මට කැස්සක් ඇල්ලුවා...නිකන් නෙවෙ ස්කීපර් අයියෙක් මේ ඒරියා එකෙත් ඉන්නවා කියන වචන දෙක තුන අප්පච්චි ඕනාවටත් වඩා බර කරලම කියනකොට දිග හැන්දා කවාපු බත් කට මට ආපිට උගුරට ආවා වගේ උනා.....
කැහ්..කැහ්...
මොකද සුදු මහත්තයා හෙමින් කන්න එපැයි ලමයො....අපි එනවද උදුරන් කන්න....මේ ලමයට මොනවා වෙනවද මන්දා ..
මං ඇස් වල කදුලු පුරවන් එකම දිගට කහිනකොට වතුර එකක් ලන් කරපු අම්මා උදුරන් කන්නෙ නෑනෙ හෙමින් කන්න කියනකොට මං හීන්සීරුවෙ තව බත් කටක් ඇනුවා....දැන් නම් මෙතනින් කොහොමත් යන්න බෑ....කැහැ කැහැ හරි අහන් ඉන්න වෙනවා...
අප්පච්චි දන්නවා නම් අප්පච්චි ගෙ පුත්තු දෙන්නා දිග හැන්දගෙන් කඩලත් කාලා ඒකා ලව්වා බතුත් කවන් ඉන්නෙ කියලා ඔක්කොටම කලින් අපි දෙන්නව හිරේ දානවා...අනික මමම ඒකගෙ සරම දෙපරක්ම කැඩුවා.....අපි දෙන්නා දැල් ගොඩ උඩත් ජවුසන් නැටුවා කියල දන්නවා නම් අප්පච්චි මාව වැලිකඩට ගිහින් දානවා බරපතල වැඩ සහිත ජීවිතාන්තෙ දක්වාම හිරේට කියලා ....
ආ සුදු ....
හ්ම්.....
තව ටිකක් කල් ගියහම නම් තමුසෙලාගෙ අම්මට එන්ඩ කියන්න වෙයිනෙ...
........
අනෙ ආවට කමක් නෑ අම්මට මා එක්ක එල්ලෙන්නෙ නැතුව ඉන්න කියනවා ආ...දුවගෙන් තියන කරදරෙ මදිවට නැන්දම්මත් පච පච ගාන්න ගත්තම තමයි නිශ්පාදනෙ ගැන කිසිම තෘප්තිමත් භාවයක් නෑ කියලා තමුසෙවයි මුන් දෙන්නවයි ඔතලා ආපිට මහ ගෙදරින් තියලා එන්න හිතෙන්නෙ...
තේජක!!!කට කැඩුන කතා කියන්න එපා තේජක..ඇත්තමයි ඇත්තමයි තේජක අම්මට නම් වචනයක් කියන්න එන්න එපා...ඒ මනුස්සයා ඉල්ලන්නත් කලින් හැමදේම අහලා හදල දෙනකොට නම් අම්මා තරම් කෙනෙක් නෑ.....
.......හරි ඉතින් මං කියන්නෙ තමුසෙ වගේමනෙ වෙලාවකට ....අරක එපා මේක එපා ගාලා කියවන්න ගත්තම මට තමුසෙව ආපිට ගිහින් දෙන්න හිතෙනවා....මූව කෙසේවෙතත් තමුසෙ එක්ක අරූව නම් ගිහින් දෙන්නම ඕන....
දැන් තමයි මාව ගිහින් දෙන්න හිතෙන්නෙ...කාල ඉවර නම් ඔය පිගාන දෙන්න තේජක නිකන් වචන නාස්ති කරනවා...අපෙ අම්මා තමයි දැන් හැම දේටම වැරදි....ඇත්ත අපෙ අම්මටත් තිබුනෙ අප්පච්චි වගේ මේ සම්බන්දෙට විරුද්ද වෙන්න....
ඒකනෙ...මාමන්ඩියා විතරයි මං ගැන හිතලා ගගෙ මූදෙ දැම්මත් තමුසෙව මට දෙන්නෙ නෑ ගගා මට සද්ද දැම්මෙ...අනේ එහෙම කියපු මිනිහා මූ හම්බුන දා පාන්දරම ඉස්පිරිතාලෙට ගෑටුවා...මට පුකෙනුත් හිනා...ඇයි ඉතින් ගගේ මූදෙ දානව කියපු ගෑනි ගාව උන්නෙ මගෙ ලමයනෙ...ආ ඕයි ඇයි තමුසෙගෙ අප්පච්චිට ඒ කාලෙ මාව පේන්න බැරි??
මං දන්නෙ නෑ තේජක මගෙන් දැන් ඔව්වා අහන්නෙ නැතුව ගිහින් නිදාගන්නකො....අවුරුදු ගානකට කලින් උන ඒවා දැන් අහනවා....
සමහර විට තමුසෙලාගෙ අප්පච්චි ට අවංකවම මං ගැන වේදනාවක් දැනෙන්න ඇති...ඇයි තමුසෙලාගෙ අම්මා හන්දා විදින දුකනෙ මටත් උරුම වෙන්නෙ....
ඔව්..මාව ගත්ත කියලා නරක් උනානෙ....අපරාදෙ මට තිබුනෙ කැමති නෑ කියන්න...
හුම්...හුම්.....කව්ද දන්නෙ නෑ හැමදාම රෑට රෑට අනේ අයියෙ මේ ගෙදරින් මට කරදරයි මාව අරන් යන්න ගගා ටුකු ටුකු ගාලා කොටන ඵෝන් එකෙන් මැසෙජ් එව්වෙ....ඇත්තටම තමුසෙට ගෙදරින් එහෙම කරදර තිබුන් නෑනෙ සුදු....මොකටද අරන් යන්න අරන් යන්න කිව්වෙ??
.තේජක...!!සුදු මහත්තයා කාල ඉවර නම් උඩට යන්න..මේ මනුස්සයට මූදු හුලන් වැදිලා ඔලුව නරක් වෙලා....
මන් උන්නෙ කටත් ඇරගන...මේ වලිය හැමදාම මෙහෙම්මයි....හැමදාම එකම වචනමයි...අප්පච්චි වාඩිවෙන කෑම මේසෙ හැමදාම මෙහෙම්මයි...අම්මගෙත් අප්පච්චිගෙත් රෝමාන්තික කාල වකවකවානුවෙ මුල්ම පඩි පේලිය ගැන කිය කිය අම්මව අවුස්සන එක තරම් අප්පච්චි ට වෙන දෙයක් ඇත්තෙම නෑ....
අම්මට තරහා යනවා...ලැජ්ජා හිතෙනවා....මූන රතු කරගන්නවා....අප්පච්චි ගාවට ඇවිදින් පාරක් ගහනවා...අවසානෙදි අම්මම හිනා වෙනවා...මං හිතන්නෙ මේ රෝමාන්තික හුරතල් රන්ඩුව මං අවුරුදු ගානක ඉදන් දකිනවා.....ඒත් අද වෙනතුරුත්...මේ වෙනතුරුත් මට එපා වෙලා තිබුන් නෑ....මලකරච්චලේ කියලා කෑ ගහන්න හිතුන් නෑ...තමුසෙ අරහෙමයි...මෙහෙමයි ගගා අම්මව ඇවිස්සුවට මොකද අප්පච්චි ගෙ ඇස් අස්සෙ ආදරෙ උතුරන්න තිබ්බා....
මගෙ අම්මා හැමදාම කියන දෙයක්...මං අම්මගෙ බඩට ආවදා ඉදන් අම්මා අප්පච්චි ගෙඇස් දිහා බලාගන හිතුවෙම දුවෙක් උනත්...පුතෙක් උනත් ලැබෙන්න ඕන අප්පච්චි ගෙ ඇස් තියන දරුවෙක්ව කියලලු...
මොකද මොන තරම් තද මනුස්සයෙක් උනත් අප්පච්චිට තිබුනෙ ඇස් වලිනුත් ආදරෙ කියන ඇස් දෙකක්...
ඇත්ත...මං මෙ දහාට අවුරුද්ද පුරාවටම අම්මගෙ වචන මොන තරම් ඇත්තද දකිනවා...අප්පච්චි ගෙ ඇස් අම්මා දිහා බලන හැම වාරයක් ගානෙම දිලිසුනා...නිතරම වගේ ආ ඕයි...මේ ඕයි තමුසෙ ගගා කියවන අප්පච්චි එක පාරක් මැනික කිව්වත් ඇතිලු අම්මට කල්පයක් නිවෙන්න....
මගෙ ඉදුල් අත වේලෙන්න එනවා....අම්මව අවුස්ස අවුස්ස කියවන අප්පච්චි දිහා මං බලාගන උන්නෙම ඇස් පිල්ලමක් නොගහා වෙද්දි මොන හේතුවටද මන්දා මට එකපාරම එයාගෙ ඇස් දෙක මතක් උනා...
ඒ සුවද මතක් උනා...
හේතුව මොකක්ද මන්දා එයා මට කතා කරන්නෙ සුදු චූටි කියලා...මොන බැදීමකටද.....මොන ඇදුනුම් කමකටද?? සුදු චූටි කියන වාරයක් ගානෙම මගෙ කන් දෙක රත් වෙනවා...ඇස් දෙක බෝල වෙනවා.....අනික එයා සමනල්ව හුරතල් කරනවා....සමහර විට එයාගෙ ගෙදර තල්මස් පැටව් ආකරයක් විතර ඉන්න හන්දා වෙන්න ඇති....අනික උන් හැමෝම එයාට කතා කරන්නෙත් සුදු පප්පා කියලා ....
"සුදු පප්පා"...සමනල්ගෙ හැන්ද දිගා...ඒ.මනුස්සයට වෙලාවකට පිස්සුද කොහෙද ...නැත්තන් බය හැක නැතුව වහ දාපුවා දෙන්න කියන්නෙ....පිස්සු උනත් හිත හොද පිස්සෙක්...!!
සුදු මහත්තයා කාලා ඉවර නම් පිගාන හෝදපන් අම්මට දෙන්නෙ නැතුව....
.......
සුදු මහත්තයා ....??සිහත්
.......
ආ...ආ... යකො මේ....මොකද මේ....ආ විහාරා මූව රතු වෙලා මොකද...තනියම හිනාත් වෙනවා...කොල්ලා
අ....අ...අප්පච්චි ...අ..ඇයි....අප්පච්චි
අ අ...ඇ ඇ තමයි මොකද උඹ ඔය වට්ටක්කා තලිය අඹර අඹර තනියෙන් හිනා වෙන්නෙ....විහාරා..මූට මොකෙක් හරි ඇම්බැක්කියෙක් ඉන්නවා වගේ ආ....
ප්ප්..පිස්සුද අප්පච්චි ...මට කොහෙ ඉන්න ඇම්බැක්කි යෙක්ද.....
නිකන් ඉන්න තේජක ලමයගෙ ඔලුවටත් විසබීජ නොදා...මෙන්න මෙහෙ දෙන්න ඔය පිගාන ....
මෙන්න මෙහෙ දෙනවා මං හෝදන්නම්...
මෙහෙ දෙන්න තේජක ඔයා හෝදන පිගන්....
