැටී බෙරෙන්න අතින් අල්ලන්න ගියපු මට ඇහුවෙලා තිබුනෙ සරම් ගැටේ වෙනකොට අනේ මන් පතවිලා තිබුනෙ ඒකගෙ සරමත් කඩාගන මදිවට එකවත් මගෙ ඇග උඩට වට්ටගන වෙද්දි දැල් ගොඩ උඩට වැටුන මාව එකා එක්කම බම්ප් වෙලා ගියා...
ඔහෙගෙ වැඩේම මගෙ සරම කඩන එක...
මට හුස්ම නෑ වගෙ...ලැජ්ජාව ඔක්කොටම හපන්...සරමත් නැතුව අයමත් බොක්සර් එකපිටින් දිග හැන්දව වැටුනෙ මගෙ ඇග උඩට මදිවට ෆ්ලෑශර් ලයිට් එලිය කෙලින්ම වැටිලා තිබුනෙ දිග හැන්දගෙ මූනට ....
අංකල් කෙනෙක් උනත් මොකද ඒ මුන පුදුම ලස්සනයි ...එයා නාලද කොහෙද....පාට කරාපු කඩා හැලෙන කොන්ඩෙ රෑන් රෑන් එකට ඇලිලා මදිවට ඒ කොන්ඩෙන් ක්ලියර් ශැම්පු සුවදක් ආවා...කතා කරන වචනයක් ගානෙම ලාවට හැස්ක් සුවදක් එක්ක එයාගෙ බෙල්ල ගාවින් විලවුන් සුවදක් ආවා...
මොකද අංකල් ගාව සුවදද ම්ම්ම්....
අ..අහකට...අහකට....යනවකො ඇගේ ලැගන් ඉන්නෙ...ඇ..ඇත්තමයි මං...ල්..ලමා මෙව්වා එකට යනවා...අපෙ අප්පච්චි ..දි...ක්.....අනෙ අංකල්...ම්..මුරුක්කුවක්ද කොහෙද ඇනෙනවානෙ...
මං ගොත ගැහුවා.....දිග හැන්දා පතබෑවුනෙ මගෙ ඇගට උනත් ප්ලෑශර් එලියට දිලිසුන මෙ හිත හොද නපුරගෙ මූනෙ තිබුන කඩවසම් බව මගෙ සිහිය මටත් නොදැනිම උදුර ගත්තා මදිවට බෙල්ල ගාවින් ආව විලවුන් සුවදට මං ඉවකරලා තියෙන්නෙ මටත් නොදැනිම වෙද්දි තවමත් දැල් ගොඩෙ ඉදන් උන්න එය මගෙ ඇස් දිහාව බලාගන අංකල් ගාව සුවදද් අහනවත් එක්කම හොද සිහියට ආව මට අර දැල් තොගෙ කොනක ඉදන් කන්න හිතුනා....
ම්න්...අංක්ලගෙ මුරුක්කුව ඔය....මෝඩ හිච්චෙක්...මට අංකල් කියන්නෙ මාව ඒතරම් වයසට පේනවද සුදු චූටි ම්ම්ම්....
ප්..පෙන්නෙ නෑ...ඒත් ළමයෙක් ඉන්නවනෙ...අර මහත ඇන්ටි ඔයාගෙ ඇන්ටි නේද.....අනෙ...අපෙ මල්ලිව හොයාගන්න ඕන ඕක නැතුව ගෙදර ගිහින් මාව මරයි...නැගිටපන්කො මාමෙ.....ලැජ්ජ නැද්ද ඔහෙට මට මෙහෙම කරන්නෙ....සරමත් කඩාගන මගෙ ඇගෙ ඉන්නෙ ...මෙව්වා විලි ලැජ්ජ නැති වැඩ ...අපි නම්බුකාරව හැදුන නුවර මිනිස්සු මාමෙ....කවුරු හරි දැක්කොත් මට මූදෙ පනින්න වෙන්නෙ අනෙ නැගිටපන්කො මේ මොන නොසංන්ඩාල කමක්ද අප්පච්චි මූ මට කරන්නෙ.....
මං කෙදිරි ගෑවා...දිග හැන්දව අහකට කරන්න හැදුවත් ඒකා මගුලෙ වයසක් අහ අහ ඒකව අංකල් කෙනෙක් වගේ පේනවද අහ අහ මාව අර දැල් ගොඩටම යට කරගන්නකොට මං බෙරිහන්දුන්නා..ඔහෙ ඔහෙ කියලා කතා කරන මටම මාත් ඔහෙ ඔහෙ ගගා ඉදලා අවසානෙදි මූදෙ පනින්න වෙන්නෙ ගගා නහින්න හදනවත් එක්කම ඒකා මගෙ කියවන කටට උඩින් ඇගිල්ල තිබ්බා....
ශ්ශ්....මුරුක්කු කටෙ සද්දෙ..නැගිටින්නම්.....
එයා මුනුනනවා.....නැගිටින්නම් කියනවා..රෑ උනත් මහ දහවල් වගෙ හතර වටම එලිය කරන ෆ්ලෑශර් ලයිට් මැද මගෙ ඇගෙ වැතිරීගන උන්න එයා ඇස් පිල්ලමක් වත් නොගහම බලාගන උන්න මගෙ ඇස් දිහා මිසක මගෙ ඇගෙන් නැගිටින අදහසල් ඒ ඇස් කොනකවත් ගෑවිලා වත් තිබුන් නැති උනා....