ඇයි මං තමුසෙට බැරි කාලෙ රෙද්දෙ ඉදන් හෝදලා දීලා නැද්ද ...මැනික මෙහෙ දෙනවා පව් තමුසෙට මහන්සී....සුදු මහත්තයා පිගාන දෙනවා අප්පච්චි හෝදන්නම් උඹ කුසිය අතුගාපන්....
.අනේ මෙහෙ දෙන්න තේජක
මෙන්නෙ මහෙ ඉදගන්නවා..උයලා කන්න දෙනවා මදිද....අවුස්සන්න කිව්වෙ....අම්මව එක්කන් එමු.....මුන් දෙන්නත් ඉස්කෝලෙ ගියහම තමුසෙ මේ ගෙදර තට්ට තනියම...ම්ම්ම්...මං ආදරෙයි විහාරා ...තමුසෙ තමයි මගෙ පලවෙනි දුව....
ත්....තේජක.....ා..අනේ...සුදු මහත්තයත් ඉන්නවා....අතාරින්න.....
හ්ම්.....මං නපුරු ඇති...ඒත් මං කවදාවත් තමුසෙට තියන ආදරේ අඩු කරලා නෑනෙ....ඔහොම ඉන්නවා දගලන්නෙ මොකද.....සුදු මහත්තයා උන්නට මොකද....ලැජ්ජා වෙන්න ඕන මං මගෙ ළමයි ඉස්සරහා තමුසෙට අතක් පයක් උස්සන්න මිසක් ආදරෙ කරන්න නෙවෙ විහාරා....ඌ දැකපු දෙන්....උගෙ අම්මට උගෙ අප්පච්චි කොච්චර ආදරේද කියන්න ඌ දැකපු දෙන්...එතකොට කවදා හරි මට සැනසීමෙන් වයසට යන්න පුලුවන් ..මොකද මගෙපුතත් උගෙ අප්පච්චි වගේම උගෙ ගෑනිට මේ වගේ ආදර්‍ර් කරනකොට ඒ ගෑනි උනත් පින් දෙන්නෙ ඌව මෙහෙම හදපු වඩපු අම්ම අප්පට විහාරා....
විහාරා මං යකාට වගේ තරහා ගියත් හීරිමක් වත් වෙනවට බය මනුස්සයෙක් ....මං මගෙ කොල්ලා ඉස්සරහා තියන් මේ කියන්නෙ...මං උගෙන් බලාපොරොත්තු වෙන්නෙත් එහෙම ආදරයක් ....දැන්ම නෙවෙ උනත්...දවසක මගෙ පුතත් හීරිමක් වත් වෙනවට බය මනුස්සයෙක් වෙන්න ඕනා...මුලු ලෝකෙම පොඩි පට්ටම් කෙරුවත් කමක් නෑ...හීරිමක් වෙනවට බය තරමට ඌ ආදරෙ කරන්න ඕන...
මූ තාම ඉගන ගන්නවා.....මුගෙ ඉස්කෝල ගමන අහවර කරපු දාකට මූ කිව්වොත් අප්පච්චි මට කෑල්ලක් සෙට් උනා කියලා ....තමුසෙ අකමැති උනත් මම මූට සපෝර්ට් කරනවා....මූ කිව්වොත් අප්පච්චි මට කොටුවක් පනින්ඩ ඕන කියලා...මං මූව එක්ක යනවා...මොකද තමුසෙගෙ මනුස්සයා තමුසෙ එක්ක ගස් ගල් ගානෙ කතා කෙරුවෙ මගෙ අප්පච්චි ට පින්සිද්ද වෙන්න...ඉතින් උගෙ අප්පච්චි උන මාත් එහෙමයි.....මං හරි ආසයි ආදරෙකරන්න...මං තමුසෙට හුගක් ආදරෙයි සුදු නෝනා....තමුසෙ තාම මගෙ පොඩි කෙල්ල!
මට ඇඩෙන්න වගේ ....හිත යටින් කොහොම නොහොබිනා කතා කියෙව්වත් ආදරෙ කියන මාතෘකාව ගාව අධිසංවේදි වෙන මට ඉදුල් අතපිටින්ම අම්මව තුරුල් කරගත්ත අප්පච්චි අම්මගෙ උරහිස උඩින් නිකට තියාගන කියපු වචනයක් වචනයක් ගානෙම මගෙ පපුව කීරි ගැස්සුවා...
ලැජ්ජා වෙන්න ඕන ආදරෙ කරන්න නෙවෙ ලැජ්ජා වෙන්න ඕන ගහමරාගන්නයි කියාපු අප්පච්චි තව හුගක් කතා කියලා තමුසෙ තවම මගෙ පොඩි කෙල්ල කියන ගමන් අම්මගෙ කම්මුලට හාදුවක් තියනවා එක්කම මං බලාගන අම්මගෙ ඇස් තෙත් වෙලා යනවා.....
අම්මගෙ ඇස් තෙමන්න තරම් අප්පච්චි ගෙ ආදරෙ අම්මට කොයි තරම් නම් බර ඇතිද...?

සුදු මහත්තයා හෙට වේලාසන නැගිටිනවා කෝ අල්ලනවකො මේකත් තියාගන්නවා
අප්පච්චි මෙච්චර සල්ලි....?මෙච්චර වැඩීනෙ...
කමක් නෑ තියාගන්නවා...සදුදා ඉදන් ඉස්කෝලෙනෙ.....අප්පච්චි ට උදේට ගිහින් දාන්න පුලුවන් උනාට දවල්ට එන්න බෑනෙ....බස් එකටත් එක්ක තියාගන්නවා.....අරූ මොනවා හරි කඩචෝරු ඉල්ලුවොත් එහෙම පව් අරන් දෙනවා
හ්ම්.....
මං අප්පච්චි මගෙ අතේ තිබ්බ මොනරු දෙන්නා දිහා බලන් උන්නා...මීට කලිනුත් පොකට් මනී කියලා මොනර පිල් දෙක තුනක් මිටමොලවපු අප්පච්චි ආපිට තව කොල දෙකක් දෙනකොට මං ඒ සල්ලි දිහ බලාගන ඉදලා මෙච්චර සල්ලි ඇයි අහනකොට ඕකත් තියාගන්නවා කියපු අප්පච්චි ඇදන් උන්න සරමෙ ගැටෙ ආයම තදවෙන්න ගැටගහන් කාමරෙට ගිහින් දොර අඩවන් කරලා දැම්මා...
අරූ එක්ක නිදියනවා නම් සරමට ගැට නෙවෙ දම්වැල් දාන්න ඕන....කකුලක් ඔහෙක් ආය මෙහෙක් දානවා මදිවට අත් ඇවිත් කම්මුලෙ වදින පාරට කලිසමෙ චූ වෙන්නෙ නැති ටික විතරයි ...
අප්පච්චි ලාගෙ කාමරේ ටේබල් ලෑම්ප් එක ඇරුනම මුලු ගෙදරම ලයිට් නිවිලා ගියා... ගේට්ටුවෙ ලයිට් පවා..මොකද මේ වෙරලකරේ පාරපුරාවටම ඇවිලෙන ලාම්පු එලි එක්ක ගෙදර ලයිට් අවුලන්න ඕන නැති හන්දා.....පාරෙ ලයිට් එලිය කෙලින්ම ස්තෝප්පුවට වගේම මගෙ කාමරේට එනවා...ඉතින් එච්චර එලියක් එන එකේ මොකටද තව ලයිට් එලි....
ම්හ්.....ම්හුක්.....අ..අම්මියෙ...පුතාගෙ....හැන්ද....දිගා.....
ශ්ශ්....ශ්..දොයියන්න...දොයියන්න....
පුතා..ගෙනෙ.....ම්හු...පු...තාගෙ....හැ.....ම්ම්ම්හු...හැන්දා.....
මොකක්...හැන්ද..මොන හැන්ද.....මේකා මෙතනත් කියවනවා....මෙන්න මෙහෙ දෙනව ඕකව...මගෙ පොඩි බෝම්බෙ...උඹ මොනාද කියවන්නෙ ....ඉක්කෙ..හෙලුකොට්ටෙන් නේද...
ඇහැරෙයි තේජක...
ම්හ්.....අමා...කරයා...කැ...තයා....කානුවා...කි...ව්වා...නට...න...මා....මියේ.....
අතේ තිබුන සල්ලි එකත් ගුලිකරගත්ත මං කාමරේට එන්න එනවත් එක්කම මගෙ කනුත් එක්ක රත් උනා...අරූ හීනෙන් කියවනවා....
කාමරේට යන්න හදාපු මන් අප්පච්චි ගෙ වගෙම අම්මගෙ මුනු මුනුව ඇහෙනවත් එක්කම කාමරේට යන්න හදාපු මං හොරා වගේ අප්පච්චි ලාගෙ කාමරේ දොරකොඩ ගාවට වෙලා හොරගල් අහුලන්න ගත්තා ....අරකා ඇටකිරිඥ්ඥාවත් එලියෙ දාගන අමු හෙලුවෙන් නිදි...නිදි කියන්නෙ ඒකගෙ කකුල් දෙක තනිකරම ආරුකු නවයෙ පාලම වගේ එහෙක් වෙලා ඔහෙක් වෙලා තිබුනා වගේම හැමදාම වගෙ මූ අදත් අම්මගෙ නයිටිය අස්සෙන් අතදාන් මැනික් ගරනවා...
මූ නන් ගිය ආත්මෙ රත්නපුරෙ මැනික් හරපු එකෙක්ද කොහෙද .....
මං මගෙ කන දික් කරන් අහන් උන්නා...අරකා දමාගන තටම තටම කෙදිරි ගානවා ආයම කියවනවා....
අර කුඩික්කි කටත් උල් කරගන මේකා දිගටම කියවනවා ඒකත් අර දිග හැන්දා ගැන...මූට දෙකක් දෙන්ඩ ඇති නම්....
මං හිතුවා හරි හැන්දා අපෙ එකාට නූලක් පන්නලා...නැත්තන් මතුරපු වැලි අහුරකින් ගහලා...නැත්තන් මූ කොහොමද හැමවෙලෙම මං කැතයි කියන්නෙ....
සුදු පුතා...කව්ද රත්තරන් හැන්දා...
මට ආය කැස්සට එන්න වගේ ...නින්දෙන් කියවන එකාව අල්ලන් අප්පච්චි කව්ද හැන්දා ගගා අහන්නෙ හරියටම ඕපනින් එකකට කතා කරපු එකෙක් අල්ලන් ප්‍රශ්න කරනවා වගෙ.....
අප්පච්චි ...
අරු ආයම තටමනවා එක්කම මං ඉක්මනට කාමරේට රිංගුවා....ඇතුලට ආවා වගේ නෙවෙ මං දැන් මොනවද ඉල්ලන්නෙ දෙයියනෙ.....අරූ තටම තටම ආයමත් හැ ගානකොටම මං මගෙ හුස්ම කක්කල් කැස්සකට හරවගත්තා....
කැහ්..කැහ්....කැහ්...
කොල්ලා මොකද...
අප්පච්චි ....වි...වි..කැහ්....විටමින් සී නැද්ද අප්පච්චි ...කැහ්...කැහ්......මට සෙමට වගෙ.....
විටමින් සී නම් ....ඔය ලාච්චුව් බලපන් ඇයි උඹ කූල් වතුර ගිල්ලද....
නැ අප්පච්චි .....කැහ්..කැහ්...
මං පපුවට අත තියාගත්තා...ඇත්තට කහිනවා වගේ නෙවෙ...බොරුවට කහිනකොට බඩ පපුවත් මොකක්ද වෙනවා...ඒත් ඒ වගේද අරකා නටන මාමියා ගගා නිල්තල්මහගෙ පවුල පාව දුන්නොත්....අප්පච්චි අද හෙටම.දිග හැන්දගෙ ගෙදරට ඉන්කම්ටැක්ස් එකෙක් දම්මනවා.....ඒකෙන් වෙන්නෙ ඕකා අප්පච්චි එක්ක තරහා බදිනවා....අවසානෙදි ආයම ගෙවල් මාරු කරන්න වෙනවා....
හැන්දව හම්බුනොත් කියන්න ඕන අපෙ මල්ලිගෙන් ඈත්වෙලා ඉන්න කියලා...මූ එච්චර හොද එකකෙ නෙවෙ කියලා කියන්න ඕන.....
තියනවද.....
ගුඩුස්...ගුඩුස්.....ගුඩුස්...
න්..නෑ...අප්පච්චි ...කමක් නෑ මේ අසමෝදගම් එක හම්බුනා...
ආ යකො කැස්සට අසමෝදගම් බොනවද.....මන් කිව්වෙ විහාරා මූ නම් ගමේ ලස්සනම ලේලිව පටලන් වගෙ...තනියෙන් හිනා වෙනවා.....මුන රතු කරගන්නවා....මොකො උඹගෙ දෝනි සුදු අප්පච්චි ට මොනවා හරි කියලා එවලද...
අනෙ නෑ අප්පච්චි ....එ..එහෙම දෝනියෙක් නෑ අප්පච්චි ....ගුඩ් නයිට් සිද්දාලේප වෙදමහත්තයට පින් සිද්ද වෙන්න දැන් මගෙ කැස්ස හොදයි....
මං හිතන්නෙ එක තත්පරේකට රෝඩ් රනර් එකේ අර අසමජ්ජාති නිල් කුරුල්ලව වැහුනා....අරකගෙන් හැන්දව බෙරගන්න ඕන හන්දා පපුව කඩාගන කැහැපු මං අවසානෙදි කාමරේ තිබුන අසමෝදගම් බෝතලේ එක උගුරට ගහලා අරූගෙ කකුලකටත් ඇනන් එලියට දිව්වා....
*
*
*
වෙලාව මහ රෑ එකටත් කිට්ටුයි...ඒත් මගෙ ඇස් වලට නෙවෙ තවටත් නින්ද ලන් උනේ...කරන්න පුලුවන් හැම දේම කෙරුවා....කෙල වක්කර වක්කර කලු බල්ලා ඉන්න කොරියන් අක්ක කෑම කන වීඩියො බැලුවා...ආයම පොලව යට ගෙවල් හදන හැටි බැලුවා...සින්දු ඇහුවා...මේ මොන මගුල කරලවත් මට බැරි උනා නිදාගන්න...
එහාටත් පෙරලුනා...මෙහාටත් පෙරලුනා...බැරිම තැන සින්දු අහ අහ උන්න හෑන්ඩ්ෆ්රී දෙක්ත් පටලවන් මං එලියට ආවා.....ඇවිදින් අර කෙටි බැල්කනිය උඩ ඉදගන තමන්ගෙ පාඩුවෙ රැලි ගහන මහ මුහුදත්...මහ මුහුදට තනි රකින වටකුරු හදත් පුලුන් කැටි දිහා බලාගන උන්නා...
ලස්සනයි....
පුදුමාකාර ලස්සනයි...
අහස කුසට අසීමාන්තිකව ප්‍රේම කරන්නෙක් වෙන මට මේ නිල් අහස කියන්නෙම කවදාවත් වචනවලට විස්තර කරන්න අමාරුම හැගීමක් වෙනකොට හැඩ කපාපු කෝන්ක්‍රීට් කනුවට ඔලුව හේත්තු කරගත්ත මන් දකුනුකරේම නිදි රැයක අහසත් වියනත් එක්ක ප්‍රේමෙන් ගිලෙන්න ගත්තා....
නිල් අහස් වියන පුරාවටම වලාකුලු වලින් වැහිලා ගිහිල්ලා.....සුදු පාට පුලුන් කැටි අහස් වියන පුරාවටම විසිරිලා... ඒ හැම වලකුලක්ම ඇවිදින් හදට හාදු තියාගන ගියේ හරි සනීපෙට නිදියන හා පැංචට තවත් සනිපෙට නිදාගන්න නැලවිලි කවි කියාගන වෙනකොට තාරුකා නිවා සින්දුව අහ අහ උන්න මං වෙරලට හාදු තිය තිය ආපිය මහ මුහුදට ඇදෙන දිහා බලාගන උන්නා...

මහ මුහුද පුරාවටම හද එලිය වැටිලා...ගොඩ බිම පුරාවටම රැල්ල ගැහුවට මොකද දියඹ පුරාවටම තිබුනෙ පුදුමාකාර ශාන්තබවක් වෙද්දි හැන්දෑකරෙ මහ මුහුදට ගියපු බෝට්ටුවල කහ පාට පුංචි පුංචි ලාම්පු එලි මහ මුහුද පුරාවටම අතරින් පතර ඇවිලෙන හැටි මන් බලාගන උන්නා .....
හද එලියත් පිහිට වෙනවා ඇති...පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න ලැබෙන්න ඕන .....
මහ මුහුද දිහා බලාගන උන්න මන් මගෙ යටි හිතින් අර අප්පච්චි ලා වෙනුවෙන් ප්‍රාර්තනා කරන්න ගත්තා...
තත්පරෙන් තත්පරෙ ගෙවෙනවා.....සින්දුවෙන් සින්දුව අහවර වෙනවා...ඒත් මේ ඇස් වලට නින්ද කියන නාමයක් නැති වෙනකොට මහ මුහුදෙ සුවද මිටිමොලවන් එහා මෙහා යන හුලන් රැල්ලට ඉව අල්ල අල්ල උන්න මං වයර් එක් ඇතුලෙන් ගලාගන එන කැමීලියා මල් සුවදෙ තාලෙත් එක්ක නැලවෙන ගමන් එක තත්පරෙකට ඇස් පියාගත්තා විතරයි පහලින් ආව සද්දෙත් එක්ක මාව එකපාරම ගැස්සිලා ගියා...
පස්සට ගනින්...ඒ....ඒ...හෙමින්...හෙමින්...හරේ....හරේ.....හ්....හෙමින්....හෙමින්...
ලකියා...
ස්කීපර් අයියා...ජොනියගෙ බෝට්ටුවෙන්.....වරායට බැස්ස ගමන් මේකව අරන් ආවෙ.....
හැන්නදිගෙ ඇන්ඩ් සන්ස් කියලා ලොකු අකුරෙන් ලියාපු තනිම සුදු ෆ්‍රීසර් ලොරියක් ...හරියටම නැවැත්තුවෙ අපේ ගේ ඉස්සරහින් වෙනකොට මං බලාගන උන්න...
බඩ ගෙඩි කලගෙඩි තරම් ලොකු තනිකරම කඩොල් ඇතා සයුස් පිරිමි හතරපස් දෙනෙක් අර වාහනෙන් එලියට බැස්සා.....වාහනෙන් බැස්ස එක ඇතෙක් හරේ ගානවා....අහට්ට ගන්න කියනවා...මෙහෙට්ට ගන්න කියනවා....අනිත් උන් දෙන්නා ඵෝන් කනෙ ගහන් කාට කාට හරි කතා කරනවත් එකම අහට්ට මෙහෙට්ට ගගා උන්න එකා එකපාරම ස්කීපර් අයියා ගානවත් එක්කම මන් අර පුරුදු රූපෙම මේ මහ රෑ හද එලිය යට ආයම වතාවක් දැක්කා...
අර පුරුදු සරමමයි....සරමට ආම් කට් එකක් ගහන් උන්න දිග හැන්දා එන ඒමටම ගියේ දොර පියන් ඇරුන ෆීසරෙ ගාවට වෙනකොට ඒකා ඇදන් උන්න සරම කැහපට ගහගන අර ලොරියට නැග්ගා....
මේ මහ පාන්දර මොනවද.....සින්දු අහ අහ උන්න මන් සජිතගෙ මිහිරාවෙ සද්දෙ චූට්ටක් අඩු කරගන්න ගමන් ඇස් දෙකත් ලොකු කරන් වාහනෙ ගාව එහා මෙහා වෙන ඇත්තු හතරපස්දෙනා කරන්නෙ මොනවද කියලා බලාගන උන්නා.... කව්ද දන්නෙ ඔව්වල කුඩු ගංජා වත් හන්ගන් ආවද කියලා .....ඇයි යකො මේ මහ පාන්දර මොන මාලුද.....
බඩු සුපිරි.....ලකියා පාට බලන්ඩ කූර දියන් බලන්ඩ.....
ආන්...ආන්.....අපේ එකාගෙ දිග හැන්දා.....බඩු සුපිරි කියන්නෙ...මන් හිතුවා හරි....මාලු අදින ලොරියෙ කුඩු අදිනවද කොහෙද....නැත්තන් මොකටද බඩු සුපිරි කියන්නෙ.....ඇරත් කව්ද දන්නෙ මේ හැන්දා මටයි කානුවෙන් ඇහිදගත්ත එකාටයි ඔය කඩලයි බතුයි ගිල්ලවන්නෙ අපෙ අප්පච්චි ව ශේප් කරගන්න ඕන කමටද කියලා.....අර අපෙ අප්පච්චි කිව්වෙ බාර් එහෙමත් තියනවා කියලා ....
ඔය ඔක්කොම කුඩු සල්ලි වෙන්න ඇති....කනවත් ඇති පැලෙන්න ....දැක්කනෙ අර සිගිතිද මොකීද කියපු ගෑනිගෙ තරම...මගෙ අම්මෙ ඒ ගෑනි නම් කුඹුරක බත් කනවා ඇති.....මට වඩා අවුරුද්දලු වැඩිමල්...ඒකිට මාව කිහිල්ලෙ ගහගන්න පුලුවන් ...
ඇරත් බඩෙ තරම....මගෙ අම්මෙ පපුව...කොස් ගෙඩිවත් ඔහොම ලොකු නෑ...තල්මහෙක්ම තමා....මහත් වෙන්නෙ නැතෑ කුඩු සල්ලි වලින් ගිලිනකොට .....
මං ඇසුත් හීන් කරන් නියපොත්තකුත් හප හප කල්පනා කරන්න ගත්තා....බඩු සුපිරි කියපු හැන්දා ආපිට ලොරිය ඇතුලට යනකොට මං කල්පනා කරන්න ගත්තා...