ශැම්පු සුවද ගලන ඉහකෙයා රැන් තනිකරම සමනොලෙන් පල්ලම් බහින දිය ඇලි වගෙ....ලයිට් එලියට උනත් දිලිහෙන ඇස් බටහිර අහසෙ තරු කැට වගෙ වෙද්දි මෙච්චර වෙලාම මගෙ ඇස් දිහාව බලන් උන්න එයා කටකොනින් හිනා උනා.... හිනා වෙලා උඩ කද විතරක් යන්තමින් ඉස්සුවා...
නමත් ලස්සනයි.....ඇසුත් ලස්සනයි.....සුදු චූටි උඩරට පැත්තෙ ඇපල් මල් තියනවද...
ඔ...ඔව්.....ත්...තියනවා...හුගක්..න්..නෑ...අහම්බෙන් වගේ....
හ්ම්...සුදු චූටි ඇපල් මලක් වගෙ!!

මාව අන්දමන්ද වෙලා ගියා....මම ඇපල් මලක් වගේද.....?නමත් ලස්සනයි...ඇසුත් ලස්සනයි කිව්වා...කවදාවත් මට ඔහොම කතාවක් කවුරුත් ම කියලානෑ.....ඒත් මේ නපුරු දිග හැන්දා???
මෙ පවුල් කාරයා මට ඇපල් මලක් වගේ කියලා කියනවත් එක්කම මගෙ බඩකැකුමට වගෙ ආවා විතරක් නෙවෙ අප්පච්චි ඔය ස්ටේශන් එකට එන පැමිනිලි ගැන කියපු කතාවකුත් මේමගුල් අස්සෙමතක් උනා.....
උන් දෙන්නා පැනලා ගිහින් පවුල් කාලා විහාරා...මේ පොඩි ඇටයි දෙන්නෙක්...
බැරි වෙලාවත් මේ දිග හැන්දටත් මාව දැකලා මොකක් හරි උනාදො...අනේ මෙ ඕවට නම් එන්න එපා මං අහිංසකයි....මේ මනුස්සයට පිස්සුද මන්දා.....මෙ විකාරවලට එන්න එපා කියලා තදින් කියන්න ඕන..අපි වැදගත් මිනිස්සු....ඔව්වා අපෙ අම්මා මුත්තගෙ කාලෙවත් උනෙ නෑ.....අපෙ අප්පච්චි බැන්දෙ අම්මව...අත්තම්මා බැන්දෙ සීයව මාත් කවදා හරි බදින්නෙ නෝනා කෙනෙක්ව....
මං දනිපනි ගාලා නැගිටිනකොට මං බලාගන එයා සරම ගසගස සරම අදිනවා....සරමත් ඇදන් මා දිහාවත් නොබලා යන්න යනවත් එක්කම මං ඒඅතින් අල්ල ගත්තා...එයා හැරිලා බැලුවා...ඒ ඇස් වල තිබුනෙ තනිකරම ප්‍රශ්නාර්තයක් වෙනකොට මං අඩියට දෙකට එයාගෙ ඉස්සරහට ආවා....
???
ඇපල් මලක් වගේ උනාට කමක් නෑ අංකල් ඔහෙ ඔව්වට නම් එන්න එපා මා එක්ක...ඔහෙ හිතනවද අපෙ අප්පච්චි ලා මෙව්වට කැමතිවෙයි කියලා...මං තාම ඉස්කොලේ යන කොල්ලෙක්..ඔයා දරු පවිල් කාරයෙක්...අනික අපෙ අප්පච්චි
පටන් ගත්තා අප්පච්චි ගෙ ලබ්බ දොඩන්ඩ.....ඔහෙට අර හිච්චව හොයාගන්ඩ ඕනයි කිව්වනෙ....ඔය අපෙ හිච්චො එක්ක කොහෙ හරි ඇති බලන එකයි ඇත්තෙ ...මේ ස්කීපර් අයියට ඔය පොලිසිය නතින් සුදු චූටි...පොලිසිය මගෙ මිසක්....මම පොලිසියෙ නෙවෙ හරිය...ඔය නිකන් ඉන්න ගමන් ඒරියා එකෙන් අහලා බලනව ස්කීපර් හැන්නදිගෙ කියන්නෙ කව්ද කියලා ලස්සනට කියල දෙයි හරිය...
එ..ඒ...ඔය කොහොමද ඔහොම කියන්නෙ.....මේහ්....
කරදරෙ...උඩරට මුරුක්කුවක් මේක.....සිගිති....සිගිති...ඔන්න ඔය ගෙයි අස්සෙ හිච්චෙක් ඉන්නවද බලනවයි
අරකා මාව දාලා ගියා....දාලා ගියා කියන්නේ පොලිසිය පඩේකටවත් ගනන් ගන්නෙ නැති ලයිනක් දීලා සිගිතිටද කාටද කෑගහනවත් එක්කම අර නිල් තල්මහ සයිස් දිග හැන්දගෙ මායියා ළමයත් එල්ලන් එලියට ආවා...
ඔහෙ මක්කයි කිව්වා අයියා...