මුන් අනිවාර්යයෙන්ම මහපරිමාන කුඩ්ඩො වෙන්න ඇති...අනික හැන්දා අනිවාර්යයෙන්ම සල්ලිත් එපා කියලා කඩල කවලා බතුත් ගිල්ලුවෙ ඔය හන්දා තමයි...ඇයි දන්නවනෙ අපිව ශේප් කරගත්තොත් අප්පච්චි වත් ශේප් කරගන්න.....අපෙ අප්පච්චි නම්.නැමෙයි ඔය පගාවට.....ඇරත් අර සිගිති කියපු තල්මහගෙ බෙල්ලෙ තිබුන රත්තරන් චේන් එකේ තරම...
හැන්දගෙත් බෙල්ලෙ වැල්දාගන්න පුලුවන් තරන් රත්තරන්නෙ...කොහොම හරි අර හැම තල්මහෙක්ගෙම බෙල්ලෙ කඹයක් තිබුනනෙ....අප්පච්චි මුන්ව සැක කරන එක හරි.....අනික මෙහෙට මහි අයියවත් ලගයිනෙ....ඇති පදන් පගාව දීලා ඔව්වා යටගහනව ඇති....මොනා උනත් ආය නම් හැන්දා දිහා ඇහැක් ඇරල බලන්න හොද නෑ.. .අපෙ ගම්වල මින්ස්සු මෙහෙම උන් එක්ක ඇයි හොදැයි තියාගත්තෙ නෑ...අපෙ අරකව තමයි මේ හැන්දගෙන් ඈත් කරගන්න අමාරු.....
කොහෙද අපෙ එකා දන්න මගුලක් තියනවද...ඌට හැන්දා දැක්කා කියන්නෙ දෙයියො බුදුන් දැක්කා වගෙනෙ...හීනෙනුත් හැන්දා.....නිකනුත් හැන්දා....මෙහෙම ගියොත් නම් අපිව හැදිගෑවිලාම යනවා....
මං නම් කියන්නෙම හැන්දා අපේ එකාට නූලක් පැන්නුව..හිටපන්කො මං උඹව අපෙ අප්පච්චිට කියනවා...ඇයි යකොඩො ඉස්කෝලෙ යන ලමයිනුත් අහල පහල තියන් මේ වගේ දේවල් කරන්න පුලුවන්ද....කව්ද දන්නෙ මාවත් ඔය කුඩුවලට ඇබ්බැහි උනොත්...කියන්න බෑනෙ....අනික අපි නුවර මිනිස්සු ....ලැජ්ජ බයට හැදුන නම්බුකාර උන්....අපි ඉන්නෙ එහෙම වටපිටාවක කියලා දැනගත්තොත් නම් අත්තම්මා තකහනක් ඇවිත් අපිව ඇදන් යනවා....
ආය කතා කෙරුවොත් හූචි කුචයියෝ හූචි කුචයියො තෝත් නටාපිය මාත් නටන්නම් කියලා හරි මං මතුරලා උඹටත් වැලි අහුරක් ගහනව හැන්දො....
සුදු චූටි!!!ඒ..ඒ.....හොද වැඩෙ...ඔහෙට මොන්ගල් ඔය මක්කයි ඔය උඩ නැගන් කරන්නෙ ?මහ රෑ මායන් වෙනවා...
මාව ගැස්සිලා ගියා...වැලි අහුරක් ගහන්න හිත හිත ඇස් කරකව කරකව නියපොතු කකා අහක බලන් උන්න මාව එකපාරම ගැස්සිලා ගියා මදිවට තව ටිකෙන් බැල්කනියෙ උඩ ඉදන් උන්න මාව වැටෙන්න ගියා වගෙම අරකා ලොරියෙ ඉදන් කෑගැහුවා...
යෝහ්...ආයමත් සුදු චූටිලු...මේ මහ පාන්දර ඔහොම කෑගහනකොට කාටහරි ඇහුනොත් එහෙම....වෙන මොකුත් ඕන නෑ....අපෙ අප්පච්චිටම ඇහුනොත් එහෙම....හැන්දට සුදු චූටියලව පෙන්නයි....
සුදු චූටි මක්කයි ඔය පිල් උඩ ලැගන් කරන්නෙ.....නින්ද යන්නෙ නැද්ද ඔහෙට?
ය්න්...යනවා...යනවා.....
යනවනම් ඔහෙ ඔය එලියෙ මායන්වෙන්නෙ..ඔල්මාදෙද?තව ඩිංගිත්තෙන් ඔහෙව වැටෙනවා...
දිග හැන්දා මට බනිනවා...ඔල්මාදෙද අහනවා..මග්ව් ගෙදර ඉදන් මගෙ පාඩුවෙ උන්න මට මේ හැන්දා බනින්නෙ ඇයි....මං අහන්නෙ වයි?
මං හිතුවා වගේම මේකා මෙතන කුඩු ජාවාරමක් කරන්න හදනවා ඇති...මන් දැක්කොත් මේකට හිරේ යන්න වෙයි කියලා බය ඇති ඒ හන්දයි මාව එලව ගන්න හදන්නෙ...පේනවද මේකගෙ කපටි කම....
ඒ....හ් සුදු චූටි ඔගෙට බඩුවක් පෙන්නන්නයි?
අර දිග හැන්දා ආයම කෑ ගැහුවා.....ලොරිය ඇතුලට ගිහින් ආපහු එලියට ආව හැන්දා මට ආයම බඩුවක් පෙන්නන අඩගහනවා....මු ඔය නම් හදන්නෙ මට හොද බඩුවක් සෙට් කරන්න...කව්ද දන්නෙ බඩුවක් පෙන්නන එන්න කියලා වෙඩි තියල දැම්මොත්...අපෙ අම්මට අඩන්න වෙන්නෙ අනේ තේජක අපි ඉවරයි තේජක කියලා තමයි...උඹගෙ බඩ්ඩ උඹම තියාගනින්...ගොනා කරලා මාව ගෙන්නගන්න හදන්නෙ....මං අහුවෙයි ඔව්වට....කව්ද දන්නෙ ඔතනට ගියාට පස්සෙ මට වෙඩි තියයිද කියලා ඇයි ඉතින් මං දැක්කනෙ.....මුන් නම් කුඩ්ඩොම තමයි...
..ම්..මෙවෙල බඩු බලන්න බෑ අයියෙ...
නිදිමතයි ....අනික....ඔයා ඔහොම ස්....සුදු චූටි කියලා...හ්..හයියෙන් කියන්න එපා අයියෙ.....කාටහරි ඇහුනොත් එහෙම මට ලැජ්ජයි...අපි නුවර මිනිස්සු ඔහොම හයියෙන් කෑ ගහන්නෙ නෑ.....අපි ලැජ්ජ බය එක්ක නම්බුකාරව හැදුන මිනිස්සු...
ඕන් පටන් ගත්තා නුවර ලබ්බ දොඩන්ඩ....ඔහෙට මං එන්ඩ කිව්වෙ මාලුවෙක් පෙන්නඩ ආය වෙන ලබ්බකට නෙවෙ...සුදු චූටි ආය මෙහෙම මාලු ඔහෙලගෙ උඩරට ඉන්නවයි නෑනෙ...එනවා නම් එනකයි නැත්තන් නිකන් ඉන්න එකයි ආය පව් කියලා පෙන්නඩ අඩගැහුවෙ මේන් මේකා ලබ්බක් දොඩනවා...ලකියා ගනින් ඔය කූර....
මාලුවෙක් කියන්නෙ.....මං මොකො මාලු දැකලා නැතුවද..අනික ඔක්කොම හොදයි මට මේ ඔහෙ ඔහෙ ගාන එක තමා ඉවසන්න බැරි.....ඔන්න හොදින් කිව්වා නම් මන් යනවා...සුදු චූටි මාලුවෙක් ඉන්නවා ඔයා බලන්න ආසද ඇහුවා නම් මං ඔය මාලුවවත් බලලා අපෙ අප්පච්චි ඔය ගැන හොයනවා නරක වැඩ කරනවා නම් නවත්තන්න අයියෙ කියල එනවා....ඒත් මට ඔහෙ කියන නම් අල්ලන්නෙම නෑ.....
මන් බලාගන උන්නා.....අර කඩොල් ඇත්තු වගේ උන් ටික ලොරිය වටේ එහා මෙහා යනකොට මට ඔහෙක් මෙහෙක් ගාපු හැන්ද දිගා ඇතුලට ගියා ගියාමයි තාම නෑ..
එක්කො ඔය කිව්වත් වගේ ලොකු මාලුවෙක්ද දන්නෙ නෑ....එක්කො තල්මහෙක් වත්....කැස්බෑවෙක් වත්...කැස්බෑවෙක් උනොත් නම් මං අප්පච්චි ට කියනවා..ඔව්වා පව්කාර නීති විරෝදි වැඩ...අවංක රාජ්‍ය නිලධාරියෙක්ගෙ පුතෙක් හැටියට මට නම් බෑ ඔව්වා ඇස් කන් පියන් බලන් ඉන්න... හිටපන්කො...හිටපන්කො මොකාද උඹගෙ මාලුවා කියලා බලන්න...මං ඇවිත් දික්වැල්ලෙ ඕ අයිසි මහත්තයගෙ පුතා....
අතේ තිබුන ඵෝන් එකෙ වීඩියො එකත් ඔන්කරගත්ත මන් අප්පච්චිලාගෙ කාමරේ ගාවින් කගවේනා වගෙ දුවගන පහලට ආවා...
සාගරිකා බුදි....කකුල් හතරත් අකුලන් අප්පච්චිගෙ හාන්සි පුටුවෙ හාමු මහත්තයා සැපටම නිදියන් ඉන්නකොට මං බලාගන මාව පාවා දුන්න රාජසිංහයත් තටු අකුලන් නිදි.....කාගෙන් නැතත් මුගෙන් බේරෙන්න ඕන...ගස්තරයා වචනයක් වැරදෙන්න බෑ....
"ආ....අමාකරයො..."
ටහුක්...
හොරා වගේ අරකගෙ කූඩුව පහු කරන්න ගියපු මාව ගැස්සිලා ගියා.....අරකව පහු කරගන යනවත් එක්කම ආ අමාකරයො ගානවත් එක්කම මං හිමීට බෙල්ල හරව්ල්ල බැලුවා...අරකා හිටපු විදිහමයි
මූත් නින්දෙන් කියවනවද මන්දා...මූයි අපෙ අරකයි දෙන්නම එකයි...
අඩියයි දෙකයි.....මං එලියට පැන්නා.....ලොරිය ඇතුලෙ කහලාම්පු ඇවිලෙනවා.....
පරිස්සමින් ..පරිස්සමින් ලකියා පොත්ත වත් ගහන්ඩ එපා...අජියට කියපන් මේකගෙ කොරපොත්තෙ ඉදන් පරිස්සමින් ගහන්ඩයි කියලා.....ආය පොඩි කඩතොල්ලක් උනත් මේක ගෙන් වැඩක් නෑ ඔහෙට තේරෙනවනෙ මං මක්කදයි දොඩන්නෙ කියලා.....
එහෙමයි අයියා...අජියට කෝල ගහන්ඩද.....
ලොරිය ගාවට ලන් උන මං මීක් නොගා උන්නා...අර කඩොල් ඇත්තු ටික ඔක්කොම උන්නෙ ලොරියෙ ඇතුලෙ....දිග හැන්දගෙ කට තනිකරම වලියකට ගිය එකෙක් වගේ...මොන මගුලට ඔහොම ගහගන්න කතා කරනවද මන්දා ..ඕක පිලිවලට කියපන්කො....අරයට මේක මෙහෙම කරන්න ..මෙයාට මේක මෙහම කරන්න....ඇයි ඔය ගහගන්න හදන්නෙ....