ඔය ගෙයි ඇතුලෙ හින්නෙක්ගෙ මුනුවරක් තියන හිච්චෙක් ඉන්නවද බලහන්
ආන් අර ඉන්නෙ....ඒකා අපෙ උන් එක්කලා කක්කුටු අඩු සූප්පු කරනවා ඕන්.....පව් අප්පා ඒකලා
මට දෙලෝ රත් උනා....ලැජ්ජාවටම මූදෙ පයින්න හිතුනා....මූ මෙච්චර මගුල් වෙලා තියනකොට ගිහින් කක්කුටු අඩු සූප්පනවා කියනකොට මං එයා දිහා බැලුවා....
සිගිති මේන් මෙ හිච්චා හිතන් ඉන්නෙ ඔයැයි මගෙ මායියා කියලා..ඒ හොද වැඩෙ මෝඩ හිච්චා ඒකිට වයස දහ නමයයි.....නැන්දෙක් නෙවෙ..ඇරත් මේකා මට පවුල් කාරයලු නමනින්දාවයි..
හත්තුක්කෙ...මේකා කොහෙන් ආව හිච්චෙක්ද අයියා....
ඕ අයි සීගෙ කියලා කියන්නෙ...
........
දැන් නම් මට මූදෙ පනින්නම හිතුනා...කොටින්ම අර ඕශන් ගේට් සබ්මැරීන් එක හොයන් මූදෙ ගිලිලා මැරෙන්ඩ හිතුනා ..අර නිල්තල්මහට වයස දහ නමයයි කියනකොට මට අනෙ අයියෙ මට වහදාපු පාන් කෑල්ලක් දියන්කො කියන්න හිතුනා...මේකා බැදල නෑලු...අරකා එහෙන් කක්කුටු අඩු සූප්පු කරනවා කියනකොට උඩ රට නම්බුව රෙද්ද පල්ලෙ බේරෙනවා දැක දැක මං අඩියට දෙකට ඉස්කෝලයක් තරම් යාංගෙට හදල තිබුන බංග ගෙට දිව්වා...
අර ඉන්නෙ....
මට කටෙ කෙල නෑ....ළමයි දහපහලවක් එක්ක ප්ලාස්ටික් බේසම් පොඩ්ඩකට අත දදා අරකා කක්කුටු අඩු සූප්පු කරනවා.....බිත්තියෙන් එකක් තරම් ලොකු ටීවි එක වටේම හැන්ද දිග පවුලෙ උන් බිම වැටීගන ඉන්නකොට මං බලාගන කලයක් සයිස් බඩක් තියන මැදි වයසෙ මනුස්සයෙක් බඩ උඩට සරමඇදන් උඩටත් මොකුත් නැතුව බත් කනවා...නිකන් නෙවෙ ඒකත් ප්ලාස්ටික් බත්තලහන්දක.....ඒ මනුස්සය විතරක් නෙවෙ ඔය සාලෙ පුරාවටම වැටීගන වැටීගන උන් හැමෝම ගිලගිල උන්නෙම බත්තලහදු වල වෙනකොට උන්ගෙ සර්වාංගවල සයිස් දැක්කම මට හිතුනෙ එකම දෙයයි....අර හැන්ද දිගා ඇරුනම මුන් ඔක්කම නිල් තල්මස්සු!!!
මොකො....ඔහෙටත් කක්කුටු අන්ඩක් සූප්පු කරන්නඩ ඕනයි....
දොරකොඩ හරස් වෙලා උන්න මං දත්මිටි කාගන තල්මස් පැටව් ගොඩේ ඉදන් කක්කුටු අඩු සූප්පු කරන හාල්මැස්සෙක් වගෙ උන්න අපෙ එකා දිහාබලාගන ඉන්නවා එක්කම.මාව ඇතුලට තල්ලු වෙලා ගියා.....
දිග හැන්දා....ඒකා ඇතුලට යනගමන් මාව උරහිසෙන් තල්ලු කරන් ගිහින් කෙලින්ම නැවතුනෙ කැසට් එක ගාව..මේ මින්ස්සු එකම වෙලාවෙ දෙකක් කරන්නෙ කොහොමද මන්දා....පත බංගයක් සයිස්ටීවි එකේ ජානු යනකොට දිග හැන්දා ගිහින් මෙච්චර වෙලාම නාහෙන් අඩ අඩ උන්න ගායකයව එලවලා සින්දුවක් දැම්මා...කොටින්ම අල්පෝන්සුවා මයෙ සුද්දියෙ ගගා නාහෙන් අඩන ටයිම් එකක ...නිකන් නෙවේ ඇපල් මලක්...අර මිනිස්සු ගානක් වත් නැතුව ටීවි එක බලාගන ඉන්නකොට ඇපල් මලක් දාපු එයා අනිත් පාර මගෙ දිහාව බලලා ඇහැකුත් ගහන් මොනවද මුමුනන් සාලෙ මැදම තිබුන මේසෙන් වාඩි වෙලා කැල් එකකට පතබාන්න ගත්තා...
"ඇපල්මල..."

ඌයියා...ඌ....හ්
ඌහ්..තමා..උඹට ලැජ්ජ නැද්ද මල්ලි පිනට කඩල ගිල්ලා මදිවට කක්කුටු අඩුත් සූප්පු කරල අර මනුස්සයා ලව්වා බතුත් කව්ව ගත්තෙ...උඹ නම් කානු ඌරෙක්මයි සමනල්..
ඉතින්....ඉ..ඉතින්...නටන...මාමත්.....
අමාකරයට...කැව්වෙ....
අනෙ කටවහපන් සමනල්...මට කට්ටකුත් හිර උනා....ඇහුන් නැද්ද වහදාපු හට්ටියෙන් හොදි දාන්න කිව්වා..ඔන්න බලනවා අද තමුසෙයි මායි දෙන්නම මැරෙනවා.....ඔන්න බලනවකො.හුචස් ගාලා පන යන්නෙ නැද්ද කියලා ..තමුසෙට ආය අම්මගෙ කුක්කු අල්ලන්නත් බැරි වෙයි
අනේහ්...ම්හුක් පුතාගෙනෙ...පුතාට මැරෙන්න බෑ.....බෑනෙ...බෑනෙ අප්පා...
අරකා මග දිගට උඩ පනිනවා...කක්කුටු අඩු සූප්පු කරපු අපෙ එකාව එතනින් ඇදන් එන්න මට කිරිකොරහා පවා නටන්න වෙනකොට හැන්ද දිග මහ නැන්දා අනෙ මෙන් මේ හිච්චා කක්කුට්ටන්ට මනාපයි ඒයි කියලා අර බඩ ලොකු මනුස්සයා ලව්වා මූට බතුත් කව්වන්න ගත්තා...එ මදිවට අච්චර වෙලාම කැල් එකට පත බබා උන්න අර අනිකත් ගෙදරට ආව හිගන්නව වත් අපි බඩගින්නෙ යවන්නෙ නෑ බඩෙ තියන බත් එක හරි දෙනවා සුදු චූටි කියලා මට බත්කටක් ගිල්ලෙව්වා...
ඒ බත්කටේ මාලු විතරමයි....එලෝලුවක් ඇත්තෙම නෑ....රතුහාලෙ බතට ගාපු පොල් එක්ක මාලු විතරමයි...මාලු බැදලා...මාලු කිරට හදලා....මාලු මිරිසට හදලා...මාලු මාලු මලු විතරමයි.....අරක මට බලෙන්ම ගිල්ලපු බත් කටෙ මුලු මූදෙම මාලු උන්නද කොහෙද ...ඇරත් ඒ ගෙදර පිගන් නැද්ද කොහෙද ...හැන්ද දිගත් කෑවෙ ප්ලාස්ටික් බේසම් පොඩ්ඩක...ඊටත් ඒවල සැර .....හෙට පුකෙ රැස් බලන්න උනොත් තමයි වැඩෙ වෙන්නෙ....ඊටත් ඒ බත් කටෙ ලොකු මගෙ කට ඉරුන් නැති එක විතරයි ..අනික කන්නෙත් බේසමක....
අරකට ඇන ඇන ආවට මොකද මාත් දිග හැන්දා ලව්වා බත් කටක් කව්වගන අදත් මැරෙයිදෝ බයෙන් ගෙට ගොඩ වෙනවත් එක්කම අම්මා ඉරටු දෙකකුත් වන වන ගෙයි ඉස්සරහා ඉන්නව දැක්කම මට ගිලපු වහත් දිරෙව්වා...
මෙයා තවත් වස වෙලා...අප්පච්චි මොකට තව ළමයෙක් හම්බකරවගත්තද මන්දා....
අම්මියෙ.....පුතා ආවනෙ...
ආ සුදු මහත්තයා මේ ඉන්නවා මේ නෑ....ලමයො මගෙ ඇගෙ ලේ වතුර වෙලා කොහෙද සිහත් ගෙපැලටත් නොකියා මාරු වෙන්නෙ. ..අනික මල්ලිත් අරගන...අප්පච්චි එන වෙලාව බැනුම් අහන්ඩද හදන්නෙ...දන්න කියන පාරවල්ද..මේවා
කොහෙවත් ගියෙ නෑ අනේ මේන් මූට කඩල ඇටයක් අරගන්න ගියෙ.....
කඩල තමයි කඩල....යන තැනක කියලා යන්න සුදුමහත්තයා අප්පච්චි ආවා නම් මං මොනවද කියන්නෙ ...මට කනක් ඇහෙන්න වෙන්නෙ නෑ.තමුසෙ අම්මා වෙලා ළමයි යන එන තැන් දන්නෙ නැද්ද අහලා මාව කන්න ගනි...
අම්මියෙ පුතාට කක්කුට්ටො අන්ඩො දුන්නනෙ...පුතාට හැන්ද දිග මාමා කක්කුට්ටො අන්ඩො එක්ක බයි කැව්වනෙ....
මං නෙවෙ මීක් කිව්වෙ ඉරටු දෙක අතේ තියන් උන්නත් අතින් නැතුව කටින් විතරක් කතා කරපු අම්මා අරකා දිග හැන්දගෙ කක්කුටු කතාව අහන් ඉන්නකොට මං බලාගන කවදාවත් නැතුව අප්පච්චි ගෙ හොරගෑනිගෙ කට වැහිලා තිබ්බා...මූ මොකද අද මේ පිහාටු අකුලන් එබීගන ඉන්නෙ....
අම්මෙ ඇයි මේකා මෙහෙම ඔලුව ඔබන් ඉන්නෙ...
නිදි ඇති සුදුමහත්තයා ..ඒකගෙ කන් දෙකටයි කටටයි සැනසීමක් ඇත්තෙ නැනෙ දැන්.....