හත්තුක්කෙ....ස්කීපර් අයියා..මේන් මෙයැයි ඇවිල්ලා...
මොකාද...
ආන් අර ගෙදර උන්නෙ සුදු චූටිද මොකාද කියන හිච්චා...නුවර ලබ්බක් දෙඩුවෙ ආන් ඒකා.....
සුදු චූටි....
මාව නිකන් මොකක්ද වෙලා ගියා....මට පස්ස හරවන් උන්න කඩොල් ඇතා එකපාරම නුවර ලබ්බ දොඩපු සුදු චූටිද මොකාද හිච්චා කියනකොට මෙච්චර වෙලාම කකුල් දෙකෙන් හිටන් උන්න මං අනිත් පාර තනි අන්ඩෙන් හිටන් අනිත් අන්ඩෙන් පාර පුරාවටම කුරුටු බුරුටු ගගා ඇස් දෙක කරකැව්වා...මට ඕන බඩුවක් නෑ කිව්ව්ට ඇතුලෙ උන්න මාලුවගෙ වල්ගෙ දැක්කා විතරයි මට දැන් එපා කියපු බඩුව ඕන උනා...
👉👈මාලුවව බලන්න ආවෙ...ස්...ස්...ස්පීකර් අයියෙ .....
මොකක්...ස්පීකර් අයියා...ඔහෙ මට නම් කීයක් දානවද...මුලින් අංකල් කිව්වා.... දිග හැන්දා කිව්වා....දැන් ආය ස්පීකර් කිව්වා....සුදු චූටි ඔහෙ වැඩකරන්නෙ කච්චේරියෙද?
අ..අ...අනෙ නෑ...මට...මට...මං..මං...මං කිව්වෙ ස් ....ස්කීපර්...කියලා...
මොන මගුලක්ද මන්දා....මූදු හුලන් වැදිලා මගෙ කටට හෙන ගහලද මන්දා...ඇයි අප්පච්චි මටම මෙහෙම වෙන්නෙ ..අනික ඇයි මේ දිග හැන්දා ගාවදි මට ගොත හැහෙන්නෙ...අනේ අප්පච්චි පුතාට ගොතේනෙ...
මාලුවව බලන්ඩ ආවා...
ඔව්....එයාව බලන්න තමයි....
ඔහෙට නගින්ඩ පුලුවන්දයි....අත ඕනෙද....
එ...එපා...මං නැගගන්නම් මට පුලුවන් අයියෙ.....
ආ ස්කීපර් අයියා....මේ හිච්චද අර ඕයිසි ලොක්කගෙ පුතා....මෑන් ආවදාම අපෙ එකෙක්ට සද්දෙ දාලා හිච්චා මේහ්....
ලකියා.....ඒක හිච්චගෙ අප්පනෙ කෙරුවෙ මෙයැයි නෙවෙනෙ ඔන්න ඔකට නගින්ඩ දියන්....සුදු චූටි නගින්ඩ
ටසිරි...හොද වැඩේ.....මෙයැයි තනිකර හින්නෙක් නෙ...මොකො වෙන්නෙ බොසා ඔහෙ කාලා බීලද.....ඔහෙට නැගගන්ඩ උස තියනවයි.....
ඔ...ඔව්..ඔව්.... මට උස තියනවා...ඔහෙට තැන්කිව්....ඒ උනාට අපෙ අප්පච්චි ට කාරයා කියන්න එපා මාමෙ...එයා කාරයෙක් නෙවෙ....නිකන් ඕඅයිසි කෙනෙක් .....අපි ඔයාට කාරයා කියන්නෙ නෑනෙ...අපිට එහෙම කතා කරලා පුරුදු නෑ...අපි නුවර මිනිස්සු මාමෙ...එක්කො මට ඕන මාලුවෙක් නෑ ....
ඕන් පටන් ගත්තෙ නුවර ලබ්බ දොඩන්ඩ.....ලකියා වරෙන් අල්ලපන් මේක...නගින විදිහට නගින්නැතැයි ආය.....
මං රවාගත්තා .....මේ දිග හැන්දයි කඩොල් ඇත්තුයි ඔක්කොම එකයි....කතා කරන්නෙම රුයිතෙට අනික වටින් නෑනෙ අපෙ අප්පච්චි ට " කාරයා" කිය කිය....අපි එයාලට මාලු කාරයා කියනවද නෑනෙ.....මට ඕන මාලුවෙක් නෑ ඇයි යකො...
ම්හුක්...ඒ උනාට ඌ හරි ලොකුයිනෙ.....බලන්ඩ ඕනනෙ...
අප්පච්චි ට ඕයිසී කාරයා කිව්ව් විතරයි ආපහු යන්න හැරුනත් මට අර දඩාරියන් සයිස් මාලුවා දැක්කා විතරයි මාලුවා බලන්න හිතුනා...ඔය තඩි බඩ අස්සෙ තව මොනවද තියෙන්නෙ කියලා බලන්න ආස හිතුන මට ගෙදර යනවා වෙනුවට ආපිට ලොරියට නගින්න හිතුනා....
අත් දෙක ලොරියට තියපු මං උඩ පැන්නා.... මගුලයි නගින්න බෑ....කෝ මේකෙ අර කෑල්ල...අනෙ කකුල උස්සල කකුල ගහන්නත් බෑ මගෙ කලිසම කොටයි....ඇරත් මං යටට ඇදලත් නෑ...කකුල ඉස්සුවොත් ඇතුලෙන් පේනවා....
මෙයැයිට නැගගන්ඩ බෑ වගේ ..සුදු චූටි ඔහෙට නගින්ඩ අත ඕනයි..
එ..එපා මට පුලුවන් ....
මං තව පාරක් උඩ පැන්නා...ආය පිටිපස්ස හැරිලා අත් දෙක ගහලා උඩ පැන්නා.....කකුල් එල්ලුනත් මට ඉදගන්න උසමදි උනා.....
අත දෙන්න අහනවා...මට ඕන අතක් නැ...අපෙ අප්පච්චි ට අනන් මනන් කියලා අත දෙන්න අහනවා...
රවාගත්ත මං අරකට පෙනි පෙනිම හිතෙ හයියට උඩපැනගන පැනගන ගිහින් යන්තමට ඇගෙන් බාගයක් උඩට ගත්තා විතරයි මාව ආපහු වැටෙන්න ආවා....ඒ එක්කම දිග හැන්දා මට අත දුන්නා...අනෙ හාන්දුරුවනෙ අතදුන්න මනුස්සයගෙ අත අල්ලන්න හැදුව මට ආයම අහු උනෙ කකුල ..මට එච්චරයි මතක..මගෙ ඇස් උඩ ගියා....කොටින්ම මට හදිසි අපස්මාරයක් ඇල්ලුවා..දෙයියයනෙ හැන්දගෙ සරම...
අ..අනේ...ස්පීකර්....අයියේ...අපි ඉවරයි.....!!!
මේ හිච්චගෙ වැඩේම මගෙ සරම කඩන එක....සුදු චූටි මොකො ඔහෙට මගෙ සරම එක්ක තියන ඇරියස් එක?
එ..එහෙම...නැ අයියෙ....කැඩුනනෙ...
හ්ම්..හ්ම්....එනවා නග්ගන්ඩ...
ක්..කොහෙටද අයියෙ..අනෙ නගින්ඩ බෑනෙ
ලකියා වඩපන් මේකව
හත්තුක්කෙ....ස්කීපර් අයියා මේන් මේ උඩරට හිච්චා තනිකරම වියලිකලාපෙ මුරුංගා කරලක් වගේනෙ...ඉස්සරහත් නෑ....මේකගෙ පස්සත් නෑ
ප්ප්..පස්ස තියනවා...පස්ස තියනවා මාමෙ.....
කෝ හිච්චා අහකට...අහකට
අරකගෙ සරමත් කඩාගන බිම පතබෑවුන මාව ආපිට උස්සලා ගත්තෙ දිග හැන්දා වෙනකොට අත්දෙක යටින් අත් දෙක දාල මාව උස්සලා දෙනවත් එක්කම ලාබෙට තියන බෙදුම් කට්ටක් වගේ සර්වාංගයක් තියන මාව අර කඩොල් ඇතා උස්සලා ගත්තෙ තනි අතින් වෙද්දි මේකා මාව වඩාගන මගෙ සර්වාංගෙට ඇද කුද කියන්න ගත්තා...තනිකරම වියලිකලාපෙ මුරුංගා කරලක් වගේ කිව්වා මදිවට ඉස්සරහත් නෑ පස්සත් නෑ කියනවත් එක්කම මං ඇතාට ඉක්මනට මගෙ පස්ස හරවල පස්ස තියනවා පස්ස තියනව කියනවත් එක්කම උඩට නැගපු දිග හැන්දා මාවත් තල්ලු කරන් උඩට නැග්ගා මාව වීසිවෙලා ගියා...
මෙන්න ඉන්නවා බාන්ඩෙ...ඔහෙ මීට කලින් මෙහෙම උන් දැකලා තියනවයි...මේකා කෙලවල්ලා...මේකා ඇවිදින් බ්ලූෆින් ටූනා...අහල තියනවයි...
න්..නැතයි...මූ හරි විසාලයිනෙ....අයියෙ.....
මං හිතන්නෙ මගෙ කට දනිහට වෙනකන් ඇරුනා....අර ලොරියෙ ඇතුලෙ උන්න මාලු දෙන්නව දැකපු මට හැම දේම එක තත්පරෙකට අමතක උනා...එකෙක් කෙලවල්ලෙක් කිව්වා...අනිකා බ්ලූෆින් ටූනෙක් කිව්වා...මොනෆින් ටූනෙක් උනත් මට වැඩක් නෑ මට ඕන උනෙ උන් දෙන්න දිහා කට ඇරන් බලන් ඉන්න වෙද්දි මන් අර කෙලවල්ලා කියපු එකාගෙ විසාලෙට පිම්බුන බඩට ඇගිල්ලක් තිබ්බා...මූ තව මාලුවෙක් ගිලලද මන්දා....
එකා විසාලයි....උන් දෙන්නම විසාලයි....ඔක්කොටම වඩා අර කෙලවල්ලා කියපු එකා විසාලයි....කොටින්ම එකගෙ බඩ මනුස්සයෙක් ගිල්ලා හා සමාන තරමට පිම්බිලා තිබුනා....ඇරිලා තිබුන ඇස් බෝලෙ ලයිට් එලියට දිලිහනකොට මං බලාගන හැන්ද දිගා මාලුවා අතපත ගාලා ඒකගෙ බඩට තට්ටුවක් දාන ගමන් අර කඩොල් ඇතාට කතා කෙරුවා
ලකියා කූර දියන්...