වෙන්න බෑ..මූ රෑ කීය වෙනකන් හරි අප්පච්චි එන්කන් ඉන්නවනෙ....අසනීපයක්ද දන්නෙ නෑනෙ අම්මෙ
හුලන් හන්දා සනීපෙට නින්ද ගිහින් ඇති ..ඔය අපූරුවට කෑවෙ
මං කූඩුව වටෙ වටයක් කැරකුනා.....ඇතුලට ඇගිල්ල දාලා මං ඒකගෙ ඔලුව අතගෑවා...ඒත් හොර ගෑනි නෙවෙ මීක් ගෑවෙ..කොටින්ම මූ වෙනදට ඔලුව අතගානකොට ඒකගෙ පුකෙ ඉදම්ම අතගාවගන්නවා....අද මොකද මූ සද්ද වහලා ඔලුව ඔබාගන....
චූටි.....සුසංගතා බත් කෑවද.....චූ.....ටී...චූටි පුතා බත් කෑවද.....අන්න තේජක එනවා...
සුදු මහත්තයා
ම්ම්....
අප්පච්චි එන්න කලින් ඇගහෝදගන්න...අප්පච්චි ආවම වරුවක් නානවා.....
හ්ම්...මූට ලෙඩක්ද කොහෙද අම්මෙ....වෙනදට අප්පච්චි ගෙ නම කිව්වත් මූට මනමාලකම ගහනවා..මූට එක්කො ගෑනියෙක් ඕනවෙලාද දන්නෙ නෑනෙ....
මන්දන්නෙ නෑ ළමයා....ගිහින් නාගන්න...
හ්ම්....යන්නම්.....චූටියව හෙට අප්පච්චි එක්ක යවනවද අම්මෙ...
මල්ලි එක්ක යන්න බෑ..ඔයාට වඩාගන යන්න වෙයි මගට....
ඕකා එහෙ ගිහින් අප්පච්චි ගෙ සායම යවලා ආවෙ නැත්තන් මං සිහත් නෙවෙ...ඇත්තටම අප්පච්චි කියන්න වගේ ඕකව මාරු වෙලා ඇති ....
මොනවද ලමයො ඔය කියවන්නෙ....පව් සුදු මහත්තයා ..අප්පච්චි ගෙයි ඔයාගෙයි වැඩේම ලමයව අවුස්සන එක...
අම්මියේ...පුතාගෙ කොල ගෙම්බා ඉන්න කතන්දර පොත කෝ.....
කොහෙද දැම්මෙ ඔයා...
කොහෙද දැම්මෙ...ඔව්...ඔයා ඒක දැම්මෙ කොහෙද් අම්මියෙ...අත්තම්මා පුතාට ගෙනත් දුන්නෙ.....කොල ගෙම්බා කෝ.....
ගිහින් බලන්න ඔයා දාපු තැන...
ම්හුක්...ඔයා බලන්නකො....පුතාට පේන්නෙ නෑනෙ...පුතාට පේන්නෙ නෑනෙ රෑට.....
අරූ මෙ රෑ ගෙම්බෙක් හොයනවා....අනේ ඕක හම්බෙන්න එපා...ඕක හම්බුනොත් මට ගෙම්බො එපා වෙනකන් ඕක කියවන්න වෙනවා...මොන් රෙද්දක්ද මන්දා මු කොල ගෙම්බට මැරීගන..එකපාරක් ඕකා ගෝවා පැලයක් අස්සෙ උන්න ගෙම්බෙක්ව ඇති කරන්න අහලා නහින්න ගියා...ඊටත් ඌට නමකුත් දැම්මා....වියානිද මොකක්ද...වියානි ආගිය අතක් නැතුව ගිය දා මං නයා මැරුන අහිකුන්ටකයා වගේ ගෝවා පාත්තියෙ පසුත් කකා ගෙම්බා හෙව්වා..මුගෙන් හෙන වදෙ ...
චූටි.....සුසංගතා.....අන්න යකො තේජක එනවා...ආන්...ආන් අප්පච්චි එනවා...ඒහ්...සුසංගතා...
අරකා කොල ගෙම්බව හොයා දෙන්න ගගා නහින්න ගත්තත් එක්කම අප්පච්චි එන්න කලින් නාගන්න කියපු අම්මා අරකවත් වඩාගන උඩතට්ටුවට යනකොට අටවෙනි ලෝක පුදුමෙ දිහා බලන්න හා සමානව සුසංගතා දිහා බලන් ඉදලා එන්න හැරුනත් එක්කම ගේට්ටුව ගාවින් හෝන් සද්දයක් ඇහුනා....
අප්පච්චි !!
අප්පච්චි ඇවිදිල්ලා....අප්පච්චි ගෙ ජිප් එකේ හෝන් එක.....අඩියට දෙකට ගේට්ටුව ගාවට ගියපු මං ගේට්ටුව අරිනවත් එක්කම අප්පච්චි ජිප් එක මිදුලට දැම්මා...
සුදු මහත්තයා
අප්පච්චි ....
කෝ අම්මා..
මල්ලි එක්ක උඩට ගියා....
ජිප් එකෙන් බහින බැහිල්ලත් එක්කම මට කතාකරගනම උදේට කෑම ගෙනියන බෑග් එකත් අතට දෙනගමන් අම්මව අහගන මා එක්කම ගෙට ගොඩ උනා....පුදුමයි...ඒත් අරූබුදි .....වෙනදට නටන්න පුලුවන් දහ අට වන්නමම නටන අප්පච්චි ගෙ හොර ගෑනි අද අකුලගන නිදි...