මෙ මෙයාලා අලුත් අයද අයියෙ
හ්ම්...අලුත්....සුදු චූටි මාලුවෙක් අලුත්ද හොයන්නෙ කොහොමදයි දන්නවද ....මේන් මෙහෙම...මේකගෙ මසේ පාටෙන්... ඕන් බලාගන්ඩ ඔහෙට මං පෙන්නන්නම්....මේන් පේනවද....මේක රතු පාටයි...පරන පාට නම් මේක මඩපාට වෙනවා...නැත්තන් මෙන්න මෙහෙම කරමල බලන්ඩ පුලුවන් ඔහෙට තේරුනයි.....
හ්ම්...
මං බලාගන උන්නා...මාලුවගෙ කද හිල් කරගන කූරක් බස්සපු හැන්ද දිගා අර කූරට ඇමිනිල ආව එක අංශුවක තරම් මාරු ඇබිත්ත පෙන්නලා මේකා අලුත්කිව්වා...ආයම කරමල උස්සලා මේ පාට පේනවද අහලා මේකා අලුත් කිව්වා....මගෙන් තෙරෙනවද අහනවා....මං ඉතින් හ්ම් කිව්වා...වෙන මොනව කියන්නද....නුවර බණ්ඩාරවෙල උන්න කාලෙ පුරාවටම මං දැක්කෙ පොඩි කූරි මාලු...හුරුල්ලො නැත්තන් බෝල්ලු පැටව්....නැත්තන් කපපු මාලු...ඒකත් ලොරි කාරයො දමාගන ලේ අතුල්ලපු මාලු...ඉතින් මං කොහොම දන්නවද.....
එයා මාලුව අතගානවා..කොහෙ හරි තැලිලා සීරීලාද බලනවා...කට ඇරන් ඒ දිහා බලන් උන්න මගෙ දිහා බල බල මේකගෙ සීරිමක් හරි ආවොත් වටිනාකම අඩුවෙනවා කිව්වා...ඔක්කොමත් හරි එයා අර්ස් බ්ලූෆින් ටූනගෙ ගානකිව්වා විතරයි මට මාලු එපා උනා....
මේකා එච්චර ගනන්ද අයියෙ...
හ්ම්...ඒකනෙ සුදු චූටි මාලු කපන්ඩ ලයිශන් තියන උන්ට විතරක් මන් මෙහෙම මාලු යවන්නෙ...එක්කො මං කපනවා නැත්තන් සුපිරියටම කපන්ඩ දන්න එකාට යවනවා....සුදු චූටි ඔහෙ හිතන්නා වගේ නෙවෙ මේකත් එක්තරා ආර්ට් එකක් හරිය ...කපන කෑල්ලට කඩතොල්ලක් ආව ගමන් හබක්...සුදු චූටි දන්නවද මෙව්වයි කපන්ඩ ගන්න ආම්පන්න සෙට් එක කොච්චර ගනන්ද කියලා....මෙව්වා ගෙවල් වල කපන පිහිවලින් කපන්ඩ බෑ.....ධීවර රස්සාවත් හිතන තරන් ලේසි නෑ....
දැන් මේකව කොහෙටද දෙන්නෙ
අරකව කෙලින්ම ගලධාරි....අනිකව සැමන් එකට දාන්ඩ යවනවා.....සුදු චූටි කෙලවල්ලො කනවයි...කෙලවල්ලෙක් ඇඹුල් තියල් දාලා....රතු කැකුලු හාලෙ බතයි පොල් අහුරකුයි තිබ්බා නම් ඉස්ම යන්ඩ කත හැකි ආය....
මට කෙල ගිලුනා.....බ්ලූෆින් එකාව ගලධාරි යවනවා කියපු දිග හැන්දා මගෙන් කෙලවල්ලො කනවද අහලා ඇබුල් තියලක් හැන කියනවත් එක්කම මට ඉබේටම කෙල තලියක් ගිලුනා.....මගෙ අම්මෙ කෙලවල්ලො කන්ඩ නම් අපිත් ආසයි එත් මෙවුන්ගෙ ගනන් අහපුවාම තමයි වකුගඩුවත් උගස් තියන්න වෙන්නෙ.....
*
*
*
සුදු පුතා ඔය කුක්කු එක ගුඩු ගුඩු ගාල බොන්ඩකො...අප්පච්චිට වෙලා යනවනෙ.....
ම්හුක්.....අම්මියෙ....පුතා...ට.....
සුදු මහත්තයා ....
ඕහ්...
මේ මල්ලිට මේක පොවන්ඩ අප්පච්චිට යන්ඩ වෙලා යනවා...
හා...
මං හා කිව්වා...හා කිව්වත් මොකද මං උන්නෙත් අනතමනතෙන්.... ඉහවහ ගිය නිදිමතෙන්...රැයක් ගෙවිලා රැයක් ගෙවිකා ගිහින් අලුත් දවසකට ඉරපායලා තිබුනා...මහ පාන්දර මාලු බලන්න ගිහින් හැන්දා ඇබුල්තියලක් ගැන කියල අවසානෙදි නින්දෙන් ඇබුල් තියල් කියලා මං මගෙ කොට්ටෙ පුලුන් එලියට එනකම්ම කලා තිබුනා....
වෙලාව හයටත් කිට්ටුයි...බන්ඩාරවෙල පැත්තට මේ වෙනකොට කුරුලු සද්ද ඇරුනම වෙන සද්ද බද්ද නෑහුනත් මේ වෙරලකරේ මහපොලවට ඉර එලිය වැටෙන්නත් කලින් ඉදම්ම ආපිට ගොඩ අරින බෝට්ටු සද්ද එක්ක මිනිස්සුන්ගෙ කටහඩවල් වලින් වැහිලා ගියා....
..කතරගම දෙයියො වැහුනා වගේ කුසිය පුරාවටම එහා මෙහා යන අම්මා ක්ලිනික් යන්න එහෙන් ලෑස්ති වෙනවා...අප්පච්චි සපත්තුවක් එක්ක මෙහෙන් ඔට්ටු වෙනව.... ඒ ඔක්කොමත් එක්ක අරකා තවමත් උගෙ ඇම්බටි කාලෙ කිරි බීපු සූප්පුව කටෙ ගහන් නිදිමත පෝරුවෙ අමු හෙලුවෙන් මේසෙ උඩ ඉදන් කිරි බොනකොට මං ගිහින් ඒකට කිරි එක පෙව්වා...
කෝ කෝ ඉක්මනට ඉක්මනට...චූටි ඕක ගුඩුස් ගුඩුස් ගාලා බොනවකො ...
ම්හුක්....අමාකරයො.....මේකට....මේකට මයිලො චුට්ටක්.....මයිලො චුට්ටක් දාපල්ලකො...පුතාට බොන්ඩ බෑනෙ....
ඔච්චර මයිලො බොන්න හොද නෑ....
ඇයි ඒ...ඔව්....ඇයි...බොන්න හොදයිනෙ...
උඹගෙ පුක කොන්ක්‍රීට් වෙයි...කියෝ කියෝ ඉන්නෙ මේක බොනවාකො සමනල්.....බොන්න හොදයි ගගා මායන් වෙන්නෙ.....ඇට කුට්ටමත් එලියෙ දාගන
මට එපා.....ඇති....මට මයිලො ටිකක් දීපියලකො....පුතාට පුතාට සුදු කුක්කු එපා....සුදු කුක්කු එපානෙ...අනේ...හ්...දීපියලකො...පුතාට දීපියලකො.....හැන්ද දිග මාමෙ.....පුතාට ඉල්ලා දීපියලකො.....
දිග හැන්දා...උඹට දිග හැන්දා දෙයි මේන් කියලා..බීපන් මේක...බීපියකො කානුවො.....කෝ කට ඇරපන්කො.....හැම වෙලේම හැන්දා...හැන්දා උඹගෙ අප්පච්චි නෙ...
..එපානෙ..එපාකො....අනේ...අමාකරයා
කැතයා....එපානෙ.....යෝහ්...නටන..මාමෙ.....පුතාට ගහනවනෙ...ඌයියා....අමාකරයව එපානෙ...මට එපා...මට එපා...මට එපාමයි...අනෙ නටන මාමියෙ.....දිග හැන්දෝ.....අනේ.....හ්..මට එපා..එපාමයි...එපා....එපා
..පුතාට එපා....
අම්මෙ....හ්...අම්මෙ මෙන්න මූ මයිලෝ ඉල්ලනවා මේක බොන්නෙ නැතුව.....මෙන්න මූ මේක බල්ලට දෙන්ඩ යනවා අම්මෙ...හ්...අම්මෙ...මු කිරි එක හලන්ඩ යන්නෙ....අම්මෙ....හ්හ්..මූ සාගරිකගෙ කටට සූප්පුව ගැහුවා.....
සමන...ල්ල්ල්!!!
ම්හුක්...මට එපා....
අම්මෙ මූ මෙන්න සූප්පුව වීසි කෙරුවා අප්පච්චි මෙන්න....මෙන්න මූ බිම පෙරලුනා...අප්පච්චි මෙන්න මූ වැලි ඔලුවෙ දාගන්ඩ හදනවා.....
මොන වදයක්ද යකො මේ...කරච්ච්ලෙ මුන් දෙන්නගෙ සුදු පුතා....මං එන්ඩද ඔතනට...
ම්හුක්...එපානෙ.....පුතගෙ අතින් ලෙස්සුවනෙ අප්පිච්චි ....වීසි කෙරුවෙ නෑනෙ...ඔව්..පුතාගෙ අතින් ලෙස්සුවනෙ...පුතා බොනවනෙ...ඔක්කොම බොනවනෙ.....
මුගෙ බොරු....මුගෙ පච....
කැතයා...අමාකරය කැතයා...පච නෙවෙ අප්පිච්චි ..
පච කානුවා...බලපන් ඔය මූනෙ කානු පාට..ඊයා..කානුවෙන් තමයි ඇහිදන් ආවෙ.....ඔය පේනවද කැත ....
ම්හුක්...කැත නෑ...කැත නෑනෙ....හ්
මං බලාගන උන්නා..අරකා මයිලො ඉල්ලලා ඉල්ලලා අංකර අල්ලල අවසානෙදි බල්ලගෙ කටට ඒකගෙ සූප්පු බෝතලෙ ඔබනවත් එක්මම මගෙ කටේ සද්දෙත් එක්කම සාගරිකා එලියට දිව්වා අරූ බෝතලෙ අල්ලා වීසි කරලා හෙලුවෙන් බිම පෙරලුනා.....
මුගෙ හැටි ඔහොම්මයි....දෙයක් නෑ කිව්වොත් මුගෙ වැඩෙ බිම පෙරලෙන එක...ඇරත් මුගෙ කටෙ තියෙන්නෙම අර හැන්දගෙ නම...හැන්දා මුගෙ අප්පච්චි නෙ...මාව ගනන් ගන්නෙම නෑනෙ....මූ දලබුවා කාලෙ ඉදන් බලාගත්තෙ මං.....මං මොකද මේ දිග හැන්දෙක් එක්ක මායන් වෙන්නෙ.....හිටපනකො උඹට මං දිග හැන්දව පෙන්නනම්.....මුට අරකා නූලක් පන්නලා.....