අප්පච්චි මේන් මූට උනද කොහෙද .
ඒකනෙ...හොර ගෑනි මොකො සද්දෙ වහලා...චූටි...චූටි මහත්තයා බත් කෑවද.....සුසංගතා....මේ අප්පච්චි ගෙදර ආවා.....
වැඩක් නෑ අප්පච්චි මාත් ඇහුවා...මූට උන වගේ....මූදු හුලන් හින්දද දන්නෙ නෑනෙ....
හ්ම්ම්....වෙන්න පුලුවන් ...චූටි....චූටි මහත්තයා බත් කෑවද...මේකව වෙට් කෙනෙක් ගාවට අරන් යන්න වෙයි...
මූට ගෑනියෙක් ඕනද දන්නෙ නෑනෙ අප්පච්චි ...සාගරිකටත් ගෑනි ඕන උනහම ඔහොම වෙනවනෙ....
හ්ම්...අම්මට කියපන් එහෙනම් මංගල කින්කිනියට දැන්වීමක් දාන්න කියලා....චූටි මහත්තයා ..පුතාට සනීප නැද්ද.....ආ....බයි කෑවද.....
මං බලාගන උන්න...වෙනදට උඩ පැනලා බල්ටි ගහලා පිලිගන්න සුසංගතා මීක් නැති හන්දමද කොහෙද බාගෙට මැරිලා ආවත් අප්පච්චි ගෙට නොයා කූඩුව වටෙ කැරකි කැරකි ඒකගෙන් බත් කැවද...බත් කෑවද සියවතාවක් අහනකොටත් මං ඒකට සනීප නෑ කියලා කියන්න කියන්නත් අප්පච්චි උගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අහන් ආවා වගේම ඒ චුට්ටකින් මේකා පුම්බන්න ගත්තා...
අප්පච්චි ...ආන්..ආන්....
චූටි මහත්තයා ....බත් කෑවද පුතෙ....
පිහාටුවෙන් පිහාටුව පිම්බීගන එනවත් එක්කම අප්පච්චි ආයාමත් චූටි මහත්තයා කෑවද පුතේ අහනවත් එක්කම මෙච්චර වෙලාම හේ බාගන උන්න සුසංගතා ඒකගෙ බෙල්ලෙ පිහාටු පුම්බලා විසිල් එකක් ගහලා අප්පච්චි දිහා බැලුවා විතරයි ඒකගෙ කටට පන ආවා...හැබැයි මගෙ පන ගියා....!!
"මේ හුත්තිගෙ පුතාගෙන් තියන කරදරයක් කටවහපන් "
..යකොඩෝ...මූ කුනුහර්ප පලනවා...ආබොල මොකාද කුනුහර්ප ඉගැනුවෙ උඹට ආ...
"අමාකරයා...අමාකරයා....අමාකරයා...
හුත්තිගෙ පුතා අමාකරයා...ආ තේජක........ජරාව බොන්ඩ එපා තේජක...ඒ...හොද වැඩේ....හොද වැඩේ....අමාකරයා හුත්තිගෙ පුතා....."
සුදුමහත්තයා සිහත්!!!
අනේ අම්මෙ මං ඉවරයි අම්මෙ....!!

*
*
*
තව බත් ටිකක් බෙදන්නද තේජක
එපා...මේ ඇති මගෙ බඩත් දාලා ඕයි....මේ බලනවා...තමුසෙ ඔච්චර රසට උයන්ඩ එපා ගෑනියෙ...බලනවා මාව ආරනවා....
අනේ නිකන් ඉන්න තේජක....සුදු මහත්තයා බත් ඕනද...
එ..එපා..මේ ඇති.....
මට කොහොමත් ආය කන්න බඩෙ ඉඩක් තිබුන් නෑ...අර ගස්තරයා මාව පාවා දුන්නත් එක්ක අප්පච්චිගෙන් කන් ගොඩවෙන්න අහගත්ත දේශනාවටම මගෙ බඩ පිරුනා...
අරූ නම් තනිකරම මැරුන රාජසිංහයා ද කොහෙද ..නැත්තන් යකො මෙච්චර පාවා දීමක්....
කොල ගෙම්බා සිහියෙන් වගේම කාපු කඩල වලටයි ..හැන්ද දිගාගෙන් කවාගත්ත බත් කටවල් හන්දයි රත්නපුරේ උන් මැනික් හාරන්නා වගේ හැමදාම අම්මගෙ ඇදුම අස්සෙන් අත දාන් මැනික් හාරපු සමනලයට කටත් ඇරන් නින්ද ගිහින් තියෙද්දි බැනුනුත් අහන් උන්න මං පිට ගෙදරකින් බත් කටකුත් කව්වන් ආවෙ කියන එක අහුවෙයි කියන බයටම අප්පච්චි එක්ක කැම මේසෙන් ඉදගන හීබිච්චා වගේ බත් එකට කොටන්න ගත්තා....
එහාටත් යන මෙහාටත් යන අම්මා නාගන ආව අප්පච්චි ගෙන් විඩෙන් විඩේම අරක මේක දෙන්නද අහනකොට නහයෙන් පාතට තියන ගමන් අප්පච්චි මට එපා..මට එපා ගානකොට බත් පතේ තිබුන වට්ටකා තලිය මං හීන් සීරුවෙ පැත්තකට කෙරුවා...