අප්පච්චි කෝල් එකා....ක්
අරකා හෙලුවෙන් කෑගහනවා....මෙච්චර වෙලාම වැලි කාපු ඒකා අනිත් පාර උගෙ නිල්පාට සිග්නල් කිඩ් බුරුසුව කටෙ ඔබන් සාලෙ මැද ඉදන් හෙලුකොට්ටෙන් ඈන් ඈන් පීක් පීක් ගගා ඩෝසර් ඇරපු සමනලයා අනිත් පාර චාජර්ර්ට ගහලා තිබුන ඵෝන් එක රින්ග් වෙනවත් එක්කම මූ ආයම කෑගැහුවා...
මේ වෙලා ගිහින් තියන වෙලෙ මොන යකාද... කව්ද අහන්න සමනල් විහාරා මගෙ පර්ස් එක ගේනවකො...මේ මගුල් අස්සෙ තව කෝලුත් එනවා....
හලූ.....අප්පිච්චි අහනවා මේ මොන යකාද කියලා.....
සමනල්...මෙහෙ දියන් ....
මට කෑ ගැස්සුනා....අරහෙන් අප්පච්චි ඔලුවට අත ගහගත්තා.....යන්ඩ හදිස්සියෙ උන්න අප්පච්චි කටට ආව පලියට මොන යකාද අහනකොට ඒක ඇත්තටම ගත්ත සමනලයා අප්පච්චි ගෙ සායම හොදලම දාද්දි මං ඒකා ගාවට දිව්වත් මු හත්පොලෙ ගාගත්තා.....
අප්පිච්චි කතා කරන්නෙ කොස්තාපල් යකාලු.....
සුදු මහත්තයා ඔන්න ඕක ගනින් මූ මගෙ සායම යවනවා...
මෙහෙ දියන් ඕක.....හ්..හෙලෝ.....අංකල් අප්පච්චි එන්න ලෑස්තිවෙන ගමන්....
*
..
*
සුදු ඔය ඇතිද සල්ලි.....තව කීයක් හරි දෙන්නද....තියන ලෝබකමට තමුසෙ බස් එකේ යන්න එපා විල් එකේ යනවා.....
අනෙ තේජක මං කොහෙද ලෝබ....සුදු පුතා අප්පච්චි ට වද දෙන්න එපා තේරුනාද....
හා හා ඉතින්....කෝ බලන්න.....මේ ගෑනිගෙ ලස්සන ....ඔන්න ඔය කොන්ඩෙ බාගෙට බදිනවකො මහ ගෑනි වගේ ඔක්කොම එකට බැදන් ඉන්නෙ.....ලිප්ස්ටික් ටිකක් වත් ගානවකො ඕයි නිකන් යන්නෙ...
තේජක....මොකද තේජක වෙලා තියෙන්නෙ...මගෙ ඔලුවත් එක්ක කැක්කුමයි
හා හා....ඉතින් .....එපා නම් එපා....ඔව් ඔව් එක්කො ඕන් නෑ..තමුසෙට ලිප්ස්ටික් ගාවලා අවසනෙදි මට ගෑනියෙක් නැතිව යයි කව්ද දන්නෙ දොස්තරයට හිත ගියොත්.....සුදු මහත්තයා බැලුවොත් කියපන් මේ ඉන්නෙ තුන්දරු මවක් කියලා....සුදු පුතා කෝ අම්මට සාදු කියලා යන්.....
අම්මියෙ...පුතා යනවා...
අප්පච්චි ට කරදර කරන්න එපා තේරුනාද.....අම්මා අයියා එක්ක පුතාව එක්ක යන්ඩ එන්නම්.....
ම්හුක්...අම්මියෙ...පුතාට බඩුවක් ගේනවද...
හා ගෙන්නම්...
ඔය යන්නෙත් බඩුවක් ගේන්න තමයි...වරෙන් යන්න....
වැස්සක් වැහැල පෑව්වා වගෙ....කොලපාට ගෙම්බා බෑග් එකට ඒකග් ගෙම්බා කතන්දර පොතයි පාට පෙට්ටියයි චිත්රපොතයි ඔබාගත්ත සමනලයව වඩාගත්ත අප්පච්චි යන්න යනවත් එක්ක මායි අම්මයි ඉතුරු උනා...අප්පච්චි යනවත් එක්කම හොර ගෑනි කෑගැහුවා උදෙම්ම මට කලන්තෙට ආවා...අම්මා එහෙම්ම මගෙ දිහා බැලුවා....
....".ආ තේජක......ආ ...සුදු චූටි...බඩුවක් පෙන්නන්ද....සුදු චූටි...සුදු චූටි..."
ම්..මං නෙවෙ අම්මෙ සුදු චූටි...
මේකන් කරන්න බෑ....මේක හරියන වැඩක් නෙවෙ මූව කොහෙට හරි ගිහින් දාන්නම වෙනවා...යකො වචනයක් කියන්න බෑනෙ මූ ඔක්කොම කියනවනෙ....
..."ආ සුදු චූටි.....හුත්තිගෙ පුතා කටවහපන්...ආ....අමාකරයො......සමනා...ල්....සුදු පුතා...සුදු පුතා සමනා.....ල්...සමනල් කොහෙද ගියෙ......ටෲක්...ටෲක්.......
ආ අමාකරයො.....ඒහොදෑඩේ.....ජරාව.බොන්ඩ එපා තේජක...."
"මාලෝ....මා....ලො.....චූට්.....පුතා....බත් කෑවද.....චූටි....චූටීහ්..."
..සුදු මහත්තයා දොරවැහුවද.....
හ්ම්...
ගෙදර ආවම මේන් මේකව පිටිපස්සෙන් එල්ලන්න සුදු මහත්තයා ...කනක් ඇහෙන්න බෑ..... වචනයක් කියන්න බෑ...මේ සතා ඔක්කොම පුරුදු වෙනවා.....කුනුහර්පත් කියනව....අප්පච්චි ගෙ යාලුවෙක් වත් ආවොත් ලැජාවෙබෑ...
මූව විතරක් නෙවෙ අපේ අරූවත් කොහෙ හරි එල්ලන්න ඕන....කොස්තාපල් අංකල් මොනා හිතුවද දන්නෙ නෑ මූ ඒ මනුස්සයගෙ මූනටම යකා කිව්වනෙ....අද අප්පච්චි ට රෙදි නැතුව එන්න නොවුනොත් මන් සිහත් නෙවෙ.....
අප්පච්චි ගෙ හුරතලෙ වැඩී...
ඒකනෙ...දෙකක් දුන්නා නම් හරි...
මාලො.....මාලො ලාබයි...ආ එන්ඩ නෝනා බූරුවා ඉන්නවා කාක්කා ඉන්නවා...මුහුදු කුකුලා කිලෝ එක දාහයි....කිලෝ එකම දාහයි....කුකුල් මස් රසට මූදු කුකුලා.....
සාවාලයා කීයද....
අයියෙ පන්නාවන්ගෙන් පන්සීයක් දාන්ඩ.....
අයියො...පන්සීයක් ඇතිද අප්පා.....ඒ එන්ඩ මල්ලි...තෝරා මෝරා....තලපතා...පියාමැස්සා.....වෙල්ලසූඩයා.....
සල්ලි කාරල්ලා...පුලුන් කාරල්ලා...කටුගොයි පන්සීය දෙසීයයි....බැදලා කන්ඩ මරු බාන්ඩෙ....
අගුලුවා...අගුලුවා.....ආ රස අගුලුවා.....කිරි ඉස්සා ලාබයි..ආ ලස්සන නංගි...අහක බලන් යන්නෙ...කිරි ඉස්සා ලාබයි...
ආලාවා කෝලාවා සීලාවා ආ එන්ඩ ලාබයි....නෝනා ආලාවා පන්සීයක් දාන්ඩද....
එපා දෙසියපනහක් ඇති....ඔය කුම්බලා පැට්ව් කීයද.....
ආ එනඩ...මඩුවා ලාබයි ...ආප්පයා ලාබයි.....
මාලුත් අරගන මෙතනින් කොස් මුලකුත් අරන් යන්ඩ....කොස් ලාබයි..... කොස් ලාබයි.....කොස් ලාබයි...
මාලු මංගල්ලයි.....මගෙ කන්දෙකත් එක්ක බීරි වෙන්න වගේ...වාහන කරදරෙ එකාකාරෙට.....මාලු විකුනන උන්ගෙ කරදරෙ එකාකාරෙට...බලු මංගල්ලෙ කරදර්ර් එකා කාරෙට....හුලන් අතට ගහන් යන කාක්කන්ගෙ කරදර්ර් එකා කාරෙට මගෙ කන් බීරි කරන්න හැදුවා....
මාලු...මලු...මාලු විතරමයි...මාලු ලෑලි උඩ...හතරැස් කාවි පෙට්ටි වල.....බිම එලාපු ඉටිකොල වල....මාලු විතරමයි.....
මං මේ වෙනකන් දැනන් උන්නෙ මාලු වර්ග දෙකයි තුනයි....ගෙදර ගේට්ටුවෙන් එලි බැහැපු තත්පර්ර්ම මං හිතුවෙ අම්මත් මාත් පාරට නෙවෙ බැස්සෙ මහ මුහුදට කියලා.....මාලු ලෑලි වල උන්න ගෑනු තනිකරම යක්කු වගෙ...රබර් බූට් සපත්තු දාපු පිරිමි තනිකරම යක්කු වගේ.....
වක ගැහුන පිහි තවත් පිහියකට අතුල්ල අතුල්ල චරිස් චුරුස් ගගා අතුල්ල අතුල්ල උන් මාලු කපනවා...
ඒප්‍රන් එකක් හැඩේට ඉනට ගැටගහන් උන්න ඉටිකොලේ පුරාවටම මාලු ලේ විමානයයි....අත් පුරාවටම මාලු කොරපොතු විමානයයි...
මිරිස් හොද්දට අරකට මේකට බලයා කෙලවල්ලා මෝරා ගගා කෑගහන පිරිමි කැපුවෙම ඊයෙ මට දිග හැන්දා පෙන්නපු තරම් විසාල සයිස් මාලු වෙනකොට උන්ගෙ පිහි තියන්නත් කලියෙන් මාලු පෙත්ත කොටෙර් උඩට වැටුනා...
ඉස්සො නම් ඉස්සො....කකුලුවොනම් කකුලුවො වෙද්දි එක මනුස්සයෙක් බූරුවා කාක්කා කුකුල් මස් රසට මුහුදු කුකුලා ගගා කට්ට කලු මාලුවෙක් හමගහන ගමන් උන්නා...
ඒ කියන්නා වගෙ ඒකගෙ රහත් කුකුල්මස් රසද කියන්න දන්නෙ නැති උනත් ඒ මාලුවා එහෙනම් පිටින්ම කාක්කෙක් හා සමානයි...එම කලු පාට....ඒකව හමගහන මනුස්සයා දෙපැත්තෙ කටු කපලා දමාගන අර කලු හම අදිනවා.....කාක්කා කිව්වත්.....මුහුදු කුකුලා කිව්වත් ඒකගෙ ඇත්ත නම "පොතුබරියා" වෙද්දි ඒලගම තනිම කොලත්.....ලාවට වගෙ රතත් මුහු උන තවත් මාලුවෙක් උන්නා....ඒකගෙ නම ගිරවලු...ඒකට එහාපැත්තෙ එකා බූරුවලු.....අනෙඅම්මෙ....මං ඇහුවෙත් අදයි දැක්කෙත් අදයි....