ස්ටේශන් එකෙ වැඩ කොහොමද තේජක.....
මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....අප්පච්චි ගාවම ඉදගත්ත අම්මා වැඩ කොහොමද අහනකොට මං බලගාන අප්පච්චි බැදපු මිරිස් පීරිසියෙන් අහුරක් අරන් බත් එකට දාගන්නවා....
ඒක එහෙන් පිටින්ම අපායක් ඕයි.....කලින් එකා මොන රෙද්ද කෙරුවද මන්දා ....යකො මුන් පොලිසියට එන්නෙ උගෙ අම්මා අප්පගෙ ගෙදර යනවා වගේ....පඩේකට මායින් කරන්නෙ නෑ ඕයි....මන්දා...මුල්ම දවස හන්දා ඉවසන් උන්නා.....අද ආව එකාගෙ නම් හක්ක තලලා ඇතුලට දාන්නමයි හිතුනෙ.....
තේජක...
ඇයි ඕයි.....කසිප්පු මංගල්ලෙනෙ...මූ මගෙන් අහනවා අලුත් මහත්තයගෙ කුට්ටිය කියද කියලා ...ලැජ්ජාවෙ බෑ ඕයි...මේ ඇදුමටත් එක්ක ලැජ්ජයි..... කලින් එකා පුලුවන් තරම් ජරාව කාලා කාලා ගිහින් තියෙන්නෙ ආය දහයක් ආවත් ඒ මින්මෙන්මයි මනින්නෙ...අනික ඌ මගෙන් අහනවා මං තවම අලුත් හන්දද ඌව අල්ලන් ආවෙ කියලා ...වෙච්ච වැරද්දට ඌ මට අදට විතරක් සමාව දෙන්නම් කියන්නෙ..යකො මං කියන්න ඕන එකනෙ අයිසෙ උන් මට කියන්නෙ..අනික් ඒකෙ ඉන්නෙ කොස්තාපල් ඉදම්ම මේ වැල්ලෙ උන්ට නැමීගන...හිටපන්කො පුතෙ මං ආව විතරනෙ....මිනිස්සු මොක්කුද හොයාගත්තට පස්සෙ කොනක ඉදන් මං හමන්නලා ගන්නම්කො....කසිප්පු කාරයොයි ගංහාකාරයොයො වැහි වැහැලා..හිටපන්කො කොනක ඉදන් මං අරින්ඩ...ඔය එක පකෙක් මේ තේජක මොකාද කියන්න දන්නෙ නෑ....ආව මෙතන මට සමාව දෙන්න...
දෙවියනෙ තේජක....!!
මාවත් එක්ක ගැස්සිලා ගියා...අතෙ තිබුන මිරිස් කරල ඇගිලි තුඩුවලින් පොඩි පට්ටම් කරපු අප්පච්චි කියපු කියුම් වලට අම්මා කෑ ගහනවත් එක්ක මාව ගැස්සිලා ගියා.....මේක අප්පච්චි ගෙ හැටි..ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ...කාටත් බෙදන හැන්ද එකම උන අප්පච්චි ට මාරුව හම්බුනෙත් ඇමතියෙක්ට වැඩේ දෙන්න ගියපු හන්දා වෙනකොට කස්ප්පු කාරයන්ට මොනවා වෙයිද කියන්න දන්නෙ ඉතින් අප්පච්චි ම තමයි.....
මොකද ඕයි බෙරිහන්දෙන්නෙ...
පින් අයිතිවෙයි තේජක අදාල නැති දේවල් නම් කරන්න එපා.....
ආඕයි...තමුසෙ මට කියන්නෙ මෙ කාකි ඇදුම ඇදන් ගිහින් මට පගාව කන්න කියලද....මේ අහගන්නවා විහාරා...මං අද වෙනකන් තමුසෙව වත් මගෙ ලමයිව වත් පගාවෙන් ජීවත් කෙරුව මින්හෙක් නෙවෙ....රස්සාව නැතුව පාරට වැටෙන එක නම්බුයි ඕයි පගාව කනවට වඩා...තමුසෙ මගෙ කොල්ලා ඉස්සරහා තියන් කියන්නෙ කසිප්පු කාරයන්ගෙ කුට්ටිය ගන්න කියලද...තුහ්..මුන්ට ඉගන ගන්න එක වත් පිහිටන එකක් නෑ...තමුසෙ මං කව්ද කියන්න දන්නවනෙ...නිකන් කෑ නොගහා ඉන්නවා සුදු .....
මන්දා තේජක...ඕන දෙයක්....ඔයාගෙ මේ කේන්තිය හන්දයි මට බය....කරුනාකරලා මතක තියාගන්න...දැන් ඔයාට ළමයි දෙකයි නෙවෙ...තුනයි ...
....කෑ නොගහ බත් හැන්දක් දාපන් ගෑනියෙ....කටර් එකක් වගේ කට...අරූට ගිහින් තියෙන්නෙම තමුසෙගෙ කට..ඕකව අරන් ගියා වගේ නෙවෙ මු මගෙ සායම යවයි කියලයි මට බය....
අම්මා අප්පච්චි ගෙ කතා බහට කන් දීගන මන් තවත් බත් කටක් කටේ ඔබාගත්තා ...
ආ සුදු...
හ්ම්....
කොහෙටද යන්නෙ....ආරෝග්‍යා එකට කිව්වනෙ.....
ඔව්...
දන්නවද යන්න...මට උදෙම්ම යන්න උනෙ නැත්තන් එක්ක යනවා....
ඒකට කමක් නෑ....සුදුමහත්තයා ඉන්නවනෙ....
හ්ම්....තමුසෙ මොකක්ද ඇදන් යන්නෙ...
ඇයි....?
..ඇයි අහන්නෙ ඉතින්..මෙක හරි මගුලක්නෙ....මට අහන්න බැරිද.....අර මං අරන් දුන්න ගවුම ඇදන් යනවා...ඒකට තමුසෙ ලස්සනයි...පොඩි කෑල්ල වගේ....
පිස්සුද තේජක දොස්තර ගාවට යන්න ඒක ඇදගන...අවුරුදු විස්සෙ කෙල්ලො අදින පොඩි ගවුම්
ඉතින් තමුසෙට වයස පේන්නෙ නෑනෙ...ඒ...ඇත්තටම තමුසෙ ලස්සන වෙලා ආ....මූනත් පාට වෙලා...මූ හම්බෙන්න ඉන්නකොට තමුසෙව කලු උනා...හ්ම්ම්...හ්ම්..මගෙ ගෑනි ලස්සනයි නේ...ඇත්තටම ඒ ගවුම ඇදන් යනවා...ලස්සනයි...ඇදලා නලලෙ ගහන් යනවා තුන් දරු මවක් වෙමි කියලා .....අන්තිමට ලස්සන කරලා යැව්වා වගෙ නෙමෙනෙ ගෑනිත් මිසින් උනොත්...
විකාර...කාල ඉවර නම් යන්න අනේ...සුදු මහත්තයා කාලා ඉවරද..මේ ලමයා වට්ටකා ඉතුරු කරලා ...
මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....අප්පච්චි අම්මව අල්ලන් අවුස්සන්න ගන්නවත් එක්කම අප්පච්චි අම්මා ලස්සනයි...අරකයි මේකයි කියන වාරයක් ගානෙම මට එකපාරම මොන මගුලටද මන්දා දිග හැන්දව මතක් උනා....
ඇපල් මලක් වගේ කිව්වා...
අප්පච්චි ...
හ්ම්....මොකද උඹත් බඩින්ද....
ප්...ප්..පිස්සු....අප්පච්චි ස්කීපර් කියන්නෙ කව්ද අප්පච්චි ....
මහ බෝට්ටු එලවන මනුස්සයා ...මොකො උඹට ඒ පාර ස්කීපර් කෙනෙක් වෙන්න ඕන උනාද...
න්....න්..නෑ..නිකන්...ස්කීපර් අයියා කියලා කියනවා ඇහුන හන්දා ඇහුවෙ....
.හ්ම්...නිකන් නම්.කමක් නෑ....උඹ ස්කීපර් අයියා කියනකොට මතක් උනෙ...මේ ඒරියා එකෙත් ස්කීපර් අයියෙක් ඉන්නවලු නේ දික්වැල්ලමයි පොලිසියයි හොලවන්....
....අ..අප්පච්චි ....
....මිනිහා බෝට්ටු මුදලාලියෙක්ලු..... එකගෙ අප්පට බාර් එකක් තියනවලු...අයියෙක් ඉන්නවලු පොරට කුඩාවැල්ලෙ හොටෙල් එකක් තියනවලු....බාලම එකා නංගියෙක්ලු...දාහතෙන් දහ අටෙන් වගෙ පැනල ගිහින් ඔන්න දැන් ළමයෙක් ඉන්නවලු..... තාම ආවා විතරනෙ...ඔය ස්කීපර් අයියවත් බලන්න බැරියෑ.....බෝට්ටු මුදලාලි කම් කරන්ඩයි..මාලු ලෑලි දාන්ඩයි.....බාර් වලටයි ....හොටෙල් දාන්ඩයි .....අයිස් පැට්ටේරි දාන්නයි යකො මුන්ට මෙච්චර සල්ලි කොහෙන්ද.....අනිවාර්යයෙන්ම ඇමති පකෙක් ඇති කොනක වත්...බලමුකො...බලමුකො.....ඒ මහත්තයා කාට අයියා උනත්...මට අයියා කම් කරන්න ඇවිත් තමයි උන්ද සැලන්ඩර් වෙන්නෙ...
අතට ගත්ත බත් කට මට හිරවෙන්නත් ආවා.....බනින්නෙ කාටද කියන්න හරියටම නොදන්නවා උනත් දිග හැන්දත් ස්කීපර් කාරයෙක් හන්දා මට ඒකා කවපු බත් කට උගුරට එන්න ගත්තා....
ක්..කව්ද අප්පච්චි ..ඔච්චර සල්ලි තියන උන්.....???
කොස්තාපල් කාරයා කියපු විදිහට...සර් නේම් එක හැන්නදිගෙ....
කැහ්....කැහ්....කැහ්.....
සුදුමහත්තයා .... කොල්ලා.....විහාරා.ඔය වතුර එකක් ගන්නවා කොල්ලට පිට උගුරෙ ගියා...
.....
ඒ හොද වැඩේ....!!!
THANK YOU