මාලු කරදරෙ අතර මැද තවත් උන් හිටු කියලා කොස් කපනවා....ප්ලාස්ටික් බාල්දි උස්සන් ආව ගෑනු මිනිස්සු මාලු ලෑලි ගාව ඉදන් කේවල් කර කර මාලු ගන්ඩ හදනවා.....ඔකොමත් හොදයිමාලු ලෑලිවල උන්න ගෑනු තනිකරම හැන්ද දිගාගෙ පවුල වගෙ තල්මස්සු...දඩාරියන් සයිස් මඩුවො .....අනික ඒ කටවල්....කොස් කපන උන් ඔක්කොටම වඩා යක්කු ....මිනිස්සු තද බදෙත් එකා එකාකාරෙට වෙනකොට මගෙ පස්සෙන් ආව අම්මා දිහා බලපු මම අතේ තිබුන බබ්බු බබ්බු ෆයිල් එකත් මගෙ අතට අරන් මන් අම්මව අතින් අල්ලගන අප්පච්චි කිව්ව වීල්පාක් එකට ගියා.....
සුදු මහත්තයා ...
එකක් වත් නෑනෙ.....මම හිතන්නෙ ඔක්කොම හයර් දුවලා වගේ....එනකන් ඉන්න වෙනවා....
මුලු ත්‍රීවිල් පාර්ක් එකම හිස්...මීටර් ටැක්සි කියලා ගහපු පියාජියො ත්‍රීවිල් බරට බරේමාලු ගත්ත උන්ව පටවන් හයර් යනකොට අම්මගෙ අත අල්ලන් උන්න මන් පාරෙ අයිනකටම වෙලා ඊලග එක එනකන් බලාගන උන්නා....
වෙලා යනවානේ අනේ....අප්පච්චිට කියමුද එතනින් ත්‍රීවිල් එකක් එවන්න කියලා ආ අම්මෙ.....
තව චුට්ටක් බලමු සුදු මහත්තයා ....
දැන් පැය බාගයක් විතර උනානෙ...
තව චුට්ටක් බලමුකො...
කිව්වත් වගෙ පැයබාගයක් ගිහින්..මාලු කරච්කලේ මැද තවමත් අම්මව අතින් අල්ලන් මං බලාගන උන්නා.....අප්පච්චි ලව්වා එකක් ගෙන්නගමු කිව්වත් තව චුට්ටක් බලමු කියපු අම්මා මාලු වෙලෙන්දො දිහාබලාගන ඉන්නවත් එක්කම අපේ ඉස්සරහින් තනි සුදු ෆීසර් ලොරියක් නැවැත්තුවා....මං අම්මවත් ඇදගනම අඩියක් පස්සට උනා...
මොකාද.....
මොකාද කියල විපරන් කෙරුවමයි මං නම දැක්කෙ...හැන්දගෙ ලොරියක්.....අනේ මූ අම්මා ඉන්න තැනත් සුදු චූටි කිව්වොත් විනාසයි අප්පච්චි ...
තනිමසුදු ලොරියෙ හොටවල් පූට්ටු කරන් ඉන්න මාලු දෙන්නෙක් ගාව පත අකුරින් හැන්දගෙ නම ගහලා...
HANNADIGE AND SONS
ICE
සුදු චූටි!!
මට කෙලත් හිර උනා...
පයපාමුල ගාවින් වාහනෙ නවත්තපු හැන්දා ඔලුවට සගකුත් දාගන බෙල්ලත් එලියට දාලා සුදු චූටි ගෑව විතරයි අම්මට කලින් මට විලිරුදාව ඇල්ලුවා වගෙම මං අම්මගෙ දිහා බැලුවා...ඒවෙනකොටත් අම්මා අගෙ දිහා බලන් උන්නා.....
අනේ....සුදු...පප්පෙ.....ප්..ප්...පන්ති....යන්ඩ..බෑ....හ්...ප්..පන්ති...යන්ඩ...බැ....සුදු...පප්පෙ.....
හැන්දා සුදු චූටි ගානවා...එහෙන් ඒකා ගාවම ඉදන් උන්න පොඩි තලපතා සුදු පප්පෙ පන්තියන්ඩ බෑ ගගා අඩනවා....වෙන කවුරුත් නෙවෙ...ඊයෙ ඩෑස් පිටඩෑස් කෑව පසනා...මං ඇස් කැරකුවා...අරකා හොටු පෙරාගන අඩනවා...සුදු පප්පෙ පන්ති යන්ඩ බෑ ගගා අඩනවා.....ඊටත් මූගෙ ඊයෙ හොදට තිබ්න දත් ඇන්දෙ අද ඉස්සරහින්ම දත් දෙකකුත් අඩුවෙලා...අඩන වාරයක් ගානෙම කටෙන් කෙල ලෝඩ් එකක් බේරෙනව...අර තල්මහ වගෙ ගෑනි.මූට දත් ගැලවෙන්න ගහලදො.....??
ස්..ස්.ස්..සුදු...ප්..ප්පෙ.....ප..ප්..ප්..කැහ්...කැහ්....කැහ්.....ච්...චක්කරෙ....ප්..පාඩම්...කරන්...එ..එන්...ඩ.කිව්වා...පප්පෙ...
පසනා.....ඔය ඇඩිල්ල නවත්තපිය....මොකො පන්ති යන්ඩ බෑ කියලා ඔහෙ ගෙදර ඉන්ඩයි.....මේන් මෙයැයිට චක්කරෙ පාඩම් කරන් එන්ඩ කියලා දැන් පන්ති ය්න්ඩ බෑ ගාලා අඩනවා....මෙයැයිට මොංගල්....සුදු චුටි වීල්පාක්කෙකෙ ඉන්නෙ වීල් එකක් එනකන්දැයි ?...ඔහෙ කොහෙ යනවා...
අනේ අම්....මා පල්ල.....මට මූදෙ පනින්ඩ හිතුනා....හැන්දා මට සුදු චූටි ගාන වාරයක් පාසාම මේ වෙනකොටත් අප්පච්චි කියපු සර් නේම් එක ලොරිය බලාගන කියවපු අම්මා මගෙ දිහාවත් හැන්දගෙ දිහාවත් බලන් ඉන්නකොට වීල් පාක් එකේ ඉන්නෙ වීල් එකක් එනකන් නෙවෙ දතක් එනකන් හැන්දො කියලා කෑගහන්න හිතුනත් දතුත් නැතුව අඩන පසනව දැකලා මට බය හිතුනා....
අර නහර ඉලිප්පුන අතින් කෙලල ඇරියොත් මගෙ දත් ඇන්දම යයි...
ආය සෑහෙන වෙලාවකය වීල් එකක් එන එකක් නෑ සුදු චූටි...එන ඕක්කොම මගින් යනවා ආය....ඔහෙ මේ කොහෙ යන්ඩයි....
ක්....ක්ලිනික් යනවා අයියෙ...
ක් ලි නි ක්
අනේ හැන්දගෙ මූන අමුතු උනා.....බ්බබු බබ්බු ඉන්න ෆයිල් එක තිබුනෙත් මගෙ අතෙ වෙද්දි මං උන්නෙත් තවම අම්මවත් අතින් අල්ලන් වෙනකොට ක්ලිනික් යනවා කිව්ව විතරයි අපි දෙන්නා දිහා...නෑ...නෑ...අප්පච්චි ලමිස්සි කරවලා එවපු අම්මා දිහාත් දෙතුන් වතවක්ම ඉදන් යටට බලපු හැන්දගෙ මූන අමුතු උනා විතරයි කෙල හලාගන අඩ අඩ උන්න පසනත් ඒ අස්සෙන් තුන්වරක් පහ නමයායි හාලා කෑගැහුවා හැන්දා අරූව කන්ඩ හැදුවා....
ත්...ත්...තුන්වරක්....ප්..පහ.....අනේ...
සුදු....ප්...පප්පෙ....ප...පන්ති....ය්..යන්ඩ.බෑ.....ත්ත්...තුන්වරක් පහා නමයා.....යි....!
ආ බොල පසනා...තුන්වරක් පහ නමයද???
හැන්දාට තරහ ගිහින්....පසනා එහෙන් අඩනවා....ආයමත් අම්ම දිහාවත් මගෙ දිහාවත් බලපු හැන්දා ඉස්සරහ දොර පියන ඇරලා අඩ අඩ උන්න පසනව ඇදලා ලගට අරන් මගෙ දිහා බැලුවා
මේ යන ගමන් ඔහෙලවත් ගිහින් දාන්නම්....කොහෙටද යන්නෙ....
අම්මා එහෙන් අත මිරිකන්..මෙහෙන් මගෙ අතට තද උන රෝස පාට පසු බිම ආව බබ්බු බ්බ්බු ඉන්න ෆයිල් කවරෙ...අඩන පසනා අනිත් පැත්තෙන්...ඔකොමත් එක්ක හැන්දා අපෙ අම්මගෙ බඩ දිහා බලන් ඉන්නවා.... ආය මගෙ දිහා බලල ඇස් හීන් කරගන්නවා...මෙයා වැරදි වැටහීමකදො.....???මං කිව්වනෙ අප්පච්චි මට බෑ කියලා .....මට දැන් ආය ගොතේට වගේ.....හැන්දා හිතනවද දන්නෙ නෑ මාත් හැන්දගෙ අර තල්මස් නංගි වගේ අඩු වයසෙන් පැනලා ගිහින් ලමයෙක් හම්බ කරන් කියලා.....ශික්කෙ...මේ මොන නමනිදාවක්ද...අනෙ හැන්දො මං තාම ඉස්කෝලේ යනවා.....
සුදු චූටි ඔහෙලා එනව නම් එන එකයි....වැඩි වෙලා මෙතන ටැග් ගැහෙන්ඩ බෑ.....පසනා ඇඩිල්ල නවත්තපිය....
අ..අනේ....ස්පීකර්...අයියෙ...මේ....මේ
බබා....මගෙ...නෙවෙ.....අපෙ අප්පච්චි ගෙ.....!
බැරිම තැන මං ගොත ගැහුවා.....ස්කීපර් අයියා වෙනුවට තවත් වතාවක් ස්පීකර් අයියෙ මේ බබා මගෙ නෙවෙ අප්පච්චි ගෙ කියනකොට මන් බලාගන හැන්දා අපෙ අම්මා දිහා බලාගන දොඩෝනවා.....
මේ හිච්චට මොංගල්...මං දන්නවා ඔය හිච්චා ඔහෙගෙ නෙවෙ කියලා ...නගින්ඩ අක්කෙ තව වරුවකට වීල් එකක් එන්නෙ නෑ මෙයැයිවත් හලාගන යමින් ගමන් ඔයැයිලවත් හලාගන යන්නම්...අක්කෙ ප්‍රවේසමට නගින්ඩ...
අ..අනේ...අයියෙ.....මෙයාට අක්කෙ කියන්ඩ එපා නැන්දා කියන්ඩකො...අපෙ අප්පච්චි බනීයි ඔහෙට මෙයාට අක්කෙ කියලා....!!
😂😂😂...ඔව්....නැන්ද කියපන් හැන්දො....